Saturday, July 29, 2017

කුළුදුල් සිහින 03



කුලුදුල් සිහින කියන්නේ ලියන්න ආසාවක් ආපු නිසා මම ලියන පුංචි කතාවක්. මෙහි සදහන් සිද්ධි හෝ ස්ථාන කිසිවෙකුට අදාලත්වයක් නෑ යි කියලා ආයෙත් මතක් කරන්න ඕනා. ඉතින් පලවෙනි කොටස, දෙවෙනි කොටස  බලපු නැති අය මෙතනින් ඔබලා  කියවලම එන්නකෝ.

--------+--------+--------+--------+-------+--------+--------+-------- 

“ ඔයා කිව්ව දේ ගැන මම හිතලා බැලුවා, එත් තාමත් මට තීරණයක් ගන්න බැහැ. ඔයා දන්නැති ගොඩක් ප්‍රශ්න මගේ ජිවිතේ තියෙනවා. තරහා වෙන්න එපා අදටත් ඔයා මට හොදම යාළුවෙකුටත් වැඩි කෙනෙක් , එත් .. එත් සහස් ඔයාවත් ඒ ප්‍රශ්න ගොඩට ඇදල දාල විනාස වෙන්න අරින්න මට බැහැ . ප්ලීස් මාව තේරුම් ගන්න , අපි කලින් හිටියා වගේ හොදම යාලුවෝ විදියට ඉමු. අපිට වාසනාවක් තිබුනොත් අපි එකතු වේවි.ඒ නැතත් ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි  “ 


මට ඇත්තටම තේරුණේ නෑ මම මොකක්ද කරන්න ඕනා කියලා , මොකද මම මෙහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ . ජිවිතේ කියන්නේ බලාපොරොත්තු වෙන දේම නෙවෙයි කියලා ජිවිතේ මට කියලා දුන්නා. මම එහෙම්ම call එකක් ගත්තා එයාට . එත් එයාගේ phone එක ඕෆ් . “මට ඉක්මනට call එකක් ගන්න “ කියලා මම පණිවිඩයක් තියලා එහෙම්ම ඔලුව කොට්ටෙට තියාගෙන කල්පනා කරන්න ගත්තා.
 

මගෙයි අනුත්තරාගේ ආදරේට අවුරුදු 2 ක් විතර යද්දී අනුත්තරාට ඕන උනා මේක ගෙදර අයට කියන්න. කොහොමත් අපි තව අවුරුද්දකින් විතර කසාද බදින්න කියලා තමයි හිතං හිටියෙත් . මොකද ඒ වෙද්දී මාත් තව දුරටත් ඉගෙන ගන්න එකට ආයුබෝවන් කියලා රැකියාවක් කරමින් හිටියේ . අතේ සල්ලිත් තියෙනවනම් , ආදරෙත් ඕනෑවටත් වඩා තියෙනවනම් තව මොනවද ...



නෑ ,මට වැරදුනා , ජිවිතේ ආපහු සැරයක් එකම දේ වෙයි ද ..මමයි අනු යි කාලෙකට පස්සේ dinner out එකකට ගියා . එයාට call එකක් ආවා. මේ ඊට පස්සේ වෙච්චි දේවල්

“අනු මොකද අනේ ඔයා ගෙදරට කතා කරපු වෙලාවේ ඉදන් මූඩ් ගහලා වගේ , ඇයි මොකද අම්මා කිව්වේ , ඉක්මනට ලංකාවට එන්න කිව්වද අපි දෙන්නට “

“ අනේ මේ සහස් මට ඔලුවේ කැක්කුමයි , පාඩුවේ කාල යමුද ප්‍රශ්න අහන්න නැතුව “

කවදාවත් නැතුව මගේ අනු මට සැරෙන් කතා කළා . ඔය පටන් ගත්ත හැටි ඊට පස්සේ අනූ ගොඩක් වෙනස් උණා , අනූ මාව මග අරින්න ගත්තා , හම්බුනත් හැමතිස්සෙම රණ්ඩු විතරයි අපි අතරේ තිබ්බේ . හැමදාම ඇහුවොත් අනූ ට ඔලුවේ කැක්කුම. මට හිතාගන්න බැරි උනා මොකද මේ වෙන්නේ කියලා . එහෙන් මගේ උසස් වීමකට තරග විභාගයක් තියෙන කාලයක්.මේ හැමදේම වෙන්න ගියේ මාස 3-4ක් වගේ පුංචි කාලයක් . අනු ට ඕනා උනා මාවත් එක්කන් ලංකාවට යන්න . හැබැයි මම ඒ වෙද්දී හොදටම busy වෙලා හිටියේ. මම කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් එයා තේරුම් ගත්තේ නෑ. එයා මාත් එක්ක හොදටම රණ්ඩු වෙලා යන්න ගියා . මම කොච්චර call කරන්න හැදුවත් එයාව සම්බන්ධ කරගන්න බැරි උණා . ඊට පස්සේ සති දෙකක් විතර යනකම් අපි අතර දුරකථන ඇමතුමක් වත් හුවමාරු උනේ නෑ . මටත් එයාව නැතුව ඉන්න පුළුවන් ගානකට හිත වෙනස් උණේ කොහොමද කියන්න මම දන්නේ නෑ .


ඔය අතරේ තමයි අනූ මට call එකක් දීලා හම්බෙන්න එන්න කිව්වේ. එයා සේරම එයාගේ ticket හදාගෙන. එයා හෙට ලංකාවට යනවලු . ගෙදර අයටත් කියලා , germany වල ඉන්න අපි දෙන්නගේ යාලුවෝ සේරටමත් කියලා . හැබැයි එයා මට කියන්න ආවේ අද . හරියටම එයාගේ Flight එකට පැය 20 කට විතර කලින් .

මම දැනන් හිටියේ නෑ අනූ ට එක පාරටම මොකද උණේ කියලා , ආදරේ වෛරයක් වෙන්නත් වැඩි වෙලාවක් නොයන විත්තිය මට තේරුණා . හැම දෙකම වැරැද්ද මගේ පිටට වැටෙද්දී එයා මාව දාල යන්න ගියා ලංකාවට . ආපහු නොඑන්නම යනවා කියලයි එයා කිව්වේ . හැබැයි එයා එදා කිව්ව හැමදේම වචනයක් ගානේ මට අදටත් මතකයි .

“සහස් , මම යනවා , ආයෙත් කවදාවත් ඔයාව මගේ ජීවිතේට හම්බ වෙන්න ලැබෙන්නේ නැත්නම් මම කැමති , මගේ ජිවිතේ මට වැරදුණා , ප්ලීස් මට හිතේ සතුටින් ඉන්න ඕනා . ඒ නිසා ඔයා ආයෙත් මගේ ජීවිතේට කවදාවත් එන්න නෙවෙයි ලගින් වත් යන්න එපා “

අනූ ලංකාවට යන්න ගියා.... 

--------+--------+--------+--------+-------+--------+--------+--------

අනූ ඇත්තටම ලංකාවට ගියාද ? එක දැනගන්න වෙන්නේ නම් ඊලග කොටසින් තමයි . එතකං ආයෙත් පුංචි කොමාවක් ,


සිව්වන කොටසට

පස්වන කොටසට 


සයවෙනි කොටසට 


අවසන් කොටසට

1 comment:

  1. රසයි කුතුහලයයි දෙකම ඇති කතාවක්.

    ජයවේවා!!!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...