ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් ..
MAS - Manufacturing Management Trainee ලෙස පටන් ගත්තු ජිවිතේ තුන් වෙනි නැවතුම. වෙන කොහෙවත් නෙවෙයි පන්නල slimline.
මාස දෙකක් manufacturing වලට ආදාල දේවල් ඉගෙන ගන්න කියලා ආවට , ඊටත් අමතරව ගොඩක් දේවල් , ගොඩක් මිනිස්සු අදුරගන්න ලැබුන තැනක්.
හීනයකින් වත් හිතන්න පුලුවන්ද stage එකක් උඩ මම වගේ කෙනෙක් බැති ගී කියයි කියලා ... ජීවිතේට සින්දුවක් තියා කවියක් වත් තාලයකට නොකියපු මට සිද්ධ උන වෙනස. Change is courage කියන්නේ නිකමට නෙවෙයි නෙහ්...
තමන්ගේම දරුවන්ට වගේ දැනුමට අමතරව ජීවිතය කියලා දීපු මිනිස්සු, අච්චර වැඩ රාජකාරි මැද අනාගතය අපියි කියලා හැමදේම කියලා දීපු මිනිස්සු,
හැමදාම හවසට badminton වලින් පටන් අරන් Football, රගර් , ගහන්න සෙට් උන යාලුවෝ.
සේන අය්යාගේ කඩේ පට්ට ලොකු mix rice එක , පල්ලෙහා මුස්ලිම් කඩේ යෝගර්ට් දාල හදපු ඩොල්ෆින් කොත්තුව ... ඇයි රුපියල් සීයේ ජම්බෝ fruit සැලඩ් එක ..
ලංකාවේ නොවුනත් අපේ රටේ වගේ ලෙන්ගතුව අපිත් එක්ක ජිවිත අත්දැකීම් බෙදාගත් විදේශිකයෝ ..
visitors house එකෙන් 21 ගෙදරට ගියාට පස්සේ තමන්ගේ රැහේ එකෙක්ට වගේ බොක්කෙන් හිටපු සෙට් එක ...
ජීවිතේට කවි සංකල්පනා ගෙනාපු මිනිස්සු ...
අමතක කරන්නම බැරි යාළුවා ... ඔව් පන්නල කම්මැලි තැනක් නොකරපු .. ඕනෑම දෙකට ඕනෑම වෙලාවක සුදානමින් හිටපු .. තමන්ගේ සටහන් ගුරුමුෂ්ටියක් නැතුවම බෙදාගත්තු .. ජිවිතේ ගොඩක් දේවල් කියලා දීපු චාමිනි ඔයාවත් ..
මේ තාවකාලික මිනිසුන්ට සදාකාලික මතකයක් දීපු හැමෝටම ගොඩක් ස්තුතියි ... ආයෙත් එන්නම්.... එතකම් සමුගන්නම් ...
Subscribe to:
Post Comments (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
-
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
ඔන්න අපිත් ගොඩවැදුනා.....ආයෙත් එන්නම්.....
ReplyDeleteසුන්දර මතකයන් ජීවිතේට හරි වටිනවා. ජයවේවා
ReplyDelete