කතාවේ ඊලග කොටස කවදා දාන්න වෙයිද කියලා හිත හිත ඉදිද්දී , එක පාරටම වෙලාවක් හම්බුනා නිදහසේ ඇදට වෙලා ඉන්න. වෙන මුකුත් නිසා නෙවෙයි කකුල පෙරලිලා. ඉතින් මේ මනස්ගාතයට කරන්න දේකුත් නැති එකේ ඔන්න මියැදුණු සිහින 02 කොටස අරගෙන ආවා. කතාව කියවන්න ආපු අය මේ ලෙඩාට කන්න බොන්න මොනවා හරි ගෙනවානම් ඔය පල්ලෙහායින් තියලම යන්නකෝ
---------+------+------+------+------+------+------+------+--------
මම කලින් කොටස නැවැත්තුවේ 6 වසර ඉවර වෙද්දීම වගේ. අද කතාව එතන ඉදන්
අලුත් ඉස්කෝලෙට යාමත් එක්ක පන්සල පොඩ්ඩක් විතර මගෙන් ඈතට ගියා කිව්වොත් හරි. මොකද මම ගෙදර එද්දිම දැන් හවස 4-5 වෙලා.ඊට පස්සේ තාත්තා ට පොඩ්ඩක් උයන පිහන වැඩ වලට උදව් උනාම නිකන්ම රෑ වෙනවා. එත් පුළුවන් හැම තිස්සෙම මම පන්සල් ගියා. ලොකු හාමුදුරුවෝ මුණ ගැහිලා කතා බහ කරලා එන්න අමතක කලෙත් නෑ. ඔහොම කොහොම හරි 7 වසරටත් යන්න පටන් ගත්තා. මම වැටුනේ 7-G පන්තියට. සහනුත් වැටුනේ මගේ පන්තියටමයි. තාමත් මට මේ ලෝකේ හරි ලොකු වැඩියි. ලොකු හීන ඒ ළමයි ගොඩක් අයට තිබුනේ , පිටරට ගිහින් ඉගෙන ගන්න. එයාලගේ තාත්තලාගේ ලොකු කොම්පැනි වල මුල් පුටු බාර ගන්න. අනේ ඉතින් ඒකට මට තිබුනේ තාත්තාගෙන් කියක් හරි ඉල්ලගෙන ice packet එකක් බොනවා වගේ පුංචි පුංචි හීන. එකත් මාසෙකට විතර සැරයක් තමයි තාත්තගේ ඉල්ලගත්තේ. මොකද සල්ලි වල වටිනාකම මට ගොඩක් දැනිලා තිබුනේ. තාත්තා තවත් අමාරුවේ දාන්න මට වුවමනාවක් තිබුනේ නෑ. හුගක් වෙලාවට විනෝද චාරිකා ලං වෙද්දී මට අසනීප උනා, ඒවා බොරු අසනීප කියලා දැනන් හිටියේ මම විතරයි. කාටවත් මගේ අමාරුකම් කියන්න මම ගියේ නෑ . ඒ තරමට සහන් වත් මට හිතවත් වෙලා තිබුනේ නෑ.
මේ කියන දවසේ අපිට තිබුනේ ගණිතය විෂය. ඒ කාලේ මගේ ආසම විෂය ගණිතය උනාට මේ වෙද්දී ගණිතය තරම් එපා කරපු විෂයක් නම් මට තිබුනෙම නෑ. ඉංග්‍රීසිත් මීට වඩා මම අසාවෙන් කෙරුවා. අවාසනාවට එදා අපිට දීපු ගෙදර වැඩ බලන්න අරන් තිබුනේ. පේලියෙන් පේලියට ළමයි පොත් අරන් යද්දී මම පරාණ බයේ තමයි ගුරුතුමී ගාවට ගියේ.
මට කියන්න බැරි උණා , පරණ ඉස්කෝලෙදි අපි ගුරුතුමීට මිස් කියලා කතා කලාට මෙහෙදී එහෙම බැහැ. මෙහේ ළමයි ඔක්කොම කිව්වේ මැඩම් කියලා. ඒක මට 6 වසරේත් එච්චරම පුරුද්දට ගිහින් තිබුනේ නෑ.

“උදාර කෝ පොත දෙනවා ළමයෝ “
“කෝ හදපු ගණන් ටික ? හැදුවේ නෑ නේද ? “
“අනේ නෑ මිස් , මට අමතක .”
ඊට වඩා මට මුකුත් කියන්න කලින්ම ගුරුතුමී කතා කරන්න පටන් ගත්තා.
“ මිස් ??? කීය වසරේ ඉදන් ද තමුන් එන්නේ ? දන්නේ නැද්ද ගුරුවරුන්ට කතා කරන හැටි “
“ සොරි මිස් “
හුටා ආයෙත් පාරක් කියවුනා නෙවෙයි බයටම එලියට පැන්නා. හිතා ගන්නකො ඊටපස්සේ මට වෙච්චි දේ . කොහොමින් කොහොම හරි එදා ඉදන් මට ගණන් මිසුත් , ගණන් මිස් ට මාවත් වහ කදුරු වගේ උනා. එත් එක වැඩි කාලෙකට සීමා නොවී ජිවිතේ ස්වර්ණමය කාලයක් පටන් ගත්තා කිව්වොත් හරි. අලුතින් අපේ පන්තියට ගණන් ගුරුතුමියක් ආවා. කලින් හිටපු සැර ගුරුතුමී වෙනත් පාසලකට මාරු වෙලා යද්දී. අලුත් ගුරුතුමී අපි හැමෝටම හොද ගුරුතුමියක් විතරක්ම නොවී අපි ගැන හොයන්න පටන් ගත්තා. අපේ අඩුපාඩු හදාගන්න උපදෙස් දුන්නා.

----------------------------------------------------------------------------
මට ඔයාව පොඩ්ඩක් අරන් යන්න වෙනවා පොඩ්ඩක් ඉස්සරහට....
“අනේ උදාර මොනවද ඔයා ඔච්චර අහස පොලව ගැට ගහන්න වගේ කල්පනා කරන්නේ “

ඒ ජනනි , ජනනි මගේ ලෝකෙට ඇවිත් දැන් ටික කාලයක් වෙනවා. ජනනි ගේ අම්මයි තාත්තයි දොස්තරලා. එකම අක්කත් දොස්තර
කෙනෙක්. එයත් කොහොම මේ අවුරුද්දේ විභාගෙන් හොද රෑන්ක් එකක් දාල වෛද්‍ය විද්‍යාලෙට
යයි කියලා හැමෝම හිතාගෙන හිටියේ. අපේ සම්බන්දෙ එයාලගේ පවුලේ කවුරුත් දැනගෙන
හිටියෙත් නෑ. අපේ තාත්තට උනත් මම තාම කියන්න ගියේ නෑ. අපේ දුප්පත් කම ජනනි ට ප්‍රශ්නයක් වුනේ නෑ. එයා නම් කිව්වේ එයාගේ ගෙදර අයටත් එකනම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලයි.
ඊලග කොටසින් හමුවෙනකම් සුවබර දින කීපයක් ...
read...
ReplyDeleteමම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි උපදෙස් දෙන්න. නමුත් ඔබේ ලියවිල්ල ගැන අදහසක් දක්වන්න කැමතියි. සංවේදී කතාවකදී වාර්තාමය විදියට ල්යනවාට වඩා දෙබස් වලින් හෝ සිද්ධියේ වටපිට ගැන ලිවීමෙන් ලොකු ගැම්මක් ලැබෙනවා. පොඩ්ඩක් මෙන්න මෙතන https://matahithenahatiblogger.blogspot.com/ ගිහින් කතා දෙක තුනක් කියෝලා බලන්නකෝ මම කිව්වට. ඒ රචනා ශෛලියේ තියෙන සංවෙදිකමට අපිව කම්පනය වෙනවා. ඒක 'කොපි' කරන්න කියලා නෙවෙයි කිව්වේ. ආභාෂය ගන්න කියලා.
කතාවක අතීත වර්තමානය එකතු කරලා ලියද්දි කුතුහලය පවත්වාගෙන යෑම ලේසි වැඩක් නෙවෙයි. නමුත් තව උනන්දුවෙන් හිතුවොත් එය ඔබට පහසු වැඩක් වෙයි.
ජය වේවා!
ගොඩක් ස්තුතියි ලිඛිතා ඔයාගේ අදහසට. ඇත්තටම මටත් ඕනා මගේ අඩුපාඩු හදාගන්න තමයි. මොකද මගේ රචනයේ අඩුපාඩු මට පේනවා අඩුයි නේ. බලමුකෝ ඊලග කොටස් වලදී හදාගන්න .
Deleteජීවිතේට කුනාටුනම් එපා
ReplyDeleteඒ උනාට එන්නෙම ඒවානේ
Deleteඒක කුනාටුවක් නෙවෙයි කියලා හිතෙනවා. බලමු ඉදිරියේදී..
ReplyDeleteජයවේවා
ඔව් බලන් ඉදිමු අපි ජයවේව
Delete
ReplyDeleteමුල් කොටස කියෙව්වට කමෙන්ට් කරන්න අමතක උනා..හයේ පන්තියේ ඉදලා එක පාරටම මේ මතකයන් අවදි කිරීමක් කියන තැනට එනකොට පොඩි පැහැදිලි නැති ගතියක් තියෙනවා.අර ලිඛිතා කියන කතාවටත් මමත් එකඟයි.තව පොඩ්ඩක් මේ ලියවිල්ල රහ කරන්න ඔයාට උත්සහ කරන්න පුලුවන්
ගොඩක් ස්තුතියි , අපි බලමුකෝ ඉස්සරහදි වැරදි හදාගන්න
Delete++++
ReplyDelete