Wednesday, January 30, 2013

සතුටක් මිස අන්කවරක්ද................



ජීවිතේ ගොඩාක් සතුටු හිතුණ දවසක්...
සත්තයි හීනයක් තිබිබා හැබැයි බලාපොරොත්තුවක් නැතුව ......
පළවෙනි පාර ආපු result එකට යන්න හිත හදාගෙන ඉදිද්දී .....
ජීවිතයේ ආයිත් මාව හරවලා දෙවනි පාරටත් උත්සාහ කරන්න කියපු ...
අමිමාටත් ... o/l English පන්තියෙ මිස්ටත් එයාගෙ මහත්තයාටත් .....
පහන්සිත් ගමිලත් අයියාටත්.....
සත්තයි පිළිවෙලක් නැති නෝටිස් තියරි පොත් අස්සෙ .....
පොතක් පේපරයක් හොයාගන්න බැරිව හිටපු මට.....
උදවි කරපු රාමා උඹත්..... ටොමී උඹත් ....
අනික් සේරමටත් ගොඩාක් පින්......
ඒත් හෙට උදේට මෙ result එක වෙනස් උණත් නුනත්.....
සත්තයි මම 
මම  මයි.................

Friday, January 25, 2013

සිරිලංකාව........






ඔවි.......
ජාතික භාෂා 2යි
රාජ්‍ය භාෂා 2යි
පරිපාලන භාෂා 2යි
ආහ් ඇයි .......!
ජාතික ගීය විතරක් එක භාෂාවකින් නේද...
නියමයි වාසු ඒ පනතත් ගෙනෙන්.....
එචිචරයි අඩුවට තිබිබෙ
ජාතික සමගියට........

Tuesday, January 22, 2013

මොරටු ගැටුමෙන් ඔබිබට...........


සැලකිය  යුතුය :  මෙය හුදෙක්  එක්   පුරවැසියෙකුගේ  වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල පවතින අදහස්     

                           ප්‍රකාශ කිරීමේ අයිතිය පදනම් කරගෙන ලියන ලද්දකි .
                           මෙයට එරෙහි වීම පක්ෂ වීම හෝ  සංශෝධන ඉදිරිපත් කිරීමට ඔබටද හැකියාවක් ඇත .

ලංකාවේ විශ්ව විද්‍යාල බහුතරයක ගැටුම් ඇත . එය අන්තර් පීඨ  හෝ එකම පීඨයක් තුල හෝ විය හැක .  එනම් එකම පීඨයක් තුල වන්නේ "අල" හෝ "වාත" ප්‍රශ්නයක් මුල්කරගෙනය .
නමුත් මොරටුව විශ්ව විද්‍යාලය තුල එවැනි සම්ප්‍රධායික  ගැටුම්  දක්නට ලැබීම උගහටය .
නමුත් මතක තබා ගත යුත්තේ එහිද අධ්‍යපනය ලබන්නේ  තරුණ ලේ සහිත උගත් සිසුන්  බවය .(ක්‍රියාවන්ගෙනුත්  එය පෙනේනම් පැසසිය යුතුමය )
එබැවින් එහිද ගැටුම් පවතී ..නමුත්  ඒ   සදහන් කල සම්ප්‍රධායික ගැටුම් වලින් ඔබ්බට ගිය ...
උපාධිය සදහා විශ්ව විද්‍යාල භූමියට පැමිණි  ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් සහ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජාතික තාක්ෂණ ආයතනයට ඩිප්ලෝමාවක් ලබාගැනීමට පැමිණෙන සිසුන් දෙපිරිසක් අතරය ..

ලිපියට පුර්විකාව වූ ගැටුම ගැන ඔබ දන්නා හෙයින් ඒ ගැන නැවත මතක් කිරීම බුද්ධිමත් ඔබගේ කාලය කාදැමීමක් වන බැවින් එයින් ඔබ්බට ගිය ක්‍රියා කලාපයක් ගැන කතාකිරීම  යයි හැගේ ..

මාහට මේ ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක් ද?
      * මා  ගණිත අංශයෙන්  උසස් පෙළ හදාරා තිබීම 
     *පළමුවර ප්‍රතිපල වලින් ඉංජිනේරු පීඨය ගිලිහි තිබීම 
     * NDT සදහා අවශ්‍ය  ලකුණු වලට වැඩි අගයක් ලබා තිබීම 
     * දෙවෙනි වරට උසස් පෙලට මුහුණ දී සිටීම 


ඉහත කරුණු සෑහේ යයි සිතමි .
      දුකට කරුණකි මේ ගැටුම් මාලාවට හේතුවන්නේ එක බත්පත බෙදාගෙන එක මේස පේලියේ හිද එකට අධ්‍යාපනය  වීමය (ලගදී සිදු ගැටුමට අදාල නොවේ )..
පැය  තුනක  ප්‍රශ්න පත්තරයකින් එක බත්පත බෙදාගෙන කෑවුන් අද සල්ලි වලට තණ්හාවෙන් මරාගන්න තත්වයටම පත්ව ඇත ..
එසේනම් වරද කාගේද ?
              සමාජ ක්‍රමයේද 

             අධ්‍යාපන ක්‍රමයේද 
             ජාතක වූ ක්‍රමයේද 

කාගේ හෝ වරදකින් අද සිදුව ඇත්තේ එයයි ...
          මුලික හේතුව වන්නේ වසර  කීපයක සිට  NDT  සිසුන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට   
         කටයුතු කිරීමද ?
                   එසේනම් එය බරපතල ප්‍රශ්නයකි .... 

    ඉක්මමින් සියල්ල අමතක වන සිංහල  බහුතරයට නම් මෙය ගැටළුවක් නොවනු ඇත ..
    නමුත් NDT  පාඨමාලාවට ඉංජිනේරු පාඨමාලාවට වඩා ඉතිහාසයක්
   මොරටුව විශ්ව විද්‍යාල තුලදී හමුවෙයි .......
               එසේනම් ඇයි  NDT  සිසුන්වම ඉවත් කරන්නේ ? 
                                    එය සැබවින්ම දේශපාලන හේතුවකි...

       එයට වන්දි ගෙවිය යුත්තේ  සිසුන් නම් කවර කතාද ....!
             එත්  ඔවුන් යාමට අකමැති වන්නේ මොරටුවට ඇති නම නිසාද ?...                                     එසේනම් ප්‍රශ්නය තරමක් සංකීර්ණය ..... 

 මක්නිසාදයත් එසේනම් ඔවුන් මේ කරන්නේ අනුන්ගේ නම විකුණා කෑමක්   නොවේද    .....
දැනුමින් සන්නද්ධ නම් ඕන තැනක අධ්‍යාපනය ලැබීමට කැමති විය යුතුය ..... 


 ජිවිත වලින් වන්දි ගෙවීමට සිදුවීමත් වැඩි අතක නොවනු ඇත ....
මතක තබා ගත යුත්තේ මෙපමණකි ...
NDT  සිසුන්ට සාපේක්ෂව  විභාගයකදී eng.  සිසුන් ජය ලබා ඇත ..(තවද NDT යන්නේද ඉංජීනේරු සිහිනයම ඇත්තෝ පමණි....අනෙකුන් ඊට වඩා හොද පාඨමාලා කරා යොමු වෙති.. )

එබැවින් මෙම ගැටලුවට තාර්කිකව පිළිතුරක් දීම උගතුන් වන එම සිසු දෙපිරිසේම යුතුකමකි...


Sunday, January 20, 2013

අවාරයේ යාල බලා ගිය ගමන (දෙවන දිගහැරුම)


දිනය :2013 ජනවාරි 07 
ස්ථානය: දුම්රිය තුල (හලාවත -කොළඹ )
වෙලාව :ප .ව 2.00 පහු වුනා පමණි..... 
සංයුතිය:  මාත්  එක්ක තව 4 ක් 
මාතෘකාව :මචන් කසුන් අපි  ගෙදර එන්නද next  week  එකේ වගේ .....



ඔන්න ඔහොමයි අපි යාල යන්න  plan  කලේ .. ඉතින් කසුන්ලගේ ගෙදර යනගමන්ම යාල වගේ තැනකටත් යමු කියල මුලින්ම කිව්වේ සංජු තමයි ...
14 වගේ යමු කියලා කතාකරගෙනම අපි ඉත්න් 07 වෙනිදා වෙන් වෙලා ගියා 
එත් තවත් එකෙක් එන්නම් කියපු නිසා උට පහසු ව්දියට
 අපි ගමන 15,16,17 කියන දවස් තුනට යොදාගත්තා ...

එත් 13 වෙනිදා ඔය එනව කියපු ඉතුරු එකා අයත් එන්න බැහැ යි කිව්වා කියමුකෝ ...
මොනව කරන්නද අපි එත් 15 වෙනිදාම ගියා ..(හැබැයි මෙ ගමන යනඑක ගැන වැඩි වීශ්වාසයක් තිබිබෙත් නැහැ නොවෙ... ගෙදරට කිවිවෙත් ඊට කලින් දවසෙ හවස)
තව ඉතින් ඔය ගමන මෙහෙන් පිටත් වෙද්දී වෙච්චා එක එක සිදුවීම් තියෙනවා ....
එත් එක්කෝ ඒවා දන්නා ගියොත් මට එකම type  කර කර ඉන්න වෙයි වගේ .....
ඔන්න අපි 15 වෙනිදා කසුන්ලගේ ගෙදර ගියා කියමුකෝ ..
අහ් කියන්න අමතක උනා ඔය කසුන් ඉන්නේ  තංගල්ලේ ...
තංගල්ලේ  ටිකක් විතර දුරයි  හැබැයි යාලට .....
එත් මොකෝ අපි 16 වෙනිදා කසුන්ලගේ වෑන්  එකේ  පිහිටෙන් උදේ 9.42 විතර වෙද්දී යාල ට 
කිලෝමීටර් 12 ක් විතර මෙහායින් සෆාරි  ජීප් එකක් එහෙම අරන් ඔන්න දැන් ඇතුලට යනවලු.......


කොහොමහරි ඒ 12 ත් ගියාට පස්සේ ටිකට් එහෙමත් අරන් අපි අපේ ගමන් මගේ යනවලු .....

එත් කෝ සත්තු ???......
යනවා යනවා  නෑ .... එත් කෝ සත්තු......
හැබැයි මීහරක් නම් හැමතැනම ඉන්නව ....
යකෝ අපි මීහරක් බලන්නද දැන් මෙහෙට ආවේ  කියල හිතුන .....




ඔන්න එතකොටම අපේ ජීප් එකේ රියදුරු මහත්තය අපිට අපේ ගමනේ පළමු සතා  ගාවින් නැවැත්තුව. ...
මොකෙක් කියලද හිතන්නේ අලියෙක්ද මුවෙක් ද ???......
හි හි දෙකම වැරදි අපි දැක්කේ ඔන්න ඔය පහල ඉන්න එක්ව තමයි ....
හැබැයි අපි දැක්කෙත් උව විතරයි උන්ගේ ජාතියේ එකකට එනකම්ම .....!






ඔන්න අපේ ජීප් එක ඉස්සරහට තව ජීප් එකක් දැන් හම්බුනා ....





අපේ ජීප් එකේ අන්කල් අර ජීප් එකේ අන්කල් ගෙන් ඇහුවේ අපි කවුරුත් පුල පුල  බලා  හිටපු සතා  ඉන්නවද කියල '......
මොක කියලද හිතන්නේ ??
මොකාද කියලා කියන්නත් දුකයි ඒ ජීප් එකේ අන්කල් කියපු ව්දියට නම් අලි  එයාලට හම්බුනේ නෑලු .......
මැදා කොලා  දැන් අලි  හොයන්නේ කොහෙන්ද ??............! දවස් 2ක් සොදුරු විරාමෙකින් පස්සේ  ඒ ගැන කියන්නම්  ....
කොහොමද අලි හොයාගත්තේ කියල ......

තරහ වෙන්න එපා ඉතින් අතර මගින් නැවැත්තුවා කියල ...
type කරන්න කම්මැලි වගේ එකයි ......
ප. ලි :වාර්ෂීක බිලොග් හමුවට සහභාගිවන මගේ දිනපොත කියවන යාලුවො ඉන්නවනමි ඒ ගැනත් සටහන් කරලම යන්න...මාත් තාම එක හමුවකට වත් සහභාගිවෙලා නැහැ......

Friday, January 18, 2013

අවාරයේ යාල බලා ගිය ගමන (පළමු දිගහැරුම)


හ්මි හිතුවා ගියා ගමනක් ...යාලුවො එක්ක... ඉතින් රස බර මතකයන් ලියන්න තියෙනවා..
නමුත් හිමීට ලියන්නමි කෝ...
මෙ තියෙන්නෙ මගේ හිත ගියපු මම ගත්ත ජායාරූප වලින් කීපයක්....


                                           (යාල ජාතික උද්‍යානයට ඇතුල්වුණ මොහොත)













ප: ලි  : පින්තුර ටික හොදද නරකද මන්දා .......

Monday, January 14, 2013

බොලා තොපිලා කවුද?.......

                                                             (ගැලපෙයිද මන්දා.......)


ආණ්ඩුව 

2/3 ක ඇත අපිට 
විධායක බල අපිට 
එහෙව් එකේ මේ අපිට 
බොලා  තොපිලා කව්ද ........

 විපක්ෂය 
2/3 ක කොඉබටද 
1/4වත් නැති අපට 
මොන ප්‍රශ්න මේ අපිට 
බොලා තොපිලා කව්ද ........

ශරියා  නිතිය සහ  ලාංකික මුස්ලිම් ප්‍රජාව 
අපේ කෙල්ලෙක් මැරුණේ 
එක වෙන්නට තිබුනේ 
ශරියාවේ නැත වැරදි 
බොලා තොපිලා කව්ද .........

අගවිනිසුරු ගැටලුව 
යුක්තියක් නැති රටේ 
නීතියක් බල්ලටද 
මේ අපිට එහෙමනම් 
බොලා තොපිලට කොහොම ........

නීති සිසු ගැටලුව 
මුස්ලිමුන් ඇත ඒමට 
හැබැයි දෙමලෙන් ලිව්ව 
වේද සරණක් අපිට 
බොලා තොපිලට සිතෙන ..........

එන්න යන උ/පෙ ගැනආවා මතකයි පෙළක්
මාරු වී සිලබසුත්
මෙ පාර කොහොම වෙද
බොලා තොපිලට සිතෙන..........


Thursday, January 10, 2013

2/3 ඉදිරියේ 1/2 මක්කටද.........?




ශුද්ධවන්තන්  කැලක් 

එල්ල කල දෝෂයට 
අභියෝගයක් වූ පවට ...........

යන්න යන දිරිය නුබ 
විෂම නෑ  අබල නෑ 
අභියෝග කල පවට ..........

නමුත් නුබ අසරණයි
යුක්තියක් නැති රටක
අභියෝග කල පවට .........

නොමැත අප ඇත මුගුරු
පොලු ඔවුන් එලවන්න
2/3 ඉදිරියේ 1/2 මක්කටද.............?

ප:ලි: ඉතින් ඊටපස්සේ ..................

Wednesday, January 9, 2013

ආගමෙ නාමයෙන්....................

                                     (ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තක් බව සලකන්න) 
     මිනිස්සු
 ආගමේ නාමයෙන් ,
                            අන් ආගම වලට .................
                                       *  අපහාස  කරති 
                                       * ගැටුම් ඇතිකරගනිති 
                                       * රණ්ඩුකරගනිති 
                                      *  මිනිමරති 
     නමුත්,................
                        මොවුන් නොකරන එකම දේ නම්..........
                                       අදාල ආ
ගමනුකුලව  දිවිගෙවීම පමණි.....

Sunday, January 6, 2013

code එකෙන් සුපිරි වැඩක්....



කාලයක් තිස්සෙ හොය හොය හිටපු දෙයක් එක පාරටම හමිබුණාම කොහොමද නේද...?

අන්න එහෙම දෙයක් අද සිද්ධ වුණා...
ඒක ගැන කියන්නයි මෙ තකහනියක්ම ආවෙ....
Facebook Chat කරන කොට යාලුවෙක් එක පාරටම එක එක ෆොටෝස් එවන්න පටන් ගත්තා..
කෝ ඇහුවට කිව්වෙ නෑනෙ...
පුලුවන් නමි හොයාගන්න කිවිවා..
ඉතින් අද ඒක හොයා ගත්තා....
ඔයාලත් ආස ඇති නේද ඒ විදියට ෆොටෝ එකක් 
කේතයක් බවට හරවලා Chat කරන්න....
ඉතින් හරි ලේසියි.....
පහල තියෙන විදියට ෆොටෝ එකක් සරලව දාගන්න පුලුවන්...




මුලින්ම මෙතනින් අදාල අඩවියට ඇතුල් වෙලා......
මෙන්න මෙ විදියට ආපුවම ඔය choose file බටන් එක ඔබලා අදාල ජායාරූපය ලබාගන්න ......
upload now ඔබලා ඒකට අදාල කේතය ලබාගෙන
ඒක කොපි පේස්ටි කර චැටි බොක්ස් එකෙන් යාලුවන්ව පුදුම කරන්න........
ආයිත් කියනවා දන්නෙ නැති අයටයි කිවිවෙ හොදේ......

ප: ලි: මම මෙක හොයා ගත්තෙ මනුස්සකම කියන බිලොග් එකෙන්...
ඒ යාලුවටත් ගොඩාක් ස්තුතියි........

Saturday, January 5, 2013

ගැලපීමක් නැති සටහනක්...........

මුලින්ම බ්ලොග් එක පැත්තේ අව ඔයාල සේරටම සුබ නවවසරක් වේවා කියල සුබ පතනවා ........
ඉතින් ඒ වගේමයි  ඔයාල සිතන පතන අයුරින් මේ වසර  ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලත් සුබ පතනවා .............

හ්ම් මට නම් තම මේ අවුරුද්දේ එච්චර සාර්ථක භාවයක් දකින්න  නෑ .......
 අනේ මන්ද වසරේ පලවෙනි දවසෙත් අසනීපයකින් පටන් ගත්තම තියෙන ආතල්  එක කියල වැඩක් නෑ ....

"ආරෝග්‍ය පරමා  ලභා"  කියල මතක් වෙන්නේ ඔය වෙලාවට තමයි .....
ඒ මදි වට ගෙවිල ගියපු දවස් 3,4 තිස්සේ උත්සාහ  කරපු හැම දේම හිරු දුටු පිනි වගේ නැතයි වෙලා යද්දී හිතට දැනෙන සතුට ගැන නම් කියන්න වචන නෑ ..........
අවුරුද්දට සුබ පතන්න කියල පොස්ට් එක ලිව්වේ ....
එත් අනේ මන්ද  ටයිප් වෙන්නේ මොනවද කියල හැම දේම වෙන්නේ හොදටයි   කියල ඔන්න ඔහේ ටයිප් වෙන්න ඇරියා .......

ජීවිතේදී හැමෝටම එක එක target  තියෙනවා ......
එක ඉටු කරගන්න එක එක්කෙනා දරන උත්සාහයන් අනුව ප්‍රතිපලය යම් යම් වෙනස් වීම් වලට භාජනය වෙනවා ........ 
ඒ මොනවා උනත් රණ්ඩු  සරුවල් වලට ඉර්ශියාවට කුහකකමට වැරදීම් හා වරදවා වටහා ගැනීම්වලට මඩ  සහ අවලාද වලට කලකිරීම් හා වේදනාවන්ට ගෙවුනු අතීතයට වඩා සුන්දර  අවුරුද්දක් වෙනුවෙන් ආයමත්  සැරයක් ඔයාලට සුබ නව වසරක් වේවා.....


p.s: හ්ම් ලියපු විභාගෙක ප්‍රතිපලත් මාසේ අන්තිම වෙද්දී එනවලු අනේ මන්ද .....

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...