Saturday, May 12, 2018

The Five Point Someone...


විශ්වවිද්‍යාලයෙන් සමුඅරන් අදට මාස 5 කටත් වඩා වැඩියි. එත් තාමත් අපි ඒ සුවදට ආදරෙයි. ඒ මතකයට ලෝබයි.ජිවිතේ සුන්දරම කාලයක් , සුන්දරම තැනක. ජිවිතේ ගොඩාක් දේවල් විදපු , විදවපු අවුරුදු 4 ක්.

අද වෙද්දී එක එක්කෙනා එක එක තැන් වල. එකිනෙකාට ආවේනික වෙච්චි ජීවිතවල.සමහර විට මුණගැහෙන්න පවා වෙලාවක් නැති වෙන තරමටම busy වෙලා.
කවදාවත් හිතුවේ නැති , කවදාවත් බලාපොරොත්තුවක් වත් තිබුනේ නැති Engineering වගේ දෙයක් කරයි කියලා කවුද හිතුවේ. අපේ ජිවිත ඒ වගේ තමයි අපි සමහරක් විට හිතන දේවල් නෙවෙයි වෙන්නේ. එත් ඒ ජීවිතේදී හම්බුන යාලුවෝ , ඒ මතකයන් එක්ක මුලු ජිවිත කාලෙම ඉන්න පුළුවන්.

හැමදාමත් වගේ මගේ සටහන් වල පිළිවෙලක් නෑ. සමහරක් විට සම්බන්දයක් නෑ. ඒ මගේ හැටි. සමහරක් විට අපි ගොඩක් දෙනෙක් ගේ ජිවිත වගේ.
3 idots චිත්‍රපටිය බලලා තිබ්බට එකේ පොත කියවලා තිබුනේ නෑ නේ. කොහොම හරි ඊයේ තමයි එකේ පොත කියවලා ඉවර කරන්න හම්බුනේ. “චේතන් බගට් “  අති විශිෂ්ටම කෘතිය ඒක කියලා හැදින්නුවත් එකේ වැරද්දක් නම් ම්ම් දකින්නේ නෑ. සමහරක් විට අපිත් ඉංජිනේරු විද්‍යාවම ඉගෙන ගත්තු නිසාද මන්දා ඒක ගොඩක් සංවේදී තැනක අපිව නතරකරනවා. පොතේ තිබ්බ කරුණු වලින් මගේ හිත් ගත්ත වචන ටිකක් තමයි අද මනස්ගාත වලින් ලියවෙන්නේ .
 
GPA වලින් කිසිම කෙනෙක්ව මනින්න බෑ කියන යථාර්තය නැවත නැවත ඒ හරහා සමාජයට කියලා දෙනවා. එකිනෙකාට තියෙන්නේ එක එක හීන , ඒ හීනත් එක්ක තමයි එයාගේ අනාගතේ රැදිලා තියෙන්නේ , නැතුව ලකුණු මතම නෙවෙයි.

හැමතිස්සෙම තමන් ගැන විශ්වාසය තියන්න ( අපිට viva වලදී උගන්නන්න ඕනා කට පාඩම් කරලා දේවල් කියනවා වෙනුවට ආත්ම විශ්වාසයෙන් බොරුවක් හරි කියන හැටි). විශ්ව විද්‍යාල system එකේදී හුගක් දුරට වෙන්නේ ළමයාගේ විශ්වාසය 0 ටම ඇදලා දාන එක. තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති තැනක කිසිම දෙයක් කරන්න අමාරුයි .
ජිවිතේ කවදාවත් ඉගෙන ගන්න කාලේදී ලකුණු වලට හරි , grade වලට හරි , රස්සාවක් කරන කාලෙකදී උසස්වීම් වලට හරි තමන්ව මෙහෙයවන්න දෙන්න එපා.ඊට වඩා දේවල් ජිවිතේ තියෙනවා. තමන්ගේ පවුල ... යාලුවෝ .. පුද්ගලික අරමුණු .. ආශාවල් ...
 
ජිවිතේ ජිවත් කරවන්න ;-)

Tuesday, April 17, 2018

සිහිවෙන විට ...

මට

ඔයාව

සිහිවෙන තරම් ...

එපා

ඔයාට සිහිවෙන්න ...

පාළුව දැනෙන

ඔබ නැතිව

එපා

ඔබට දැනෙන්න

එක තත්පරයක් ...

නෑ ...

කල්පයක් ...












Thursday, April 12, 2018

බණ අහන රටක් , බණ කියන රටක් ??




ඔයාලා බලලා තියෙනවද ගිය අවුරුද්දේ ආපු “A ලෙවල් “ කියන චිත්‍රපටිය ?
සමහරක් විට බලලා තියෙන්නත් පුළුවන් නැත්නම් බලලා නැති වෙන්නත් පුළුවන්. ඇත්තටම මට  ඒ ෆිල්ම් එකේ කතාව ගැන ලොකු අවබෝධයක් තිබ්බේ නෑ ඊයේ ඒක බලනකම්. හැබැයි එකේ එක සින්දුවකටනම් පට්ට කැමැත්තක් තිබ්බේ ;-)  

 

 
දැන් මම කියන්නේ ඔය ෆිල්ම් එක ගැන නෙවෙයි , පාසල් ප්‍රේමයක් ඔස්සේ ඇදුන කතාවක යටිබිම් ( bottom line story) කතාව එහෙම නැත්නම් ළමා අපරාධ ගැන.

බණ අහන රටක් , බණ කියන රටක් ?? එහෙම නේද අපේ රට ගැන හිතං ඉන්නේ ? එත් පොඩ්ඩක් ඔයා ඒ ෆිල්ම් එක බලන්නකෝ , ඒතරමටම රට ජරා වෙලාද?

ෆිල්ම් එක ගැන ම්ම් කියන්න යන්නේ නෑ , ඒක බලන්න රස විදින්න . වැරද්දක් වෙන තැනක කට වහගෙන ඉන්න එපා කාගෙන් උනත්
;-)

ඔය ෆිල්ම් එක බැලුවට පස්සේ ඊයේ මගේ යාලුවෙක් එව්වා කතාවක් කියන්න හිතුනා. ජිවිතේ අපි හැමෝටම මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ලැබෙන්නේ නෑ. එත් වෛද්‍ය ශිෂ්‍යයෝ/ ශිෂ්‍යාවන්ට සමාජයේ අමුතු තලවල අයව ආශ්‍රය කරන්න ලැබෙනවා.

මේ පහු ගිය මාසේ කොළඹ ජාතික රෝහලේ වෙච්චි සිද්ධියක්.

අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු මනුස්සයෙක් නිසා එයාගේ නෝනට සිද්ද වෙනවා තමන්ගේ මල් කැකුළු වගේ දුවලා දෙන්නව සීයාගේ(මාමණ්ඩි) ගෙදර නවත්තලා වැඩට යන්න. තමන්ගේ දරුවන්ගේ දරුවට අතවර කරන නරුමයෙක් කියලා දැනගද්දී ඒ අම්මා ගොඩක් පරක්කුයි. අද ඒ ළමයි දෙන්නා ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නවා. ලොකු දරුවට උනේ මොකක්ද කියලා තේරෙන්නේ ඉස්පිරිතාලේ තියෙන පොත් පත් ඇසුරු කරද්දී , අදටත් පොඩි දරුවා දන්නේ නෑ තමන්ට මොකක්ද උනේ කියලා ...

මේ සමාජය හරිම අමානුෂික වෙලා , නෑදෑ කම් බල්ලට ගිහින් , සාරධර්ම ???
නැකතට ලෝකෙට පෙන්න සංස්කෘතිය , ඉතිහාසය ගැන ලොකු talk දුන්නට ළමයින්ට පොඩි කාලේදී ප්‍රජ සෞඛ්‍ය උගන්වනවාද ?  

පුලුවන්නම් චිත්‍රපටිය බලන්න .. චිත්‍රපටියේ වගේ සැහැල්ලුවෙන් අතවරයට ලක්වුන ළමයි ඉන්නේ නෑ කියලයි මගේ යාළුවා මට කිව්වේ.විෂාදයට ලක්වෙලා ජිවිතේ ගැනම කලකිරිළලු ඉන්නේ. මොහොතක් හිතන්න යහපත් සමාජයක් වෙනුවෙන් ...

Saturday, January 27, 2018

හීන එක්ක 2018



පුංචි කාලේ හීනයක් තිබ්බා කවදා හරි මෙන්න මේ දේ කරනවයි කියලා. ඊට පස්සේ ඒ හීනේ අමතක වෙලා ගිහින් වෙන හීනයක් ආවා. ඔහොම ඔහොම ගිහින් ජිවිතේ අංශක 180 කින් විතර හැරිලා තියෙන්නේ කියලත් නොහිතෙනවානම් නෙවෙයි.

ජිවිතේ කියන්නේ සල්ලි නොවුනට සල්ලි වලට ගොඩක් දේවල් නම් කරන්න පුළුවන් කියලා අපි හැමෝටම තේරෙනවනේ. ඉතින් සමහර වෙලාවට අපිට හීන අමතක කරලා ඉලක්කවලට යන්නත් වෙනවා.

ජිවිතේ කියන්නේ ඉලක්කයක් නෙවෙයි. ඉලක්ක පස්සේ යන්න ගියොත් හැබැයි අපිට ජිවිතේ රහ විදින්න අමතක වෙන්න පුළුවන්. හැබැයි ඒ අතින් බලද්දී හීන නම් පට්ට. මොකද හීන ජීවිතෙත් එක්ක බැදිලා තියෙන්නේ. හීන හරි සුන්දර වෙන්නේ එකයි.

එක එක කාලෙට එක එක හීන. ඉෂ්ට නොවුනත් මහා ලොකු දුකක් නෑ. ඒ වගේමයි ආපහු කාලයක් ගියාට පස්සේ හැරිලා බලද්දී ආයෙත් වුනත්  අපිට ඒ හීනෙට යන්න පුළුවන්.



විදින එකයි විදවන එකයි කියන්නේ දෙකක් උනාට වෙලාවකට විදවන එකෙත් අමුතුම විදීමක් නැතුවම නෙවෙයි.ආයෙත් මම එන්නම්කෝ කතාවට. එහෙම නැත්නම් සිහින, ජිවිතේ රහ කරන දෙයක්. හීන හැබෑ  කරගන්නවාට වඩා හීන දැක දැක ඉද්ද්දීත් වෙනම ආතල් එකක් නැතුවම නෙවෙයි .

අනේ මන්ද මට පිස්සුද කියලා. එත් තේරෙන්නේ නෑ. ජිවිතේ අවුරුදු 4ක් ගෙවුනා ඉලක්කයක් පස්සේ. ආපහු ජීවිතේට හීන දකින්න කාලේ හරි කියලා හිතෙනවා. එත් ඉතින් කියන්න බෑ . මොකද කාලය කොතරම් නපුරුද කියලා ඒ කාලේ ගී පද රචකයෝ ලිව්වේ නිකමටම නෙවෙයි නේ. 

ඉතින් බලමු 2018 අවුරුද්ද හීන හැබෑ වෙන අවුරුද්දක් ද කියලා කාලයටම ඉඩ දීලා.

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...