Thursday, August 3, 2017

කුළුදුල් සිහින 06

"කුලුදුල් සිහින" කියන්නේ ලියන්න ආසාවක් ආපු නිසා මම ලියන පුංචි කතාවක්. මෙහි සදහන් සිද්ධි හෝ ස්ථාන කිසිවෙකුට අදාලත්වයක් නෑ යි කියලා ආයෙත් මතක් කරන්න ඕනා. ඉතින් පලවෙනි කොටස, දෙවෙනි කොටස  , තෙවන කොටස, සිව්වන කොටස ,පස්වන කොටස බලපු නැති අය මෙතනින් ඔබලා  කියවලම එන්නකෝ.
 
 --+----+----+----+----+----+----+----+----+----+----+----+----+--

මම එදා නැවැත්තුවේ අනූ පස්සේ, වෙන දවසක හම්බෙලා කතා කරමු කිව්ව වෙලාවේ, ඔයාට අමතක නැතුව ඇති ඒ ටික. ඉතින් ඔහොම දවස් දෙකකින් විතර අනූ මට කතා කළා එදා පාර්ටියෙන් පස්සේ , අපි ජිවිතේ සමහර සිද්ධි වලදී හැසිරුණ  විදිය කොච්චර ප්‍රාථමිකද තේරෙන්න අපිට ගොඩක් කල් යනවා.

මම දන්නේ නෑ , ඇයි මට මේ දේ අපි වෙන් වෙන්න කලින් අහන්න බැරි උනේ කියලා , එත් යන්න තියෙනවනම් ඒ දේ යනවා , එකයි මේ ලෝකේ සත්‍යතාව . එක වෙනස් කරන්න ඔයාටවත් මටවත් බෑ .

එදා අනූ ගේ අම්මා කතා කරලා තිබුණේ අපි දෙන්නගේ කේන්දර බැලුවා කියලා කියන්නලු.මගේ උපන් වෙලාව එයා ලියලා තියාගත්තේ අපි යාලු උන දවසේමයි . එයා කිව්වා විදියට අම්මා කියලා තියෙන්නේ ටිකක් කල්පනා කරලා බලන්න කියලලු මේ සම්බන්දෙ ගැන ආයෙත් පාරක්. මොකද එයාලගේ කේන්දර බලපු තැනින් කියලා තියෙන්නේ අපි දෙන්නව ගැලපෙන්නේ නෑ කියලලු. දෙන්නට එක තැනක ජිවත් වෙන්න වාසනාවක් නෑ කියලලු. එයාත් මුලින් ඒ කියපු දේ ගණන් ගත්තේ නෑ ලු . එත් අම්මා කිව්වේ අපි දෙන්න බැන්දොත් එයාව කණවැන්දුම් වෙන ග්‍රහ යෝගයක් තියෙනවා කියලලු. එයාට හැමදේටම වඩා ආදරේ වටින නිසා , පුංචි පුංචි ප්‍රශ්න ඇදල අරගෙන එයාව මට එපා වෙන තරමටම වැඩ කරන්න සිද්ද කලෙත් එකලු. 



කේන්දර වලට පුලුවන්ද මිනිස්සුන්ගේ හිත ගලපන්න , ගැලපිච්ච හිත් වෙනස් කරලා දාන්නද කේන්දර තියෙන්නේ එතකොට. කේන්දර ඇත්තනම් මොන බම්බුවකට අපි මෙහෙම මහන්සි වෙලා ජිවත් වෙන්න හදන්නේ. එක පාරම කේන්දරේ බලලා ඒ විදියට ජිවත් වෙනවනේ . ඇයි කසාදෙට විතරක්

“අනූ දැන් අඩන්න එපා , ඔයා හැමදේම කරලා තියෙන්නේ අපි දෙන්නම වෙනුවෙන්නේ නේ , එත් ඇයි ළමයෝ මට මේක කිව්වේ නැත්තේ . ඇයි අපිට ඕකට විසදුමක් ගන්න තිබුනේ නැද්ද ? මම ඔයා කියන දේ නාහ ඉන්නවද ? දන්නවද මම අවුරුදු 25 ක් මේ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වා කියලා . එත් දැන් මට හිතෙනවා මීට වඩා හොදයි මැරිලා ගියා නම් කියලා. ආදරේ කියන්නේ කේන්දරේ නෙවෙයි අනූ , ආදරේ කියන්නේ හිත් දෙකක් , එක හිතක් වෙන එක “

“අනේ සහස් තේරුම් ගන්නකො මට ඒ වෙලාවේ මොනවා උනාද කියලා හිතාගන්න බෑ . එත් මට ඔයාට මුකුත් වෙනවා බලන් ඉන්න බෑ දෙවියනේ. දැන් ඔයා හැමදේම දැනගත්තානේ , අනේ යන්න සහස් ආපහු ඔයා ආපු දිහාවටම .ඉන්න තැනක සතුටින් ඉන්න“

මම ආපහු ජර්මනියට හරියටම දවස් 4 කින් ආවා , කේන්දර කියන දේ කොච්චර මිනිස්සුන්ගේ ජිවිත වෙනස් කරන්න පුලුවන්ද කියලා මට සමාජය ගැනම කලකිරීමක් ආවේ .


-+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+---+-

“මචං නාලක උඹ busy ද ?
පොඩ්ඩක් වරෙන්කො dep එක පැත්තට , උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා බං “

නාලකයට call එක අරන් විනාඩි 5ක් ගියේ නෑ , ඌ ටක් ගාලා ආවා. මගේ ඔලුවට වදදෙන සේරම ප්‍රශ්න ඌ ත් එක්ක කතා කරලා හරි හිත හදාගන්න ඕනා කියලා මට දැන් හිතිලා ගොඩක් දවස් , එත් ඊයේ වෙච්චි දේවලුත් එක්ක අදම ඌ ට කතා කරන එක හොදයි කියලා හිතුනා. මම campus  එකට ඊයේ ආවේ හරියටම මාස දෙකකට විතර පස්සේ. ඇත්තටම මට campus එකේ ඉන්නවා කියන එකත් මානසික වදයක් වෙලා තිබ්බේ. මේ දවස් දෙකේත් එන්න උණේ, පහු උන assignments වලට මොනවද කරන්නේ කියලා lecturers ලා අහලා තිබුණ නිසා. එයාලටත් මම ඉන්න තත්ත්වේ තේරිලා තිබුනේ . එක නිසා එයාලගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා මට මාස දෙකක නිවාඩුවකුත්  සෙනෙට් එක හරහා අරන් දීලා තිබුනේ.  

මම දන්නේ නෑ මට මෙහෙම උණේ කොහොමද කියලා , හිත ගොඩක් දුර්වලයි කියලා තේරුණේ ඒ දේ මට උනාට පස්සේ.මේ යන්නේ මගේ අන්තිම අවුරුද්ද. 7 වෙනි semester එක ඉවර වෙන්නත් තව මාස එකහමාරක් වත් තිබුනේ නෑ.

එයා කිසිම හිතක් පපුවක් නැති විදියට මාව දාල ගිහින් දැන් මාස 2 කටත් වැඩියි . මගේ ආදරේ දාලා එයා කොහොම ගියාද කියලා මට තාම හිතාගන්න බෑ. එයයි මමයි හිටපු තැන් මතක් වෙද්දී තාමත් මාව පිච්චෙනවා. campus එක මානසික වදයක් වෙන්නත් අපේ ඒ මතක හේතුවක් වෙන්න ඇති , සත්තයි එයාට එහෙම නොයා ඉන්න තිබුනා. මට එයාව නවත්තගන්න තිබුනා. එත් යන කෙනා කොහොමත් යනවා.



එයා දැන්වත් එනවානම් .....

ප්‍රේමණීය සති අන්තයක් .... ගිහින් එන්නම්
----+---+----+----+----+----+---+----+----+----+----+---+----+-

විවේචන ,අදහස් ගොඩක් වටිනවා.වැරදි අඩුපාඩු ගොඩක් ඇති.පලවෙනි වතාවට මම මෙහෙම කතාවක් ලියන්නේ . ඉතින් පුලුවන් නම් සටහනක් දාල යන්න .

4 comments:

  1. ප්‍රේමනීය සති අන්තෙන් පස්සෙ මොකක් වෙයිද?
    කතාවෙ තව කොටස් කීයක් විතර තියෙයිද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රේමනීය සති අන්තෙන් පස්සේ ඉවර වේවි ;-)
      කතාව තව දවස් දෙකකින් විතර ඉවර වෙයි ;-(

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...