Showing posts with label ඔයා. Show all posts
Showing posts with label ඔයා. Show all posts
Sunday, September 3, 2017
අපි ආදරේ කළා ...
මතකනම් ඔබට පෙරදා
ආදරේ කල යුරු සැමදා
හැරගොහින් අද මෙදා
මතක නැතිදෝ මා සදා
අරුත දුන් නුබ ජිවිතේ
නුඹම හැර ගොස් මාවතේ
එදා හුන් තැන මා හිතේ
සදා ඉන්නවා නුබ ප්‍රියේ
නුඹ ගොසින් ඇත මන්දිරේ
මා තවම ඇත විල්තෙරේ
ඉන්න තැන සතුටින් ලදේ
ඉන්න පතනවා මම මෙසේ
Sunday, August 13, 2017
ජීවිතේට ආදරෙන් ....
ආදරේ කියන්නේ සුන්දර චාරිකාවක් . හැබැයි සුන්දර චාරිකාවක් කියලා කිව්ව පලියට ඒක සුන්දර වෙන්නේ නෑ. ඒක සුන්දර කරගන්න ඕනා. හැබැයි ඒ චාරිකාවේදී අපිට මල් වතු , දිය ඇලි විතරක් මුණගැසෙවි කියලා වැරදියට හිතන්න ගියොත් අපිට ඒ චාරිකාව අතරමග නවත්තලා දාන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය චාරිකාවේදී ගිරි දුර්ග උණත් මුණ නොගැසේවි කියලා ඔයාට කියන්න නම් බෑ. ඔය වගේ ජීවිතේ අසීරු තැන් වලදී අපි අපිව පරික්ෂා කරන්න යනවා , ඒ කිව්වේ අපි අපේ ආදරේ පරික්ෂා කරන්න යනවා. ඉතින් අපේ ආදරේ මහා ප්‍රපාත වලට ඇද වැටෙන්න එක හේතුවක් වෙනවා කියලා අපිට ඒ වෙලාවට නොපෙනෙන්න පුළුවන්.
හැබැයි දෙදෙනාම දන්නවනම් අත් අල්ලා ගැනීමේ රහස කවදාවත් අනතුරකට ලක් වෙන්නේ නෑ. දැන් මොකක්ද මේ අත් අල්ලා ගැනීමේ රහස කියන්නේ . ඒක හරි සරල සිද්ධාන්තයක්. හිතන්න ඔයා ඔයාගේ පෙම්වතියව අල්ලගෙන ඉතාම අමාරු ඒ දණ්ඩක් තරණය කරනවා කියලා. හැබැයි ඔයා වැටෙන්න ගියොත් ඔයාට පෙම්වතියගේ අත අතහැරෙන්න පුළුවන්. එත් ඔයාගේ පෙම්වතියත් ඔයාගේ අතින් අල්ලාගෙන හිටියොත් ඔයා වැටෙන්න ගියත් එයා වැටෙන්න ගියත් අනතුරක් නැතුව දෙන්නටම බේරෙන්න පුළුවන්. ඔය අත් අල්ලාගැනීමේ රහස කිව්වේ කායිකව අත් අල්ලා ගැනීම නම් නෙවෙයි. මොකද ආදරේ ඇති වෙන්නේ හිත් දෙකක් තුල. ඔය හිත් දෙක අල්ලගන්න පුලුවන්නම් හරියට එක තමයි ජය ගැනීමේ මග වෙන්නේ.
හැබැයි දෙදෙනාම දන්නවනම් අත් අල්ලා ගැනීමේ රහස කවදාවත් අනතුරකට ලක් වෙන්නේ නෑ. දැන් මොකක්ද මේ අත් අල්ලා ගැනීමේ රහස කියන්නේ . ඒක හරි සරල සිද්ධාන්තයක්. හිතන්න ඔයා ඔයාගේ පෙම්වතියව අල්ලගෙන ඉතාම අමාරු ඒ දණ්ඩක් තරණය කරනවා කියලා. හැබැයි ඔයා වැටෙන්න ගියොත් ඔයාට පෙම්වතියගේ අත අතහැරෙන්න පුළුවන්. එත් ඔයාගේ පෙම්වතියත් ඔයාගේ අතින් අල්ලාගෙන හිටියොත් ඔයා වැටෙන්න ගියත් එයා වැටෙන්න ගියත් අනතුරක් නැතුව දෙන්නටම බේරෙන්න පුළුවන්. ඔය අත් අල්ලාගැනීමේ රහස කිව්වේ කායිකව අත් අල්ලා ගැනීම නම් නෙවෙයි. මොකද ආදරේ ඇති වෙන්නේ හිත් දෙකක් තුල. ඔය හිත් දෙක අල්ලගන්න පුලුවන්නම් හරියට එක තමයි ජය ගැනීමේ මග වෙන්නේ.
ජිවිතේ ගොඩක් දේවල් අපිට හරියට ස්පර්ශ වෙන්න නම් ඒ දේවල් අපෙන් ඈතට ගිහින් තියෙන්නම වෙනවා. සමහරක් විට ආපහු ඒ දේවල් අපි ලගට එන්නත් පුළුවන් , නොඑන්නත් පුළුවන්.මම කියන්නේ මිනිස්සු ගැන නෙවෙයි ඒ හැගීම් ගැන. සමහර වෙලාවට ආදර සම්බන්ධතා බිදිලා ගියාම ආදරේ කියන හැගීමම අපිට එපා වෙලා යනවා. සමහර වෙලාවට අපි අකමැතිම දේවල් සිද්ධ වෙද්දී සතුට කියන හැගීම අපිට නැති වෙලාම යනවා. හැබැයි මතක තියාගන්න තියෙන්නේ ඔය හැම හැගිමකටම වඩා වටින්නේ ජීවිතය. හැගීම් කියන දේවල් අපි කාටවත් මනින්න බැහැ.
හිතන්නකෝ ඔයාට පුලුවන්ද ඔයාගේ ආදරේ මෙච්චරයි කියලා මනින්න. කවදාවත් ඔයාට පුලුවන්ද ඒක කරන්න. බැහැ නේද ? හැබැයි අපි කියන්නේ නම් අච්චරක් ආදරෙයි මෙච්චරක් ආදරෙයි කියලා. එත් ඒවා බොළද උත්තර කියලා අපි හැමෝම දන්නවා. ආදරේ කියන්නේ වෙලාවකට ඔය වගේ හරි බොළද දෙයක් , වෙලාවකට හරිම සංකීර්ණ දෙයක්.
සමහර පුංචි පුංචි දේවල් ආදරේදී මහා ලොකු ප්‍රශ්න වෙන්නත් මහා ලොකු කාලයක්ම ඕන වෙන්නේ නෑ. නිකන් හිතන්නකෝ ඔයාට දෙනවා පුංචි සබන් කෑල්ලක් ඔයාගේ වමත උඩ තියාගෙන ඉන්න කියලා. ඔයාට පුලුවන්ද ? ඔව් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් මොකද ඒක එච්චරක් බරක් නෙවෙයි. හැබැයි හිතන්නකෝ ඒ සබන් කෑල්ල ඔයා පැය 5-6 ක් එක දිගට තියාගෙන හිටියොත් , එහෙම නැත්නම් දවසක් තියාගෙන හිටියොත් ?....
මොකද උණේ සබන් කෑල්ලේ බර වැඩි උනාද ? නෑ නේ නේද ? හැබැයි ඔයාට දරාගෙන ඉන්න අමාරු වෙනවා.ඒ වගේ තමයි ජිවිතේදී ආදරේදී ඇතිවෙන පුංචි පුංචි ප්‍රශ්න උනත් ඒ වෙලාවේදී අපි එතනින් තියල යන්න ඕනා. අපි ඕක අල්ලාගෙන හිටියොත් අපිට කවදාවත් චාරිකාව යන්න වෙන්නේ නෑ.
අනිත් දේ තමයි අපිට ගැලපෙනම කෙනා එකපාරම ලැබෙන්න ඕනා කියලා කවුරු හරි හිතං ඉන්නවනම් , එකත් වැරදි මතයක් .සමහර විට සුදුසු වෙලාව ආපුවම ඔයාට සුදුසු කෙනා මුණගැහෙන්න පුළුවන්. එතකං ජිවිතයට නිදහසේ ගලාගෙන යන්න දෙන්න. සීමා මායිම් දාගන්න එපා , දාන්න දෙන්නත් එපා. සුදුසු කෙනා ඔයාව සුදුසු තැනකට අරගෙන යාවි. දාලා ගියපු අයට සතුටින් සුබ පතන්න. සමහරක් විට එයා ඔයාව ඊට වඩා සුදුසු කෙනෙක් ගාව ඉන්න සුදුසු විදියට හදලා යන්නත් පුළුවන්.
ඒක මෙහෙමයි සමහරක් විට ඔයාට කියවන්න අලුත්ම පොතක් නොලැබෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඒ පොතේ වටිනාකම නම් අඩු වෙන්නේ නෑ . සමහරක් විට කලින් කියවපු අය ඒ පොතේ තිබුණ වැරදි අඩුපාඩු එහෙමත් හදලා තියෙන්න පුළුවන් . අපේ ජිවිතත් ඒ වගේ.
ජිවිතේ හැම දෙකින්ම ගන්න පුළුවන් හොදක් තියෙනවනම් ගන්න. ඒ වගේමයි මේ ලියවිල්ලෙන් උණත් ගන්න පුළුවන් දෙයක් තියෙනවානම් ගන්න. නැත්නම් මුගේ මනස්ගාත කියලා අමතක කරලා දාන්න.
---+----+----+----+----+----+----+----+----+----+----+----+----+----+---
විශේෂයෙන් ජිවිතේ එක් දුෂ්කර පරිච්ජෙදයකදී වචනෙකින් හරි හිත හදපු , කතා කරපු ඔයා වෙනුවෙන්.
{සමහර කරුණු අන්තර්ජාලය ඇසුරිණි }
Sunday, July 2, 2017
ජිවිතේ මතකයන් ගොන්නක් ......
ආදරේ ලගා කරගැනීම නිසා ඇතිවන සතුටත් ආදරේ අහිමි වීම නිසා ඇතිවන වියෝගය කියන ඔය දෙකම ඇති වෙන්නේ එකම හිතේ . හරි පුදුමයි නේද එකත් .ඉතින් ජිවිතේ කවදා හරි ආදරේ කරලා තියෙනවද , ජිවිතේ කවදාකම හරි විරහව විදලා තියෙනවද , ආදරේ කියන්නේ හවුලේ කරන දෙයක් කියලයි මට හිතෙන්නේ .මොකද ඔයාට විතරක් තනියෙන් ආදරේ කරන්න පුලුවන්ද ?... ආදරේ කියන්නේ හොදට පදමට හදන රස හොද්දක් කියලා හිතන්නකෝ , මට වගේම ඔයාටත් පුළුවන් හවුලේ හදන හොද්දට ලුනු දාන්න,ලුනු කියන්නේ නිකන් අපෙන් ඇතිවන කෝපය වගේ දෙයක්.ඇයි ඔයාට කේන්ති ගන්න පුලුවන්නම් මට බැරි නේද ?.. ඉතින් එහෙම දෙන්නම ලුනු දාපු හොද්දක් ගැන හිතන්නකෝ . එතකොට අපිට ඒ හොද්ද විසි කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද ?.. එක්කෝ අපිට පුළුවන් ලෝකෙටම පෙන්න ලුනු වැඩි හොද්දක් කන්න , හැබැයි ඒක හැමදාමත් කරන්න බෑ කියලා ඔයා වගේම මමත් දන්නවා . ඉතින් අපි හොද්ද විසි කරමු , අමාරුවෙන් කනවට වඩා එක ගොඩක් හොදයි කියලා තේරෙන්නත් හැබැයි එක පාරක් වත් එහෙම කාල තියෙන්නත් ඕන නේද ? ..
ඉතින් ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක් . ජිවිතේ මතකයන් ගොන්නක් . සමහරක් විට ඒ මතකය අපිව වෙනම ලෝකෙකට අරන් යනවා . ඒ ආදරේ බිදිලා ගියත් අලුත් ආදරේකට යන්න අපි හරි බයයි . මොකද තැලිච්ච හිත් ආපහු තලා ගන්න වෙයි කියලා අපි හරි බයයි . ජිවිතේ පුදුමයි , ගොඩක් පුදුමයි , හිතාගන්නවත් බැරි තරම්. සමහරක් වෙලාවට කොච්චර මිනිස්සු ලගින් හිටියත් තනිවෙලා වගේ . කාලෙකදී නැතුවම බැරි වෙලා හිටපු අය නොදන්නම ගානට හැසිරෙනකොට එකෙත් අමුතුම රසයක් නැතුවම නෙවෙයි .
හැබැයි මතක තියාගන්න ඔයාට ලැබෙන්න ඕන කෙනා ඔයාට ලැබෙනවා . සමහරක් විට ඔයාට ඉවසන්න වෙයි , කාලයට ඉඩ දෙන්න වෙයි. ජිවිතයෙන් ගියපු අය ගැන හිතනවට වඩා ඒ කෙනා ගියපු හේතු ඔයාට අනාගතයට වැදගත් වෙන්න පුළුවන් . මිනිස්සු නෙවෙයි ජිව්තේදී සිද්දි මතක තියාගන්න. ආදරේදී විතරක් නෙවෙයි ජිවිතේ සිද්ධ වෙන ඕන දේකදී ඒ දේට අදාල වන මිනිස්සුන්ට වඩා සිද්ධි ගැන හිතන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි ජිවිතේ කවමදාක හරි .
ඉතින් අන්තිමට මම අහපු ලස්සන කතාවකින් මේ ලියවිල්ල අදට ඉවර කරන්නම් , ජීවිතය තුල ඇත්තේ යාම් සහ එම් විතරයි ,
එහෙනම් මාත් ගිහින් එන්නම්
Friday, June 23, 2017
හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්
මතකද පුංචිම කාලේ අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරි ගියපු හැටි... අමතක වෙන්න විදියක් නෑ නේ නේද? ඔයාට මතකද ඒ කාලේ ඔයා ඉගෙන ගත්තේ මොකටද කියලා . ඇත්තටම ඔයාට උවමනාවක් තිබ්බද ඒ කාලේ හොදට ඉගෙන ගන්න ?? මොන පිස්සුවක් ද මම කියවන්නේ නේද .... පුංචි හිත වලට කොහෙන්ද ඔච්චර ලොකු දෙයක් තේරෙන්නේ .පුංචි , ලොකු, ගැහැණු ,පිරිමි , සිංහල , දෙමළ , මුස්ලිම් , අපි හැමෝටම තියෙන දෙයක් මට අද කතා කරන්න හිතුනා.
ඉතින් ජිවිතේ අපිව ජිවත් කරවන්නේ මොනවද ? ඔයාට හිතෙයි අරමුණු කියලා එහෙම නැත්නම් අපි ගැන හොයන අපේම අය කියලා . මම කියනවා එහෙම නෙවෙයි අපිව ජිවත් කරවන්නේ හීන . පුංචි පුංචි හීන සමහරක් විට අපිට මහමෙරක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි .
ඉතින් මතක් කරගන්න පුංචි කාලේ ඔයා දැක්ක හීනේ , තව අවුරුදු 10 කින් එහෙම නැත්නම් 15 කින් ඔයාට යන්න ඕන කියලා හිතුන තැන . ඔයා අද එතනට ඇවිත් ද , නැත්නම් මම වගේම කවදාවත් හිතපු නැති පැත්තකට ගහගෙන ගිහින්ද ?
හීන කියන්නේ රස්සාවම නෙවෙයි සමහරක් විට ඔයා යන්න කැමති රටක් , එහෙම නැත්නම් ඔයා ඉන්න කැමති විදියක් වෙන්නත් පුළුවන් .දන්න කියන කාලේදී හැබෑ කරගන්න බැරි උන හීනයක් මගේ ජිවිතෙත් තියෙනවා . මම දන්නවා ඔයාටත් ඇති . කාලයක් තිබුණ පත්තරකාරයෙක් වෙන්න ඕන කියලා . පත්තරකාරයා කියලා කිව්වා එකට කව්රුත් තරහ වෙන එකක් නැ නේද ? මොකද අපි වැඩියෙන්ම කැමති දේවල් එක්ක තමයි අපිට නිදහසේ වචන හසුරුවන්න පුළුවන් . ජිවිතේ මට ඒ හීනේ මග ඇරුනා. ඒ හීනේ තාමත් හිතේ කොනක යාන්තමට තියෙනවා . මොකද හීන තියෙන්න මග අරින්න නොවන හින්දා . ඔයාට මම මේක කිව්වේ මොකද කියලා ඔයා මේක ඉවර වෙනකම් කියවන ගියාම තේරෙයි.
හීන නැති මිනිස්සු ඉන්න පුලුවන්ද ? හීන නැති මිනිස්සු ඉන්න පුළුවන් ඔව් එහෙම මිනිස්සු ඉන්නවා , මට හමු වෙලත් තියෙනවා . හැබැයි ඒ ජිවිත ගොඩක් යාන්ත්‍රිකයි , එයාලට තියෙන්නේ Targets , ඒ Targets වලට යන ගමන යාන්ත්‍රික වෙලා , හීන කියන දේවල් එයාලට විහිළුවක් වගේ . හරියට අමුතුම දෙයක් වගේ .
හීන නැති මිනිස්සු ඉන්න පුලුවන්ද ? හීන නැති මිනිස්සු ඉන්න පුළුවන් ඔව් එහෙම මිනිස්සු ඉන්නවා , මට හමු වෙලත් තියෙනවා . හැබැයි ඒ ජිවිත ගොඩක් යාන්ත්‍රිකයි , එයාලට තියෙන්නේ Targets , ඒ Targets වලට යන ගමන යාන්ත්‍රික වෙලා , හීන කියන දේවල් එයාලට විහිළුවක් වගේ . හරියට අමුතුම දෙයක් වගේ .
මට ඔයාට කියන්න ඕන උනේ මෙන්න මේකයි , ඔයාට හීන ගොඩක් තියෙනවා කියලා මම දන්නවා . ඒ හීනෙට යන හැටි සමහරක් විට ඔයා දන්නවත් ඇති නොදන්න අයත් ඇති . සමහරක් විට ඔයාට ඒ හීනෙට යන අතරමග ඊට වඩා වෙනස්ම දේවලුත් හමුවෙලා ඇති . එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ අර මුලින් දැකපු ලස්සන හීනේ අමතක කරලා දාන්න ? මම දන්නවා ඔයාට බැහැ .කොහොම හරි ඔයා යන්න ඔයාගේ ඒ හීනෙට . සැබෑ උන දවසක ආයෙමත් හැරිලා බලන්න ආපු මග දිහා .
ඔයාට ගොඩක් සතුටු හිතෙයි . හැබැයි එක දෙයක් ඒ අතරමගදී ඔයාට හීනේ දමලා ගහලා යන්න හිතෙයි. ඔයාට ඒ දේ ඕනෑම නම් ඔයා අල්ලාගෙන ඉදී. හැබැයි ඔයාටම තේරුණොත් ඒ හීනේ ගියාට කමක් නැ කියලා , යන්න දෙන්න ඒ හීනෙට.
ඔයාට ගොඩක් සතුටු හිතෙයි . හැබැයි එක දෙයක් ඒ අතරමගදී ඔයාට හීනේ දමලා ගහලා යන්න හිතෙයි. ඔයාට ඒ දේ ඕනෑම නම් ඔයා අල්ලාගෙන ඉදී. හැබැයි ඔයාටම තේරුණොත් ඒ හීනේ ගියාට කමක් නැ කියලා , යන්න දෙන්න ඒ හීනෙට.
ඔයා යන පාර දෙපැත්තේ ඉදී, හීන සැබෑ කරගන්න බැරුව ලත වෙන මිනිස්සු , පුලුවන්නම් එයාලට එක පාරක් ධෛර්යය දීලා යන්න . එයාලට ඕන පුංචි තල්ලුවක් විතරයි .
හීන වලට හිනා වෙන මිනිස්සු කියන්නෙත් ,හීන දැකලා ඒවා සැබෑ නොවුන අය . හරියට අර වෛද්‍ය විද්‍යාලෙට යන්න ට්‍රයි කරලා එක මිස් උන ළමයි, මිස් උන එකම හොදයි කියලා ලෝකෙට කෑ ගහනවා වගේ හිත නිවා ගැනීමක් කියලයි මටනම් හිතෙන්නේ . එයාලගේ හිනාවට ඔයාව වට්ටන්න පුලුවන්නම් , ඔයා මෙලහකට වැටිලා වැටුණ තැන්වල ගසුත් හැදිලා .
ඉතින් ඔයාට තාමත් පුංචිම හරි හීනයක් නැත්නම් හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්.මග අරුණ හීනයක් තියෙනවනම් තවමත් ඔයාට වෙලාව තියෙනවා ආයෙත් හරි පාරට එන්න . ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ ඔයාගේ හීන ගැන එතකම් ,
ගිහින් එන්නම්
Subscribe to:
Posts (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
-
චංගුමී රෑපවාහිනියෙ විතරක් නෙවෙයි පත්තර සගරා පොස්ටර් පවා ඔබෙ මුහුණෙන් වැහිලා ගියා...... අනන්ත වු සුජාත දරුවන් බිහිවන රටෙ අපි සතුටින්...










