Showing posts with label ආඩම්බරකාර. Show all posts
Showing posts with label ආඩම්බරකාර. Show all posts

Sunday, July 2, 2017

ජිවිතේ මතකයන් ගොන්නක් ......





ආදරේ  ලගා කරගැනීම නිසා ඇතිවන සතුටත් ආදරේ අහිමි වීම නිසා ඇතිවන වියෝගය කියන ඔය දෙකම ඇති වෙන්නේ එකම හිතේ . හරි පුදුමයි නේද එකත් .ඉතින් ජිවිතේ කවදා හරි ආදරේ කරලා තියෙනවද , ජිවිතේ කවදාකම  හරි විරහව විදලා තියෙනවද , ආදරේ කියන්නේ හවුලේ කරන දෙයක් කියලයි මට හිතෙන්නේ .මොකද ඔයාට විතරක් තනියෙන් ආදරේ කරන්න පුලුවන්ද ?...  ආදරේ කියන්නේ හොදට පදමට හදන රස හොද්දක් කියලා හිතන්නකෝ , මට වගේම ඔයාටත් පුළුවන් හවුලේ හදන හොද්දට ලුනු දාන්න,ලුනු කියන්නේ නිකන් අපෙන් ඇතිවන කෝපය වගේ දෙයක්.ඇයි ඔයාට කේන්ති ගන්න පුලුවන්නම් මට බැරි නේද ?.. ඉතින් එහෙම දෙන්නම ලුනු දාපු හොද්දක් ගැන හිතන්නකෝ . එතකොට අපිට ඒ හොද්ද විසි කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද ?.. එක්කෝ අපිට පුළුවන් ලෝකෙටම පෙන්න ලුනු වැඩි හොද්දක් කන්න , හැබැයි ඒක හැමදාමත් කරන්න බෑ කියලා ඔයා වගේම මමත් දන්නවා . ඉතින් අපි හොද්ද විසි කරමු , අමාරුවෙන් කනවට වඩා එක ගොඩක් හොදයි කියලා තේරෙන්නත් හැබැයි එක පාරක් වත් එහෙම කාල තියෙන්නත් ඕන නේද ? ..
ආදරෙත් අන්න ඒ වගේ වෙලාවකට , අපිට අපි වෙනුවෙන්ම හොද්ද විසි කරන්න වෙනවා. සමහරක් වෙලාවට දුක හිතෙන්න පුළුවන් කොච්චර අමාරුවෙන්ද අපි මේ හොද්ද හැදුවේ , ඇයි දෙවියනේ විසිකලේ කියලා . එත් අපිට එක කරන්න වෙනවා .
  
ඉතින් ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක් . ජිවිතේ මතකයන් ගොන්නක් . සමහරක් විට ඒ මතකය අපිව වෙනම ලෝකෙකට අරන් යනවා . ඒ ආදරේ බිදිලා ගියත් අලුත් ආදරේකට යන්න අපි හරි බයයි . මොකද තැලිච්ච හිත් ආපහු තලා ගන්න වෙයි කියලා අපි හරි බයයි . ජිවිතේ පුදුමයි , ගොඩක් පුදුමයි , හිතාගන්නවත් බැරි තරම්. සමහරක් වෙලාවට කොච්චර මිනිස්සු ලගින් හිටියත් තනිවෙලා වගේ . කාලෙකදී නැතුවම බැරි වෙලා හිටපු අය නොදන්නම ගානට හැසිරෙනකොට එකෙත් අමුතුම රසයක් නැතුවම නෙවෙයි .

හැබැයි මතක තියාගන්න ඔයාට ලැබෙන්න ඕන කෙනා ඔයාට ලැබෙනවා . සමහරක් විට ඔයාට ඉවසන්න වෙයි , කාලයට ඉඩ දෙන්න වෙයි. ජිවිතයෙන් ගියපු අය ගැන හිතනවට වඩා ඒ කෙනා ගියපු හේතු ඔයාට අනාගතයට වැදගත් වෙන්න පුළුවන් . මිනිස්සු නෙවෙයි ජිව්තේදී සිද්දි මතක තියාගන්න. ආදරේදී විතරක් නෙවෙයි ජිවිතේ සිද්ධ වෙන ඕන දේකදී ඒ දේට අදාල වන මිනිස්සුන්ට වඩා සිද්ධි ගැන හිතන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි ජිවිතේ කවමදාක හරි .



ඉතින් අන්තිමට මම අහපු ලස්සන කතාවකින් මේ ලියවිල්ල අදට ඉවර කරන්නම් , ජීවිතය තුල ඇත්තේ යාම් සහ එම් විතරයි ,
එහෙනම් මාත් ගිහින් එන්නම් 



Sunday, October 5, 2014

දැනෙනවද ඔයාට ........






ඔයාගේ ඔය ආඩම්බරකාර හිනාවට  මම කොච්චර ලෝබ  උනාද කියලා 
               දැනෙනවද ඔයාට .....
ඔයා  වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා  කියලා 
               දැනෙනවද ඔයාට.....
පුංචි පුංචි දේවලට පැය ගණන් වරුගණන් බොරුවට වාද  කළේ ආදරේට කියලා  
              දැනෙනවද ඔයාට .....
ඔය නෙත් යුගලේ හිමිකාරිට මම කොච්චර ආදරෙයි ද කියලා 
              දැනෙනවද ඔයාට .....

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...