Friday, July 28, 2017

කුළුදුල් සිහින 02



කුලුදුල් සිහින කියන්නේ ලියන්න ආසාවක් ආපු නිසා මම ලියන පුංචි කතාවක්. මෙහි සදහන් සිද්ධි හෝ ස්ථාන කිසිවෙකුට අදාලත්වයක් නෑ යි කියලා ආයෙත් මතක් කරන්න ඕනා. ඉතින් පලවෙනි කොටස බලපු නැති අය මෙතනින් ඔබලා පලවෙනි කොටස කියවලම එන්නකෝ. 

--------+--------+--------+--------+-------+--------+--------+--------

අනුත්තරාව මම මේ දැක්කේ හරියටම අවුරුදු 25 කට විතර පස්සේ . ඒ කියන්නේ  අන්තිමට අපි දෙන්නා වෙන් උනාට පස්සේ
, මට අනුත්තරාව කොහේදීවත් මුණ ගැහුනේ නෑ. ඇත්තටම මුණ ගැහෙන්න උවමනාවක් තිබුනෙත් නෑ අපි දෙන්නටම . අන්තිමට හම්බුන වෙලාවෙත් අනුත්තරා මගෙන් ඉල්ලුවේ කවදාවත් ආයෙත් දකින්නවත් එන්න එපා කියලා . කොහොමත් ආයෙත් එයාව මුණ ගැහෙන්න මටත් හේතුවක් තිබ්බේ නෑ. 

අනුත්තරා එදා ඇවිත් හිටියේ එයාගේ දුවත් එක්ක. ලස්සන ඇස් දෙකක් තිබුනා ඒ  දුවට. හරියට අනුත්තරාව මම මුලින්ම දැකපු දවස වගේ  දුවත් හරියටම අනුත්තරා වගේමයි , ඒ ඇස් , ඒ කට , ඒ මුණමයි. අනුත්තරාගේ එහා පැත්තෙන්  හිටියේ මම හිතන්නේ එයාගේ මහත්තය. දෙන්නම හරියට දෙවියෝ ගලපලම මැව්වා වගේ . ලස්සනට ගැලපෙනවා.  




 මට පොඩ්ඩක් සමාවෙන්න මට බැරි උනා ඔයාලට අනුත්තරාව අදුන්නලා දෙන්න. ඇත්තම කිව්වොත් අනුත්තරා මට මුලින්ම හම්බුණේ ජර්මනියට ගිහින් අවුරුද්දකින් විතර. එයත් ඇවිත් තිබ්බේ එයාගේ වැඩිදුර අධ්‍යාපනයට. ලංකාවේ කට්ටිය වැඩිය හිටියේ නැති නිසා මාත් එක්ක කතා බහ කරන්න හරි හිටියේ අනුත්තරා තමයි. කාලයත් එක්ක අපි ගොඩක් හොද යාලුවෝ උනා. ඒ හොදම යාලුවෝ ආදරවන්තයෝ  වෙන්නත් ඒ හැටි කාලයක් ගියේ නෑ. අපි ඉගෙන ගන්න university එකේ අපි දෙන්න ගැන නොදැනගෙන හිටපු කෙනෙක් නැති තරම්. ආදරේ අන්තෙටම පැරදිලා හිටපු මට අනුත්තරා ඇත්තටම හීනයක් වගේ උනා. අපි දෙන්න ගොඩක් ආදරේ කළා, අර ආදරේ අහස තරම් කියලා කියනවා වගේ අපේ ආදරෙත් අනන්තෙටම ගියා. 


අනුත්තරා ගැන , අපි ගැන, මට තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් ඊට කලින් මට ඔයාට කියන්න වෙන කතාවක් තියෙනවා. මම එදා නවත්තපු තැනට මට ඔයාව ආපහු අරන් යන්න වෙනවා.


මගේ ජිවිතේ සුන්දරම අවුරුදු 4ක් පටන් ගත්ත කියලා මට දැනුනා, කොළඹ ජීවිතේට මම හිතුවටත් වඩා ඉක්මනට හුරු උනා. යාලුවෝ ටික එක්ක අපි කොළඹ නොගියපු තැනක් නෑ. ඒ තරමටම අපි ඇවිද්දා. campus ඇවිල්ලා දැන් එතකොට අවුරුද්දක් විතර ඇති. 

මගේ ජීවිතේට කුලුදුල් සිහින අරගෙන ආපු එයාව , ඔව් එයාව මම මුලින්ම දැක්කේ එදා තමයි. එයා මට වඩා අවුරුද්දක් බාලයි. මුලින්ම දැකලා සති දෙක තුනක් විතර ගියා මට එයා ගැන විස්තර හොයාගන්න. එයාට කොල්ලෙක් නෑ කියලා දැනගත්තම මම හිතන්නේ ඊට වඩා සතුටක් නම් A/L පාස් උනාම වත් තිබ්බේ නැද්ද කොහෙද . එයා හරි ලස්සනයි , වැඩියෙන්ම එයාගේ ඇස් දෙක , එයාගේ චාම් බවට මාව ඇදිලා ගියා.ටිකක් කට්ට කාල කොහොම හරි මට පුළුවන් උනා එයත් එක්ක කතාවක් දාගන්න. ටික ටික අපි වැඩි වැඩියෙන් කතා කරන්න ගත්තා. දවසක් එයාගේ විභාගේ ඉවර වෙච්චි ගමන් මම එයාගෙන් phone එකට කෝල් එකක් අරන් මගේ හිතේ තියෙන දේ ගැන කිව්වා. 



කෙල්ල එක පාරටම ගොළු උනා වගේ දැනුනා , එයා මට කිව්වේ හිතලා කියන්නම් කියලා. ඔහොම එදා දවසම ගෙවිලා ගියා.  එයාගෙන් මට රිප්ලයි එකකුත් නෑ, අඩුම තරමේ එයාව දකින්නවත් නෑ .සේරම එපා වෙලා තියෙද්දී phone එකේ head සෙට් එක කනේ ගහගෙන හිටියේ රේඩියෝ එකේ සින්දු අහන්න කියලා .  

ඔය වෙලාවේම තමයි  play කර කර හිටපු සින්දු සෙට් එකෙන් රුවන් හෙට්ටිආරච්චිගේ සිංදුවකට මාරු උණේ. නිකන් මටම සින්දුව කිව්වා වගේ

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමකල් ....
මග බලා හිටියත් තව නෑ ලැබිලා ....

ඔහොම දවස් දෙකක් යද්දී මට එයාගෙන් පණිවිඩයක් එනවා


-------+--------+--------+--------+--------+--------+--------+--------

ප .ලි :මෙය හුදෙක් මනංකල්පිත කතාවකි.




5 comments:

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...