Thursday, February 21, 2013

ෆස්ට කියමන්............

ඇත්තටම මගේ පේජ් එක ලයික්ස් 1000 ක් පසුකළා..ටිකෙන් ටික ආපු දුර මාස 6ක් විතර ගතවෙන තැනදි තමයි මට මෙ ඉලක්කයට එන්න පුලුවන් වුණේ...
ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්
බලන්නට දාන්න හිතුවා...





















ප: ලි :ලයික් එකක් දාලා නැත්නමි පැත්තෙන් ඒ ගැජටි එක ඇති ලයික් එකක් දාලාම යන්නකෝ!

Saturday, February 16, 2013

ඇයි අවුල් ද?







ලන්දේසි ආවා
උනුත් ගෙනාවා
ඉංග්‍රීසි ආවා
උනුත් ගෙනාවා
සිවිල් පොදු නෙවෙයි


මිශ්‍ර ක්‍රමයක් ඇති කළා.....



මෙන් බලහන්
ඒ විතරක්මද
උඩරටට වෙනම සීන්
යාපනේට තේසවලාමෙයි
ඇයි කසාද හතරේ
මුස්ලිමි නීතිය ලංකාවටම.......


අතේ ඇගිලිත් මදිවෙයි
ඒ තරමි නීති
පොත් පිටු ගණන්
ඒත් අපරාධ.................

අනේ මන්දා.................................

Sunday, February 10, 2013

චංගුමී ,ශිරානි සහ වත්මන් කාන්තාව............


චංගුමී
රෑපවාහිනියෙ විතරක් නෙවෙයි
පත්තර සගරා පොස්ටර් පවා
ඔබෙ මුහුණෙන් වැහිලා ගියා......
අනන්ත වු සුජාත දරුවන්
බිහිවන රටෙ අපි
සතුටින් ඔබ දිහාත්
බලන් හිටියා............
අපේ දරු දැරියන්ට
ඔයා ලොකු වීරවරියක් වුණා....
ඒත් අද
ඔයා ඒ දරු දැරියන්ව
වගේම
‍්බාල මහලු සැමෝටම
දිරි දීලා යන්නම යනවා........
පුංචි තැනක ඉදලා
රටෙ මුලු වෙද  පුටුවටම
ඔයා ආවා.......



ඒත්
එදා ඔයා වගේම කෙනෙක්
ලංකාවෙ උපන්නා..
හැබැයි ඔය තරමි පරණ
නෑ........
ටිකෙන් ටික ඇය ආපු දුර
ඇයත් ගියා නොකියාම
වෙදුදුරුවරියක් නොවුණට
රටෙ මුල්ම උපරිමාධීකරණ
විනිසුරු වරිය වුණා ඇය
ඒ ශිරානි ලු ........

   
 

ප .ලි . ජීවිතය යනු ෆැන්ටසි හීනයක් නොවේ...
          ලංකාවෙද අපමණ චංගුමීලා බිහිවී ඇත බිහිවෙමින් පවතී  
          බිහිවෙවි...

          නමුත් ගැහැණියට නිසි තැන ලැබෙන තුරු ලංකාවෙ චංගුමිලා
          උපන් ගෙයි මරා දමනු ඇත.....
          හුදෙක් නාට්‍ය ය රස වින්දන්දයට පමණක් නොව ජීවිතයටද අදාළ    
          කරගත හැකි නමි අතිවිශ්ඨය.....
          අගවිනිසුරුතුමියද  පැමිණියේ වාසනාව සහ ධෛර්යය මතය..
          නමුත් රෑපවාහිනි තිරයේදි චංගුමී වීරවරියක් කිරීමත් ශීරානි     

         අසාර්ථක ගැහැණියක් කළේද ඔවුන්මය......
         අපි බලා සිටියෙමු............

ප. ප. ලි .   මෙය සරලව දැකිමක් පමණි..කතාවෙන් උගත හැකි දෑ බොහෝය. කතා නායිකාව කවුරුන් වුවද අදටද මෙවා ලෝකයේ සිදුවෙමින් පවතී...යථා කාලයේ දීර්ඝ විස්තරයක් ලිවීමට බලාපොරොත්තුවෙමින් මෙතනින් මෙය නිමා කළ යුතුය....

Thursday, February 7, 2013

ආහෝ ඛෙදයකි ඉරකි තිතකි.......






ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   අරාබියද
පොල් වත්තක පොල් ගෙඩි 8
වෙනුවෙන් නඩු දමලා
ඔවුන් බලාපොරොත්තු වන්නේ..................?


ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද  ඇමරිකාවද
වරදක් සිදු වු සැණින්
අධිකරණයේ පිහිට පතන
පොලීසියක් සහිත.....................?

ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   එංගලන්තයද
අධ්‍යාපනය මුදලට මායමි
කරමින් දුප්පත් දරුවා
මහමගට ඇදදමන................?

ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   ඉන්දියාවද
වැරදිකරුවන්ට
සැමවිටම දඩුවමි දෙන.......?


ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   ආශ්චර්යයද
රුපියල් 320 කට
නඩු කියන........
නඩු අහන........
අපරාධ වලින් දුලබ
සුන්දර දිවයිනක්ද.................?


ප ලි : මෙ නීතියේ වරදක් නොවෙ....
       සුජාත වු නීතිය කෙලසන අමන මිනිසුන් සිටින රටක
       තවත් එක් කතාන්දරයකි ......
      රැපියල් 320 කට උසාවි ගිය මිනිසාටත් එයට තීන්දුව දුන් නඩුකාරතුමියටත්
      රටෙ නීතිය වෙනුවෙන් කතා කිරීම පිළිබදව ඉහ වහා ගිය සතුටකිනි.....


Monday, February 4, 2013

IPL ක්‍රිකට් උන් සහ අපි


2007 ලෝක  කුසලානය  
ලාංකිකයන්ට දුන්න සතුට 
හ්ම් .......
කාලෙකට පස්සේ අපි ආවා 
දිනුම පේන  මානයටම 
දුකක් නෑ ......
ඉන්දියාවත් කුජිතම 
වුනු ලෝක කුසලානේ ගැන 

කණකොකා හැඩුවේ 

ඇත්තටම එකෙන්මද 
තාම හිතනවා මම 
අහ් IPL
ගැනද කියවන්නේ නේද ?

ඔව් ටිකෙන් ටිකෙන් අපි ආව

දුර එක පාරටම කඩාවැටෙනවා 
සල්ලි පස්සෙම දිව්වා කියල 
අපේ කස්ටිය උන්ට බනිනවා .........


පොඩ්ඩක් හිතහල්ල 

ඔය ලොකු පුටුවල ඉන්න එවුන් 
යකෝ රටේ ක්‍රිකට් 
නැත්තටම නැති වෙයි 
අලුත් කොල්ලෝ වෙන්දේසි වෙයි 


එත් මෙහෙමනේ 

ඔය අර්ජුනලා අරවින්දලා 
ඒ කලේ තිබ්බනම් 
ඔය අරව මේවා 
නොගහ ඉදිද රට ගැන හිතල 

මෙතරම් සල්ලි 

කොටි ප්‍රකෝටි ගණන් 
කවද හොයන්නද 
උන් නම් කියයි 
එපා කියල එත්
රට වගේද 
සල්ලි 
අපි ලෙඩ  උනොත් 
ඔය මොකෙක්වත් නෑ 

අන්න එකයි  අපිනම් යන්නේ 

අදින් වසර කීපයකට 

කලින් සෙට් උන 
ඔය වසංගතේ 
අද අපිව ආක්‍රමණය කරලා ඉවරයි 
මහේල සංගල නොහිටින්න 
මාලින්ගටත් දොර වැහිලා තමයි 

 IPL කියන්නේ 

සල්ලි තමයි 
හැබැයි මොලේ තියෙන එකාට 
රටයි සල්ලියි 
දෙකම හොයන්න පුළුවන් 
බැරි එක සල්ලි හොයන්න ගිහින් 
දෙකම නැති කර ගන්නවා 


P.S: යොවූන් ක්‍රීඩක අකිල දනන්ජයවත්  වෙන්දේසියට දාලලු 

හැබැයි ඒ කොල්ලගේ දක්ෂත්වයට ලක්ස 25 නම් මදි .......
සල්ලි වගේ නෙවෙයි පුතෝ මොලෙන් සෙල්ලම් නොකලොත් 
උබටත් බනින්න අපේ උන් බලන් ඉදි ....

උදවිවක් : Google/translator එකෙන් අරන් Copy Paste කළාම පසුබිමට වර්ණයක් එන එක නවත්තන්න හැටි දන්නවා නමි කියනවද....


Friday, February 1, 2013

අමිමෙ ඔබෙ පුතකු වෙලා (සිහිනයෙන් ඔබිබට ....)



එදා
අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................
මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!!!!!!!!!! අඩන්න කදුළු තියෙනවනම් මේක මගේ දින පොතේ නොලියවෙන්න ඉඩ තිබ්බ අම්මේ......එත් මේක මගේ අවසානය නෙවෙයි අම්මෙ...............අම්මගේ පුතා ජීවිතේ වැරදුන තැන වලට ගොඩක් පින් දෙනවා අම්මේ .................
මොකද වැටිලා පුරුදු නැති කෙනෙක්ට නැගිටින්න බෑ කියල අම්ම මට පොඩි කලේ කියපු දේ තාමත් මට මතක නිසා...... එහෙනම් අම්මේ මගේ බලාපොරොත්තු නැති ජීවිතේට පුංචි බලපොරෝතුවක් අද එකතු උනා අම්මේ............. ජීවිතේ මම නැගිටලා පෙන්නනම්...... අම්මේ හැබි කාවවත් වට්ටලා ඉවරවෙලා නෙවෙයි අම්මේ...... වට්ටලා දාල ගියපු අයටත් අත දීල .......මට මේක තවත් ලියන්න බෑ අම්මේ කඳුළු බින්දු මගේ දිනපොත තෙත් කරනවා වගේ දැනෙනවා අම්මේ .................................
-2011.12.26-
උපුටා ගැනීම : Snimalka.blogspot.com ඇසුරිනි



අද
  ඔය පහලින් තියෙන්නෙ දිනපොත ලියන හාදයගෙ විස්තර ටිකලු හොදේ...








  ඉතින් හිතේ සතුට කොයිතරමිද කියලා කියන්න වචන නැහැ ..
 මොකද මං අමිමගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ඨ කලානේ....
 ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකර දෙයක් කවදාවත් ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ආසාවක් තිබිබෙ නැහැ..( අදටත් තාම නැහැ..)
ඒත් දෙමවිපියො වෙනුවෙන් අපි ඒ දේවල් ඉටු කරන්න ඔනා.....
ඉතින් මෙ දවස් වල ටිකක් මහන්සි වෙන්නෙ පොඩි කාලෙ ඉදන් තිබිබ හීනයක් ඉෂ්ඨ කරගන්න...
ඒ තමයි  lawyer කෙනෙක් වෙන එක....
 අර කලු කබාය ඇදලා දවසක් හරි ගත කරන්න පටිට ආසාවක් තියෙන්නෙ...
ඉතින් අපි බලමු ඒ ආසාවත් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද කියලා...
සුභ පැතුව හැමෝටම ස්තුතියි.....

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...