මේ සිද්ධිය වුනේ හරියටම සති දෙකකට කලින්. හරියටම අවුරුදු ගානකින් මම ලංකාවට ආවට පස්සේ. campus එකෙන් අවුට් උන ගමන් මම කලේ රට යන එක ,ගොඩක් ආදරෙන් හිටපු රට, එකපාරම දාල යන්න තරම් මගේ ජීවීතේට බලපාපු හේතු ගොඩක් තිබුනා.
ගෙදරින් උනත් මුලින් අකමැති උනාට අප්පච්චි තේරුම් කරල දුන්න අම්මට මේ වෙලාවේ මට ඕන කරන දේ මොකක්ද කියලා .රට යන්න ඕන කියන ලියකියවිලි , විභාග සේරම ඉවර කරගන්න පුළුවන් උනා අන්තිම විභාගේ ඉවර වෙන්නත් කලින් , අන්තිම සබ්ජෙක්ට් එක ලියන දවසේදී තමයි මට මම බලාපොරොත්තුවෙන් හිටිය Email එක ඇවිත් තිබුනේ. ඔව් මට බලාපොරොත්තුවෙන් හිටපු රටට VISA ඇවිත් තිබුනා.
නෑ මම හිතන්නේ ඊට කලින් මට මේ කතාව කියන්න වෙනවා.
එතකොට මට අවුරුදු 18 ක් විතර ඇති . 12 හේ පන්තියේ. නුවර කියන ලංකාවෙන් ලස්සනම නගරේ තමයි මම හිටියේ.හැබැයි ටිකක් ඇතුලට වෙන්න.ගමක සුන්දරත්වය උපරිමයෙන් උරුම කරලා දීපු පරිසරයක.මම එයාව මුලින්ම දකින්නේ නුවරට යන්න තියෙන බස් එක ගහන බස් ස්ටෑන්ඩ් එක ගාවදි . එදායින් පස්සේ හැමදාම උදේට එයාව දකින්න ඕන නිසා කොහොම හරි 6.25 විතර වෙද්දී මම හෝල්ට් එකට එනවා. එයාව උදේට දැකපු දවසට හිතට මාර සතුටුයි .
ඒ හිනාව, සත්තයි අද වෙනකම් මම කාගෙන්වත් අත් විදලා නෑ . ඒ තරම් ලස්සනක් තිබුනේ ඒ හිනාවේ .අනේ මන්ද . හැබැයි වචනයක් වත් එයත් එක්ක කතා කරලා තිබ්බේ නෑ මම. කාලය ඔහොම ගෙවිල ගියා මම උසස් පෙළ කළා. එයාව ආයෙත් මට හම්බුණේ නෑ ඊට පස්සේ කාලයක් යනකම් . හොයාගන්න විදියක් දැනගෙන හිටියෙත් නෑ , මොකද මම එයාගේ නමවත් දන්නේ නෑ , ඒ අතරේ අපි කුලියට ඉදපු ගෙදරින් අපේම ගෙදරකට මාරු උණා , ඊට පස්සේ ඉතින් ජිවිතේ වෙනස් වෙන්න පටන් ගත්තා.මොකද අපි නුවර කිට්ටුවට තමයි ආවේ.
ඔන්න ඔහොම වෙද්දී තමයි අපිව කැම්පස් ගත්තේ. ජිවිතේ හරි නිදහස් , එත් කියාගන්න බැරි හිස් බවක් තිබුනා.
මාව තේරුනේ මොරටුවට , ඉතින් බඩු මලු ලෑස්ති කරන් බෝඩිමට මුලින්ම ආවේ අප්පච්චි එක්ක. අප්පච්චි එක්ක බෝඩිමට එද්දී මගේ ඉස්කෝලේ අනික් යාලුවෝ ටිකත් බෝඩිමට ඇවිත් තිබුණේ. අපේ බෝඩිමේ හිටිය 12 දෙනෙක් . හැමදාම ගෙදර ඉදන් හැමදේම කරගත්ත මට මේ අලුත් ජීවිතේට හුරු වෙන්න ටිකක් විතර අමාරු උණා. මේ පරිසරයට හුරු වෙන එක තරම් අමාරු දෙයක් මට ඒ දවස් වල තිබ්බේ නෑ .
නුවර අහසට වඩා කොළඹ අහස නපුරුයි වගේ .යාලුවෝ 11 දෙනා එක්ක ජිවිතේ ඒ අවුරුදු 4 ගෙවිලා යද්දී ජිවිතේ අලුත් ගොඩක් දේවල් උනා,
ජිවිතේ සුන්දරම කාලේ පටන් ගත්ත කියලා කිව්වොත් හරියටම හරි. මට එතකොට වයස ඇති 22 ක් විතර ඇති,
මුලින්ම එයාව මම දැක්කේ එදා. ....
පුංචි කොමාවක් ,
ප .ලි :මෙය හුදෙක් මනංකල්පිත කතාවකි.
දෙවෙනි කොටසට
තෙවැනි කොටසට
සිව්වන කොටසට
පස්වන කොටසට
සයවන කොටසට
අවසන් කොටසට්
ප .ලි :මෙය හුදෙක් මනංකල්පිත කතාවකි.
දෙවෙනි කොටසට
තෙවැනි කොටසට
සිව්වන කොටසට
පස්වන කොටසට
සයවන කොටසට
අවසන් කොටසට්
Daily? Weekly?? laga laga dapannn... (Y)
ReplyDeleteපුළුවන් හැම වෙලාවකම ලියලා දානවා
Deleteම්.. ලස්සන කතාවක ආරම්භයක් වගෙයි.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි ;-)
Deleteඅපි බලමු අවසානයත් ලස්සන වේවිද කියලා
නියමයි ...
ReplyDeleteකුලුදුලේ සිහිනෙට සුබ පැතුම් සහෝදරයා..
ReplyDeleteස්තුතියි සහෝදරයා
DeleteNiyami mchn
ReplyDeleteThank you machan
Delete