Sunday, August 12, 2018

ඇගේ මධුසමය ...




අද පටන් අලුත් ජීවිතයකි . පෙර වූ සියල්ල දැන් අතීතයට බාර දිය යුතුය .තමන්ගේ දෛවය මේ ලෙසින් තමන්ට ඔච්චම් කරාවියැයි  නිදුකි  මොහොතකටවත් සිතන්නට නැතුව ඇති බැව් සක් සුදක් සේ විශ්වාසය.නමුත් සිදුවන්නේ සිතු දේ නොම බව නැවත නැවතත් පසක් කරමින් ඇය මෙලෙසින් දෛවයටම ජීවිතය බාර දී ඇත.


ඔහු නමින් සාරංගය. උගත් බුද්ධිමත් තරුණයෙකු වුණු  ඔහු හා නිදුකි  අතර සම්බන්ධයට වසර 5 කි. ජිවිතයේ හැල හැප්පීම් ඔවුනටද වෙනසක් නැතුවම සංග්‍රහ කර තිබුනේ වතාවක් දෙවතාවක් නම් නොවේ.


උපතින්ම හිමිවූ දගකාර දඩබ්බර කමටම එකතු වෙලා තිබ්බ ඒ සරාගී බව නිදුකි  ව තව තවත් සෙල්ලක්කාර කමට පත් කරලා තිබ්බා. නිදුකි  ට සාරංග ව හම්බවෙන්නේ යාලුවෙක් ගේ සාදයකදී. හිත ඇදිලා යන රූ සපුවට වශිවෙන සාරංග ත් නිදුකි  ව තමන්ගේ ග්‍රහණයට ගන්නනම් වැඩි දවසක් වියදම් කරන්නේ නෑ. ඔහුගේ කඩවසම් පෙනුමට ආදරය කරන නිදුකි  ත් ඔහුගේ වෙන්නට වැඩි දවසක් නාස්ති කරන්න කැමති උනේ නෑ. 









හෙමිට හෙමිට දෙන්නගේ ආදරේ ගලාගෙන ගියාට , ඇගේ දගකාර කමේ පුංචිම අඩුවීමක් වත් සාරංග නිසා නම් නැති වෙලා තිබ්බේ නෑ, ඇගේ සෙල්ලක්කාරකම ගැන සාරංග දැනන් හිටියට පොඩ්ඩක්වත් නීති රීති දාන්න නම් සාරංග උත්සාහ කලේ නෑ. සමහරක් විට එහෙම නීති දාල හදන්න බැරි කෙල්ලෙක් කියලා වැටහුණ නිසාද නැත්නම් සම්බන්දයකදී නීති රීති අනවශ්‍යයි කියලා වටහා ගත්තු නිසාද කියන්න දන්නේ සාරංග ම තමයි. හැබැයි දැන් ඒක හොයන්න නම් අපි ටිකක් ප්‍රමාදයි. 


නිදුකි  , උගත් ඉහල මධ්‍යම පාන්තික පවුලක එකම දුව. ජිවිතයේ බරක් පතලක් නොදන්න  සුන්දර යුවතියක්. ඇගේ හිනාවට වශී නොවුන කෙනෙක් නොවුන තරම්. ඇගේ ආදරය හොයාගෙන තරුණයන් ආවේ ඇය පාසැල් යන කාලේ ඉදන්මයි... පාසල් යන කාලේ ඇය හා සම්බන්ද උන තරුණයෙක් උන්නද , කාලයත් එක්කම වගේ ඒ සම්බන්දයත් නිමා වෙලා ගියා. 


සාරංග එක්ක තිබුණ සම්බන්දය මැදදීම ඇය නිර්මාල් එක්කත් සම්බන්දයක් පටන් ගන්නවා.. මිනිස්සු දුවන්නේ හැගීම් පස්සේ . ඉතින් ඒකට කෙල්ලෙක් ද කොල්ලෙක් ද බැඳලද නැද්ද කියන දේවල් වැදගත් නෑ. ඇයට නිර්මාල් ව මුණගැහෙන්නේ ඇගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නකොට. එතකොට නිර්මාල් හිටියේ අන්තිම අවුරුද්දේ . නිදුකි  පලවෙනි වසරේ. අවුට් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමයි නිර්මාල් ගානට කොක්ක ගහන්නේ. 

අවුට් උනාට දෙන්න සතියකට සැරයක් වත් සාරංග ට හොරෙන් මුණ ගැහුනා.සමහර විට රාත්‍රී සමාජ ශාලාවල , සමහරක් විට චිත්‍රපටි ශාලා වල , ඔවුන් නොගිය තැනක් නෑ ඇත්තටම ඇගේ භාෂාවෙන්ම කියනවනම් .එත්  නිර්මාල් ට ඕනා උනේ නෑ නිදුකි  ව තමන්ගේම කරගන්න. නිදුකි  ට නිර්මල්ගේ වෙන්න උවමනාවක් තිබුනට සාරංග ගෙන් වෙන් වෙන්න හිත හදාගන්න බැරුව හිටියේ. ඔහොම සම්බන්දෙට  මාස 4ක් විතර වෙන වෙලාවක තමයි නිර්මාල්  ව පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ.

නිර්මාල්  විජේරත්න , ලක්ෂ 200 ක කුඩු තොගයක්  සමග නීතියට කොටුවෙනවා. නීතියත් එක්ක හැමදාම සෙල්ලම් බැරි බව පසක් කරමින් ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කරනවා. 


නිදුකි  ට හොරා නිදුකි ව, නිර්මාල්  තමන්ගේ කුඩු ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කරලා කියලා නිදුකි  දැනගද්දී පරක්කු වැඩි. නිර්මාල් උසාවියේදී පපොච්ච්රණය කරනවා රාත්‍රී සමාජ ශාලාවලට මත් පෙති , මත්ද්‍රවය සියල්ලම ගෙනියන්න පාවිච්චි කලේ නිදුකි  ව කියලා. සියල්ල උඩු යටිකුරු කරමින් නිදුකි  ව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. 


කිසිවක් නොදැන හැගීම් වලට වහල් වෙලා ජීවිතය වරද්ද ගත්ත ඇය , වසර 5 කට පසු නිදහස් වෙනවා.ඉතින්.......  අද ඇගේ මංගල රාත්‍රිය. 





පසුවදන : ඇය විවාහ වූයේ කා සමගද කෙලෙසද යන්න මා ඔබට නොකියමි. ඔබ ට එය කුතුහලයක් වුවද ඇයට එය එසේ නොවන්නට ඇත. ඇය අද පටන් ඔහුගේ වන්නට ඇත. නිදුකි , අද ඇය ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා සිටි.

1 comment:

  1. කුතුහලයක් එකතු කරල කතාව හමාර උනා... ඒත් මට හිතෙනවා නිදුකි බඳින්න ඇත්තේ සාරංගමදෝ කියල

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...