Showing posts with label ආදරේ. Show all posts
Showing posts with label ආදරේ. Show all posts

Sunday, August 13, 2017

ජීවිතේට ආදරෙන් ....


ආදරේ කියන්නේ සුන්දර චාරිකාවක් . හැබැයි සුන්දර චාරිකාවක් කියලා කිව්ව පලියට ඒක සුන්දර වෙන්නේ නෑ. ඒක සුන්දර කරගන්න ඕනා. හැබැයි ඒ චාරිකාවේදී අපිට මල් වතු , දිය ඇලි විතරක් මුණගැසෙවි කියලා වැරදියට හිතන්න ගියොත් අපිට ඒ චාරිකාව අතරමග නවත්තලා දාන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය චාරිකාවේදී ගිරි දුර්ග උණත් මුණ නොගැසේවි කියලා ඔයාට කියන්න නම් බෑ. ඔය වගේ ජීවිතේ අසීරු තැන් වලදී අපි අපිව පරික්ෂා කරන්න යනවා , ඒ කිව්වේ අපි අපේ ආදරේ පරික්ෂා කරන්න යනවා. ඉතින් අපේ ආදරේ මහා ප්‍රපාත වලට ඇද වැටෙන්න එක හේතුවක් වෙනවා කියලා අපිට ඒ වෙලාවට නොපෙනෙන්න පුළුවන්.

හැබැයි දෙදෙනාම දන්නවනම් අත් අල්ලා ගැනීමේ රහස කවදාවත් අනතුරකට ලක් වෙන්නේ නෑ. දැන් මොකක්ද මේ අත් අල්ලා ගැනීමේ රහස කියන්නේ . ඒක හරි සරල සිද්ධාන්තයක්. හිතන්න ඔයා ඔයාගේ පෙම්වතියව අල්ලගෙන ඉතාම අමාරු ඒ දණ්ඩක් තරණය කරනවා කියලා. හැබැයි ඔයා වැටෙන්න ගියොත් ඔයාට පෙම්වතියගේ අත අතහැරෙන්න පුළුවන්. එත් ඔයාගේ පෙම්වතියත් ඔයාගේ අතින් අල්ලාගෙන හිටියොත් ඔයා වැටෙන්න ගියත් එයා වැටෙන්න ගියත් අනතුරක් නැතුව දෙන්නටම බේරෙන්න පුළුවන්. ඔය අත් අල්ලාගැනීමේ රහස කිව්වේ කායිකව අත් අල්ලා ගැනීම නම් නෙවෙයි. මොකද ආදරේ ඇති වෙන්නේ හිත් දෙකක් තුල. ඔය හිත් දෙක අල්ලගන්න පුලුවන්නම් හරියට එක තමයි ජය ගැනීමේ මග වෙන්නේ.

ජිවිතේ ගොඩක් දේවල් අපිට හරියට ස්පර්ශ වෙන්න නම් ඒ දේවල් අපෙන් ඈතට ගිහින් තියෙන්නම වෙනවා. සමහරක් විට ආපහු ඒ දේවල් අපි ලගට එන්නත් පුළුවන් , නොඑන්නත් පුළුවන්.මම කියන්නේ මිනිස්සු ගැන නෙවෙයි ඒ හැගීම් ගැන. සමහර වෙලාවට ආදර සම්බන්ධතා බිදිලා ගියාම ආදරේ කියන හැගීමම අපිට එපා වෙලා යනවා. සමහර වෙලාවට අපි අකමැතිම දේවල් සිද්ධ වෙද්දී සතුට කියන හැගීම අපිට නැති වෙලාම යනවා. හැබැයි මතක තියාගන්න තියෙන්නේ ඔය හැම හැගිමකටම වඩා වටින්නේ ජීවිතය. හැගීම් කියන දේවල් අපි කාටවත් මනින්න බැහැ. 


හිතන්නකෝ ඔයාට පුලුවන්ද ඔයාගේ ආදරේ මෙච්චරයි කියලා මනින්න. කවදාවත් ඔයාට පුලුවන්ද ඒක කරන්න. බැහැ නේද ? හැබැයි අපි කියන්නේ නම් අච්චරක් ආදරෙයි මෙච්චරක් ආදරෙයි කියලා. එත් ඒවා බොළද උත්තර කියලා අපි හැමෝම දන්නවා. ආදරේ කියන්නේ වෙලාවකට ඔය වගේ හරි බොළද දෙයක් , වෙලාවකට හරිම සංකීර්ණ දෙයක්.

සමහර පුංචි පුංචි දේවල් ආදරේදී මහා ලොකු ප්‍රශ්න වෙන්නත් මහා ලොකු කාලයක්ම ඕන වෙන්නේ නෑ. නිකන් හිතන්නකෝ ඔයාට දෙනවා පුංචි සබන් කෑල්ලක් ඔයාගේ වමත උඩ තියාගෙන ඉන්න කියලා. ඔයාට පුලුවන්ද ? ඔව් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් මොකද ඒක එච්චරක් බරක් නෙවෙයි. හැබැයි හිතන්නකෝ ඒ සබන් කෑල්ල ඔයා පැය 5-6 ක් එක දිගට තියාගෙන හිටියොත් , එහෙම නැත්නම් දවසක් තියාගෙන හිටියොත් ?.... 


මොකද උණේ සබන් කෑල්ලේ බර වැඩි උනාද ? නෑ නේ නේද ? හැබැයි ඔයාට දරාගෙන ඉන්න අමාරු වෙනවා.ඒ වගේ තමයි ජිවිතේදී ආදරේදී ඇතිවෙන පුංචි පුංචි ප්‍රශ්න උනත් ඒ වෙලාවේදී අපි එතනින් තියල යන්න ඕනා. අපි ඕක අල්ලාගෙන හිටියොත් අපිට කවදාවත් චාරිකාව යන්න වෙන්නේ නෑ.

අනිත් දේ තමයි අපිට ගැලපෙනම කෙනා එකපාරම ලැබෙන්න ඕනා කියලා කවුරු හරි හිතං ඉන්නවනම් , එකත් වැරදි මතයක් .සමහර විට සුදුසු වෙලාව ආපුවම ඔයාට සුදුසු කෙනා මුණගැහෙන්න පුළුවන්. එතකං ජිවිතයට නිදහසේ ගලාගෙන යන්න දෙන්න. සීමා මායිම් දාගන්න එපා , දාන්න දෙන්නත් එපා. සුදුසු කෙනා ඔයාව සුදුසු තැනකට අරගෙන යාවි. දාලා ගියපු අයට සතුටින් සුබ පතන්න. සමහරක් විට එයා ඔයාව ඊට වඩා සුදුසු කෙනෙක් ගාව ඉන්න සුදුසු විදියට හදලා යන්නත් පුළුවන්. 


ඒක මෙහෙමයි සමහරක් විට ඔයාට කියවන්න අලුත්ම පොතක් නොලැබෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඒ පොතේ වටිනාකම නම් අඩු වෙන්නේ නෑ . සමහරක් විට කලින් කියවපු අය ඒ පොතේ තිබුණ වැරදි අඩුපාඩු එහෙමත් හදලා තියෙන්න පුළුවන් . අපේ ජිවිතත් ඒ වගේ.
ජිවිතේ හැම දෙකින්ම ගන්න පුළුවන් හොදක් තියෙනවනම් ගන්න. ඒ වගේමයි මේ ලියවිල්ලෙන් උණත් ගන්න පුළුවන් දෙයක් තියෙනවානම් ගන්න. නැත්නම් මුගේ මනස්ගාත කියලා අමතක කරලා දාන්න. 




---+----+----+----+----+----+----+----+----+----+----+----+----+----+---

විශේෂයෙන් ජිවිතේ එක් දුෂ්කර පරිච්ජෙදයකදී  වචනෙකින් හරි හිත හදපු , කතා කරපු ඔයා වෙනුවෙන්. 

 {සමහර කරුණු අන්තර්ජාලය ඇසුරිණි }



Sunday, July 2, 2017

ජිවිතේ මතකයන් ගොන්නක් ......





ආදරේ  ලගා කරගැනීම නිසා ඇතිවන සතුටත් ආදරේ අහිමි වීම නිසා ඇතිවන වියෝගය කියන ඔය දෙකම ඇති වෙන්නේ එකම හිතේ . හරි පුදුමයි නේද එකත් .ඉතින් ජිවිතේ කවදා හරි ආදරේ කරලා තියෙනවද , ජිවිතේ කවදාකම  හරි විරහව විදලා තියෙනවද , ආදරේ කියන්නේ හවුලේ කරන දෙයක් කියලයි මට හිතෙන්නේ .මොකද ඔයාට විතරක් තනියෙන් ආදරේ කරන්න පුලුවන්ද ?...  ආදරේ කියන්නේ හොදට පදමට හදන රස හොද්දක් කියලා හිතන්නකෝ , මට වගේම ඔයාටත් පුළුවන් හවුලේ හදන හොද්දට ලුනු දාන්න,ලුනු කියන්නේ නිකන් අපෙන් ඇතිවන කෝපය වගේ දෙයක්.ඇයි ඔයාට කේන්ති ගන්න පුලුවන්නම් මට බැරි නේද ?.. ඉතින් එහෙම දෙන්නම ලුනු දාපු හොද්දක් ගැන හිතන්නකෝ . එතකොට අපිට ඒ හොද්ද විසි කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද ?.. එක්කෝ අපිට පුළුවන් ලෝකෙටම පෙන්න ලුනු වැඩි හොද්දක් කන්න , හැබැයි ඒක හැමදාමත් කරන්න බෑ කියලා ඔයා වගේම මමත් දන්නවා . ඉතින් අපි හොද්ද විසි කරමු , අමාරුවෙන් කනවට වඩා එක ගොඩක් හොදයි කියලා තේරෙන්නත් හැබැයි එක පාරක් වත් එහෙම කාල තියෙන්නත් ඕන නේද ? ..
ආදරෙත් අන්න ඒ වගේ වෙලාවකට , අපිට අපි වෙනුවෙන්ම හොද්ද විසි කරන්න වෙනවා. සමහරක් වෙලාවට දුක හිතෙන්න පුළුවන් කොච්චර අමාරුවෙන්ද අපි මේ හොද්ද හැදුවේ , ඇයි දෙවියනේ විසිකලේ කියලා . එත් අපිට එක කරන්න වෙනවා .
  
ඉතින් ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක් . ජිවිතේ මතකයන් ගොන්නක් . සමහරක් විට ඒ මතකය අපිව වෙනම ලෝකෙකට අරන් යනවා . ඒ ආදරේ බිදිලා ගියත් අලුත් ආදරේකට යන්න අපි හරි බයයි . මොකද තැලිච්ච හිත් ආපහු තලා ගන්න වෙයි කියලා අපි හරි බයයි . ජිවිතේ පුදුමයි , ගොඩක් පුදුමයි , හිතාගන්නවත් බැරි තරම්. සමහරක් වෙලාවට කොච්චර මිනිස්සු ලගින් හිටියත් තනිවෙලා වගේ . කාලෙකදී නැතුවම බැරි වෙලා හිටපු අය නොදන්නම ගානට හැසිරෙනකොට එකෙත් අමුතුම රසයක් නැතුවම නෙවෙයි .

හැබැයි මතක තියාගන්න ඔයාට ලැබෙන්න ඕන කෙනා ඔයාට ලැබෙනවා . සමහරක් විට ඔයාට ඉවසන්න වෙයි , කාලයට ඉඩ දෙන්න වෙයි. ජිවිතයෙන් ගියපු අය ගැන හිතනවට වඩා ඒ කෙනා ගියපු හේතු ඔයාට අනාගතයට වැදගත් වෙන්න පුළුවන් . මිනිස්සු නෙවෙයි ජිව්තේදී සිද්දි මතක තියාගන්න. ආදරේදී විතරක් නෙවෙයි ජිවිතේ සිද්ධ වෙන ඕන දේකදී ඒ දේට අදාල වන මිනිස්සුන්ට වඩා සිද්ධි ගැන හිතන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි ජිවිතේ කවමදාක හරි .



ඉතින් අන්තිමට මම අහපු ලස්සන කතාවකින් මේ ලියවිල්ල අදට ඉවර කරන්නම් , ජීවිතය තුල ඇත්තේ යාම් සහ එම් විතරයි ,
එහෙනම් මාත් ගිහින් එන්නම් 



Tuesday, June 20, 2017

පුංචි වැරද්දක් ඇති සමහර විට.....



ජිවිතේ කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් එකපාරටම මොකක් කියයිද ඔයා. සුන්දර දෙයක් , එහෙම නැත්නම් තරගයක් එහෙමත්ම නැත්නම් විභාගයක් .ඇයි ප්‍රෙහෙලිකාවක් වෙන්න බැරිද ? ඔයාට එහෙම හිතෙයි .ඇත්ත ජිවිතේ හරි සුන්දරයි හැබැයි ඒ සුන්දරත්වය ලගා කරගන්න නම් අපිට තරග ගණනාවක් එහෙම නැත්නම් විභාග ගණනාවක් සමත් වෙන්න වෙනවා. 


විභාග එහෙම නැත්නම් මිනුම් දඩු තියෙන්නේ අපිව සමත් කරනවට වඩා අසමත් කරන්න කියලා මම කිව්වොත් ඔයාලා මාත් එක්ක විරුද්ද වෙන එකක් නෑ කියලා මම දන්නවා. මොකද දැන් ඔයා ජිවිතේ මේතාක් දුර එන්න ගොඩක් විභාග පහුකරලා ආපු විත්තිය මම දන්නවා. ශිෂ්‍යත්වෙන් පටන් ගත්තම අපේ ජිවිතේ මැරෙනකම්ම තියෙන්නේ තීරණාත්මක කඩයිම්. පුංචි වැරද්දක් ඇති සමහර විට ජිවිතේ අවුරුද්දක් දෙකක් , කීපයක්ම පස්සට යන්න. 

ආදරේ කියන්නෙත් එක්තරා තරග විභාගයක් එතැනදී බලන්නේ ඉවසීම , විශ්වාසය , කැපවීම වගේ දේවල . ඉතින් ඔය කඩයිම පලවෙනි පාරම සමත් වෙන්න ටිකක්  අමාරුයි. මොකද මේ විභාගේ ජයගන්න හිතන තරම් ලේසි නෑ. හොද ඉවසීමක් , එකෙනිකා කෙරෙහි විශ්වාසය කැපවීම වගේ දේවල් තිබුන පලියටම මේක සමත් වෙන්න අමාරුයි.එකට වාසනාවත් ඕන .

ඉතින් දැන් මම කතා කරන්න යන්නේ ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් නෙවෙයි විභාගේ ගැන. පාසල් ජිවිතේ ඔයාට විභාග අනන්තවත් හමුවෙලා ඇති . විභාග සමත් වෙලා ඇති .සමහර විට අසමත් වෙලත් ඇති . ඇයි දැන් මට විභාගේ ගැන කතා කරන්න හිතුනේ ? හරිම සරලවම කිව්වොත් විශ්ව විද්‍යාලෙට ඇවිත් අවසන් වසරේ අන්තිම කඩයිමට පෙර තියෙන විභාග වලට ලෑස්ති වෙන ගමන් ඉන්නේ . ඉතින් මේ වගේ මාතෘකාවක් කතා කරන්න හොදම වෙලාවක් මීට වඩා තියෙන්න පුලුවන්ද ?..

විභාගේ ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ විභාගෙට කලින් , එහෙමත් නැත්නම් පුර්ව විභාග අවධිය . ඔන්න මේ කාලේ තමයි හරිම භයානක කාලේ . ඕනෑම තරග විභාගෙකදී අපි පාඩම් කරන්න ගන්නේ අන්තිම වෙලාවේදී . මම හිතන්නේ අපේ ජානවල ඉදන්ම එන දෙයක්ද කොහෙද . හිතන්නකෝ ඔයාට වැඩ කෝටියක් තියෙනවා හැබැයි දවස් ගාන සීමිතයි . ඔන්න ඔය වෙලාවට ඔයාට හිතෙනවා කාලසටහනක් හදන් වැඩ කරන්න . එහෙම කියලා ඔයා කාලසටහනක් හදලා දවස් දෙකක් උපරිමේට වැඩ කරයි . ඔයාට හිතෙනවා Film එකක් බලන්න , cricket match එකක් ගහන්න. හැබැයි ඔයාගේ හිතේ වැඩ කරන්නේ විභාගේ .
මතක් කරගන්න ඔයා ගොඩක් අමාරුවෙන් ඒ ආසාවල් අමතක කරලා දාපු අතීතය. ඔයාට වැඩ කරන්න පුළුවන් උනාද ප්‍රබෝදයකින් ? නැත්නම් ගිලිහුණ අවස්ථාව ගැන හිත හිත හිටියද ?.. ඔයා දන්නවා දැන් මම මොකක්ද කියන්න යන්නේ කියලා . අපි එකිනෙකා  වෙනස් . අපි වැඩ කරන හැටි වෙනස් පාඩම් කරන හැටි වෙනස් . ඇත්තටම හිතන හැටි වෙනස් . එත් අපි අපිවම පාලනය කරගන්න හදනවා අරයා වගේ මෙයා වගේ වෙන්න . ඉතින් එහෙම පුළුවන්ද ඇත්තටම.

එහෙම පුලුවන්ද බලන්න නෙවෙයි හිතන්න ඔයාට මේ වෙලාවේ මොකක්ද ඕන . සෙල්ලම් කරන්නද , Film එකක් බලන්නද ?.. යන්න ආස දේ කරන්න විභාගේ අමතක වෙන්නේ නෑ ඔයාට . මොකද එක අමතක කරන්න බෑ ... එත් ඔයාට පුළුවන් ඊට පස්සේ නැවුම් වෙනසකින් වැඩ කරන්න . ජීවිතේට සීමාමායිම් දාගන්න එපා. දාගන්න වෙන තැනක ඉන්නත් එපා. මොන දේ උනත් ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා .

විභාගෙ කාලේදී පුලුවන්නම් කියවලා බලන්න Sleeping cycles ගැන . එහෙම නැත්නම් සරලවම කිව්වොත් ඔයාට හොද නින්දක් එන්නේ විනාඩි 90 වක්‍ර වලින් . ඒ කියන්නේ පැය 1.5 කට සැරයක් ඔයා අලුත් නිදන චක්‍රයකට ඇතුල් වෙනවා . එහෙම වෙලාවක නැගිට්ටම ඔයාට පහසුයි . අතර මැදදී ඇහැරුනොත් තමයි ඇගට අමාරු ගතියක් ඔයාට දැනෙන්නේ .හැබැයි අඩුම තරමේ චක්‍ර 4ක නින්දක් වත් දවසට ඕන කියන එක මතක තියාගන්න .
අනික පාඩම් කරනවා කියන එක මෙච්චර වෙලා පාඩම් කරනවා කියලා සීමා දාගන්න එපා . ඔයාට පුළුවන් කියලා ඔයාට දැනෙනවානම් ඔයා පාඩම් කරන්න රෑ වෙනකම් එහෙම නැත්නම් උදේම නැගිටලා හවස් වෙනකම් . හැබැයි වෙන කෙනෙක් එහෙම කරන නිසා නෙවෙයි මේවා ඔයාටම ඕන කියලා දැනුනට පස්සේ .

ඉතින් මට කියන්න ඕන වුන දේවල් සේරම මම ඔයාට කිව්වා . හැමදාමත් වගේ ඔයා ඔයාම වෙන්න .අන්තිමට මොනදේ නැති උණත් කවුරු දාල ගියත් ඔයාට ඔයා ඉදි . එහෙම නැතුව රාජ සම්පත් ලැබුනත් මොකටද ඔයාට ඔයාව නැත්නම් ,

යන්නම්

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...