Saturday, August 12, 2017

සුන්දර බෙලිහුල් ඔය බලා ....




මම ඔයාලට කිව්වනේ අපි සෙම්බුවත්ත ගියපු එක ගැන.  අපි ඒක ගියේ අපේ ගිය පාර විභාගෙට කලින් සතියේ. ඕක නිසා අපේ සමහරක් එන්න හිටපු අයට එන්න බැරි උනා. ඒක නිසා එන්න බැරි උන කෙනෙක් මේ පාර ලැබුණු පුංචි නිවාඩු වේදි එකපාරටම ට්‍රිප් එකක් යමු කියලා කිව්වත් යන්නේ කොහෙද කියලා එක එක්කෙනාගේ අදහස් ආවා. ඔහෙන් මෙහෙන් අන්තිමට අපේ තව යාලුවෙක් හොයාගෙන තිබ්බ ලස්සන පහන්තුඩාවේ සුන්දර ජායාරූප ගොන්නක්. එකෙන් මේකෙන් අපි තීරණය කලා පහන්තුඩාව( pahanthudawa) බලා යන්න කියලා. 



මේක තමයි අපේ සවාරි සංගමේ 07 වෙනි පොඩි ට්‍රිප් එක. ගියපු ට්‍රිප් සේරගෙන්ම ඉතාම ඉක්මනින් ලෑස්ති වෙලා ගියපු ට්‍රිප් එක. හරියටම පැය 24 ක් වත් ගියේ නෑ ට්‍රිප් එකක් යනවා කියලා තීරණය කරපු වෙලාවේ ඉදන් ට්‍රිප් එක යන්න කොටුවට සෙට් වෙන්න.
අපි 8 දෙනෙක් කොළඹට එකතු උණේ හරියටම රෑ 12 ට. කොහෙද තාමත් Semi luxury  බස් මාෆියාවක් ලංකාවේ තියෙනවනේ.ඒක නිසා අපි අඩු වියදමින් යන්න සාමන්‍ය CTB එකක් එනකන් පාන්දර 2 විතර වෙනකම් හිටියට පස්සේ තමයි දැනගත්තේ 2.30 ට එන්න තිබුණ බස් එක අද යන්නේ නෑ කියලා. දැන් ඉතින් මොනවා කරන්නද private බස් එකක නැගල මාෆියාවට බැන බැන අපි පිටත් උනාලු .


 හරියටම 6 වෙද්දී අපි බැස්සේ කලින් කතා කරගෙන තිබුණ විදියට පබහින්නෙන් (pambahinna ). 

හෙමිට හෙමිට සබරගමුව campus එක පැත්තට අපි ගියේ අපේ ගමන් සගයෙක් ගේ සබරේ සරසවි මිතුරෙක් ගෙන් මග විස්තර දැන කියාගන්න. ඔය වෙද්දී ඒ යාළුවා පරක්කු උන නිසා අපේ තවත් ගමන් සගයෙක් ( සබරේට නෑකම් කියන ) අපිව එක්කගෙන ගියා ලස්සන ගගක් තියෙනවා කියලා බලන්න. මිනිහ නම් මගදිගට කිව්වේ සද්ද කරන්න එපා හොදට අහගන්න වතුර පාර කියලා. මදැයි අන්තිමට වතුර පාර කෙසේවෙතත් වතුර හිඳිලා ගියපු ගල් වලින් විතරක් සමන්විත පාරක් අපිට පෙනුනා. 


ඊට පස්සේ ඉතින් එතුමාට බැන බැන අපි ආයෙත් සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලට ආවේ අපේ උදෑසන ආහාරය අරගන්න කියලා.


 සුන්දර පරිසරයකට හිමිකම් කියන සබරගමු සරසවි මෑණියන් නරබමින් අපි අපේ උදෑසන ආහාරය ගත්තා. ඊට පස්සේ සබරේ සරසවි යාළුවා කියපු විදියට අපි අද දවසේ මුලින්ම යන්න කියලා තෝරාගත්තේ බඹරකන්ද දිය ඇල්ලට. සාමාන්‍යයෙන් පබහින්නෙන් rs. 20 ක විතර දුරක් බදුල්ල පැත්තට යන බස් එකක ගියාම අපිට හම්බෙනවා බඹර කන්ද දිය ඇල්ලට යන පාර. හෙමිට හෙමිට පයින්ම අපි ඊට පස්සේ 4km විතර ගියාට පස්සේ තමයි ඒ සුන්දර දිය ඇල්ල අපේ ඇස ගැටුණේ . 


දැනට දැකපු ගියපු තැන් වලින් හොදින්ම නඩත්තු කරන තැනක් විදියට මෙතන කියන්න පුළුවන්. ගන්න rs.30 ක ප්‍රවේශ පත්‍රයට සැහෙන්න විදියට පිරිසිදු කිරීම් එහෙම හොදටම කරලා තිබුනා. හදිස්සි අවශ්‍යතා සදහාත් පිරිසිදුව පහසුකම් සලසලා තිබුණා. 


ඔහොම පැය දෙකක් විතර වතුරේ නාල ඒ සුන්දරත්වය විදපු අපි ආපහු එන්න පටන් ගත්තා දිය ඇල්ලට සමුදීලා. ටිකට් ගන්න තැනට ලගින්ම හම්බුන කඩේකින් දවල් ආහාර වේල රසවිදින්නත් අපි අමතක කලේ නෑ. රොටි 31 කුත් උණු උණු plain tea 9 කිනුත් අපේ කට්ටිය යන්තම් සෑහීමකට පත් වුණා කිව්වොත් හරි.

ආපහු එතනින් 4km ක් පහලට බැහැපු අපි ඊළගට ගියේ සුරතලී ඇල්ල ( surathali ඇල්ල ) බලන්න. අවාසනාවට එතනනම් ලොකුවට වතුර තිබුනේ නෑ. 


හැබැයි එහෙම කියලා සුරතල් බවේ නම් පුංචිම වත් අඩුවක් තිබුනේ නෑ දිය ඇල්ලේ. එතනත් බලලා අපි 2 ට විතර පිටත් උණේ ආපහු සබරගමුව විශ්ව විද්‍යාලේ පැත්තට. අර මම මුලින් කිව්ව සබරේ යාළුවගේ කාමරෙන් අපේ ඇදුම් බෑග් සේරම තියල අපි ඊළගට ගියේ දවසේ අවසන් නැරබුම් ස්ථානය වෙච්චි සමනළ වැව dam එක බලන්න.


හැබැයි අපිට තිබ්බ මහන්සියත් එක්ක තවත් 5-6 km ක් නම් පයින් යන්න තරම් උවමනාවක් තිබුනේ නෑ dam එකක් බලන්න තරම් . ඒ නිසා අපි ගියේ බෙලිහුල් ඔයයි හිරිගඩු ඔයයි එකට වැටෙන තැන හොයාගෙන. ඒකටත් 3 km විතර පයින් යන්න උනා. ඇවිද්ද පය සියදහස් ගුණයක් වටීවි කියන්නේ ඔන්න ඕකයි මම හිතන්නේ . සවස් වරුව සදහා ස්නානය කරන්න අපි තෝරාගත්තේ ඔන්න ඔතන තමයි. ඒ සුන්දරත්වයත් විදපු අපි ඒ දිනට කටයුතු හමාර කරන්න කියලා හිතාගෙන සබරගමු සරසවියට ආවේ, අපේ නවාතැන් පොලත් සරසවිය වෙච්චි නිසාමයි. අපි 8 දෙනාට නවතින්න කාමර 2ක් සකස් කරලා දෙන්නත් තවත් සබරේ යාලුවෙක් උදව් කළා.  

7 ට විතර රෑට කාල එහෙම card pack එලියට ගත්තේ රැය ගෙවාගන්න කියලා හිතාගෙනම තමයි. පාන්දර එකට විතර නින්දට යනකම් අපි ඉතින් card pack එකේම තමයි . පහුවෙනිදා උදේ 8 ට විතර නැගිටලා යමු කියලා කතා වෙලා අපි සියලු දෙන නින්දට ගියේ ඇගේ මහන්සියත් එක්කම තමයි .

ඔන්න ඉතින් අවාසනාවට එකෙක්ට සීතල වැඩි වෙලා උදේ 6.30 විතර ඉදන් අපිටත් නැගිටින්න කියලා වද දුන්න එක තමයි අවාසනාවන්තම සිද්ධිය උනේ ;( . කොහොම හරි අපේ නින්දත් අපිට සීතල උහුලගන්න බැරි උන සීතල පැත්තකම ඉපදුනු යාළුවා වෙනුවෙන් කැපකරන්න උනාලු. උදේම canteen එකෙන් කුස ගිනි නිවගත්ත අපි අපේ දවසේ ආරම්භක එහෙමත් නැත්නම් එකම නැරඹුම් ස්ථානය වෙච්චි pahanthudawa ( පහන්තුඩාව ) බලා පිටත් උනා. ඇත්තටම සුන්දරත්වය කියාපාන්න වචන අපි කාගාවවත් තිබුනේ නෑ. ඒ තරම් සුන්දරයි , තාමත් ඇස් අග ජීවමානයි. පයින් ආපු 2 km දෙක අමතක වෙන්නම අපි ඒ සුන්දරත්වය විඳගත්තා කිව්වොත් මම නිවැරදි කියලා හිතෙනවා. සමහර කාල වලදී වතුර මට්ටම අධිකව වැඩි වෙන නිසා නෑම අනතුරු දායක උනත් , 
සභාපතිගේ අණ පරිදි ඉහල යන ගගේ ජල මට්ටම


පායන කාලේ නිසා අපි නම් නා කියාගන්න වාසනාවන්ත උනා. pahanthudawa ට ආවේ අපි බදුලු කොලඹ පාරේ රුපියල් 18 ක වගේ දුරකින් කොළඹ පැත්තට වෙන්න. 



ඉතින් අපේ සංචාරය නිමා උණේ  බෙලිහුල් ඔය මායිමේ ගෙවුණු සුන්දර පැය 30 කින්. ඔයාලත් වෙලාවක් ලැබුනොත් ගිහින් එන්න . හැබැයි මතක් කරලා මතක විතරක් අරන් එන්න, පියසටහන් විතරක් තියලා එන්න . 

12 comments:

  1. ලස්සන තැනක්. අන්තිම පින්තූරෙ මනස්ගාත සටහන්කරු ඉන්නවද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ලස්සන තැනක් ඇත්තටම . ඔව් ඔව් ඉන්නවා

      Delete
  2. නියම සටහනක්.බදුල්ලට තියන කොළඹ බස් ඔක්කොම වගේ සෙමි,නිකං අපේ අතේ තුට්ටු දෙකට තට්ටු කරන වැඩක් .
    මේක කියෙව්වම අපි බඹර කන්ද නැග්ග හැටි ලියන්න හිතුනා .

    ReplyDelete
    Replies
    1. CTB එකේ තියෙනවා සාමාන්‍ය බස් . අපේ වෙලාවට එදා තිබුනේ නෑ :(
      ලියන්න ලියන්න අපි කියවන්න එන්නම්කෝ

      Delete
  3. තව ටිකක් උඩට ගියානං මාර ඇල්ලක් තියෙනව, මිනිස් පහසින් සම්පූර්ණයෙන්ම මිදුන

    ReplyDelete
  4. හුඟක් ස්තූතියි ආරංචියට.. දැනගෙන හිටියේ නෑ නොවැ

    ReplyDelete
    Replies
    1. එකනේහ් කියන්නේ අපිම ඉන්න ඕනා

      Delete
  5. ඔයා මේ පෝස්ට් එක දාපු දවසේ මම හිටියෙත් පහන්තුඩාව ඇල්ල ගාව. කියන්න වචන නෑ ඒ සුන්දරත්වය ගැනනම්.

    ReplyDelete
    Replies
    1. එක නම් අනිවාර්යයෙන්ම විදිය යුතුම දෙයක්

      Delete
  6. කතාව මරු.... පින්තූරත් මරු තවත් අගේ වැඩි වෙනව පින්තුර යටින් පොඩියට හැදින්වීමක් දැම්මනම්..... කොහොමත් පෝස්ට් එක මරු යන්ඩ හිතෙනවා ..... කිලෝ වලින්ම 134ක් වෙච්චි මගෙ සරීරෙ උස්සන් යන එක තමා අවුල...හි හි හි

    ReplyDelete
  7. එච්චරම ලොකු අමාරුවක් නෑ , වාහනයක් වගේ තියෙනවනම් . වාහනේ දාල 500 m ක් වගේ පයින් යන්න තියෙනේ

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...