Saturday, August 5, 2017

කුළුදුල් සිහින 07 ( අවසන් කොටස )





 "කුලුදුල් සිහින" කියන්නේ ලියන්න ආසාවක් ආපු නිසා මම ලියන පුංචි කතාවක්. මෙහි සදහන් සිද්ධි හෝ ස්ථාන කිසිවෙකුට අදාලත්වයක් නෑ යි කියලා ආයෙත් මතක් කරන්න ඕනා. ඉතින් පලවෙනි කොටස, දෙවෙනි කොටස  , තෙවන කොටස, සිව්වන කොටස ,පස්වන කොටස, සයවෙනි කොටස , බලපු නැති අය මෙතනින් ඔබලා  කියවලම එන්නකෝ.

--+----+----+----+----+----+----+----+----+----+----+----+----+---

කතාවේ අන්තිම හරියට ඇවිල්ලා , මම ඔයාට කියලා ඉවර කළා , අනුත්තරාටයි මටයි , අපේ ආදරේටයි මොකද උනේ කියලා. අපේ සමාජයේ අද වෙනකොටත් වෙන දේවල් ඕවා. මම දන්නේ නෑ මිනිස්සු ඇයි මේවා පස්සේ මෙච්චරම යන්නේ කියලා. හිත් ගැලපෙනවානම් , දෙන්නට දෙන්නා සතුටින් ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවානම් තවත් මොනවද ඉර හද තරු ගැන.

ඇත්ත ඔයාට තාම ප්‍රශ්නයක් තියෙනවා ඉස්කෝලේ කාලේ තිබ්බ crush එකට මොකද උනේ කියලා. මට කියන්න බැරි උනා නෙවෙයි ඔයාට පැටලෙයි කියලා කියපු නිසා මම එක ගැන වැඩිය කියන්න උනන්දු උනේ නෑ. ඉස්සරහට මම ඒ ටික කියන්නම්. 


අනුත්තරා ගැන තව කියන්න දෙයක් නැති නිසාත් , මගෙයි නදී ගෙයි ආදරේට වෙච්චි දේත් හරියටම කියලා ඔයාගේ පැටලුම් ටික මම ලිහන්නම්. එත් අවුල් වගේනම් ආයෙත් හෙමිටකියවගෙන එන්නකෝ. ඔයාට මග අරුණ ලස්සන වචන ගොඩක් තිබුනා. ඒවත් අහුලන් එන්න .මෙතන ඉදන් කියවන්නකෝ අවසන් වියමන
.

---+----+----+----+----+----+----+----+----+----+----+----+----+---
“හෙලෝ සහස් පුතා , පුතේ මම නදී ගේ තාත්තා කතා කරන්නේ . මගේ කෙල්ල ගියා පුතේ , මගේ කෙල්ල ගියා.”

මගේ සුදු බෝනික්කි මාව දාල ගිහිල්ලා , ආයෙත් නොඑන්නම.නදීට තිබුනේ දරුණු ගනයේ ලේ පිළිකාවක් , ඒක අපි හරියටම දැනගනිද්දී පරක්කු වෙලා ගොඩක් වැඩියි. දොස්තර මහත්තුරු කිව්වේ තව සති 2-3ක් වත් ජිවත් වෙන එකක් නෑ කියලා. 


නදී එදා ගෝල් ෆේස් ගිහින් එද්දී මට කිව්ව දේවල් නිසයි එයාගේ ගෙදරටත් කියලා දොස්තර කෙනෙක් ට පෙන්නුවේ. එයා වැඩිය ගණන් අරන් තිබුනේ නෑ. හැබැයි මේක අවුරුදු 3ක් විතර ඉදන් පොඩියට පටන් අරන් තිබුණ දෙයක්. ජිවිතේ මම පරාද උනා. දිනපු කෙනෙක් නැතුවම මම පරාද උනා. මගේ සුදු බෝනික්කි මාව දාල ගියා.මාව පිස්සෙක් නොවුණ ටික විතරයි. මට හැමතැනම පෙනුනේ එයාව. මට තව දුරටත් campus එකේ ඉන්න අමාරු උණා. අප්පච්චි ඇවිත් මාව නුවර එක්කන් ගියා. ටික දවසක් මාව නුවර මනෝ වෛද්‍ය වරයෙක් ගාවට යොමු කරලා තමයි මාව යථාතත්වෙට ගත්තේ.

ආදරෙන්  හිටපු අවුරුදු දෙකක් , ජීවිතේම බෙදාගන්න හිටපු හිත් දෙකක් , කුණාටුවකට ගහගෙන ගියා වගේ. ඇත්ත මම ආදරෙන් අන්තෙටම පැරදිලා. හැබැයි දිනපු කෙනෙක් නෑ. මාව දාල එයා ගිහින්. අනේ ආයෙත් එනවානම් කියලා හිතෙන වාර අනන්තයි.

ඔබ නිදන සොහාන ලග මගේ සොහොන ඉදී වේවා
අපෙ අමරණීය පෙම් සුවදින් මල් පිබිදේවා
මේ වගේ දුකක් කිසි කාලෙකදී කාටත් නොම වේවා
මතු ජාති පවා ඔබ මගේ පෙම්වතියම වේවා


නදී යන්න කලින් මගෙන් ඉල්ලපු දෙයක් තිබුනා. එයාට ඉස්පිරිතාලේ ඉද්දි තේරුණා මම ගොඩක් අවුල් ගිහින් ඉන්නේ කියලා. එයා මගෙන් පොරොන්දු දෙකක් ගත්තා . මගේ සුදු බෝනික්කි වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තිබුනේ නෑ. එයා කිව්වා දේවල් හැමදේටම මම කියන පමාවට හා කිව්වා , 

එයා ඉල්ලුවේ මගෙන් , කවදා හරි මට ලැබෙන මුල්ම දුවට එයාගේ නම තියන්න කියලා. ඒ දරුවා අපේ ලෝකවල අපි මවපු ආදරේ වගේ , ආදරෙන් තියන්න කියලා . ඒ වගේම මගේ ඉගෙනීම් ඉවර උන ගමන් අලුත් ජිවිතෙකට මේ රටින් යන්න කියලා. එයාව අමතක කරලා අලුත් ජිවිතයක් පටන් ගන්න කියලා .
 

මට හැමදේම එපා වෙලා තිබුනේ. නාලක  තමයි හැමතිස්සෙම මගේ පිටිපස්සෙන් හිටියේ. ඌ තමයි අප්පච්චියි අම්මයි එක්ක එකතු වෙලා මාව ආයෙත් ගොඩ දැම්මේ. මට ආයෙත් ගොඩ එන්න මාස ගානක් ගියා. නදී වෙනුවෙන් මම ගොඩ ආවා. නාලකයා මාව රට යවන්න ශිෂ්‍යත්ව සෙට් කරන්න ලොකු කට්ටක් කෑවා. මුලදී ලකුණු තිබුනත් අන්තිම වෙද්දී මගේ GPA එක හොරු අරන් ගිහින් තිබ්බා වගේ.



අන්තිමට මම සේරම වැඩ ඉවර කරලා රට යන්න ගියා. ගියේ ජර්මනියට. නදී එක්ක මවපු හීන ලෝකවල අපි දැක්කේ ජර්මනිය. මම මෙහෙට ආවේ නදී වෙනුවෙන්, ඒ හීන වලට සදාරණයක් කරන්න.
---+----+----+----+----+----+----+----+----+----+----+----+----+---
අනුත්තරා මගේ ලෝකෙට එන්නේ නදී මාව දාල ගිහින් හරියට අවුරුදු දෙකකින් විතර , මාව යථා තත්වෙට පත්වෙද්දී , ආදරෙන් ගොඩක් පැරදිලා හිටියේ මම . අනූ තමයි මාව ආපහු ආදරේ කරන්න පුළුවන් මට්ටමට හිත අරගෙන ආවේ. එත් ඒ අනූමයි හිත් පිත් නැති විදියට මාව දාල ගියෙත්.
මම හිතනවා ඔයා කුතුහලෙන් හිටපු කතාවේ අවසානෙට මම ඔයාව අරගෙන ආවා. ජිවිතේ ආදරේ කියන තැනදී මම ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්හිටියේ . මොකද මම ආදරෙන් දෙපාරක් පරාදයි.මානවි නොහිටින්න මම සදා පරාජිතයෙක්.

කතාව කියවන ඔයාට හිතෙනවා ඇති මම හරි චපලයි කියලා. නෑ නදී මගෙන් ඉල්ලපු දේවල් තිබුනා . අපේ ආදරේ නාමෙන් එයාට බොරු පොරොන්දු දෙන්න මට උවමනාවක් තිබුනේ නෑ. අනුත්තරා හම්බුණේ ඒ විදියට. අනුත්තරා මගේ ජිවිතේ හැමදේම දැනගෙන හිටියේ. එත් එයත් යන්න ගියා. හේතු මොනවා කිව්වත් එයා යන්න ගියා.
---+----+----+----+----+----+----+----+----+----+----+----+----+--- හෙට මගේ දුවගේ විවාහ ගිවිස ගැනීම, නදී  සූරියබණ්ඩාර ,එයා එක්ක අලුත් ජීවිතේට යන්නේ මගේ හොදම යාළුවා නාලක ගේ පුතා ජයන්ත කරුණාසිරි. කෙල්ලට මගේ ජිවිතේ ගැන මම මුල ඉදන් කිව්වා. එයා ඒ දේවල් දැනගන්න හොදම දවස තමයි අද.

“දුවේ මම ජිවිතේ ප්‍රශ්න ගොඩකින් දුක් වින්ද කෙනෙක්. ආදරේදී ඔයාගේ තාත්තා තරම් පැරදුන කෙනෙක් නැතුව ඇති . ජිවිතේ ප්‍රශ්නයක් ආපුවම උබේ තාත්තා මේ කියන වචන මතක් කර ගනින්.අපි දෙගොල්ලොම උඹලගේ ජිවිත වලට හදහන් ගෙනාවේ නෑ. ඔය දෙන්න අවුරුදු තුනක් විතර ආශ්‍රය කරලා දැන් ඔය දෙන්නා ගැන දන්නවා. ජීවිතේදී ප්‍රශ්න එන්න පුළුවන් කතා කරලා හැමදේම විසදගන්න. කිසිම පුංචි දෙයක් දෙන්නට දෙන්න හංගන්න යන්න එපා. සමහර විට ඒ පුංචි දේවල් නිසා අපිට ගොඩක් වටිනා දේවල් නැති වෙන්න පුළුවන්. ඔයාගේ අම්මා, මානවි වගේ වෙන්න. ජීවිතේට හොද යාලුවෙක් වෙන්න ඔයාගේ සැමියාට. ඔයාගේ අම්මා මට දුන්න නිදහස , මාව තේරුම් ගත්ත තරම් , තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ දුවේ . ඔයා ඒ අම්මගේ දුව . ඔයාටත් ඒ ගතිගුණ තියෙනවා. ඔයාලා සතුටින් ඉන්න. “
---+----+----+----+----+----+----+----+----+----+----+----+----+--- ඔයාට සැකයක් නොවෙන්න මම මේ දේත් කියන්නම් . මානවි කියන්නේ මට ජර්මන් වලදී හමුවුන මනෝ වෛද්‍යවරියක්. මගේ ජිවිතේ ,අපේ ජිවිතේ බවට පත් කලේ එයයි. අද මම තැනක ඉන්නවනම් එකට සම්පුර්ණයෙන් හේතු උනේ එයයි. කිසිම සම්බන්දතාවයක් නිසා අපේ කාලය නාස්ති වෙන්නේ නෑ . එකෙන් වෙන්නේ අපිට ඊට වඩා හොද කෙනෙක් එක්ක ඉන්න හැකියාව ලැබෙන එකයි . අනුත්තරා මට ඒ දේ හිමි කරලා ගියා. සමහර විට එයා ඇත්තටම හදහන් නිසා ගියාද නැත්නම් ඇයිද ගියේ කියන්න මම දන්නේ නෑ. දැන් මම දන්න එකම දේ එයා නොයන්න  මට සමහර විට මානවි මුණ නොගැසෙන්න තිබුණා. 


ජිවිතේ අපිට එක එක කාලවලදී මිනිස්සු මුණගැහෙන්නේ අහම්බෙන් නෙවෙයි. නදී මගේ ජිවිතේ කුළුදුල් ආදරය. එයා වෙනුවෙන් මම පොරොන්දු ඉෂ්ට කළා. ලෝකේ කොහේ හිටියත් අද එයා සතුටින් ඉන්න ඕනා.

දැන් ඔයාට ප්‍රශ්නේ අර ඉස්කෝලේ කාලේ මට හිටිය crush එක . ඔව් එයාව ඊට පස්සේ මට අහම්බෙන් හමුවුණා මග තොටකදී , එයා එතකොට ප්‍රේමවන්තියක්.එයාගේ නමත් හොයාගත්තා.දැන් ඉතින් වැඩක් නෑ නේ.ඊට පස්සේ මට එයාව කවදාවත් හම්බුණේ නෑ.

පසු සටහන :

කතාව ඇත්තටම ලියන්න හිටිය විදිය ටිකක් විතර වෙනස් උණා. හැමතිස්සෙම නැතිවීම් ගැන කියන්න උනාට සමාවෙන්න.කෙනෙක් මගෙන් ඉල්ලුවා පුලුවන්නම් ඔය කතාව විරහ විදියට ලියන්න කියලා. එයා වෙනුවෙන් මේක.එත් සහස් අදටත් සතුටින් ඉන්නවා අතීතයට වෛර නොකර. ජිවිතේ ග්‍රහලෝක වලට තීරණය කරන්න දෙන්න එපා. ජිවිතේ පුංචි පුංචි දේවල් අතෑරලා දාන්නත් එපා. මතක තියාගන්න ඔයාට ගැලපෙන කෙනා ලැබෙනකම් ඔයාට සිද්ධ වෙනවා බලාපොරොත්තු නැති නොකරගන්න . ඒක 1 ද 2 ද 3 ද කියන්න මම දන්නේ නෑ.

සහස් වගේ අය , අනුත්තරා වගේ අය , නදී වගේ අය මෙන්ම නාලක වගේ යාලුවොද , මානවි වගේ බිරින්දෑවරුන්ද ජිවිත් වන්නේ අප ජිවත් වන මේ සමජයේමය.

බ්ලොග් ලෝකෙදි මේක කියවපු හැමෝටමත් , හැම කොටසේදීම comment එකක් දාල දිරිමත් කරපු " දුමි " අයියා ඇතුළු comment කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. FB එකේ යාලුවෝ සේරටමත් කලින් ස්තුති කළා වගේම ආයෙමත් සැරයක් ගොඩක් ස්තුතියි.

වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් ඕනෑම තරම්. මේක මගේ පලවෙනි කතාව . ඒ වගේම අවසානයක් ගැන නොහිතා පටන් ගත්ත කතාවක්. හැමදාම රෑ 11 ඉදන් 12 විතර වෙනකම් හිතලා හිතලා ලියපු  කතාවක්. සමහර වෙලාවට ටයිප් කරලා සේරම මකපු අවස්ථාද නැතුවම නෙවෙයි.







21 comments:

  1. උත්තරයක් ලියාගන්න බැහැ සහෝදරයා. හොඳම දේ හොඳම තැනට ගැළපිලා තියෙනවා. අවසාන කොටස සංවේදීයි. ඒ අතරේ ජීවිතේට මහා ලොකු පාඩමක් මේකෙදි මම දකිනවා. ඇහැට කඳුලක් හිතට දිරියක් ජීවිතේට පාඩමක් මේ හැමදේම සමව තියෙනවා. මගෙන් සුභ පැතුම් මල්ලී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අවසානෙට කවියක් නොදී යන්න හිතෙන්නෙ නෑ වගේ..

      සුදුමල් කටුද ජීවිතයට ළංවෙනවා
      කඳුලැල් තුළින් පෙරමග ජය කැඳවනවා
      හැමකල් අර්ථවත් ලෙස දිවි වැජඹෙනවා
      කුලුඳුල් සිහිනයට සුපැතුම් මම දෙනවා....

      Delete
    2. හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි අයියේ , මුල ඉදන් අන්තිම කොටස වෙනකම් හිටියට.

      කවියටත් ඒ වගේම ගොඩාරියක් ස්තුතියි

      Delete
  2. හරිම අපූරුයි... ඇහැට කඳුළක් එන තරමට සංවේදීයි... දිගටම ලියන්න... සුබ පැතුම් ඔයාට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි , කියවන්න කෙනෙක් නැත්නම් ඇත්තටම මෙහෙම ලියන්න උවමනාවක් එන්නේ නෑ. ඒ නිසා ගොඩක් ස්තුතියි

      Delete
  3. ලස්සන කතාවක්. හැකියාවන් වැඩි දියුණු කරගෙන දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් හදාගන්න ගොඩක් දේවල් තියෙනවා මිත්‍රයා , අපි බලමු පීනලම එපැයි පීනන්න ඉගෙන ගන්නත්

      Delete
  4. මං ආසයි ඔයාගේ ක්‍රමේට.. හිමින් හිමින් ඕන තැනට ආවා.. කිසිම හදිසියක් නෑ.. සීරු මාරුවට නොකියෙව්වොත් අමාරුයි තේරුම් ගන්න.. හරිම අපුරුයි... ඔක්කොටම කමෙට් නොකලට මං මේ කතාවේ නම් ඔක්කොම කියෙව්වා... ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි . ඔයාලා නොහිටින්න මේක නිකන් වචන ටිකක් විතරක් වෙන්න තිබුනා. ඒ ඉවසීමට ගොඩක් ස්තුතියි හැමදාමත් වගේ

      Delete
  5. "කිසිම සම්බන්දතාවයක් නිසා අපේ කාලය නාස්ති වෙන්නේ නෑ . එකෙන් වෙන්නේ අපිට ඊට වඩා හොද කෙනෙක් එක්ක ඉන්න හැකියාව ලැබෙන එකයි" මේ වචන ටික ❤️ ඒ කාලෙ අද වගෙ මතකයි උබ කතාවක් ලියන්න ඕනෙ කියපු හැටි. ආඩම්බරයි සහෝදරයා! මේ කතාවෙන් පන්නරය අරගෙන තවත් ලස්සන කතාවක් ලියන්න සුබ පතනවා හදවතින්ම

    ReplyDelete
    Replies
    1. කවදා හරි ලියනවා ලොකු කතාවක් ;-) එතකං මෙහෙම යමු
      ස්තුතියි යාළුවා

      Delete
  6. Ado patta kathawak bn.uba mawa adewwa. Me wage kathwak liyanna ube hitha hayya wechcha eka gana mta okkotama wada sathutui

    ReplyDelete
  7. Pattai machoo. Eelaga kathawa kawadda patan ganne ??

    ReplyDelete
  8. මිස් වෙලා පහුගිය ටිකෙ ගොඩක් පෝස්ට් එන්නම වෙනවා කොනක ඉදන්

    ReplyDelete
  9. ඔක්කොම කියවලා ඉවර කළා. ලස්සනයි

    ReplyDelete
  10. ඔන්න අද තමයි නිදහසේ මේක කියෙව්වේ. පට්ටයි, තව එකක් ලියන්න.(y) කලින් කියවන්න ගත්ත වෙලාවේ පලවෙනි එක කියවද්දිම හෙන පිස්සු කතාවක් කියල හිතිල කියෙව්වේ නැ.

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...