අද තමයි මගේ ජිවිතේ තවත් එක් අලුත් පරිච්ජේදයක ආරම්භය. ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා අලුත් ස්කෝලෙට යන පළවෙනි දවස.ශිෂ්‍යත්වේ ලකුණුත් එක්ක මට කොළඹ ඩි.එස් .සේනානායක විද්‍යාලයට යන්න වරම් හම්බුණා. එත් යම්දෝ නොයම්දෝ කියලා තමයි මම පහුගිය කාලෙම කල්පනා කෙරුවේ. පුංචි කාලේ ඉදන් මට ගත කරන්න ලැබුනේ සුවබර ජිවිතයක් නම් නෙවෙයි. මට හරියටම අවුරුදු 5 ක් වෙද්දී මගේ අම්මා මාව මේ ලෝකේ තනිකරලා යන්නම ගියා. ඊ ට පස්සේ මගේ මුලු ලෝකෙම උණේ මගේ තාත්තා විතරයි. අපි හිටියේ කුලී ගෙවල් වල , දන්න කාලේ ඉදන්ම තාත්තා ගොඩක් මහන්සි උනා මාව මේ තත්ත්වෙට අරන් එන්න. එත් කොළඹ ඉස්කෝලෙකට යනවා කියන එක තවත් එක විදියක මුදල් නාස්තියක් විදියටයි මට පෙනුණේ. බස් වලට උණත් ලොකු ගානක් යනවා. අඩුම තරමේ වෙසක් බලන්න පුංචි කාලේ අම්මයි තාත්තයි එක්ක කොළඹ ගියාම හැරුනම මම කවදාවත් කොළඹ ගිහින් තිබුනේ නෑ.
තාත්තා කලේ වඩු වැඩ . එයාට ලස්සනට එක එක දේවල් හදන්න පුළුවන්. එත් කවදාවත් එයා මාව එයාගේ වඩා වලට සම්බන්ධ කරගත්තේ නෑ. සම්පුර්ණ නිදහස දුන්න මට කැමති දේවල් කරන්න. මගේ අම්මගේ හීනයක් තිබ්බේ මාව කොහොම හරි විශ්ව විද්‍යාලේ යවන්න. අම්මගේ ඒ හීනේ ඉෂ්ට කරන්න තාත්තා මම වෙනුවෙන් ගොඩක් මහන්සි උණා. එයාට ඕන තරම් තව කසාදයක් කරගෙන ඉන්න තිබ්බත් එයා මම වෙනුවෙන් හැමදාමත් හිටියා. සමහර වෙලාවට එයාට වැඩ නැති කාලවල් තිබුණා. එත් තාත්තා අත් උදව් දෙන්න හරි ගියා. එත් කොළඹ ඉස්කෝලෙකට ගියොත් එයාට තවත් මහන්සි වෙන්න වෙයි කියන බයත් මගේ හිතේ හොල්මන් කරන්න උණා. එකයි මම යන්න බෑ කියලා හිටියේ. එත් තාත්තා ට ඕනා උණේ මාව කොහොම හරි යවන්න. පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් කියලා , හාමුදුරුවෝ හරහා කියලා කියලා තමයි අන්තිමට මගේ හිත වෙනස් කලේ.
පුංචි කාලේ ඉදන් මම පන්සලට හරි හිතවත් ළමයෙක්.අම්මා නැති වීමත් එක්ක ඒක තව ටිකක් වැඩි උණා. ඉස්කෝලේ ඇරිලා , තාත්තා හදලා තියපු බත් හරි රොටී හරි ගිලලා දාපු ගමන් මම දුවන්නේ පන්සලට. ලොකු හාමුදුරුවෝ හැමදාම මට, දානෙට හම්බුණු පලතුරු , රසකැවිලි තියන්න අමතක කරලා නම් නෑ. ජිවිතේ සමහර දරා ගැනීම් , සමහර අඩුපාඩුකම් උපේක්ෂාවෙන් විද දරාගන්නත් මට පන්සල ගොඩක් ප්‍රබල හේතුවක් උනා. අලුත් ඉස්කෝලෙට යන්න කලින් මම තාත්තත් එක්කම ඇවිත් හාමුදුරුවෝ මුණ ගැහුණා. හාමුදුරුවෝ හැමදාමත් වගේ මගේ හිත හදලා කිව්වේ අපිට අන්තිමට ඉතුරු වෙන්නේ දැනුම විතරයි කියලා. ඉන්න තැනින් උඩට යන්නනම් ඒ ඉනිමග පාවිච්චි කරන්නම වෙනවා කියලයි.
තාත්තා ත් එක්ක එදා මම උදේම මගේ අලුත් ඉස්කෝලෙට ගියා. මගේ කලින් ස්කෝලෙට වඩා මේක හරිම වෙනස්. හරිම ලොකු ගොඩනැගිලි හැම තැනම. ඒ මදිවට ලස්සනට තණකොළ අල්ලපු හොදට කප්පාදු කරපු ground එකකුත් තිබුනා. අලුතින්ම හදාගෙන යන pool එකකුත් තිබුනා. වටේ පිටේ බලන ගමන් මම තාත්තා එක්ක ගියේ අපිට එන්න කියලා තිබුණ ශාලාවට. මම වගේම අලුතින්ම ඉස්කෝලෙට එන්න ආපු ළමයි 150-200 ක් විතර එයාලගේ අම්මලා තාත්තලා එක්ක ඇවිත් තිබුනා. මගේ අම්මත් හිටියනම් කියලා ආයෙත් නොහිතුනාම නෙවෙයි. එත් අම්මා ඉන්න තැනක සතුටින් ඉපදිලා ඇති කියලයි පන්සලේ හාමුදුරුවොත් මට කියලා තිබුනේ. ඉතින් අම්මගේ සසර ගමන සාර්ථක වෙන්න කියලා තමයි හැමතිස්සෙම මම හිතුවේ.
විදුහල්පති තුමා ඇවිල්ලා කතා එහෙම කරලා , අනික් ගුරුවරු අපිව වැටෙන පන්ති වල නම් එහෙම කියලා , ශිෂ්‍යාධාර ගන්න ළමයි ට ඉන්න කියලා ගියා. මගේ පන්තිය 6-G , ඉස්සර ඉස්කෝලේ නම් තිබුනේ ඕලු, නෙළුම් , මානෙල් , රෝස වගේ පන්ති. අලුත් ඉස්කෝලේ තියන්නේ A ඉදන් G වෙනකම් පන්ති. ඔහොම ඉදලා ශිෂ්‍යාධාර ගන්න තිබ්බ තවත් අතිරේක පෝරම එහෙම පුරවල තාත්තා මාව පන්තිය ලගට ඇරලවලා ගියා.
හෙමිට හෙමිට මම පන්තිය ඇතුලට ගියා. පන්තියේ මම වගේම අලුත් ළමයි එක්කම 1 වසරේ ඉදන් ඉදපු ළමයිනුත් ගොඩක් හිටියා. ළමයි 50 ක් විතර ඉන්න ඇති. මගේ පරණ ඉස්කෝලේ නම් හිටියේ එක පන්තියක ළමයි 20 ක් වගේ. එත් මගේ ඉස්කොලෙන්ම මෙහෙට එන්න හම්බුණේ මට විතරයි. අදුරන කවුරුත්ම මට හිටියේ නෑ. හිස් පුටුවක් බලලා මම ගිහින් වාඩි උනා. අලුත් ගුරුතුමිය ඇවිත් අපිව පිළිගත්තා. එත් පරණ ළමයි ටික නම් මහා එක විදියක්. සමහරක් විට කොළඹ හින්දා වෙන්නැති. එත් ගුරුතුමිය නම් කිව්වේ හැමෝම අදුරගන්න කියලා. මහා හුදෙකලා බවක් එක්ක අලුත් පරිච්ජේදයක පලවෙනි දවස ගෙවිලා ගියා. පන්තිය ඉවර වෙද්දී තාත්තා ගේට්ටුව ගාවට ඇවිත් තිබුනා. මොකද මම තාම පාරවල් මුකුත් දන්නේ නෑ. තාත්තා මට බස් එකට නගින තැන , බස් එකට යන හැටි හැමදේම එදා කියලා දුන්නා. අනිත් ළමයි හැමෝම ස්කුල් වෑන් වල යද්දී මම පාරේ බස් හොයන්න ලොකු කට්ටක් කෑවා.

සහන් , මට අලුත් ස්කොලේදී හම්බුන මුල්ම යාළුවා. එයා තමයි මගේ එහා පුටුවේ හිටියේ. 1 වසරේ ඉදන් ඉස්කෝලෙට ආවට එයාගේනම් පුංචිම වත් ආඩම්බර කමක් තිබුනේ නෑ. එයා තමයි මට ඉස්කෝලේ හැම තැනම පෙන්නුවේ. ලොකු ලොකු දේවල් සිද්ධ නොවුනත් යාලුවෝ කීපදෙනෙක් අදුනගෙන , ඒ වගේම විභාගෙකදී මම ලබපු අඩුම ලකුණුත් එක්කම මගේ 6 වසර ඉවර වෙලා යනවා.කිසිම වාර විභාගෙකදී දෙමාපියන්ගේ රැස්වීම නම් තාත්තා මග ඇරියේ නෑ. සමහරක් විට විභාග ලකුණුත් එක්ක හිතට මහා දුකක් දැනුනත් මොනදේ උනත් තාත්තා ඉන්න නිසා හිතට හයියක් ලැබුනා.
අලුත් ඉස්කෝලේ ගිහින් දෙවෙනි අවුරුද්දේදී තමයි මගේ ජීවිතේට සුවිශේෂීම කෙනෙක්ව මට හම්බෙන්නේ. .... ඒ ගැන නම් කියන්න වෙන්නේ ඊලග කොටසින් තමයි ...
අලුත් ඉස්කෝලේ ගිහින් දෙවෙනි අවුරුද්දේදී තමයි මගේ ජීවිතේට සුවිශේෂීම කෙනෙක්ව මට හම්බෙන්නේ. .... ඒ ගැන නම් කියන්න වෙන්නේ ඊලග කොටසින් තමයි ...
reading...
ReplyDeleteඑහෙමද :o
Deleteපළවෙනි කොටසින්ම අවුරුදු 2ක් ගියා. මේක තවත් ලස්සන කතාවක ආරම්භයක් කියලා හිතෙනවා. බලමුකෝ...
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි ;-)
DeleteEla ela waiting
ReplyDeleteඑල
Deleteනියමයි ...
ReplyDeleteMaruu... DS ne kolla gihin tiyenne... godama thama....
ReplyDeleteඑකනේහ් කියන්නේ
Delete