ජිවිතේ කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් එකපාරටම මොකක් කියයිද ඔයා. සුන්දර දෙයක් , එහෙම නැත්නම් තරගයක් එහෙමත්ම නැත්නම් විභාගයක් .ඇයි ප්‍රෙහෙලිකාවක් වෙන්න බැරිද ? ඔයාට එහෙම හිතෙයි .ඇත්ත ජිවිතේ හරි සුන්දරයි හැබැයි ඒ සුන්දරත්වය ලගා කරගන්න නම් අපිට තරග ගණනාවක් එහෙම නැත්නම් විභාග ගණනාවක් සමත් වෙන්න වෙනවා.
විභාග එහෙම නැත්නම් මිනුම් දඩු තියෙන්නේ අපිව සමත් කරනවට වඩා අසමත් කරන්න කියලා මම කිව්වොත් ඔයාලා මාත් එක්ක විරුද්ද වෙන එකක් නෑ කියලා මම දන්නවා. මොකද දැන් ඔයා ජිවිතේ මේතාක් දුර එන්න ගොඩක් විභාග පහුකරලා ආපු විත්තිය මම දන්නවා. ශිෂ්‍යත්වෙන් පටන් ගත්තම අපේ ජිවිතේ මැරෙනකම්ම තියෙන්නේ තීරණාත්මක කඩයිම්. පුංචි වැරද්දක් ඇති සමහර විට ජිවිතේ අවුරුද්දක් දෙකක් , කීපයක්ම පස්සට යන්න.
ආදරේ කියන්නෙත් එක්තරා තරග විභාගයක් එතැනදී බලන්නේ ඉවසීම , විශ්වාසය , කැපවීම වගේ දේවල් . ඉතින් ඔය කඩයිම පලවෙනි පාරම සමත් වෙන්න ටිකක් අමාරුයි. මොකද මේ විභාගේ ජයගන්න හිතන තරම් ලේසි නෑ. හොද ඉවසීමක් , එකෙනිකා කෙරෙහි විශ්වාසය කැපවීම වගේ දේවල් තිබුන පලියටම මේක සමත් වෙන්න අමාරුයි.එකට වාසනාවත් ඕන .
ඉතින් දැන් මම කතා කරන්න යන්නේ ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් නෙවෙයි විභාගේ ගැන. පාසල් ජිවිතේ ඔයාට විභාග අනන්තවත් හමුවෙලා ඇති . විභාග සමත් වෙලා ඇති .සමහර විට අසමත් වෙලත් ඇති . ඇයි දැන් මට විභාගේ ගැන කතා කරන්න හිතුනේ ? හරිම සරලවම කිව්වොත් විශ්ව විද්‍යාලෙට ඇවිත් අවසන් වසරේ අන්තිම කඩයිමට පෙර තියෙන විභාග වලට ලෑස්ති වෙන ගමන් ඉන්නේ . ඉතින් මේ වගේ මාතෘකාවක් කතා කරන්න හොදම වෙලාවක් මීට වඩා තියෙන්න පුලුවන්ද ?..
ඉතින් දැන් මම කතා කරන්න යන්නේ ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් නෙවෙයි විභාගේ ගැන. පාසල් ජිවිතේ ඔයාට විභාග අනන්තවත් හමුවෙලා ඇති . විභාග සමත් වෙලා ඇති .සමහර විට අසමත් වෙලත් ඇති . ඇයි දැන් මට විභාගේ ගැන කතා කරන්න හිතුනේ ? හරිම සරලවම කිව්වොත් විශ්ව විද්‍යාලෙට ඇවිත් අවසන් වසරේ අන්තිම කඩයිමට පෙර තියෙන විභාග වලට ලෑස්ති වෙන ගමන් ඉන්නේ . ඉතින් මේ වගේ මාතෘකාවක් කතා කරන්න හොදම වෙලාවක් මීට වඩා තියෙන්න පුලුවන්ද ?..
විභාගේ ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ විභාගෙට කලින් , එහෙමත් නැත්නම් පුර්ව විභාග අවධිය . ඔන්න මේ කාලේ තමයි හරිම භයානක කාලේ . ඕනෑම තරග විභාගෙකදී අපි පාඩම් කරන්න ගන්නේ අන්තිම වෙලාවේදී . මම හිතන්නේ අපේ ජානවල ඉදන්ම එන දෙයක්ද කොහෙද . හිතන්නකෝ ඔයාට වැඩ කෝටියක් තියෙනවා හැබැයි දවස් ගාන සීමිතයි . ඔන්න ඔය වෙලාවට ඔයාට හිතෙනවා කාලසටහනක් හදන් වැඩ කරන්න . එහෙම කියලා ඔයා කාලසටහනක් හදලා දවස් දෙකක් උපරිමේට වැඩ කරයි . ඔයාට හිතෙනවා Film එකක් බලන්න , cricket match එකක් ගහන්න. හැබැයි ඔයාගේ හිතේ වැඩ කරන්නේ විභාගේ .
මතක් කරගන්න ඔයා ගොඩක් අමාරුවෙන් ඒ ආසාවල් අමතක කරලා දාපු අතීතය. ඔයාට වැඩ කරන්න පුළුවන් උනාද ප්‍රබෝදයකින් ? නැත්නම් ගිලිහුණ අවස්ථාව ගැන හිත හිත හිටියද ?.. ඔයා දන්නවා දැන් මම මොකක්ද කියන්න යන්නේ කියලා . අපි එකිනෙකා වෙනස් . අපි වැඩ කරන හැටි වෙනස් පාඩම් කරන හැටි වෙනස් . ඇත්තටම හිතන හැටි වෙනස් . එත් අපි අපිවම පාලනය කරගන්න හදනවා අරයා වගේ මෙයා වගේ වෙන්න . ඉතින් එහෙම පුළුවන්ද ඇත්තටම.
එහෙම පුලුවන්ද බලන්න නෙවෙයි හිතන්න ඔයාට මේ වෙලාවේ මොකක්ද ඕන . සෙල්ලම් කරන්නද , Film එකක් බලන්නද ?.. යන්න ආස දේ කරන්න විභාගේ අමතක වෙන්නේ නෑ ඔයාට . මොකද එක අමතක කරන්න බෑ ... එත් ඔයාට පුළුවන් ඊට පස්සේ නැවුම් වෙනසකින් වැඩ කරන්න . ජීවිතේට සීමාමායිම් දාගන්න එපා. දාගන්න වෙන තැනක ඉන්නත් එපා. මොන දේ උනත් ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා .
එහෙම පුලුවන්ද බලන්න නෙවෙයි හිතන්න ඔයාට මේ වෙලාවේ මොකක්ද ඕන . සෙල්ලම් කරන්නද , Film එකක් බලන්නද ?.. යන්න ආස දේ කරන්න විභාගේ අමතක වෙන්නේ නෑ ඔයාට . මොකද එක අමතක කරන්න බෑ ... එත් ඔයාට පුළුවන් ඊට පස්සේ නැවුම් වෙනසකින් වැඩ කරන්න . ජීවිතේට සීමාමායිම් දාගන්න එපා. දාගන්න වෙන තැනක ඉන්නත් එපා. මොන දේ උනත් ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා .
විභාගෙ කාලේදී පුලුවන්නම් කියවලා බලන්න Sleeping cycles ගැන . එහෙම නැත්නම් සරලවම කිව්වොත් ඔයාට හොද නින්දක් එන්නේ විනාඩි 90 වක්‍ර වලින් . ඒ කියන්නේ පැය 1.5 කට සැරයක් ඔයා අලුත් නිදන චක්‍රයකට ඇතුල් වෙනවා . එහෙම වෙලාවක නැගිට්ටම ඔයාට පහසුයි . අතර මැදදී ඇහැරුනොත් තමයි ඇගට අමාරු ගතියක් ඔයාට දැනෙන්නේ .හැබැයි අඩුම තරමේ චක්‍ර 4ක නින්දක් වත් දවසට ඕන කියන එක මතක තියාගන්න .
අනික පාඩම් කරනවා කියන එක මෙච්චර වෙලා පාඩම් කරනවා කියලා සීමා දාගන්න එපා . ඔයාට පුළුවන් කියලා ඔයාට දැනෙනවානම් ඔයා පාඩම් කරන්න රෑ වෙනකම් එහෙම නැත්නම් උදේම නැගිටලා හවස් වෙනකම් . හැබැයි වෙන කෙනෙක් එහෙම කරන නිසා නෙවෙයි මේවා ඔයාටම ඕන කියලා දැනුනට පස්සේ .
ඉතින් මට කියන්න ඕන වුන දේවල් සේරම මම ඔයාට කිව්වා . හැමදාමත් වගේ ඔයා ඔයාම වෙන්න .අන්තිමට මොනදේ නැති උණත් කවුරු දාල ගියත් ඔයාට ඔයා ඉදි . එහෙම නැතුව රාජ සම්පත් ලැබුනත් මොකටද ඔයාට ඔයාව නැත්නම් ,
යන්නම්
ඔන මචං අපි අවා. දිගටම එන්නම් කියවන්න උඹේ මනස්ගාත දිනපොත :D
ReplyDeleteහරී ස්තුති යාළුවා
Deleteඔන මචං අපි අවා. දිගටම එන්නම් කියවන්න උඹේ මනස්ගාත දිනපොත :D
ReplyDeleteහොඳයි ඔන්න මාත් ආවා....දිගටම කියවන්න එන්නම්
ReplyDeleteහරී ස්තුති යාළුවා
Deleteඅපිත් එහෙනම් ගොඩ වැදුණා ඕං...ආසාවෙන් කියවගෙන ගියා....මරු 👌🏻
ReplyDeleteස්තුති යාළුවා
Deleteඔන්න මමත් ගොඩ වැදුනා මෙහෙට.. හිමිහිට කියවන්නම්කෝ ලිපි ටික
ReplyDeleteහරි කියවන්නකෝ
Deleteමොන කුනුහරපයක් හරි කමක් නෑ, දිගටම ලියපන්. මාස දෙක තුනක් පිස්සුවෙන් වගේ ලියලා අතාරින තවත් එක බ්ලොග්කාරයෙක් නොවී
ReplyDeleteජයවේවා....
දැන් අවුරුදු 6ක් සහෝදරයා
Deleteහොඳ හිතින් ඔය ආෆ්ටර් ඇපෘවල් එක අයින්කරපන් කමෙන්ට් වලින්. බ්ලොග් කියන්නේ වාරණ දාගන ලියන්න ඕන එකක් නෙමෙයි
ReplyDeleteඔන්න ඔබ කිව්ව දේ අපි අනුමත කලා
Delete