Saturday, November 17, 2012

නෙතු හැඩුවා ලොවට හොරා.....අවසරයි කළඑළිදකින්නට....





හ්ම් කාලෙකට පස්සේ විවේකි සති අන්තයක් ලැබුනා..........
පුංචි පුංචි වැඩවගයක් හින්ද
මුකුත් ලියන්නත් බැරි වුණ එකේ
යාලුවෙක් කිව්ව මචෝ නරකද ......!
...... ටයිප් එකේ කතාවක් ලිව්වොත් කියල.......
මීට දවසකට දෙකකට කලින් තමයි....
මේක ලියන්න පටන් ගත්තේ......
තාම පරිච්ජේද 2ක් වත් ලියල ඉවර කරගන්න බැරි උණා ........
ඉතින් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම එක ලියල ඉවරකරන්න........
ඒ වගේම සතියකට දවසක් වත් ඒ කතාව බ්ලොග් එකේ දාන්නත් ඕන කියල හිතුන .......
ඉතින් අපි එහෙනම් බලන් ඉමු නේ!.....
ඔයාලගේ අදහස් උදහස් මට ගොඩක් වටිනවා
කතාව ගැන පොඩි විස්තරයක් එහෙනම් මම යටින් දාන්නම්
ඔය දැනට කතව ගලාගෙන යන්න ඕනේ කියල හිතෙන අදහස .........
එත් අස්ථිර ඌ ලෝකේ ස්ථිර වෙන්නේ මොනවද නේද?
එහෙනම් ඔයාලට හිතෙන දේවල් මම අර මුලිනුත් කිව්වා වගේ
මතක් කරලා කියල යන්න හොදේ...
සැකවින් : නාගරික ප්‍රදේශයක ජිවත් වෙන 4 දෙනෙකුගෙන් යුත් පවුලක්.......
                පියා ඉංජිනේරුවෙක් වන අතර මව වෛද්‍යවරියක් .......
                පුතුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් .......
                කුඩා දරුවා ලොවට හොර විදින වේදනා.......
                ඇත්තටම එයට හේතුව කුමක් ද??
                ඒ ගැන ඔයාලට කියනව ළගදිම.......
ප:ලි:    හොද නමක් කතාවට හිතුණොත් දාලායන්න හොදේ!.......
             

Monday, November 12, 2012

යුගයේ බරපතලම දේශපාලන කතාන්දරය .........!

හ්ම් .......
වැඩ ගොඩක හිර වෙලා ඉන්න අතරේ ලැබිච්ච්
පුංචි විවේකේදී ලියන්න ඕන කියල හිතුන
කියවන්න ලැබිච්ච් වටින පොතක් ගැන ........
බ්ලොග් ලෝකේ හුගක් අය මේ දවස් වල
ලියල තිබ්බනේ වැලිකඩ ආරවුල .......
දෝෂාභියෝගය වගේ දේවල්.......
ඒවත් එක්කම ඒ කියන්නේ අධිකරණය
සම්බන්ධ වෙච්ච යුගයේ කතාන්දරය
කිවොත් මේකට ගොඩක් නිවැරදියි........!
ඉතින් සමහරු කියවලත් ඇති තවත් අය මේ වගේ පොතක් ගැන දන්නෙත් නැතුව ඇති
ඉතින් දන්නා නොදන්නා කාටත් වගේ තමයි
මේක මම අද දැම්මේ ....
මොකද අධිකරණයෙන් නඩුවාර්තා ගන්න ගොඩක් දුරට එදා වේල කල බිල ඉන්න අපි යන්නේ නෑ......  නොවැ..........
ඔන්න පහලින් තියෙන්නේ ඒ පොත තමයි ......
මේක සදකඩපහන ප්‍රකාශනයක්
විදියට තමයි වෙළදපොලට නිකුත් උනේ !....
ඇත්තටම මේ පොත ඒ කියන්නේ මේ නඩු වාර්තා
කියෙව්වාම සමස්ත ජනමාධයවේදීන් ගැනම
යම්කිසි කලකිරීමක් මටනම් ආව..........!
සම්මානයක් නිසා යුගයම අදුරට ගෙනිච්ච
ඒ ජනමාධයවේදීනිය (අවස්ථාවාදී ගැහැණිය )
මේ ලගකදී ලංකාවෙන් ගිය කියල තිබ්බ ආරංචිය දැකලයි මට මේ පොත ගැන අයත් මතකයට ආවේ ......... එහෙනම් ගිහින් එන්නම් .........
කියවලාම බලන්නකෝ!....
යන්න කලින් ඒ පොතේ පෙරවදනේ තිබ්බ
මේ ලස්සන හිතට වැදිච්ච වචන පේලියෙන්ම සමුගන්නම්.......!
              මේ නඩුව පිටුපස ඇත්තේ යුගයේ බරපතල දේශපාලන කතාන්දරයයි......!
              එමෙන්ම ,මමත්වයේ ,හිනමානයේ ,අධිමානයේ ,කතාන්දරයයි ...........! 
             වෛරයේ ,ක්‍රෝධයේ .ඊර්ශයාවේ , හා පළිගැනීමේ කතාන්දරයයි ........!
             මේ වටා එතී සිටි නායක කාරකාදීන් ජාතියට බන කිවද
             තමන් කටයුතු කරන්නේ මෙසේයයි ජාතියට හැගවුහ..........!

Thursday, November 8, 2012

ලෝකය දකින්න ආස කොයි විදියටද ඒ දේ බවට ලෝකය හරවගන්න..........




හ්ම් ……
යාලුවො ටික නොමිලේ දුන්න දේ ගෙන්න ගන්න උත්සාහ කළාද?
බය වෙන්න එපා සති 4-6 න් ගෙදරටම එයි.....
හිතේ එක අරමුණක් තිබ්බේ නැති නිසා ලියන එක නැවතුනා….. ඒකයි නොමිලේ දෙන දෙයක් ගැන ලියලා ටිකක් නිහඩව හිටියෙ....
රටෙ තොටෙ වෙන දේවල් එක්ක සමහර වෙලාවට ජීවිතයත් එපා වෙනවා....
ඒත් අපිටවත් අයිති නැත්නමි මෙ ජීවිතය ..........
තව කවර කතාද! නේ!.......
ඒක වැඩක් නෑ......

හුගාක් අයගෙ සයිබර් සටහන් කියවද්දි ගොඩාක් දේවල් හිතුණා.....
ඒත් මොනවා උණත් අද මට මෙක ලියන්න හිතුණෙ නමි ෆේස්බුක් යාලුවෙක්ගෙ
status එකක් දැකල…….

ඔව් ..............!
ලෝකයේ සාර්ථක පුද්ගලයෝ එහෙම නැත්නම් සාර්ථක නායකයෝ
ගොඩක් අය ජීවිතේ Off-road ගියපු අය තමයි…..
තේරුනේ නෑ නේද??
හ්ම්….. මම එක මෙහෙම කියනම්කො…
අපි ලෝකේ වෙනස් වෙන විදියට හැඩගැහුනේ නැත්නම් අපි පරාදයි කියල
ඉස්සර කතාවක් තිබ්බ ඔයාට මතක ඇති !....
දැන් ඔය අහයි ඉස්සර විතරද තිබ්බේ කියල ……..
ඔය ඔකනේ!
තාමත් තියෙනවා තමයි
එත් ඊට වඩා වැදගත් සංකල්පයක් අද ලෝකය වෙලාගෙන තියෙනවා…
ඒ තමයි
ඔයාට ලෝකය දකින්න ආස කොයි විදියටද
ඒ දේ බවට ලෝකය හරවගන්න කියල …
ලෝකය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට බැරි වෙන්න පුළුවන්(ලෝකෙ පොලිස් කාරයා ගැන නමි නෙවෙයි)
එත්……………….!
ඒ පුද්ගලයාගේ එක පුංචි සිතුවිල්ලකට
ලෝකය වෙනස් කරන එක නම් මහා ලොකු දෙයක් නෙවෙයි……
ඉතින් මොහොතක් හිතන්න ………
මේ ජීවිතයේදී ඔය ආසම කරන දේ ඔය ලගට එනකම් ඉන්නවද,????????
ඔය ලගට ගෙන්න ගන්නවද කියලා
ඒක ඔයාට එක බාරයි……………….
ඉතින් උත්සාහ කරන්න සාර්ථක නායකයෙක් වෙන්න
එතකොට අඩුමතරමෙ ඔයාට සාර්ථක මනුස්සයෙක්වත් වෙන්න පුලු
වන්…………………….

ප:ලි : දිනන්නෙ පැරදිලා පුරුදු මිනිස්සු මිසක් ඉබෙ පහල වෙචිචි අය නෙවෙයි...
හිතන්න ...... 

Monday, November 5, 2012

නොමිලේ පුංචි තෑග්ගක් ඔයාලට ..........

හ්ම්............
 ඉතින්  අද මාත් 
 එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට...
  පුංචි තෑගි ටිකක්  දෙන්න  කියල තමයි කල්පනා කළේ !.....

මේවා  ඉතිං ................
 මාත්  හොයාගත්තෙ  සමහර  බ්ලොග්  අඩවි  වලින්ම තමයි හොදේ '.......

ඉතිං  මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ..............
 සැමදෙයක්ම බ්ලොග්  අඩවිය  කරන සහෝදරයාට ............ 

එයා  නිසා තමයි මටත් මේවා ගැන හොයන්න ආසාවක් ආවේ ....
ඉතිං  ඔය  එක එක දේවල් නම් ෆෙස්බුකියේ  ඉන්න
 යාලුවන්ටනම්  කියලා  එයාලත් ගෙන්න ගත්ත ......

ඉතිං  දැන් නම්  ඒවා ගැන අපේ අනික් යාලුවන්ටත් කියන්නයි  මම  මේ යන්නේ  හොදේ ..........
මුලින්ම බලලා ඉන්නකෝ  මට හම්බවෙච්ච  දේවල් .........!




කොහොමද  හොදයි ද ?....................
එහෙනම් එකින් එක ගැන මම කියනම්කො ..........

මුලින්ම අද මම  ඔයාලට කියන්නම් ඔය ෆොටෝස්  වල තිබ්බ සංයුක්ත තැටි ඒක්ක  ෆයිල් කවර ගෙන්න ගන්න විදිය ගැන ...................
මුලින්ම මෙන්න මෙතනින් ඔය එක අඩවියකට ඇතුළු වෙන්නකෝ ............
මෙකෙ තියෙන්නෙ ජීවිතයේ සතුටින් ඉන්න පුංචි පුංචි උපදේශ ටිකක්!........

අහ්  දැන් හරි ..........
ඔතන දකුණු පැත්තේ තියෙනවා  ..........   ORDER YOUR FREE KIT  කියල එකක් .........
එකට භාෂාව  විදියට ඉංග්‍රීසිත්  රට විදියට ලංකාවත් දීල තනතුර/රැකියාව ට එතනින්  කැමති එකක්  දෙන්න.... 
ඊට පස්සේ ඉතිං සාමාන්‍ය විදියට ඔය පෝරමය පුරවගන්නකෝ ..........!
 company   name   එක විදියට none  දාන්නකෝ .............
ඉතිං  ඔයාලගේ  ගෙදර තැපැල් ලිපිනය දාන්න  හරියට Postal code එක දන්නෙ නැත්නමි මෙතනින් බලාගන්නකෝ!.....
colombo  වල ඉන්න අයටනම්  මේකේ district  එක විදියට තියෙන්නේ kolombo  කියල 
කමක්  නෑ  එක click  කරන්න ..............!
දැන් ඉතින් සේරම පුරවලා  ඉවරනම් submit  කරන්නකෝ ....
මොකක් හරි අවුලක් අවොත්  comment  එකත් දාන්න එහෙනම් .....
ඊලග  ඒවත් ඉක්මනටම දාන්නම්කො .......ඔයාලට හොදයි කියලා හිතෙනවා නමි මොනවා හරි ලියලා යන්නකෝ!
ප. ලි: හැබැයි මෙක සාමාන්‍ය යෙන් සති 4-6 අතර කාලයක් යනවා එන්න හොදේ!...........
හැබැයි අනිවා එනවා .............

Saturday, November 3, 2012

ශාන්තිවාදී තපස් රකින්නේ පිටකොදු බිදගත් ඔල මොළ නිවටුන් ........!



"ඉතිහාසය සරල රේඛියව  ගමන් නොකරයි
...........!
එය ගමන් කරන්නේ සර්පිලාකාරවය .....
  බිදවැටීම් එකතැන පල්වීම් ආපසු ගමන් කරන්නක් මෙන් ..........
පෙනී යන අවස්ථාවන් නොමැතිව ඉතිහාසය ගමන් නොකරයි ......."




හ්ම් .......!
මොකක්ද මේ පණ්ඩිත කතාව නේ!......
අද මම ලියන්න යන දේට පුර්විකාවක් ගන්නයි මට ඕන වෙලා තිබ්බේ ........!
හ්ම් කිව්වා දේ තේරුණාද මන්ද  මුලින්ම...........!
ටිකක් ග්‍රීක් වගේ නම් අවුලක් නෑ ...........!
අමතක කොරන්නකෝ.........!
අපි කතාවට බහිමුකො......!
ඔව් ඉතිහාසය වර්තමානය මත අවුරුදු 35 කට විතර පස්සේ ..........
ආයෙත් සමපාත වෙලා කියල හිතෙන්නේ නැද්ද?......
තේරුනේ නෑ නේ?....!
ඔව් දැන් ලංකාවේ වෙන දේවලුයි මීට අවුරුදු 35 කට විතර ......
ඉස්සර වෙලා තියන දේවල් වලයි පුදුමාකාර සමානකම් කීපයක් තියෙනවා .......
හැබැයි ලොකු අසමානකම කුත් තියෙනවා......
එහෙනම් බලන්නකෝ මේ ගැන කලින් හිතුනද කියල.......
 
ජේ ආර්   ට එදිරිව මහින්ද රාජපක්ෂ
5/6     එදිරිව         2/3(ආසන)
50.03% ජන්ද ප්‍රමාණයකට එදිරිව 66% ඉක්මවූ ජන්ද ප්‍රමාණය (කැමැත්ත)
1972 (2) දරන සංශෝදනයට එදිරිව 1978(18) දරන සංශෝදනය (බල තණ්හාව )
ගෝනවල සුනිල් ට එදිරිව මිල්රෝයි ප්‍රනන්දුගේ බිරිද(වැරදිකාරයන්ට නිදහස )
විජේ කුමාරණතුංග  එරෙහිව සරත් ෆොන්සේකා (කුමන්ත්‍රණ)

හ්ම් .......!
ඒ සේරටම වැඩ දවසේ මාතෘකාව
නෙවිල් සමරකොන්ට එදිරිව ශිරාණි බණ්ඩාරනායක (දෝෂාභියෝග)

ඉතිහාස වර්තමානය මත සමපාත වී ඇත ......
එකම වෙනස විධායකය අතරැදි පුද්ගලයා පමණක් පක්ෂ දෙකින් පෙනිසිටිමයි .............
72 (2) සංශෝදනය පරිදි ගෙන විධායක  ජනාධිපති ක්‍රමයේ බල මහිමයෙන් අධිකරණය  පවා රූකඩයක් කිරීමට පාලකයනට   හැකිය ...............
ඒ හි ගොදුර  නෙවිල් සමරකෝන් ද ශිරාණි බණ්ඩාරනයකද යන්න වෙනසක් නැත ............
ඔවුන් එයි..... ඔවුන් යයි.......  නමුත් අධිකරණ  පද්ධතිය ???

 මෙ සිදුවන්නේ රටේ උත්තරීතරම ආයතනයට  විධායකයේ අදිසි හස්තය  තැබීමයි
.....!
ඉතිහාසය වැරදියට වටහාගත් මිනිස්සු 50.03% ට වඩා
වැඩි 66% ක බලයක් දුන්නේ රට හදන්න ද?
හිතන්න අපි එකම වලේ දෙපාරක් වැටුන නේද ?
78 දී අපිව දැම්මේ රෑ වලක..............
එත් දැන්...............!
අපි දවල් වලකම වැටිලා ..........
ඉතින් ඔකේ ඉන්නේ මහින්දද රනිල් ද සරත් ද කියන දේ නෙවෙයි...........
ඔය අසීමිත බලයට එරෙහිව පෙළ ගැසෙමු .........
කවදාහරි හොද මිනිහෙක් එයි  ඕක ඉවත් කරලා යන්න ............
එතකන් අපි අධිකරණය වත් බේරාගමු නේද????
එත් ...........!
දන්නවනේ ........
යුක්තිය උදෙසා කෑමොර දීමයි
දග ගෙයි ලෑමට අප සම කල පව
 ඉතින්  අපි සදහටම නිහඩව ඉමු......
අධිකරණය  අපේ ද නෑ නෙ  නේද
නැ එක විතරයි  ඔයාට  මට අපි කාට කාටත්
අන්තිමට ප්‍රජාතාන්ත්‍රික සමා  වි්‍යුහය   ඇතුලේ ඉතිරි වෙලා තියෙන දේ....
එකටත් රුපවාහිනියේ සෙට්එක වගේ රුකඩ ටිකක් ගියොත්??
ප. ලි:එහෙනම් එකතු වෙන්න දැනගන්න කතාකරන්න
මොනවා උනත්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොදු බිදගත් ඔල මොළ නිවටුන්

Thursday, November 1, 2012

ඉතින් අපි ඉන්න කාලෙට රණ්ඩු වෙලා, හිනා වෙලා, දුක් වෙලා.........

ඔයාල එකපාරටම බලයි......
මොකක්ද මේ වයසට ගියපු ගහක් දාල තියෙන්නේ කියල.......
ඔව්......
මේ ගහ ගොඩක් වයසයි ......
ගොඩක් කියන්නේ ගොඩක්.........
අවුරුදු ගණනාවක්........
එකට දවසින් දවස එක එක ජාතියේ කුරුල්ලෝ ඇවිත් වහල ආයිත් යනවා.......
 එයාල එතනට එනකොට මිට කලින් ...... කවදාවත්ම හම්බවෙලා නැතුව ඇති......!
 එත් එතනින් යන දවසට.....
මීට ගොඩකාලෙකට කලින් ඉදන්ම දන්නවා වගේ......
හරිම දුකින් වෙන් වෙලා යයි...... එත් උන් නොදැනුවත්වම උන් ගේ පිහාටු පහලට වැටිලා.....
 මහපොලව උන්ගේ සම්බන්දතා වලට සාක්ෂි දරයි.......
එත් උන් කවදාවත් ආයත් එකට මුණ ගැහෙයි ද කියන්න උන් දන්නේ නැ.......
ඉතින්.......! ඒ වගේ තමයි නේද අපේ ජීවිතත්?.....
අපි කව්රුත් මේ ලෝකෙට එද්දී කාවවත් දන්නේ නෑ......
එත් අපි ආවට පස්සේ ක්‍රමයෙන් සමාජ සම්බන්දතා හදා ගන්නවා.....
මුලින්ම අම්මා, තාත්තා ඊළගට අයියල අක්කල......
 ඊලගට අපේ අනිත් නෑයෝ, යාලුවෝ.......
අතන මෙතන අපිට උදව්වට වගේම ඔවුන්ගේ දුකට සැපටත් ආදී ලෙස එකී මෙකි නොකී හැම කෙනාම එක්ක අපි සම්බන්දතා පවත්වනවා........
ඒ සම්බන්දතා අපිව ජීවත් කරවනවා.......
ඉතින් අපි ඉන්න කාලෙට රණ්ඩු වෙලා, හිනා වෙලා, දුක් වෙලා, අන්තිමේදී ජීවිතෙන් සමුගන්න කාලෙකුත් එනවා....... ඉතින්......
මැරෙනකොට අන්තිම මොහොතේවත් අපිට සතුටු වෙන්න තියෙන්නේ ඒ පුංචි පුංචි සුන්දර දේවල් මිසක් නිශ්චල හෝ චංචල දේපල නෙවෙයි ..........
ඔයා , මම එයි, ඔයා, මම යයි. තවත් අය එයි, ඒ අයත් යයි. අපගේ පැමිණීම හෝ ඉවත්ව යාම වැදගත් නොවේ. අප සිටිනා කාලය තුළ අප කරන කියන දෙය පමණක් රදා පවතී........
ප:ලි: ඇත්තටම සුන්දර පාසල් කාලයේ මතක සටහන් පොතක යාලුවෙක් ලියල තිබ්බ සටහන් ඇසුරින් සකස් කරන ලදී

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...