සැලකිය යුතුය : මෙය හුදෙක් එක් පුරවැසියෙකුගේ වන අතර ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් තුල පවතින අදහස්
ප්‍රකාශ කිරීමේ අයිතිය පදනම් කරගෙන ලියන ලද්දකි .
මෙයට එරෙහි වීම පක්ෂ වීම හෝ සංශෝධන ඉදිරිපත් කිරීමට ඔබටද හැකියාවක් ඇත .
ලංකාවේ විශ්ව විද්‍යාල බහුතරයක ගැටුම් ඇත . එය අන්තර් පීඨ හෝ එකම පීඨයක් තුල හෝ විය හැක . එනම් එකම පීඨයක් තුල වන්නේ "අල" හෝ "වාත" ප්‍රශ්නයක් මුල්කරගෙනය .
නමුත් මොරටුව විශ්ව විද්‍යාලය තුල එවැනි සම්ප්‍රධායික ගැටුම් දක්නට ලැබීම උගහටය .
නමුත් මතක තබා ගත යුත්තේ එහිද අධ්‍යපනය ලබන්නේ තරුණ ලේ සහිත උගත් සිසුන් බවය .(ක්‍රියාවන්ගෙනුත් එය පෙනේනම් පැසසිය යුතුමය )
එබැවින් එහිද ගැටුම් පවතී ..නමුත් ඒ සදහන් කල සම්ප්‍රධායික ගැටුම් වලින් ඔබ්බට ගිය ...
උපාධිය සදහා විශ්ව විද්‍යාල භූමියට පැමිණි ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් සහ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජාතික තාක්ෂණ ආයතනයට ඩිප්ලෝමාවක් ලබාගැනීමට පැමිණෙන සිසුන් දෙපිරිසක් අතරය ..
ලිපියට පුර්විකාව වූ ගැටුම ගැන ඔබ දන්නා හෙයින් ඒ ගැන නැවත මතක් කිරීම බුද්ධිමත් ඔබගේ කාලය කාදැමීමක් වන බැවින් එයින් ඔබ්බට ගිය ක්‍රියා කලාපයක් ගැන කතාකිරීම යයි හැගේ ..
මාහට මේ ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක් ද?
* මා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබීම
*පළමුවර ප්‍රතිපල වලින් ඉංජිනේරු පීඨය ගිලිහි තිබීම
* NDT සදහා අවශ්‍ය ලකුණු වලට වැඩි අගයක් ලබා තිබීම
* දෙවෙනි වරට උසස් පෙලට මුහුණ දී සිටීම
ඉහත කරුණු සෑහේ යයි සිතමි .
දුකට කරුණකි මේ ගැටුම් මාලාවට හේතුවන්නේ එක බත්පත බෙදාගෙන එක මේස පේලියේ හිද එකට අධ්‍යාපනය වීමය (ලගදී සිදු ගැටුමට අදාල නොවේ )..
පැය තුනක ප්‍රශ්න පත්තරයකින් එක බත්පත බෙදාගෙන කෑවුන් අද සල්ලි වලට තණ්හාවෙන් මරාගන්න තත්වයටම පත්ව ඇත ..
එසේනම් වරද කාගේද ?
සමාජ ක්රමයේද
අධ්‍යාපන ක්රමයේද
ජාතක වූ ක්රමයේද
කාගේ හෝ වරදකින් අද සිදුව ඇත්තේ එයයි ...
මුලික හේතුව වන්නේ වසර කීපයක සිට NDT සිසුන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට
කටයුතු කිරීමද ?
එසේනම් එය බරපතල ප්රශ්නයකි ....
ඉක්මමින් සියල්ල අමතක වන සිංහල බහුතරයට නම් මෙය ගැටළුවක් නොවනු ඇත ..
නමුත් NDT පාඨමාලාවට ඉංජිනේරු පාඨමාලාවට වඩා ඉතිහාසයක්
මොරටුව විශ්ව විද්‍යාල තුලදී හමුවෙයි .......
එසේනම් ඇයි NDT සිසුන්වම ඉවත් කරන්නේ ?
එය සැබවින්ම දේශපාලන හේතුවකි...
එයට වන්දි ගෙවිය යුත්තේ සිසුන් නම් කවර කතාද ....!
එත් ඔවුන් යාමට අකමැති වන්නේ මොරටුවට ඇති නම නිසාද ?... එසේනම් ප්රශ්නය තරමක් සංකීර්ණය .....
මක්නිසාදයත් එසේනම් ඔවුන් මේ කරන්නේ අනුන්ගේ නම විකුණා කෑමක් නොවේද .....
දැනුමින් සන්නද්ධ නම් ඕන තැනක අධ්‍යාපනය ලැබීමට කැමති විය යුතුය .....
ජිවිත වලින් වන්දි ගෙවීමට සිදුවීමත් වැඩි අතක නොවනු ඇත ....
මතක තබා ගත යුත්තේ මෙපමණකි ...
NDT සිසුන්ට සාපේක්ෂව විභාගයකදී eng. සිසුන් ජය ලබා ඇත ..(තවද NDT යන්නේද ඉංජීනේරු සිහිනයම ඇත්තෝ පමණි....අනෙකුන් ඊට වඩා හොද පාඨමාලා කරා යොමු වෙති.. )
එබැවින් මෙම ගැටලුවට තාර්කිකව පිළිතුරක් දීම උගතුන් වන එම සිසු දෙපිරිසේම යුතුකමකි...