Sunday, December 30, 2012

බ්‍රාහ්මණසමාජයෙන් ඔබිබට ගොස් ගබිසාවට නීති ශෝධනයක් ?


බටහිට කාන්තාව හා සැස දීමේදී ආසියාතික කාන්තාවට යම් සදාචාරාත්මක පසුබිමක් තුල ජිවත් වන බව අපට පෙනුනද එය අධික ලෙස පුරුෂාධිපත්‍යයට යටත් වීමක් හා කාන්තාව සතු ලිංගික නිදහස උදුරා ගැනීමක් යැයි බටහිර කාන්තාවට පෙනෙනු ඇත ...මක්නිසාද යත් ඔවුන් ද බලන්නේ ඔවුන්ට සාපේක්ෂ රාමුවක පිහිටය .....සැබවින්ම අප විසින් ඔවුන් ව හදුන්වන්නේ සදාචාරය පිරිහුණු ජාතියක් ලෙසය .....(එය පැහදිලි වීමට නම් ආසියාතික කාන්තාව හා අරාබි  කාන්තාව සංසන්දනයෙන් ඔබට පැහැදිලි වනු ඇත )සැබවින්ම ම මෙහිදී කතාකිරීමට බලාපොරොත්තු වන්නේ එක කරුණක් ගැන පමණි.! එනම් ගබ්සාව නීතිගත කිරීම හෝ නොකිරීම ගැන පමණි ......මුලින්ම අපි මේකේ නීතිමය තත්වය ගැන සොයා බලමු .......දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්ති ප්‍රකාරව මවගේ ජීවිතය බෙරගැනීමට සද්භාවයෙන් විනා අන් කිසි අවස්ථාවක ලාංකීය කාන්තාවට ගබ්සා කිරීමකට භාජනය විය නොහැක.... 
අවම වශයෙන් අවුරුදු සිට දක්වා සිරදඩුවමකට යටත් වීමට සිදු වීමද මෙහි ඇති තවත් තත්වයකි ....

නමුත් ආසියාතික කාන්තාවට එමගින් යම්කිසි අසාධාරණයක්  වන බව ආකාර  කිහිපයකින් පෙන්වමි 
1.  යම් කිසි කාන්තාවක දුෂණයට ලක් වූ විට එමගින් දරුවෙක් ඉපදුන හොත් දරුවා හදාවඩා  ගැනීමට බල කිරීම කෙතරම් යුක්ති සහගතද....? ඇයට ලැබෙන දරුවාගේ පියා  ගැන ඇය  පවසන්නේ කෙලෙසද ....?
2.දැඩි විපරිත කලලයකදී වුවද ඇයට  සිය කළලය ගබ්සා කිරීමට නොහැකි වේ ....
එවිට එමගින් ඉපදින දරුවා මෙන්ම දෙමව්පියන්ද ජිවිත කාලය පුරා  විදවන්නේ සමාජයේ බලකිරීමට නොවේද....?
නිතියේ බල කිරීමට නොවේද ....

හිතන්න........
 මෙහිදී මේ ගැන අදහස් දක්වන්නන් ගේ ප්‍රධාන පර්ශව 2 ක් සිටි ....
     1. ගබ්සාවට පක්ෂ අය 
      2. ගබ්සාවට විපක්ෂ අය 
 ගබ්සාවට විරුද්දවන්නන්ගේ ප්‍රදාන  තර්ක දෙක වන්නේ ....
            1. කලලයක් පිළිසිද ගත අවස්ථාවේ සිටම ජිවයක් පවතින නිසා එය මිනීමැරීමක් වන බවයි ..
            2.තවද සදාචාර විරෝදී රැකියාවල නිරත වන්නට එය මහගු පිටිවහලක් වන බවයි ...

නමුත් අදාල 1 තර්කය අදහන ආගම මතත් 2 වෙනි කරුණ පුහු බොරුමතයක් බවත් ඒ ගැන විදිමත් පරීක්ෂණ පැවත් වූ මෙය නීතිගත කල රටවල් වලින් ලැබෙන වාර්තා මගින් දැකගත හැකිය ........
එමගින් පැහැදිලි වන්නේ එසේ ගබ්සා කිරීමට පැමිනෙන්නේ විවාහක ස්ත්‍රීන් මිස තරුණියන් නොවන බවයි.... 

නමුත් ගබ්සාව නීතියෙන් යම් පමණකට හෝ සහනය් ලබාදිය යුතු යි පවසන බොහෝ දෙනාගේ මතය වන්නේ ........
    1. අනීතික ක්‍රම වේද ඔස්සේ නුපුහුණු වෛද්‍යවරුන් අතරින් මියයන ජීවිතවලට සදාරනයක් ඉටු කිරීම 
   2.ගබ්සාව නීතිගත කල පමණින් එයට පෙලබෙන සංඛ්‍යාව  සීග්‍රයෙන් ඉහල නොයන බවයි (මක් නිසාද යත් සදාචාරය නිසා )
   3.දරුවා බිහිකිරීමේ අයිතිය මවට ලැබිය යුතු බව 
    4. කලලයක් පිළිසිද ගත අවස්ථාවේම ජිවක් ඇති  නොවන බව 

 එබැවින් සියලු තර්ක විතර්ක මැද ඔබට කෙලින් තීරණයක් ගත හැකිය ........
එනම් තව දුරටත් ලාංකීය ස්ත්‍රිය පුරුෂාධිපත්‍ය රජයන බ්‍රාහ්මණ ක්‍රමවේද ඔස්සේ ම තබනවාද ....!
නැතහොත් යම් කිසි සාදාරන සීමාවක් තුල ඇයට   ලිංගික නිදහස ලබදෙනවද යන්නයි ....
නීති පැනවීම ජනතව සතුය ........
කරුණාකර ඔබෙ අදහස පහතින් සදහන් කර යන්න

උපකාරිත පොත්  :  නීති විද්‍යාල පාඨමාලා 
ග්‍රන්ථය
                           
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව                             දණ්ඩ නීති සංග්‍රහය 

Wednesday, December 26, 2012

ඉංගිරිසි අකුරු දෙකේ යු ටියුබ් මැජික් එක

මදැයි හදිසියකට යු ටියුබ් එකෙන් සින්දුවක් බා ගන්න ගියා ......
මදැයි අහන අහන එකා කියන්නේ
"එහෙම ලේසියෙන් බෑ  බං මෘදුකාංගයක් මුලින් ස්ථාපිත කරගනින්" කියල ........

මදැයි ඕව කර කර ඉන්න ගියොත් ඉතින් හෙන වෙලාවක් යයි .......
ඉතින් මේ හැම දේටම පිලියමක් තියෙනවා කියනවනේ ......
ඔන්න එකයි මම අද කියන්න යන්නේ අකුරු 2 මායාව ගැන .......
ඔව් අකුරු 2 ක් ගහපු ගමන්
අපිට පුළුවන්    soft wares    නැතුවම දැන් සින්දු බාගත කරගන්න ......

මේක දන්නා අය ගොඩක් ඇති ......එත් මේක නොදන්නා අයටයි .......
මුලින්ම පහල පින්තුරේ තියෙනවා  වගේ අදාල සින්දු  වට යන්න ......




ඊළගට address bar  එකේ www.  වෙනුවට  SS  අකුරු 2 ක් ගහන්න බලන්න .........



ඔන්න ඊට පස්සේ ඒ URL  එක දැන් run  කරවන්න ........
එතකොට ඔයාලට පහල තියෙන ෆොටෝ එකේ වගේ එකක් ලැබෙයි ......




ඊළගට ඔයාලට පුළුවන් අවශ්‍ය quality එකෙන් video  එක බාගත කරගන්න 
ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් උන නම් comment  එකක් දාල  යන්න 

Monday, December 24, 2012

කාලෙකට පස්සෙ හමිබුණ නියම දේශපාලන පොතක්.....




ලංකාවේ පවතින විධා
යක ජනාධිපති  ක්‍රමයට ඓතිහාසික  වශයෙන් ය හැකි උපරිම දුර වෙත එය ලගාවී ඇති කිව හැකිය ........
සුළු ජනවර්ග ප්‍රශ්නයටද විසදුමක් ලැබෙන ආකාරයට රටට සැපයක් බවට පත්ව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දේශපාලන ප්‍රතිසංවිධාන වැඩසටහනක් ක්‍රියාවට නැගිය යුතුව තිබුනේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාද කිරීමත් සමගය .........
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා එසේ කරන්නට සමත් වූ  යේ නම්  ඔහු කෙටි කාලින වීරයෙකු නොව දිර්ගකාලින වීරයෙකු වන්නට ඉඩ තිබුණි ...........
එහෙත් එම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ජනාධිපතිවරයා අසමත් විය .............
පොරොන්දු වූ පරිදි දුෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරනවා වෙනුවට එම දුෂිත ක්‍රමය තුල තම පැවැත්ම දීර්ග කරගැනීම සදහා ආණ්ඩුක්‍රමයට සංශෝධනයක්  ගෙන එමින් එම ඓතිහාසික කාර්යභාරයට තිබෙන අයිතියද අහිමි කරගත්තේය ..............
ත්‍රස්තවාදය පරාජය කිරීම තුල දේශපාලන ක්‍රමය නිරුවත් කිරීමක් ද සිදු විය ..............
ඒ සමග නිරන්තරයෙන්ම දේශපාලන ක්‍රමයට අදාලව අසන්නට ලැබෙන කතාවලින් දේශපාලන ක්‍රමයේ  අවිධිමත් බව දුෂිත බව හා පීඩාකාරී බව තේරුම් ගැනීමේ හැකියාව මහජනයාට ලැබුණි ...........
ඒ නිසා දේශපාලන ක්‍රමයට මහජනයා අතර තිබුණු සචාරාමය පිළිගනිම නැතිවිය ..............
දැන් දේශපාලන ක්‍රමය තුල තිබෙන්නේ එහි සුක්කානම හසුරුවන ජනාධිපතිවරයාටවත් හසුරුවා ගත නොහැකි අවුල් සහගත තත්ත්වයකය ........................?

උපුටා ගැනීම  :කඩාවැටෙන දේශපාලන 
ක්‍රමයේ අර්බුදය (වික්ටර් අයිවන් )

Thursday, December 20, 2012

යුක්තිය උදෙසා........(01)

ඉතිහාසය සැබවින්ම රසවත්ය .....
 ඉතිහාසය නීරස වන්නේ ඉතිහාසයෙන් පාඩම් නොඉගෙන ගත අයටය .....
අපි 1796 ඉදන් විවිධාකාර වූ විප්ලව වලින් පෝෂණය වූ ජාතියක්ය .....
 සමහර ඒවා කැරලි ලෙසද ....
 තවත් සමහර ඒවා විප්ලව ලෙසද....
 තවත් සමහර ඒවා විවිද නම් වලින්ද...
.පාලකයාගේ අභිරුචිය පරිදි එසේ නම් කිරීමට මාධ්‍ය වන්දිභට්ටයන්ට සිදු විය ......
 එය එදා අද කියා වෙනසක් නැත.....
 සිදුවන්නේ කලනුරුපිව සිද්ධියේ හැඩය වෙනස් වීම පමණි .....
 හරය සැමවිටම එකම මුලබිජයෙන් පැනනග්ගකි .....
 සිදුවන්නේ ඉතිහාසය වර්තමානය මත කියවීම පමණි......
 තර්ක විතර්ක ඇත .....
 අදහස් වල නොගැලපීම් ඇත.....
 නමුත් ලාංකීය අපි ජයගත්තේ 72 නීති විප්ලවය විතරයි .....
 1818,1948,1971,1989 අපිට අමතක කරන්න බැරි විදයට පාලකයන්ගේ උණ්ඩයෙන් ලේදහරා මත්තෙන් අතීතයට දායාද උනා ...
 එදා ඒ එකම ජයගත් විප්ලවයට මග කිව්වේ නිතිවේදියෙක් .......
 ඉතින් ඒ වගේ සාමකාමී විප්ලවයකට අද සියුලු නීතිවේදීන් පෙරමග සැදිලා බලන් ඉන්නවා...
 ලංකාවේ පොරවල් වෙන්න පුළුවන් ජොබ් තියෙන්නේ පොඩ්ඩයි......
 වෛද්‍යවරු ගුරුවරු වගේම නීතිවේදීන් මේ අතරින් ප්‍රධානත්වයක් ගන්නවා .....
 ඉතින් මිට කලින් පොරවල් වෙන්න ගිය දෙගොලක් අන්තිමට දැනගැහුව ......
 ඉතින් ම අන්තිම අවස්ථාව .....
 සැලකිය යුතුයි: ඉංජිනේරුවන් හෝ ගණකාධිකාරවරුන් යනු පොරක් වියහැකි රැකියා නොවේ ඒවා ඉන් පොරක් වන්නේ දේශපාලුවන් ය ........
 අපි බලමු ඉසරහට මොකද වෙන්නේ කියල ......
 එහෙනම් හමුවෙමු.........

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...