Friday, June 23, 2017

හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්





මතකද පුංචිම කාලේ අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරි ගියපු හැටි... අමතක වෙන්න විදියක් නෑ නේ නේද?  ඔයාට මතකද ඒ කාලේ ඔයා ඉගෙන ගත්තේ මොකටද කියලා . ඇත්තටම ඔයාට උවමනාවක් තිබ්බද ඒ කාලේ හොදට ඉගෙන ගන්න ?? මොන පිස්සුවක් ද මම කියවන්නේ නේද .... පුංචි හිත වලට කොහෙන්ද ඔච්චර ලොකු දෙයක් තේරෙන්නේ .පුංචි , ලොකු, ගැහැණු ,පිරිමි , සිංහල , දෙමළ , මුස්ලිම් , අපි හැමෝටම තියෙන දෙයක්  මට අද කතා කරන්න හිතුනා.

 ඉතින් ජිවිතේ අපිව ජිවත් කරවන්නේ මොනවද ? ඔයාට හිතෙයි අරමුණු කියලා එහෙම නැත්නම් අපි ගැන හොයන අපේම අය කියලා . මම කියනවා එහෙම නෙවෙයි අපිව ජිවත් කරවන්නේ හීන . පුංචි පුංචි හීන සමහරක් විට අපිට මහමෙරක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි .

ඉතින් මතක් කරගන්න පුංචි කාලේ ඔයා දැක්ක හීනේ , තව අවුරුදු 10 කින් එහෙම නැත්නම් 15 කින් ඔයාට යන්න ඕන කියලා හිතුන තැන . ඔයා අද එතනට ඇවිත් ද , නැත්නම් මම වගේම කවදාවත් හිතපු නැති පැත්තකට ගහගෙන ගිහින්ද ?
හීන කියන්නේ රස්සාවම නෙවෙයි සමහරක් විට ඔයා යන්න කැමති රටක් , එහෙම නැත්නම් ඔයා ඉන්න කැමති විදියක් වෙන්නත් පුළුවන් .දන්න කියන කාලේදී හැබෑ කරගන්න බැරි උන හීනයක් මගේ ජිවිතෙත් තියෙනවා . මම දන්නවා ඔයාටත් ඇති . කාලයක් තිබුණ පත්තරකාරයෙක් වෙන්න ඕන කියලා . පත්තරකාරයා කියලා කිව්වා එකට කව්රුත් තරහ වෙන එකක් නැ නේද ? මොකද අපි වැඩියෙන්ම කැමති දේවල් එක්ක තමයි අපිට නිදහසේ වචන හසුරුවන්න පුළුවන් . ජිවිතේ මට ඒ හීනේ මග ඇරුනා. ඒ හීනේ තාමත් හිතේ කොනක යාන්තමට තියෙනවා . මොකද හීන තියෙන්න මග අරින්න නොවන හින්දා . ඔයාට මම මේක කිව්වේ මොකද කියලා ඔයා මේක ඉවර වෙනකම් කියවන ගියාම තේරෙයි. 


හීන නැති මිනිස්සු ඉන්න පුලුවන්ද ? හීන නැති මිනිස්සු ඉන්න පුළුවන් ඔව් එහෙම මිනිස්සු ඉන්නවා , මට හමු වෙලත් තියෙනවා . හැබැයි ඒ ජිවිත ගොඩක් යාන්ත්‍රිකයි , එයාලට තියෙන්නේ Targets , ඒ Targets වලට යන ගමන යාන්ත්‍රික වෙලා , හීන කියන දේවල් එයාලට විහිළුවක් වගේ . හරියට අමුතුම දෙයක් වගේ .

මට ඔයාට කියන්න ඕන උනේ මෙන්න මේකයි , ඔයාට හීන ගොඩක් තියෙනවා කියලා මම දන්නවා . ඒ හීනෙට යන හැටි සමහරක් විට ඔයා දන්නවත් ඇති නොදන්න අයත් ඇති . සමහරක් විට ඔයාට ඒ හීනෙට යන අතරමග ඊට වඩා වෙනස්ම දේවලුත් හමුවෙලා ඇති . එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ අර මුලින් දැකපු ලස්සන හීනේ අමතක කරලා දාන්න ? මම දන්නවා ඔයාට බැහැ .කොහොම හරි ඔයා යන්න ඔයාගේ ඒ හීනෙට . සැබෑ උන දවසක ආයෙමත් හැරිලා බලන්න ආපු මග දිහා . 


ඔයාට ගොඩක් සතුටු හිතෙයි . හැබැයි එක දෙයක් ඒ අතරමගදී ඔයාට හීනේ දමලා ගහලා යන්න හිතෙයි. ඔයාට ඒ දේ ඕනෑම නම් ඔයා අල්ලාගෙන ඉදී. හැබැයි ඔයාටම තේරුණොත් ඒ හීනේ ගියාට කමක් නැ කියලා , යන්න දෙන්න ඒ හීනෙට.
ඔයා යන පාර දෙපැත්තේ ඉදී, හීන සැබෑ කරගන්න බැරුව ලත වෙන මිනිස්සු , පුලුවන්නම් එයාලට එක පාරක් ධෛර්යය දීලා යන්න . එයාලට ඕන පුංචි තල්ලුවක් විතරයි .
හීන වලට හිනා වෙන මිනිස්සු කියන්නෙත් ,හීන දැකලා ඒවා සැබෑ නොවුන අය . හරියට අර වෛද්‍ය විද්‍යාලෙට යන්න ට්‍රයි කරලා එක මිස් උන ළමයි, මිස් උන එකම හොදයි කියලා ලෝකෙට කෑ ගහනවා වගේ හිත නිවා ගැනීමක් කියලයි මටනම් හිතෙන්නේ . එයාලගේ හිනාවට ඔයාව වට්ටන්න පුලුවන්නම් , ඔයා මෙලහකට වැටිලා වැටුණ තැන්වල ගසුත් හැදිලා .
ඉතින් ඔයාට තාමත් පුංචිම හරි හීනයක් නැත්නම් හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්.මග අරුණ හීනයක් තියෙනවනම් තවමත් ඔයාට වෙලාව තියෙනවා ආයෙත් හරි පාරට එන්න . ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ ඔයාගේ හීන ගැන එතකම් ,
ගිහින් එන්නම්

Tuesday, June 20, 2017

පුංචි වැරද්දක් ඇති සමහර විට.....



ජිවිතේ කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් එකපාරටම මොකක් කියයිද ඔයා. සුන්දර දෙයක් , එහෙම නැත්නම් තරගයක් එහෙමත්ම නැත්නම් විභාගයක් .ඇයි ප්‍රෙහෙලිකාවක් වෙන්න බැරිද ? ඔයාට එහෙම හිතෙයි .ඇත්ත ජිවිතේ හරි සුන්දරයි හැබැයි ඒ සුන්දරත්වය ලගා කරගන්න නම් අපිට තරග ගණනාවක් එහෙම නැත්නම් විභාග ගණනාවක් සමත් වෙන්න වෙනවා. 


විභාග එහෙම නැත්නම් මිනුම් දඩු තියෙන්නේ අපිව සමත් කරනවට වඩා අසමත් කරන්න කියලා මම කිව්වොත් ඔයාලා මාත් එක්ක විරුද්ද වෙන එකක් නෑ කියලා මම දන්නවා. මොකද දැන් ඔයා ජිවිතේ මේතාක් දුර එන්න ගොඩක් විභාග පහුකරලා ආපු විත්තිය මම දන්නවා. ශිෂ්‍යත්වෙන් පටන් ගත්තම අපේ ජිවිතේ මැරෙනකම්ම තියෙන්නේ තීරණාත්මක කඩයිම්. පුංචි වැරද්දක් ඇති සමහර විට ජිවිතේ අවුරුද්දක් දෙකක් , කීපයක්ම පස්සට යන්න. 

ආදරේ කියන්නෙත් එක්තරා තරග විභාගයක් එතැනදී බලන්නේ ඉවසීම , විශ්වාසය , කැපවීම වගේ දේවල . ඉතින් ඔය කඩයිම පලවෙනි පාරම සමත් වෙන්න ටිකක්  අමාරුයි. මොකද මේ විභාගේ ජයගන්න හිතන තරම් ලේසි නෑ. හොද ඉවසීමක් , එකෙනිකා කෙරෙහි විශ්වාසය කැපවීම වගේ දේවල් තිබුන පලියටම මේක සමත් වෙන්න අමාරුයි.එකට වාසනාවත් ඕන .

ඉතින් දැන් මම කතා කරන්න යන්නේ ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් නෙවෙයි විභාගේ ගැන. පාසල් ජිවිතේ ඔයාට විභාග අනන්තවත් හමුවෙලා ඇති . විභාග සමත් වෙලා ඇති .සමහර විට අසමත් වෙලත් ඇති . ඇයි දැන් මට විභාගේ ගැන කතා කරන්න හිතුනේ ? හරිම සරලවම කිව්වොත් විශ්ව විද්‍යාලෙට ඇවිත් අවසන් වසරේ අන්තිම කඩයිමට පෙර තියෙන විභාග වලට ලෑස්ති වෙන ගමන් ඉන්නේ . ඉතින් මේ වගේ මාතෘකාවක් කතා කරන්න හොදම වෙලාවක් මීට වඩා තියෙන්න පුලුවන්ද ?..

විභාගේ ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ විභාගෙට කලින් , එහෙමත් නැත්නම් පුර්ව විභාග අවධිය . ඔන්න මේ කාලේ තමයි හරිම භයානක කාලේ . ඕනෑම තරග විභාගෙකදී අපි පාඩම් කරන්න ගන්නේ අන්තිම වෙලාවේදී . මම හිතන්නේ අපේ ජානවල ඉදන්ම එන දෙයක්ද කොහෙද . හිතන්නකෝ ඔයාට වැඩ කෝටියක් තියෙනවා හැබැයි දවස් ගාන සීමිතයි . ඔන්න ඔය වෙලාවට ඔයාට හිතෙනවා කාලසටහනක් හදන් වැඩ කරන්න . එහෙම කියලා ඔයා කාලසටහනක් හදලා දවස් දෙකක් උපරිමේට වැඩ කරයි . ඔයාට හිතෙනවා Film එකක් බලන්න , cricket match එකක් ගහන්න. හැබැයි ඔයාගේ හිතේ වැඩ කරන්නේ විභාගේ .
මතක් කරගන්න ඔයා ගොඩක් අමාරුවෙන් ඒ ආසාවල් අමතක කරලා දාපු අතීතය. ඔයාට වැඩ කරන්න පුළුවන් උනාද ප්‍රබෝදයකින් ? නැත්නම් ගිලිහුණ අවස්ථාව ගැන හිත හිත හිටියද ?.. ඔයා දන්නවා දැන් මම මොකක්ද කියන්න යන්නේ කියලා . අපි එකිනෙකා  වෙනස් . අපි වැඩ කරන හැටි වෙනස් පාඩම් කරන හැටි වෙනස් . ඇත්තටම හිතන හැටි වෙනස් . එත් අපි අපිවම පාලනය කරගන්න හදනවා අරයා වගේ මෙයා වගේ වෙන්න . ඉතින් එහෙම පුළුවන්ද ඇත්තටම.

එහෙම පුලුවන්ද බලන්න නෙවෙයි හිතන්න ඔයාට මේ වෙලාවේ මොකක්ද ඕන . සෙල්ලම් කරන්නද , Film එකක් බලන්නද ?.. යන්න ආස දේ කරන්න විභාගේ අමතක වෙන්නේ නෑ ඔයාට . මොකද එක අමතක කරන්න බෑ ... එත් ඔයාට පුළුවන් ඊට පස්සේ නැවුම් වෙනසකින් වැඩ කරන්න . ජීවිතේට සීමාමායිම් දාගන්න එපා. දාගන්න වෙන තැනක ඉන්නත් එපා. මොන දේ උනත් ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා .

විභාගෙ කාලේදී පුලුවන්නම් කියවලා බලන්න Sleeping cycles ගැන . එහෙම නැත්නම් සරලවම කිව්වොත් ඔයාට හොද නින්දක් එන්නේ විනාඩි 90 වක්‍ර වලින් . ඒ කියන්නේ පැය 1.5 කට සැරයක් ඔයා අලුත් නිදන චක්‍රයකට ඇතුල් වෙනවා . එහෙම වෙලාවක නැගිට්ටම ඔයාට පහසුයි . අතර මැදදී ඇහැරුනොත් තමයි ඇගට අමාරු ගතියක් ඔයාට දැනෙන්නේ .හැබැයි අඩුම තරමේ චක්‍ර 4ක නින්දක් වත් දවසට ඕන කියන එක මතක තියාගන්න .
අනික පාඩම් කරනවා කියන එක මෙච්චර වෙලා පාඩම් කරනවා කියලා සීමා දාගන්න එපා . ඔයාට පුළුවන් කියලා ඔයාට දැනෙනවානම් ඔයා පාඩම් කරන්න රෑ වෙනකම් එහෙම නැත්නම් උදේම නැගිටලා හවස් වෙනකම් . හැබැයි වෙන කෙනෙක් එහෙම කරන නිසා නෙවෙයි මේවා ඔයාටම ඕන කියලා දැනුනට පස්සේ .

ඉතින් මට කියන්න ඕන වුන දේවල් සේරම මම ඔයාට කිව්වා . හැමදාමත් වගේ ඔයා ඔයාම වෙන්න .අන්තිමට මොනදේ නැති උණත් කවුරු දාල ගියත් ඔයාට ඔයා ඉදි . එහෙම නැතුව රාජ සම්පත් ලැබුනත් මොකටද ඔයාට ඔයාව නැත්නම් ,

යන්නම්

Monday, June 19, 2017

විසිරුණ කතාවක් 01 : සදාචාරේට හිරවෙලා





ජිවිතේ හරි පුදුමාකාරයි . ඒක රැදිලා තියෙන්නේ කාලයයි ආදරයයි මරණයයි මත .අපි හැමෝටම තියෙනවා කාටවත් නොකිව්ව අපේම ආදර කතාවක් . ඒ වගේම අපි හැමෝටම තියෙනවා හීන . ඒ හීන වලට යන්න අපිට ඕන වෙනවා කාලය . අපි ගොඩක් අපේ වැරදි දාන්නේ කාලය පිටට . ඒ කිව්වේ අපිට මොකක් හරි ලගා කරගන්න බැරි උනාම අපි බනින්නෙත් කාලයටමයි. ආදරේ අපිව හිත පිත් නැතුව අසරණ කරලා ගියාම අපි එකට බනින්නෙත් කාලයටම තමයි . සමහරු ඔය කාලයටම ඉඩ දීලා බලන් ඉදිද්දී තවත් සමහරු මරණයට අඩගහන එක දැන් පුරුද්දක් වෙලා.

ඉතින් අද කියන්න යන්නේ කාලය ගැනවත් මරණය ගැනවත් නෙවෙයි ආදරය ගැන.හැබැයි ආදරයෙන් උපන් විරහව ගැන. අපි හැමෝටම ආදර කතාවක් තියෙනවා. හරි සුන්දර අත්දැකීමක් විදියට ලැබෙන ආදරය වෙලාවකට මේ ලෝකේ තියෙන දුෂ්ටම බලවේගය වෙනවා කියලා කිව්වොත් ආදරේ කරපු කවුරුවත් මට විරුද්ධ වෙන එකක් නෑ. ආදරේ කියන්නේ මොකක්ද ආදරේ කරන්නේ කොහොමද කියලා ගොඩක් මිනිස්සු කියලා තියෙනවා. හැබැයි ඒ මිනිස්සු කවදාවත් කියලා නෑ ආදරයක් නැති උනාට පස්සේ මොකද කරන්න ඕනේ කියලා. මොකද ඉතිහාසයේ කවදාවත් ආදරයක් නැති වෙලා නෑ . නැති වෙලා තියෙන්නේ ආදරය කරපු අය මිසක් ආදරය නෙවෙයි. එකයි වෙන් උනාට පස්සේ මොකක්ද කරන්නේ කියලා කාටවත් හිතාගන්න බැරි . සමහර විට වෙන කෙනෙක්ව හොයාගන්නත් පුළුවන් , එහෙම නැත්නම් හොදට බොන්න පුරුදු වෙන්නත් පුළුවන් , එහෙමත්ම නැත්නම් ජිවිතේ හානි කරගන්න උනත් ........

තීරණය මොකක් උනත් ඒ ඔයාට හිතෙන විදිය , ඔයාගේ ජිවිතේ එක අසීරු අවස්ථාවක් තමයි සම්බන්ධතාව අහිමි වීම , අහිමි වීම ස්වභාවික හේතුවක්  වගේම කෘතීම හේතුවක්  වෙන්නත් පුළුවන් , ගොඩක් ගීත පදරචකයන්ගේ කවියන්ගේ දියුණුවට හේතුවත් ඔය විරහවයි. හරි ලස්සනයි ආදරය . ඒවගේම හරි ලස්සනයි විරහව. සිය දහස් ගානක් ගැවසෙන තැනක තනිකම දැනෙන්නත් ඔය විරහවට හේතුවක් වෙන්න පුළුවන්.ජීවිතේම කියලා හිතාගෙන හිටපු සමහර තැන ජීවිතේටම එපා වෙන්නත් ආදරයට කරන්න පුළුවන් දේවල් බොහොමයි.
ඇත්තටම මේ සටහන ලියන්න හේතු වෙන්නේ ආදරයවත් විරහවත් නෙවෙයි මරණය. ගොඩක් ජිවිත සමුගත්ත අකාලයේ විරහව නිසා. ඔයාගේ තීරණේ වැරදි කියන්න තරම් පටු තැනක් අපි කවුරුත් නෑ . මොකද අර කතාවක් තියෙනවනේ ‘ප්‍රශ්නය අපගේ නොවන තාක්කල් විසදුම දාර්ශනික වේ කියලා ‘ . නීතියෙන් වැරැද්දක් නොවන ඕනෑම දෙයක් ඔයාට කරන්න පුලුවන් . එකයි මම කිව්වේ මැරෙන්න හිතෙනවනම් මැරෙන්න , හැබැයි ඊට කලින් එක පාරක් ජිවිතේ ආපහු හැරිලා බලන්න ,

ඔයාගේ ආදරේ තාමත් හුස්ම අදිනවා නේද කියලා , ඔයා වෙනුවෙන් අත්පොලසන් දුන්න මිනිස්සු තාමත් අත්පොලසන් දෙනවා නේද කියලා , ඔයාගේ ජිවිතේ පුංචි කාලේ ඉදන් වැරදි හදපු මිනිස්සු තාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා නේද කියලා ,

සදාචාරේට හිරවෙලා තීරණ ගන්න මිනිස්සු ඉන්න රටක තීරණ ගන්න ගිහින් ඔයත් ඒ තත්වෙට වැටෙන්න එපා . ඔය සදාචාරේ ඔයාට කෙල වෙනකම් විතරයි , එකත් හරියට අපිට කොටි ගහද්දි මානව හිමිකම් ගැන කතා කරපු එංගලන්තේ උන්ට බෝම්බ වදිද්දී මානව හිමිකම් එපා කියලා කිව්වා වගේ . කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එක පාරක් හිතපන් .

කොල්ලෙක් අඩනවට ලජ්ජා කරන මිනිස්සුම ඒ කොල්ලා කෝච්චියට බෙල්ල තිබ්බම ආයෙමත් බනිනවා. කොල්ලා අතින් අනාථ වෙලා එත් තනියම ළමයා හදාගෙන ජිවත් වෙද්දී ඒ ගෑනිට ලෝකේ නැති කතා කියනවා. ඒ ගෑනී ම කෝච්චියට බෙල්ල තිබ්බම ආයෙමත් බනිනවා .

ආදරය වෙනුවෙන් මැරෙන්න කාටවත් බෑ මොකද එතන තව දුරටත් ආදරයක් තියෙනවනම් මරණයක් වෙන්න බෑ . මේක එක දිගට එක මාතෘකාවකට ලිව්ව කතාවක් නෙවෙයි . මේක විසිරුණ කතාවක්. ආරම්භය වගේම අවසානය ගැලපෙනවද කියලා ඔයා හිතයි . මොකටද ආරම්භය අවසානයට ගැලපෙන්නේ ?
කාටවත් ඕන විදියට නෙවෙයි ඔයාට ඕන විදියට ජිවත් වෙන්න . ආදරය එතකොට සුන්දරයි , විරහව උනත් සුන්දරයි , මරණය උනත් සුන්දරයි .

යන්නම් ,

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...