Saturday, August 26, 2017

සිත්ගත් 08



ජිවිතේ අපි එක එක කාලෙට එක එක දේ කරනවා. අපේ හැගීම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි ඇසුරු කරන අය , අපි කියවන පොත් , අපි අහන සින්දු එහෙමත් කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඕක තමයි ඉතින් වෙනස් වීම කියන්නේ. කාලෙකදී ආදරණීය සින්දු අහන සමහරක් අයම කාලෙකදී විරහ ගීත අහනවා. ඕක තමයි ලෝක ස්වභාවය. ඉතින් මගේ 75 වෙනි මනස්ගාත සටහන විදියට මම තෝරාගත්තා සිත්ගත් 08  ගැන ඔයාලට කියන්න.

මොකක්ද මේ සිත්ගත් 08  කියන්නේ. සිත්ගත් 08  කියන්නේ මතක ඇති කාලයක ඉදන් අද මේ මොහොත වෙනකම් අහලා තියෙන සින්දු වලින් හිතට හොදටම වැදුන සින්දු 08
.සමහර සින්දු වලට අපි ආස වෙන්නේ එකේ තියෙන අපේ හිතට දැනෙන වචන වලට , එහෙමත් නැත්නම් එකේ තියෙන සංගීතයට. ඔය මොන දෙයින් හරි මගේ ජිවිතේ සිත්ගත් 08 ට එන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ සින්දු ටිකට තමයි.

1) ලියතඹරා සින්දුව තමයි මම 3-4  වසරේ විතර ඉද්දී මම ආසම සින්දුව උනේ. එක වෙන්නේ මෙහෙමයි , මම ඉස්කෝලේ ගියපු වෑන් එකේ හැමදාම හවසට ඔය සින්දුව දානවා . කාලයත් එක්ක මම ඔය සින්දුවට ගොඩක් ආස උනා. අදටත් මගේ සිත්ගත් ගීත ලැයිස්තුවේ උඩින්ම මේ සින්දුව තියෙනවා .

වෙන ලොකු හේතුවක් නම් තියෙන්න විදියක් කොහොමත් නෑ නෙහැ ඒ කාලේ අපි පොඩි ළමයි නේ .

ලියතඹරා
මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි... //

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා...

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

 2. පෙරදා මැවූ සිනා ගීතය මුලින්ම මට අහන්න ලැබෙන්නේ සුවද දැනුනා ජිවිතේ චිත්‍රපටිය බලද්දී , මම එතකොට 9-10 වගේ හිටියේ. ඒ සින්දුවේ තිබ්බ පරිසරයටත් මට මාරම ආසාවක් ඇති උනා. එත් කොච්චර ට්‍රිප් ගියත් මට තාමත් ඒ වගේ ලස්සන පරිසරයක් නම් හම්බවෙලා නෑ. ඒ වගේමයි සිරස ලක්ෂපති ගිය වෙලාවෙත් පරීක්ෂණයකදී සින්දුවක් කියන්න කිව්වම අසාවෙන් කිව්වේ ඔය සින්දුව ගැන තමයි. අහ්හ් ලක්ෂපති ගිය කතාව කියවපු නැති අය මෙතනින් ගිහින් කියවන්නකෝ.

පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියාදෝ

ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..

පෙරදා මැවූ සිනා..

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලත වේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...

පෙරදා මැවූ සිනා..

මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රැ කලුවරේ ගිලෙන්නේ සිහිනේ දසුන් බොඳ වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවිනම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ..

3. හිනා වෙන්න බැරි තරමට  මේ ගීතය මුලින්ම මට ඇහෙන්නේ උසස් පෙලට පාඩම් කරද්දී වගේ තමයි මතක. ඒ දවස් වල තිබ්බේ පොඩි phone එකක්. එකත් අම්මා අරන් දුන්නේ ඉස්කෝලේ තාරක විද්‍යා සංගමේ වැඩවලට ඕනා උන නිසා. ඕකෙන් ඉතින් ගුවන් විදුලියට සවන් දෙන එක තමයි හවස් වරුවට කරන්නේ. මතක විදියට හිරු එකේ ගියපු කතාවක සින්දුවක් තමයි ඕක. ඒ සංගීතයට මම ගොඩක් ආසයි අදටත්.

හිනා වෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට

නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා...... තැනූ මාලිගා.....
කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම
කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා...මැවෙන ගීතිකා....

දෙතොල නම් ගොළුයි මුවකමල මල් සමයි
දෙතොල නම් ගොළුයි මුවකමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන දිලා
නුඹ රහසින ඇවිත් මගේ ලොවම හීනයක් කලා...

අහසනම් දුරයි සඳ නේන වග සැබැයි
අහසනම් දුරයි සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොඳ කලා


4.නෙතු ලග දග කරනා ආඩම්බරකාරී සින්දුව ඇත්තටම අපි A/L කරන කාලේදී හරිම ජනප්‍රිය සින්දුවක්. එත් එකත් එක්කම ඒක තමයි මගේ ජීවිතේට මුලින්ම සමීප වීම මත සිත් ගත්ත සින්දුව උනේ. හැමදාම ඉස්කෝලේ යද්දී දැකපු අහිංසක ( වගේ ) කෙල්ලෙක් , එක්කම වගේ තමයි ඔය සින්දුව මගේ මතකයට යන්නේ. කාලයත් එක්ක මොනදේ කොහොම උනත් සිත්ගත් ගී වලින් අයින් කරන්නම බැරි උන සින්දුවක් තමයි එකත්.



නෙතු ලග දග කරනා ආඩම්බරකාරී
ඉග සුග ගස්සන අඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගෙ ලග නවතිවී
සිත මගේ ඉල්ලවී
මගෙ සුදු ආඩම්බරකාරී

නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දෑකලා
සිත රහසේ බෑදුනා
ඔය වතකමලේ පුන්සද සේ
රුව අඩම්බර පානා ගතියට
ආල හෑගුම් මවුනා
කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුනාවී උණුසුම ඉල්ලාවී
මගෙ සයනේ සෑතපේවී
අඩම්බර ගති නොතිබුනා වගේ
ආදරේ ඉල්ලාවී

හිතුවට වඩා post එක දිග වැඩි උනා. ඒක නිසා ඉතුරු 04 ඊලග දවසේ දාන්නම්. දැන් මගේ බ්ලොග් එක ලියන යාලුවෝ ටිකටත් පුංචි අභියෝගයක් දෙනවා. තමන්ගේ හිත ගියපු සින්දු 04 ක් මේ වගේ තමන්ගේ බ්ලොග් එකේ දාන්න. හැබැයි එකට හේතු උණු කතාවත් කෙටියෙන් හරි තියෙන්න ඕනා. එහෙනම් අපි ගිහින් එන්නම් ;-)


Friday, August 25, 2017

ජිවිතේ එක්තරා කාලයක්



සිව් අවුරුදු උපාධිය
සිතෙහි දරා ගෙන
සිනාසෙන උන් අතර
සිහි උනා මට නුඹව

සිව් මසකි හැරයන්න
සිව් දෙසින් සපැමිනුන 

සිත් දේද සමුගන්න
සිහි උනා මට නුඹව

සිත ගියපු තුරු වදුලු
සිව් දෙසින් හිත හදපු
සියල්ලම එක් කරපු
සිහි උනා මට නුඹව

සිනාසෙනු කියා දුන්
සිතෙහි දිරි දරා දුන්
සියලු දේ අපට දුන්
සිහි උනා මට නුඹව

 


යාලුවෙක් මුහුණු පොතේ එයාගේ තාත්තා ලියපු, ලස්සන කවි පෙළක් දාලා තිබුනා. එකේ හැම පේලියක්ම පටන් ගත්තේ “අ “ අකුරෙන්. කවිවලටත් වඩා මගේ හිත ඒකට ඇදිලා ගියා. අපෝ මට නම් කවි ලියන්න බෑ පොඩ්ඩක්වත් , එත් මේ වගේ යන්තම් වචන ටිකක් නම් ගලපගන්න පුළුවන් කමක් තිබ්බා. එකත් එක්ක මම උත්සාහ කළා “ සි” යන්නෙන් පටන් ගන්න පේලි සහිත වචන සටහනක් ලියන්න. උත්සාහය සාර්ථකද අසාර්ථකද කියලා දන්නේ කියවන ඔයාලා තමයි.

මේක ලියන්න හේතු උනා කතාව , එහෙම නැත්නම් වචන වල තේරුමට ගියොත් ඇත්තටම සිව් අවුරුදු ඉංජිනේරු උපාධිය ඉවර වෙන්න තියෙන්නේ තව හරියට මාස 4ක් වගේ. හිතට ගොඩක් දේවල් , දුක ,සැප, ආදරය , විරහව, යාළුකම් වගේම ජිවිතයට වටිනාකම් ගොඩක් එකතු කරගන්න ලැබුණු අවුරුදු 4ක් ඉවර වෙන්න යන්නේ.

නික්මෙන්නට මත්තෙන් සරසවිය ගැන ලියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් සමහරක් වෙලාවට ගොඩක් දේවල් ලියන්න අරන් ආපහු මකපු අවස්ථා බොහොමයි. ජිවිතේ එක්තරා කාලයක්. ගිහින් එන්නම්

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...