Monday, July 31, 2017

කුළුදුල් සිහින 04



කුලුදුල් සිහින කියන්නේ ලියන්න ආසාවක් ආපු නිසා මම ලියන පුංචි කතාවක්. මෙහි සදහන් සිද්ධි හෝ ස්ථාන කිසිවෙකුට අදාලත්වයක් නෑ යි කියලා ආයෙත් මතක් කරන්න ඕනා. ඉතින් පලවෙනි කොටස, දෙවෙනි කොටස  , තෙවන කොටස බලපු නැති අය මෙතනින් ඔබලා  කියවලම එන්නකෝ.
-----+----------+---------+----------+---------+-------+--------+-------
නදී  ට මම ඊට පස්සේ තුන් හතර සැරයක්ම call කළා , එත් එයාගේ phone එක ඕෆ් වෙලයි තිබුනේ ඒ හැමතිස්සෙම , ඔය අතරේ එක පාරටම මට call එකක් එනවා නදී  ගෙන්, අපි හම්බෙමුද කියලා. ආයේ මොනවා කල්පනා කරන්නද මම කෙලින්ම හා කියලා  , ඊට පස්සේ ඇහුවේ කොහෙටද කීයටද කියලා. කොහොම හරි එයා කියපු වෙලාවටත් විනාඩි 10ක් විතර කලින් මම ටෙනිස් කොර්ට් එක ගාව බැංකුවේ ගිහින් වැඩි වෙලා හිටියා , 

කියපු වෙලාවටම එයා ආවා , මම ගොඩක් ආස කරපු එයාට ලස්සනට ගැලපෙන දුඹුරු පාට ගවුම ඇදගෙන . මුලින්ම එයාට කතා කරන්න දීලා මම බලන් හිටියා , මොකද මට මොකක්ද කරන්නේ කියලා වත් හිතාගන්න බැරුව හිටියේ. එයා මට ලොකු කතා ගොඩක් කිව්වා , එයාගේ ප්‍රශ්න ,එයා මේ දවස් ටිකේ දුක් උන විදිය , එයාට මාව මතක් උන විදිය .. හැබැයි එයා අන්තිමට කිව්ව දේ මට තාමත් හිතාගන්න බෑ . මගේ පළවෙනි ආදරේ , ඔව් මගේ කුළුදුල් ආදරේ උපදින්නේ ඒ විදියට . හිතුවේ නෑ කවදාවත් එයා මගේ වෙයි කියලා . මගේ නදී  ගේ සුදු කම්මුල මගේ සතුට වැඩි කමට ඉඹගෙන ගියා . එයා කියනකම් මට අමතක උනා අපි ඉන්නේ කොහෙද කියලා . විලි ලැජ්ජාව දොරේ ගැලුවා ටෙනිස් කොර්ට් එක ගාවින් ගියපු කොල්ලෝ කෙල්ලෝ අපි දිහා බලාගෙන යනවා.



ඔහොම කොහොම හරි අපි මේ ගමන එකට යන්න පටන් ගත්තා . කල්පාන්තය තෙක් සුන්දර හීන මවන්න ගත්තා. අපි දෙන්නගෙම යාලුවෝ ගොඩක් අපිට උදව් කළා. ළමයි විතරක් නෙවෙයි lecturers ලත් අපි දෙන්න ගැන දැනගෙන හිටියේ ;-)  ඔහොම සතුටින් ඉද්දි තමයි හිතුවේ වත් නැති විදියට...

නෑ ඒක මම පස්සේ කියන්නම්. මට කියන්න තියෙනවා වැදගත් දෙයක්. මම ලංකාවට ආවේ අවුරුදු 25 කට පස්සේ , ඒ අතරතුර මගේ අම්මයි අප්පච්චියි මම ජර්මනි වලට ගත්තා මගේ විවාහෙන් අවුරුද්දකට විතර පස්සේ මානවී ට  පලවෙනි දරුවා ලැබෙද්දී. මට ලංකාවට යන්න මානසිකත්වයක් තිබුනේ නෑ ,මොකද මම ජිවිතේ දෙන්නෙක් ට පොරොන්දු උනා ආපහු මුණ නොගැසෙන්න. මට ඕන උනේ නෑ ඒ මතකය පාරන්න.

එත් ඇයි මම ආයේ ලංකාවට ආවේ කියලා ඔයාට කියන්න ඕනා. ඔයාව තව දුරටත් කුතුහලෙක හිරකරන්න මට ඕන නෑ . මම ආවේ අනුත්තරා ව මුණ ගැහෙන්න. පරණ අමතක කරන්න හදපු අමතක කරන්න බැරි උන ඒ මතකය පාරන්න .මගේ යාලුවෙක් ගේ සාදයකට එයා එනවා කියලා මට දැනගන්න ලැබුනා. අනුත්තරා මට නොකියා ගියපු අන්තිම ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 25 කට පස්සේ ගන්නයි මට ඕනා වෙලා තිබුනේ. වෙලාව පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉදලා , මම කෙලින්ම ගියේ අනුත්තරා ගාවට , සත්තයි තුන් හිතකවත් කහටක් තිබුනේ නෑ , මොකද මගේ ආදරේ අදටත් පුජනියයි කියලා මම දන්නවා. යන්න ඕනා කෙනාට යද්දී ඕන තරම් හේතු කියන්න පුළුවන් කියලත් මම නොදන්නවා නෙවෙයි , එත් මට ඕනා උනා අනුත්තරාගෙන් ඒ ප්‍රශ්නේ අහන්න. මේක මම මානවී දැනුවත්ව ආපු ගමනක්. මට ඕන උනේ මගේ හිතට සහනයක් ගන්න විතරයි . ගොඩක් හෙම්බත් වෙලා මම හිටියේ ඒ ප්‍රශ්නය නිසා. මම හෙමිට අනුත්තරාට කතා කළා , එයාගේ දුවයි මහත්තයයි පොඩ්ඩක් එහාට වෙනකම් ඉදලා.


  Excuse me, 
  මාව අදුරන්න පුලුවන්ද ? ....



අදට නවතින්නම් ;-)

-----+-----------+----------+-------------+-------------+--------+-------

පසු සටහන : මේක කියවන ඔයාට පුංචි හරි වෙලාවක් තියෙනවනම් කියවලා ඉවර වෙලා පොඩි comment එකක් දාන්න , FB හරි , බ්ලොග් එකේ හරි ඕනෑම තැනක , msg එකකින් හරි කමක් නෑ. කතාව ඉවර වෙන්න ලගයි. 
හැබැයි තාමත් ඔයා දන්නේ නෑ ,
අනුත්තරා ලංකාවට ගියපු හේතුව ,
නදී මට උරුම කරපු කම්පනය ...
මානවී කියන්නේ ඇත්තටම කවුද කියලා
ඒ වගේම මේක කියන මොහොතේ මම ඉන්නේ කොහොම තත්වෙකද කියලා.
මේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන් තව සති දෙකක් ඇතුලත.
ගිහින් එන්නම් 


පස්වන කොටසට

සයවන කොටසට

අවසන් කොටසට

8 comments:

  1. අපූරුයි. ඒ කුතුහලය නිසාම ඉදිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඉක්මනටම ඒ කොටස් ටිකත් දාන්නම්කො

      Delete
  2. අදයි ආවේ. අර සුලන් කුරුල්ලෝ වගේ රචනා ශයිලියක් තියෙන්නේ. ලස්සනයි. ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. ආයෙත් ගොඩ වෙන්න මේ පැත්තට

      Delete
  3. මේක මට මිස් වෙලානේ මුල් ටික බලලම එන්නම්

    ReplyDelete