Showing posts with label බාධක. Show all posts
Showing posts with label බාධක. Show all posts

Wednesday, July 5, 2017

ඔයා අහලා තියෙනවද චේතන් බගට් ගැන...



ඇත්තටම ලෝකයේ දෙවිදියක මිනිස්සු ඉන්නවා ,ජයග්‍රාහකයන් සහ පරාජිතයන් . විටෙක පරාජිතයෙක් තවත් විටෙක ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන් . ජිවිතේ අපිට අවස්ථා දෙනවා , හැබැයි අපි ඒවා ග්‍රහණය කරගන්න සුදානම් විතරයි. 


ඔයා අහලා තියෙනවද චේතන් බගට් ගැන. චේතන් බගට් ගැන අහලා නැත්නම් පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. ඇත්තටම චේතන් බගට් එහෙම නැත්නම් Times සගරාවට අනුව 2010  වසරේ 100 most influential people in the world ඇතුලත් වුන , එහෙම නැත්නම් ලෝකයට බලපෑම් කල හැකි පුද්ගලයින් 100 තුල ඉන්නත් ඔහුට හැකි වෙනවා. වෙන කවුරුත් නෙවෙයි ඔයා , මම , අපි ආදරයෙන් බලපු 3 Idots සිනමාපටයේ කතා නායකයා. මධ්‍යම පාන්තික පවුලකින් ජිවිතේ අරඹන බගට් තෝරාගන්නේ ඉංජිනේරු අංශය(B.Tech) , පසුව Master එක විදියට අලෙවිකරණයට යොමු වෙන එයාගේ ජිවිතේ අරගෙන යන්නේ බැංකුවක රැකියාවකට. 



හිතන්න පුංචි කාලේ ඉදන් දක්ෂ ලේඛකයෙක් වෙන්න හීන දැකපු බගට් ගේ ජිවිතේ බැංකුවක රැකියාවක් කරන සාමාන්‍ය තරුනයෙක්ගේ තත්වෙටම පත්වෙනවා. බගට් ගේ හීන ගහගෙන යයි ද ? ඔව් බගට් ගේ හීන ගහගෙන යනවා , ජිවිතේ බගට් පරදිනවා , මම කලිනුත් කිව්වා ජිවිතේ දෙවිදියක මිනිස්සු ඉන්නවා . ඉතින් බගට් පරාජිතයෙක් , ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ බොස් ඉදිරියේ අසාර්ථකයෙක් වෙන්න . හැමදාමත් එකම තැන පල් වේවි රැකියාව කරන්න. වේදනාව , පීඩනය එයාගේ ඔලුවට එනවා , එයට සේරම දමලා ගහලා බාර් එකකට ගිහින් බොන්න හිතෙනවා , එත් ආයෙත් එයට හිතෙනවා ඒ වගේ දෙකින් වේදනාව පිට කරනවට වඩා වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න .

 
ඔහු රස්සාවට සමුදෙනවා , ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතේදී ලබපු අත්දැකීම් අල්ලලා ඔහු නවකතාවක් ලියනවා Five Point Someone කියලා 2004 අවුරුද්දේදී , හැබැයි බගට් එයාගේ පොත් ලියන්න පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර භාෂාව , ඔහු කියන විදියට ජිවිතේ ආපහු හැරිලා බලද්දී ඔහු ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය වෙන්න ඒක හේතුවක් වෙලා තියෙනවා . 


ඊට පස්සේ ඔහු ලියනවා තවත් පොත් කීපයක්ම . ඒවා අතුරින් හුගක් වාර්තා තියපු චිත්‍රපටි ගොඩක් බිහිවෙනවා 2 states කියන්නෙත් ඔහුගේම නිර්මාණයක් , ඒවගේම ලගදි තිරගත වීම ඇරඹු Half Girlfriend කියන්නෙත් ඔහුගේම නිර්මාණ . කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔහු මොකටද ඉංජිනේරු අංශය ඉගෙන ගත්තේ කියලා . කල්පනා කරලා බලන්න ජිවිතේ අපිව කොච්චර රවුමක් අරන් යනවද කියලා , ඔහුගේ පළමු පොතට පාදක වෙන්නේ ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය ( මෙය අතිශයින් ලොව පුරා ඉංජිනේරු සිසුන් තුල ජනප්‍රිය වුනා ) එතකොට අලෙවිකරණය ඉගෙන ගත්ත එක වැදගත් උනේ කොහොමද ? හිතන්නකෝ අති විශාල අලෙවියක් ඇති පොතක් ලියන්න පුලුවන්ද සාමාන්‍ය රචකයෙකුට , අලෙවිය ගැන හිතන්නතුව ලියනවට වඩා අලෙවිය ගැන හිතලා ලියපු නිසා තමයි වාර්තාගත මුදලක් ඔහු හොයාගන්නේ .
 
හිතන්න ඔහුගේ බොස් ඉදිරියේ ඔහු උසස් වීමක් වත් ගන්න නුසුදුසු පරාජිතයෙක් . අද ලෝකයක් ඉස්සරහ ඔහු ජයග්‍රාහකයෙක් . ඔහුගේ හිත ඉස්සරහ ඔහු ජයග්‍රාහකයෙක්. 




 හිතන්නකෝ ජිවිතේ නරකම කාලයක ඔයා ඉන්නේ කියලා , ඔයාටත් හම්බුනොත් ඔය වගේ බොස් කෙනෙක් , එහෙම නැත්නම් ඔයාගේ පෙම්වතිය , පෙම්වතා , සමහරක් විට ඔයාගේ ගුරුවරයා වෙන්නත් පුළුවන් . ඔයාව පරාජිතයෙක් කරයි . මොකද එයාලා කාටවත් ඔයා තුල ඉන්න අති විශිෂ්ට පුද්ගලයාව හොයාගන්න බෑ . එයාලට එහෙම හොයාගන්න ඕනත් නෑ . හැබැයි ඒ විවේචන , ඉවසන්න . ගොඩක් උපේක්ෂාවෙන් විදදරාගන්න . හැබැයි ඔයා දන්නවා ඔයාගේ ඇතුලේ ඉන්නේ කව්ද කියලා . හරි වෙලාවේදී එයාව එලියට ගන්න . පරාජිතයව ජයග්‍රාහකයෙක් කරන්න . 
 
මූලාශ : http://www.iloveindia.com/indian-heroes/chetan-bhagat.html
              https://en.wikipedia.org/wiki/Chetan_Bhagat  

Friday, June 23, 2017

හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්





මතකද පුංචිම කාලේ අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරි ගියපු හැටි... අමතක වෙන්න විදියක් නෑ නේ නේද?  ඔයාට මතකද ඒ කාලේ ඔයා ඉගෙන ගත්තේ මොකටද කියලා . ඇත්තටම ඔයාට උවමනාවක් තිබ්බද ඒ කාලේ හොදට ඉගෙන ගන්න ?? මොන පිස්සුවක් ද මම කියවන්නේ නේද .... පුංචි හිත වලට කොහෙන්ද ඔච්චර ලොකු දෙයක් තේරෙන්නේ .පුංචි , ලොකු, ගැහැණු ,පිරිමි , සිංහල , දෙමළ , මුස්ලිම් , අපි හැමෝටම තියෙන දෙයක්  මට අද කතා කරන්න හිතුනා.

 ඉතින් ජිවිතේ අපිව ජිවත් කරවන්නේ මොනවද ? ඔයාට හිතෙයි අරමුණු කියලා එහෙම නැත්නම් අපි ගැන හොයන අපේම අය කියලා . මම කියනවා එහෙම නෙවෙයි අපිව ජිවත් කරවන්නේ හීන . පුංචි පුංචි හීන සමහරක් විට අපිට මහමෙරක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි .

ඉතින් මතක් කරගන්න පුංචි කාලේ ඔයා දැක්ක හීනේ , තව අවුරුදු 10 කින් එහෙම නැත්නම් 15 කින් ඔයාට යන්න ඕන කියලා හිතුන තැන . ඔයා අද එතනට ඇවිත් ද , නැත්නම් මම වගේම කවදාවත් හිතපු නැති පැත්තකට ගහගෙන ගිහින්ද ?
හීන කියන්නේ රස්සාවම නෙවෙයි සමහරක් විට ඔයා යන්න කැමති රටක් , එහෙම නැත්නම් ඔයා ඉන්න කැමති විදියක් වෙන්නත් පුළුවන් .දන්න කියන කාලේදී හැබෑ කරගන්න බැරි උන හීනයක් මගේ ජිවිතෙත් තියෙනවා . මම දන්නවා ඔයාටත් ඇති . කාලයක් තිබුණ පත්තරකාරයෙක් වෙන්න ඕන කියලා . පත්තරකාරයා කියලා කිව්වා එකට කව්රුත් තරහ වෙන එකක් නැ නේද ? මොකද අපි වැඩියෙන්ම කැමති දේවල් එක්ක තමයි අපිට නිදහසේ වචන හසුරුවන්න පුළුවන් . ජිවිතේ මට ඒ හීනේ මග ඇරුනා. ඒ හීනේ තාමත් හිතේ කොනක යාන්තමට තියෙනවා . මොකද හීන තියෙන්න මග අරින්න නොවන හින්දා . ඔයාට මම මේක කිව්වේ මොකද කියලා ඔයා මේක ඉවර වෙනකම් කියවන ගියාම තේරෙයි. 


හීන නැති මිනිස්සු ඉන්න පුලුවන්ද ? හීන නැති මිනිස්සු ඉන්න පුළුවන් ඔව් එහෙම මිනිස්සු ඉන්නවා , මට හමු වෙලත් තියෙනවා . හැබැයි ඒ ජිවිත ගොඩක් යාන්ත්‍රිකයි , එයාලට තියෙන්නේ Targets , ඒ Targets වලට යන ගමන යාන්ත්‍රික වෙලා , හීන කියන දේවල් එයාලට විහිළුවක් වගේ . හරියට අමුතුම දෙයක් වගේ .

මට ඔයාට කියන්න ඕන උනේ මෙන්න මේකයි , ඔයාට හීන ගොඩක් තියෙනවා කියලා මම දන්නවා . ඒ හීනෙට යන හැටි සමහරක් විට ඔයා දන්නවත් ඇති නොදන්න අයත් ඇති . සමහරක් විට ඔයාට ඒ හීනෙට යන අතරමග ඊට වඩා වෙනස්ම දේවලුත් හමුවෙලා ඇති . එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ අර මුලින් දැකපු ලස්සන හීනේ අමතක කරලා දාන්න ? මම දන්නවා ඔයාට බැහැ .කොහොම හරි ඔයා යන්න ඔයාගේ ඒ හීනෙට . සැබෑ උන දවසක ආයෙමත් හැරිලා බලන්න ආපු මග දිහා . 


ඔයාට ගොඩක් සතුටු හිතෙයි . හැබැයි එක දෙයක් ඒ අතරමගදී ඔයාට හීනේ දමලා ගහලා යන්න හිතෙයි. ඔයාට ඒ දේ ඕනෑම නම් ඔයා අල්ලාගෙන ඉදී. හැබැයි ඔයාටම තේරුණොත් ඒ හීනේ ගියාට කමක් නැ කියලා , යන්න දෙන්න ඒ හීනෙට.
ඔයා යන පාර දෙපැත්තේ ඉදී, හීන සැබෑ කරගන්න බැරුව ලත වෙන මිනිස්සු , පුලුවන්නම් එයාලට එක පාරක් ධෛර්යය දීලා යන්න . එයාලට ඕන පුංචි තල්ලුවක් විතරයි .
හීන වලට හිනා වෙන මිනිස්සු කියන්නෙත් ,හීන දැකලා ඒවා සැබෑ නොවුන අය . හරියට අර වෛද්‍ය විද්‍යාලෙට යන්න ට්‍රයි කරලා එක මිස් උන ළමයි, මිස් උන එකම හොදයි කියලා ලෝකෙට කෑ ගහනවා වගේ හිත නිවා ගැනීමක් කියලයි මටනම් හිතෙන්නේ . එයාලගේ හිනාවට ඔයාව වට්ටන්න පුලුවන්නම් , ඔයා මෙලහකට වැටිලා වැටුණ තැන්වල ගසුත් හැදිලා .
ඉතින් ඔයාට තාමත් පුංචිම හරි හීනයක් නැත්නම් හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්.මග අරුණ හීනයක් තියෙනවනම් තවමත් ඔයාට වෙලාව තියෙනවා ආයෙත් හරි පාරට එන්න . ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ ඔයාගේ හීන ගැන එතකම් ,
ගිහින් එන්නම්

Tuesday, June 20, 2017

පුංචි වැරද්දක් ඇති සමහර විට.....



ජිවිතේ කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් එකපාරටම මොකක් කියයිද ඔයා. සුන්දර දෙයක් , එහෙම නැත්නම් තරගයක් එහෙමත්ම නැත්නම් විභාගයක් .ඇයි ප්‍රෙහෙලිකාවක් වෙන්න බැරිද ? ඔයාට එහෙම හිතෙයි .ඇත්ත ජිවිතේ හරි සුන්දරයි හැබැයි ඒ සුන්දරත්වය ලගා කරගන්න නම් අපිට තරග ගණනාවක් එහෙම නැත්නම් විභාග ගණනාවක් සමත් වෙන්න වෙනවා. 


විභාග එහෙම නැත්නම් මිනුම් දඩු තියෙන්නේ අපිව සමත් කරනවට වඩා අසමත් කරන්න කියලා මම කිව්වොත් ඔයාලා මාත් එක්ක විරුද්ද වෙන එකක් නෑ කියලා මම දන්නවා. මොකද දැන් ඔයා ජිවිතේ මේතාක් දුර එන්න ගොඩක් විභාග පහුකරලා ආපු විත්තිය මම දන්නවා. ශිෂ්‍යත්වෙන් පටන් ගත්තම අපේ ජිවිතේ මැරෙනකම්ම තියෙන්නේ තීරණාත්මක කඩයිම්. පුංචි වැරද්දක් ඇති සමහර විට ජිවිතේ අවුරුද්දක් දෙකක් , කීපයක්ම පස්සට යන්න. 

ආදරේ කියන්නෙත් එක්තරා තරග විභාගයක් එතැනදී බලන්නේ ඉවසීම , විශ්වාසය , කැපවීම වගේ දේවල . ඉතින් ඔය කඩයිම පලවෙනි පාරම සමත් වෙන්න ටිකක්  අමාරුයි. මොකද මේ විභාගේ ජයගන්න හිතන තරම් ලේසි නෑ. හොද ඉවසීමක් , එකෙනිකා කෙරෙහි විශ්වාසය කැපවීම වගේ දේවල් තිබුන පලියටම මේක සමත් වෙන්න අමාරුයි.එකට වාසනාවත් ඕන .

ඉතින් දැන් මම කතා කරන්න යන්නේ ආදරේ ගැනවත් ජිවිතේ ගැනවත් නෙවෙයි විභාගේ ගැන. පාසල් ජිවිතේ ඔයාට විභාග අනන්තවත් හමුවෙලා ඇති . විභාග සමත් වෙලා ඇති .සමහර විට අසමත් වෙලත් ඇති . ඇයි දැන් මට විභාගේ ගැන කතා කරන්න හිතුනේ ? හරිම සරලවම කිව්වොත් විශ්ව විද්‍යාලෙට ඇවිත් අවසන් වසරේ අන්තිම කඩයිමට පෙර තියෙන විභාග වලට ලෑස්ති වෙන ගමන් ඉන්නේ . ඉතින් මේ වගේ මාතෘකාවක් කතා කරන්න හොදම වෙලාවක් මීට වඩා තියෙන්න පුලුවන්ද ?..

විභාගේ ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ විභාගෙට කලින් , එහෙමත් නැත්නම් පුර්ව විභාග අවධිය . ඔන්න මේ කාලේ තමයි හරිම භයානක කාලේ . ඕනෑම තරග විභාගෙකදී අපි පාඩම් කරන්න ගන්නේ අන්තිම වෙලාවේදී . මම හිතන්නේ අපේ ජානවල ඉදන්ම එන දෙයක්ද කොහෙද . හිතන්නකෝ ඔයාට වැඩ කෝටියක් තියෙනවා හැබැයි දවස් ගාන සීමිතයි . ඔන්න ඔය වෙලාවට ඔයාට හිතෙනවා කාලසටහනක් හදන් වැඩ කරන්න . එහෙම කියලා ඔයා කාලසටහනක් හදලා දවස් දෙකක් උපරිමේට වැඩ කරයි . ඔයාට හිතෙනවා Film එකක් බලන්න , cricket match එකක් ගහන්න. හැබැයි ඔයාගේ හිතේ වැඩ කරන්නේ විභාගේ .
මතක් කරගන්න ඔයා ගොඩක් අමාරුවෙන් ඒ ආසාවල් අමතක කරලා දාපු අතීතය. ඔයාට වැඩ කරන්න පුළුවන් උනාද ප්‍රබෝදයකින් ? නැත්නම් ගිලිහුණ අවස්ථාව ගැන හිත හිත හිටියද ?.. ඔයා දන්නවා දැන් මම මොකක්ද කියන්න යන්නේ කියලා . අපි එකිනෙකා  වෙනස් . අපි වැඩ කරන හැටි වෙනස් පාඩම් කරන හැටි වෙනස් . ඇත්තටම හිතන හැටි වෙනස් . එත් අපි අපිවම පාලනය කරගන්න හදනවා අරයා වගේ මෙයා වගේ වෙන්න . ඉතින් එහෙම පුළුවන්ද ඇත්තටම.

එහෙම පුලුවන්ද බලන්න නෙවෙයි හිතන්න ඔයාට මේ වෙලාවේ මොකක්ද ඕන . සෙල්ලම් කරන්නද , Film එකක් බලන්නද ?.. යන්න ආස දේ කරන්න විභාගේ අමතක වෙන්නේ නෑ ඔයාට . මොකද එක අමතක කරන්න බෑ ... එත් ඔයාට පුළුවන් ඊට පස්සේ නැවුම් වෙනසකින් වැඩ කරන්න . ජීවිතේට සීමාමායිම් දාගන්න එපා. දාගන්න වෙන තැනක ඉන්නත් එපා. මොන දේ උනත් ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා .

විභාගෙ කාලේදී පුලුවන්නම් කියවලා බලන්න Sleeping cycles ගැන . එහෙම නැත්නම් සරලවම කිව්වොත් ඔයාට හොද නින්දක් එන්නේ විනාඩි 90 වක්‍ර වලින් . ඒ කියන්නේ පැය 1.5 කට සැරයක් ඔයා අලුත් නිදන චක්‍රයකට ඇතුල් වෙනවා . එහෙම වෙලාවක නැගිට්ටම ඔයාට පහසුයි . අතර මැදදී ඇහැරුනොත් තමයි ඇගට අමාරු ගතියක් ඔයාට දැනෙන්නේ .හැබැයි අඩුම තරමේ චක්‍ර 4ක නින්දක් වත් දවසට ඕන කියන එක මතක තියාගන්න .
අනික පාඩම් කරනවා කියන එක මෙච්චර වෙලා පාඩම් කරනවා කියලා සීමා දාගන්න එපා . ඔයාට පුළුවන් කියලා ඔයාට දැනෙනවානම් ඔයා පාඩම් කරන්න රෑ වෙනකම් එහෙම නැත්නම් උදේම නැගිටලා හවස් වෙනකම් . හැබැයි වෙන කෙනෙක් එහෙම කරන නිසා නෙවෙයි මේවා ඔයාටම ඕන කියලා දැනුනට පස්සේ .

ඉතින් මට කියන්න ඕන වුන දේවල් සේරම මම ඔයාට කිව්වා . හැමදාමත් වගේ ඔයා ඔයාම වෙන්න .අන්තිමට මොනදේ නැති උණත් කවුරු දාල ගියත් ඔයාට ඔයා ඉදි . එහෙම නැතුව රාජ සම්පත් ලැබුනත් මොකටද ඔයාට ඔයාව නැත්නම් ,

යන්නම්

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...