Showing posts with label Eng. Show all posts
Showing posts with label Eng. Show all posts

Friday, August 25, 2017

ජිවිතේ එක්තරා කාලයක්



සිව් අවුරුදු උපාධිය
සිතෙහි දරා ගෙන
සිනාසෙන උන් අතර
සිහි උනා මට නුඹව

සිව් මසකි හැරයන්න
සිව් දෙසින් සපැමිනුන 

සිත් දේද සමුගන්න
සිහි උනා මට නුඹව

සිත ගියපු තුරු වදුලු
සිව් දෙසින් හිත හදපු
සියල්ලම එක් කරපු
සිහි උනා මට නුඹව

සිනාසෙනු කියා දුන්
සිතෙහි දිරි දරා දුන්
සියලු දේ අපට දුන්
සිහි උනා මට නුඹව

 


යාලුවෙක් මුහුණු පොතේ එයාගේ තාත්තා ලියපු, ලස්සන කවි පෙළක් දාලා තිබුනා. එකේ හැම පේලියක්ම පටන් ගත්තේ “අ “ අකුරෙන්. කවිවලටත් වඩා මගේ හිත ඒකට ඇදිලා ගියා. අපෝ මට නම් කවි ලියන්න බෑ පොඩ්ඩක්වත් , එත් මේ වගේ යන්තම් වචන ටිකක් නම් ගලපගන්න පුළුවන් කමක් තිබ්බා. එකත් එක්ක මම උත්සාහ කළා “ සි” යන්නෙන් පටන් ගන්න පේලි සහිත වචන සටහනක් ලියන්න. උත්සාහය සාර්ථකද අසාර්ථකද කියලා දන්නේ කියවන ඔයාලා තමයි.

මේක ලියන්න හේතු උනා කතාව , එහෙම නැත්නම් වචන වල තේරුමට ගියොත් ඇත්තටම සිව් අවුරුදු ඉංජිනේරු උපාධිය ඉවර වෙන්න තියෙන්නේ තව හරියට මාස 4ක් වගේ. හිතට ගොඩක් දේවල් , දුක ,සැප, ආදරය , විරහව, යාළුකම් වගේම ජිවිතයට වටිනාකම් ගොඩක් එකතු කරගන්න ලැබුණු අවුරුදු 4ක් ඉවර වෙන්න යන්නේ.

නික්මෙන්නට මත්තෙන් සරසවිය ගැන ලියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් සමහරක් වෙලාවට ගොඩක් දේවල් ලියන්න අරන් ආපහු මකපු අවස්ථා බොහොමයි. ජිවිතේ එක්තරා කාලයක්. ගිහින් එන්නම්

Saturday, July 1, 2017

මතක නැත්නම් වැඩක් නෑ ලු .....





මතක නැත්නම්
ලකුණු නෑ ලු ,
මතක නැත්නම්
වැඩක් නෑ ලු ,
අලුත් චින්තන
ඕන නෑ ලු ,
ගිරපොතක
නැතුව බෑ ලු ,
අනේ මට තව
ඉන්න බෑ ලු ,

දැනුම නෑ ලු .......
මතක නෑ ලු ........

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...