Wednesday, October 8, 2014

ඉතින් අවසරයි ජිවිතේ තවත් එක් හැරවුමකට




හ්ම්ම් ඉතින් කාර්යබහුල කාලෙකට පස්සේ ලැබුණ දිග නිවාඩුවේදී තමයි ආයෙත් blog ලෝකේ පැත්තේ එන්න හම්බුණේ ..හැබැයි එද්දී එතකොට මට මුණගැසුණ පරණ යාලුවෝ නෑ .. දැන් ඉන්නේ අලුත් පිරිසක් :)   එත් මොනදේ උනත් blog කලාව තාමත් ඉදිරියටම ගමන් කරනවා අභිමානයෙන් ...

අහ්හ් දැන් ඉතින් තව පොඩ්ඩෙන් කියන්න ගිය දේත් අමතක වෙනවනේ ..කොහෙද ඉතින් :)
මෙන්න මේකයි   මම දැන් ඉන්නේ කටුබැද්දේ තියෙන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නේ .. ඉතින් මාස  4 ක් විතර ඉගෙන ගත්ත අපිව අපේ ජිවිතේ තීරණය කරනවයි කියන විභාගයකින් පස්සේ විවිධ department  වලට අපි කැමති විදියට දානවලු ..
මෙන්න මේවා තාම  අපේ uni  එකේ තියෙන්නේ
Chemical and Process Engineering
Computer Science and Engineering
Civil Engineering
Electrical Engineering
Electronic and Telecommunication Engineering
Materials Science and Engineering
Mechanical Engineering
Bio  Medical Engineering

ඉතින් මම තෝරාගත්තේ Chemical and Process Engineering කියන department  එක ..
"Standardizing, optimizing and scaling up
of production processes
in a commercially viable manner
through sustainable utilization of raw materials"
-Chemical & Process Engineering

camp  ගියපු කාලේ  වගේ ඇති වෙච්ච uni  එකේදී ඇති වේවි නැති වේවි තිබ්බ choice  එක අන්තිමට exam  results  ආපු කාලෙත්  ඇති වීම හොදට ගියා ... :)
ජිවිතේ අපි එක එක දේවල් පස්සේ යනවා ඒ යද්දී සමහර දේවල් මග ඇරෙනවා .. සමහර දේවල් මග අරිනවා .. අපිට යම් කිසිදෙයක් ලබාගන්න යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා :) එක නම් සදාතනික සත්‍යක්  ...

ඉතින් මුලින් ලොකු GPA කට යන්න හීනයක් තිබුනත් අන්තිමට ඊට පොඩ්ඩක් අඩු අගයකින් නවතින්න සිද්ද උණා .. මොනවා කරන්නද හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ ....  මෙතන තමයි මගේ ජිවිතේ ඊලග අවුරුදු 3.5 ගත වෙන්නේ :)  uni ගියපු මුල් දවස් වලත් අපිට මේකට තමයි යන්න උණේ .. ඒ නිසා නුපුරුදු තැනක් නම් නෙවෙයි ... :)

හැබැයි ඒ දවස් වල කිව්වත් වගේ මගේ හීනේ තිබ්බේ ඉංජිනේරුවෙක් වෙන්න නෙවෙයි .. :(  එක අපේ අම්මලාගේ හීනෙකුත් නෙවෙයි හැබැයි මව එතනට තල්ලු වෙලා ඇවිත් :(   හීනේ එන්න එන්න ඈතට ගියා .. නීතිඥයෙක් වෙන්න අසාවෙන් හිටපු මට මෙතනින් නවතින්න වෙලා .. වාසනාව / ප්‍රතිපල හරහට හිටලා :)    එත් තාමත් සතුටින් නීතිඥයෙක් වෙලා යන්න හිටපු තැනට අද වෙනකොට ඉන්ජිනේරුවොත් ගිහින් තියෙනවා ..   මොරටුවෙන් ම ඉගෙන ගත්ත චම්පික රණවක කියන්නේ ඒ වගේ පුද්ගලයෙක් :)     මහින්ද රාජපක්ෂ වගේ වෙන්න බැරි නම් චම්පික වගේ හරි එතනට යන්න තමයි ආසාව  :)   (හුගාක්  අය  යන්න අකමැති තැනක් ..අනේ මන්ද ඇයි  කියලනම් ) ..

ජීවිතේට රස්සාවක් ඕනෑ  හැබැයි එක සතුටින් කරන්න පුළුවන් වෙන්නත් ඕනෑ :)  ඉතින් සමහර වෙලාවට හීන වලට යන්න බැරි වෙනවා සමහර වෙලාවට පුළුවන් වෙනවා :) ඉතින් අපි බලමු 20 වෙනිදායින් පටන් ගන්න අවුරුදු 3.5 මාව  මගේ හීන වලට අරන් යයි ද කියලා :)
ඉතින් අවසරයි ජිවිතේ තවත් හැරවුමකට  :) :)

Sunday, October 5, 2014

දැනෙනවද ඔයාට ........






ඔයාගේ ඔය ආඩම්බරකාර හිනාවට  මම කොච්චර ලෝබ  උනාද කියලා 
               දැනෙනවද ඔයාට .....
ඔයා  වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා  කියලා 
               දැනෙනවද ඔයාට.....
පුංචි පුංචි දේවලට පැය ගණන් වරුගණන් බොරුවට වාද  කළේ ආදරේට කියලා  
              දැනෙනවද ඔයාට .....
ඔය නෙත් යුගලේ හිමිකාරිට මම කොච්චර ආදරෙයි ද කියලා 
              දැනෙනවද ඔයාට .....

Saturday, July 19, 2014

සංසාර පුරුද්දද මේ ....



End  එකට හරියටම තව සති දෙකයි ...
තාමත් Field Selection  එකේදී තෝරාගෙන යන්න ඕන
මාවතක් ගැන පුංචිම හරි අදහසක් හිතට ඇවිත් නෑ ....
එත් කාටවත් කියාගන්න බැරි ලොකු අවුලකින් මම ඉන්නව
කියන එක නම් තේරෙනවා එත් ඒ මොන දේ නිසාද කියල
කියාගන්න බැරිව ලෝකයක් ඉස්සරහ අසරණ වෙලා වගේ
දැනෙන වර ගණන අනන්තයි ...
හැබැයි මේ සිද්දි ඔක්කොම පෙළ ගැහුනේ ඉතාම පුංචි කාලයක් ඇතුලත ....
ඒ පුංචි කාලය හැබැයි කල්පයක් වගේ.....
ගොඩක් සතුටු උන වාර වගේම මගේම මුරණ්ඩු වැඩ නිසා
තාමත් දුක්විදින වර ගණන කියාගන්න බැ ...
ජීවිතේදී අපේ ගමන වෙනස් වෙන්න පුංචි එක හේතුවක් හොදටම ඇති ....
ඒ හේතුව එකද නැත්නම් වෙන එකක්ද කියන්න මට තාමත් අත්දැකීම් අඩු ඇති ....
එත් තාමත් බලන් ඉන්නවා මන් එනකම් ...........

Monday, April 7, 2014

සරසවි life 01

කාලෙත් ගත වෙලා
සරසවි ඇරබිලා
ජීවිතේ busy වෙලා
aca තුල හිර වෙලා
නිවාඩු ඇරබිලා
බෝඩිමෙන් පිටවෙලා
ගෙදරටත් ඇවිල්ලා
ජිවිතේ relax වෙලා
බ්ලොග් වෙත ගොඩ වෙලා



ලියන්න ඉස්සර වගේ දැන් අමාරුයි ... පට්ටම කම්මැලි .... එත් කොහොමද අතාරින්නෙ බ්ලොග් එක ...
මේ තියෙන්නේ මැවිසුරු ජිවිතේ ගෙවිච්ච සති 5 ක අත්දැකීම් .......ජිවිතේ පලවෙනි වතාවට ගෙදරින් පිටවෙලා බෝඩිමක ඉන්නව කියන අත්දැකීම ... අධ්‍යාපන කටයුතු ක්‍රීඩා වගේම එකී මෙකි ගොඩක් දේවල් හෙමිට ලියන්න හිතන් ඉන්නවා ....
ආයෙත් හම්බෙමු ....

 

Mora Fresher's Table tennis 


Mt.lavania with B3 


B3- we bunch of people

T20 @bodim_place


AIESEC new yr 

Saturday, January 11, 2014

අපි නොදන්න මැජික් 01 (රජවරු තුන්දෙනාගේ කඩෙ යාම )

ඔන්න අදනම් පුංචි මැජික් එකක්  තමයි යන්නේ ...

 සමහරු මේක දන්නවත් ඇති .....


මුලින්ම  card pack එකක් ගන්න මෙන්න  වගේ ...



ඕකෙන් මුලින්ම මෙන්න මේ දෙන්නව අයින් කරගෙන ඉන්නකෝ ....

දැන් හරි නේ ....
ඔන්න බලන්නකෝ ඔයාලගේ pack  එකේ මේ වගේ රජවරු (K ) 4 දෙනෙක් ඉන්නවද කියල ....



හරි ඉන්නවනේ ....?
එහෙනම් මෙන්න මේ තුන් දෙන වෙන් කරලා ගන්නකො ....


දැන් ඒ තුන් දෙන එහෙම්ම තියල
දැන් ඉතුරු card 49 න්  (ඔව්  ඔව් 52 න්  3ක් ගියාම 49 යි තමා )
card 10ක් ගණන් කරලා දකුණු අත  පැත්තෙන් තියන්න
                                                                      (මෙන්න මේ වගේ )
ඊළගට තව ගොඩවල් දෙකක් පහල තියෙනවා  වගේ තියන්න හැබැයි මතක් කරලා 15 , 15 තියන්න....
ඉතුරු 9 ත් ඔන්න ඔහේ පැත්තකින් තියමුකෝ  :P

දැන් මෙන්න මේ වගේ මුලින්ම අර 10 ගොඩට එක රජ කෙනෙක් ව දාන්නකෝ .....



එක හරි නම් ......
ඊළගට මැද තියන ගොඩෙන් කැමති ගානක් අරන් දකුණේ ගොඩෙන් තියන්න රජාව වැහෙන ව්දියට
ඊළගට මැද ඉතුරු ටික උඩින් තව රජ කෙනෙක් ව තියන්නකෝ .... ඊට පස්සේ එයාවත් වැහෙන්න අයිනේ තියෙන 15 නුත් ඔයාට හිතෙන ගානක් අරන් තියන්න ...
දැන් වමේ තියෙන (15 න්  ඉතුරු ගාන ) ටික උඩින් ඉතුරු රජාවත් තියලා  ඉන්නකෝ ......

දැන් තියෙන්නේ එකතු කරන වැඩේ තමයි  වම අයිනෙන් පටන් ගන්නකො (අර 9 තමයි දැන් ගන්න ඕන)
එකට යටින් වමේ ඉදන් දකුණට වෙන්න එකතු කරන එන්නකෝ ....
මුල්ම 10 යටම හිටින විදියට තමයි එකතු කරන්නේ ..... තේරුනාද???
ඊළගට උඩම තියෙන 4 බලන්නේ නැතුව යටට දාන්නකෝ ...දැන් තියෙන්නේ බෙදන පාර්ට් එක තමයි ...
මුල්ම කොලේ පෙනෙන විදියටත්(ඔත්තේ ) අනික් කොලේ ඉදන් නොපෙනෙන විදියටත් මෙන්න මෙහෙම දාන්නකෝ ....
දැන් ඔයගාව තිබ්බ K  අකුරු පේන ගොඩේ තිබුනද??
නෑ  නෙහ් .....

එහෙනම් අර නොපෙනෙන්න දාපු ගොඩත් ඔය වගේ ඔත්තේ ඉරට්ටේ විදියට ගොඩවල් 2ක් ගහමු .....
ඔහොම දිගටම කරගෙන ගියාම රජවරු 3 දෙන ඔයාට අන්තිමටම එකට ගන්න පුළුවන් .....


ටිකක් හිතාගන්න අමාරුද? ....
පොඩ්ඩක් යාලුවෙක්ට කරලා පෙන්නකෝ .... එතකොට ඔයාටම තේරෙයි මොකක් ද උනේ කියල ....
ආයෙත් හම්බෙමු තවත් MAGIC  තියෙනවා .......

ප .ලි:   මැජික් එක තේරැණා නමි කොහොමද කියලත් කොමෙන්ටුවක් දාන්න අවුලක් නෑ.. තේරුනේ නැත්නමි ඒකත් කියන්නකෝ...

Wednesday, January 8, 2014

හනි හනිකට පාසල වෙත ( Walk to remember)



කාලෙකින් ආයෙමත් ඉස්කෝලෙට ගියා ...
කවද්ද :  ඊයේ තමයි ඉතින් ගියේ

මොකටද :  කැම්පස් යන්න කලින් පුරවන් කියල තිබ්බ Form වගයක් පුරවගන්න

ඉතින් : ඉතින් කියන්නේ මේකනේ  ජිවිතේ ගෙදරින් පිට හිටියනම් ඒ වැඩිම කාලයක් හිටියේ ඉස්කෝලේ තමයි ..
දුක ,සතුට, ජය, පරාජය,, නායකත්වය යුතුකම්, වගකීම්,මිතුදම් ,වෙන්වීම් වගේ ගොඩක් දේවල් විදින්න ,දකින්න ,ඉගෙනගන්න ලැබුනේ  මට මගෙන් ඉස්කෝලෙන් ....
6 වසරෙන් පටන් ගත්ත DS  එකේ මගේ ජිවිතේ වැඩියෙන්ම කැමැති  A /L  අවුරුදු දෙක ගෙවපු විද්‍යා අංශ යට තමයි ...අද මම යම්කිසි තැනක ඉන්නවනම් එකට මුලික හේතුවත්  විද්‍යා අංශයම  තමයි ....
ගොඩක් යාලුවෝ ගොඩක් වගකීම් වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන කාලයක් තමයි අන්තිම අවුරුදු 2 කියන්නේ .....එත්  විද්‍යා අංශ යට ගියත් අවුරුදු 2ක් ඉගෙන ගත්ත ආදරණිය පන්තියට යන්න තරම් හිත හදාගන්න බැරි උනා ...
ගියත් ඒ පන්තියේ එදා හිටපු ........

              යාලුවෝ අද නැත
              වෙන අය එහි ඇත
              කාලය මැවු
             වෙනසක අරුමේ......

ඉතින් ජීවිතේ හැරිලා බලද්දී ඉස්කෝලේ කියන්නේ ඇත්තටම වටිනාම වස්තුවක් .........
ප. ලි :ඔයාලටත් පාසල් ජීවිතේ සුන්දර මතකයන් මොහොතකට හරි මතක් වෙයි කියලා හිතනවා...

Saturday, April 20, 2013

සිහිනයක් නොවන්නට ......................


හරියටම තව පැය 12 ක් වත් නැහැ...
මොකටද??????????????
?????????????????????
??????????????????????
??????????????????????
??????????????????????








                                                     අහ් සිහින බක්මහ උළෙලට මිසක්
                                                               වෙන මොකටද නේද!...
                                                         එහෙනමි හෙට හමිබෙමු
                                                 මගේ පළමු සිහින බක්මහ උළෙලෙදි
                                                           ඔයාලා සේරවම...............................

Tuesday, March 5, 2013

මාලිංග..........................................

ගොඩාක් කාලෙකට පස්සෙ ආයිත් බිලොග් එකක් තියෙනවා කියලා මතක් වුණා...
ඉතින් ගොඩවුණේ මෙ දවස් වල හැමෝම කතා කරන දේ ගැන මට හිතෙන දේ ගැන කියන්න..
ඔය පින්තුරේ තියෙන්නෙ අන්න ඒ මගේ අදහස් ටික තමයි.....
ඉතින් ඔයාලා විරුද්ධ වෙන්නත් පුලුවන් ...
පක්ෂ වෙන්නත් පුලුවන්...
ගිහින් එන්න ඉක්මනටම ආයිත් පෝස්ටි ටිකක් ඉක්මනටම අරගෙන......


Thursday, February 21, 2013

ෆස්ට කියමන්............

ඇත්තටම මගේ පේජ් එක ලයික්ස් 1000 ක් පසුකළා..ටිකෙන් ටික ආපු දුර මාස 6ක් විතර ගතවෙන තැනදි තමයි මට මෙ ඉලක්කයට එන්න පුලුවන් වුණේ...
ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්
බලන්නට දාන්න හිතුවා...





















ප: ලි :ලයික් එකක් දාලා නැත්නමි පැත්තෙන් ඒ ගැජටි එක ඇති ලයික් එකක් දාලාම යන්නකෝ!

Saturday, February 16, 2013

ඇයි අවුල් ද?







ලන්දේසි ආවා
උනුත් ගෙනාවා
ඉංග්‍රීසි ආවා
උනුත් ගෙනාවා
සිවිල් පොදු නෙවෙයි


මිශ්‍ර ක්‍රමයක් ඇති කළා.....



මෙන් බලහන්
ඒ විතරක්මද
උඩරටට වෙනම සීන්
යාපනේට තේසවලාමෙයි
ඇයි කසාද හතරේ
මුස්ලිමි නීතිය ලංකාවටම.......


අතේ ඇගිලිත් මදිවෙයි
ඒ තරමි නීති
පොත් පිටු ගණන්
ඒත් අපරාධ.................

අනේ මන්දා.................................

Sunday, February 10, 2013

චංගුමී ,ශිරානි සහ වත්මන් කාන්තාව............


චංගුමී
රෑපවාහිනියෙ විතරක් නෙවෙයි
පත්තර සගරා පොස්ටර් පවා
ඔබෙ මුහුණෙන් වැහිලා ගියා......
අනන්ත වු සුජාත දරුවන්
බිහිවන රටෙ අපි
සතුටින් ඔබ දිහාත්
බලන් හිටියා............
අපේ දරු දැරියන්ට
ඔයා ලොකු වීරවරියක් වුණා....
ඒත් අද
ඔයා ඒ දරු දැරියන්ව
වගේම
‍්බාල මහලු සැමෝටම
දිරි දීලා යන්නම යනවා........
පුංචි තැනක ඉදලා
රටෙ මුලු වෙද  පුටුවටම
ඔයා ආවා.......



ඒත්
එදා ඔයා වගේම කෙනෙක්
ලංකාවෙ උපන්නා..
හැබැයි ඔය තරමි පරණ
නෑ........
ටිකෙන් ටික ඇය ආපු දුර
ඇයත් ගියා නොකියාම
වෙදුදුරුවරියක් නොවුණට
රටෙ මුල්ම උපරිමාධීකරණ
විනිසුරු වරිය වුණා ඇය
ඒ ශිරානි ලු ........

   
 

ප .ලි . ජීවිතය යනු ෆැන්ටසි හීනයක් නොවේ...
          ලංකාවෙද අපමණ චංගුමීලා බිහිවී ඇත බිහිවෙමින් පවතී  
          බිහිවෙවි...

          නමුත් ගැහැණියට නිසි තැන ලැබෙන තුරු ලංකාවෙ චංගුමිලා
          උපන් ගෙයි මරා දමනු ඇත.....
          හුදෙක් නාට්‍ය ය රස වින්දන්දයට පමණක් නොව ජීවිතයටද අදාළ    
          කරගත හැකි නමි අතිවිශ්ඨය.....
          අගවිනිසුරුතුමියද  පැමිණියේ වාසනාව සහ ධෛර්යය මතය..
          නමුත් රෑපවාහිනි තිරයේදි චංගුමී වීරවරියක් කිරීමත් ශීරානි     

         අසාර්ථක ගැහැණියක් කළේද ඔවුන්මය......
         අපි බලා සිටියෙමු............

ප. ප. ලි .   මෙය සරලව දැකිමක් පමණි..කතාවෙන් උගත හැකි දෑ බොහෝය. කතා නායිකාව කවුරුන් වුවද අදටද මෙවා ලෝකයේ සිදුවෙමින් පවතී...යථා කාලයේ දීර්ඝ විස්තරයක් ලිවීමට බලාපොරොත්තුවෙමින් මෙතනින් මෙය නිමා කළ යුතුය....

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...