Showing posts with label හීනය. Show all posts
Showing posts with label හීනය. Show all posts

Monday, December 25, 2017

හීන 80 ක් මැද .... ( සමුගන්නට අවසරයි )





සරසවිය කියන්නේ ඇත්තටම වෙනම ලෝකයක් . අසීමිත නිදහසක් එක්ක හිතේ ලොකු වගකීමක්. එත් ඒ අසීමිත නිදහස දැන් ඉවරයි. දැන් ඉස්සරහට එන්නේ වගකීම. හිතට හරි දුකක් දැනෙනවා. ඒ යාලුවෝ , ඒ පරිසරය , ඒ අත්දැකීම් ආයෙත් කවදාවත් අපිට හම්බවෙයි ද නැද්ද කියන්න දන්නේ නෑ.

කාලය හරි ඉක්මනට ගෙවිලා ගිහින්. අවුරුදු 4ක සරසවි ජීවිතය ඉවරයි. විහිලු කරපු , කතා කරපු යාලුවෝ facebook එකෙන් විතරක් හම්බෙන යුගයක් තමයි ඉස්සරහට එන්නේ. හරිම පාළුවක් , හිතට මාරම දුකක් දැනෙන්නේ .

සරසවිය කියන්නේ ජිවිතේ කියන කුලකයට අංගසම වෙච්චි පුංචි කුලකයක් කියලයි වෙලාවකට හිතෙන්නේ. ජීවිතය කියන කුලකයට සරසවියෙන් ලැබුණු දායාද අමතක කරන්න නම් බෑ.

විශ්ව විද්‍යාල ජීවිතය ගත්තත් B3 එකේ ඉදන් chemical එක දක්වාම සොදුරු මතකයක්. අවුරුදු තුනකටත් වඩා ඉදපු chemical එක , ඒ මැද මිදුල , ඒ ගුරුවරු අපි නැතුවමත් මල්ලිලා නංගිලා එක්ක ඉස්සරහට යාවි. ඒ මැද මිදුලේ තිබුණ අඹ ගහ අපි නැති උනත් මල්ලිලා නංගිලාට රස අඹ දායාද කරයි. හැබැයි අපි නැති අඩුව ඒ හැමදේටම දැනෙයි. ඒ තරමටම අපි බැදිලා හිටියේ.

යාළුවෙලා , තරහ වෙලා , වලි දාගෙන, රණ්ඩු වෙලා හිටපු අපි එක එක්කෙනා තම තමන්ගේ ඉලක්ක වලට යාවි , සිහින වලට යාවි. අපි 80 දෙනාගේ පාරවල් 80 සමාන්තර පාරවල් 80 ක් නම් නෙවෙයි. ඉතින් අපි විටක මුණගැසෙයි , ඒ වගේම විටෙක වෙන් වෙලා යයි.

හිතුනු හිතුනු වෙලාවට cricket ගහන්න සෙට් උන උඹල වගේ හොද යාලුවෝ ටිකක් ආයෙත් හම්බ නොවේවි. 


දෙයක් දන්නේ නැති උනාම තේරෙන්න කියලා දීපු උබල වගේ බොක්කේ යාලුවෝ ආයෙත් මුණ නොගැසේවි. 


group project , assignment බරවල් කරට අරන් වචනයකින් වත් නොබැන්න ඔයාල වගේ යාලුවෝ ආයෙත් කවදාවත්ම මුණ ගැහෙන එකක් නෑ . 


ජිවිතේ ප්‍රශ්න ආපු වෙලාවට සහෝදරයෙක් වගේ ආදරෙන් ජිවිතේ කියලා දීපු ඔයා වගේ අය ආයෙත් මුණ නොගැසේවි. 


ඕනෑම අභියෝගයක් , event එකක් කරන්න සෙට් උන උඹලා වගේ සෙට් එකක් ආයේ මුණ නොගැසේවි.


බැනගෙන , රණ්ඩු කරන් එත් ආයෙමත් මුණ බලන් කතා කරන්න පුළුවන් සෙට් එකක් ආයෙත් හම්බ නොවේවි. අන්තිමටම උඹලා වගේ හිත හොද යාලුවෝ ටිකක් ජීවිතේටම නොලැබේවි.

දැන හෝ නොදැන බැන්න නම් , කෑ ගැහුවනම් , හිත් රිදෙව්වානම් ඒ හැමදේටම සමාවෙයන්. ආදරෙයි 


Wednesday, August 23, 2017

ජිවිතේට ආදරෙන් 02



ජිවිතේ අපිට එක එක විදියේ මිනිස්සු හම්බෙනවා , අද මම ඔයාලට කියන්න යන්නේ එහෙම එක විශේෂ පුද්ගලයෙක් ගැන. මේ පුද්ගලයාව මට ජිවිතේ එක්තරා කාලයකදී හම්බෙනවා. මොහුට තමන් ආසා කරන දේකට නැතුව වෙනත් දෙයක් ඉගෙන ගන්න තෝරාගන්න වෙනවා. ජිවිතේ මට එක වැදගත් ස්ථානයකදී ඉගැන්නුවා මෙහෙම දෙයක්  ,

                                               කැමති දෙයක් කරන්න
                                                       නැතිනම්
                                               කරන දේට කැමති වෙන්න

මේ කියන පුද්ගලයත් අකමැත්තෙන් උණත් දෙවැනි විකල්පයට යනවා. ඔහුට ටිකක් අමාරු වෙනවා එකට හැඩගැහෙන්න. විභාග ප්‍රතිපල එකින් එකට එනවා , ඔහු කඩන් වැටෙනවා. එත් ඔහුත් හැමෝම වගේ හේතුවක් හොයාගන්නවා ඔහුගේ ඇදවැටීමට . අපි කවුරුත් ආසයි නේ මොකක් හරි පිට දාල අපේ අඩුපාඩු වහගන්න. එහෙම නේද ?

ආයෙත් මම ඔහුගේ කතාවට එනවා. ඔහු බාහිර වැඩ වලට යොමුවෙනවා.ඒ කියන්නේ එයාට පුළුවන් හොදට රගපාන්න , නටන්න වගේ දේවල් .ඔහුට අධ්‍යාපනය ටික ටික මග ඇරෙනවා. හැමෝම ඔහුගේ මේ බාහිර වැඩ කිරීමේ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්නවා. එත් ඔහු වෙනුවෙන් ඒ කවුරුවත් නෑ කියලා ඔහුට මතක් වෙන්නේ නෑ. ඔහුගෙන් ප්‍රයෝජනය ගන්න 80% ක් දෙනාටත් ඔහුව වැදගත් වෙන්නේ ඒ වගේ වෙලාවට විතරයි.

 

ජිවිතේ එක තැනක් එනවා අපි දැනගන්න ඕනා එතැනදී අංශක 180 කින් හැරෙන්න , එහෙම නොහැරුණ ගොඩක් අය ඔවුන් කාලයකදී ආසාවෙන්ම කල ගොඩක් දේවල් වලට වෛර කරන්න පටන් ගත්තා. ආයෙත් මම ඔහුගේ කතාවට එනවා. ඔහුට බැරි වෙනවා සුදුසු වෙලාවේදී අංශක 180 කින් හැරෙන්න. එත් ඔහුට  තේරෙන්න පටන් ගන්නවා  ඇත්තටම ඔහුට කව්රුත් නෑ කියලා. එතැනදී ඔහු ප්‍රමාදයි, එත් ඒ කාටවත් බැනල වැඩක් නෑ. මොකද හැරෙන්න ඕනා වෙලාව තීරණය කරන්න ඕනා තමන්ම තමයි. ඒක වෙන කාටවත් තීරණය කරන්න දෙන්න එපා. ජිවිතේ මේ දේ ඔයාටත් වෙන්න පුළුවන්.

ඒ වගේම සමහර විට පොඩ්ඩක් ආත්මාර්ථකාමී වුනා කියලා එකේ වැරද්දක් නෑ , ඔයා දෙන්න පුළුවන් උපරිමේ දෙන්න ඕනා අයට දීලා තියෙනවනම්. ඒ කියන්නේ ඔයාගේ පාසලට ,කාර්යාලයට එහෙම නැත්නම් රටට.ඕක මට කිව්වෙත් එක්තරා ආචාර්යවරියක්.ඒ වෙලාවේදී ඒක වැරදි කියලා හිතුනට මට ඔහුගේ කතාව එක්ක හිතලා බලද්දී ඒක කොච්චර ඇත්තද කියලා හිතුනා. අතීතයට ශාප කරලා කිසි තේරුමක් නෑ. ජිවිතේ අන්තිමට ඉන්නේ ඔයාට ඔයා විතරයි. සමාජේ බලන් ඉන්නේ ඔයාගෙන් වෙන පුංචි වරදක් වෙනකම් විතරයි. ඊට පස්සේ ඔයාගේ මුලු අනාගතේම සමාජේ විසින් ලියලම දෙයි. 


ඒ වගේමයි ජිවිතේ අපි හැමෝටම Y හන්දි හම්බෙන්නත් පුළුවන් , එකේදී වැරදි පාර තොරාගන්නත් පුළුවන් , හරි පාර තොරගන්නත් පුළුවන්. ඉතින් එක පාරක් වැරදි පාර තෝරාගත්තා කියලා අපි හැමදාටම වැරදි නෑ. අංශක 180 කින් හැරෙන්න , ලැජ්ජා වෙන්න එපා. දුක් වෙනවට වඩා එක ගොඩක් වටිනවා කියලා ඔයාටම දවසක හිතෙයි.

Friday, June 23, 2017

හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්





මතකද පුංචිම කාලේ අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරි ගියපු හැටි... අමතක වෙන්න විදියක් නෑ නේ නේද?  ඔයාට මතකද ඒ කාලේ ඔයා ඉගෙන ගත්තේ මොකටද කියලා . ඇත්තටම ඔයාට උවමනාවක් තිබ්බද ඒ කාලේ හොදට ඉගෙන ගන්න ?? මොන පිස්සුවක් ද මම කියවන්නේ නේද .... පුංචි හිත වලට කොහෙන්ද ඔච්චර ලොකු දෙයක් තේරෙන්නේ .පුංචි , ලොකු, ගැහැණු ,පිරිමි , සිංහල , දෙමළ , මුස්ලිම් , අපි හැමෝටම තියෙන දෙයක්  මට අද කතා කරන්න හිතුනා.

 ඉතින් ජිවිතේ අපිව ජිවත් කරවන්නේ මොනවද ? ඔයාට හිතෙයි අරමුණු කියලා එහෙම නැත්නම් අපි ගැන හොයන අපේම අය කියලා . මම කියනවා එහෙම නෙවෙයි අපිව ජිවත් කරවන්නේ හීන . පුංචි පුංචි හීන සමහරක් විට අපිට මහමෙරක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි .

ඉතින් මතක් කරගන්න පුංචි කාලේ ඔයා දැක්ක හීනේ , තව අවුරුදු 10 කින් එහෙම නැත්නම් 15 කින් ඔයාට යන්න ඕන කියලා හිතුන තැන . ඔයා අද එතනට ඇවිත් ද , නැත්නම් මම වගේම කවදාවත් හිතපු නැති පැත්තකට ගහගෙන ගිහින්ද ?
හීන කියන්නේ රස්සාවම නෙවෙයි සමහරක් විට ඔයා යන්න කැමති රටක් , එහෙම නැත්නම් ඔයා ඉන්න කැමති විදියක් වෙන්නත් පුළුවන් .දන්න කියන කාලේදී හැබෑ කරගන්න බැරි උන හීනයක් මගේ ජිවිතෙත් තියෙනවා . මම දන්නවා ඔයාටත් ඇති . කාලයක් තිබුණ පත්තරකාරයෙක් වෙන්න ඕන කියලා . පත්තරකාරයා කියලා කිව්වා එකට කව්රුත් තරහ වෙන එකක් නැ නේද ? මොකද අපි වැඩියෙන්ම කැමති දේවල් එක්ක තමයි අපිට නිදහසේ වචන හසුරුවන්න පුළුවන් . ජිවිතේ මට ඒ හීනේ මග ඇරුනා. ඒ හීනේ තාමත් හිතේ කොනක යාන්තමට තියෙනවා . මොකද හීන තියෙන්න මග අරින්න නොවන හින්දා . ඔයාට මම මේක කිව්වේ මොකද කියලා ඔයා මේක ඉවර වෙනකම් කියවන ගියාම තේරෙයි. 


හීන නැති මිනිස්සු ඉන්න පුලුවන්ද ? හීන නැති මිනිස්සු ඉන්න පුළුවන් ඔව් එහෙම මිනිස්සු ඉන්නවා , මට හමු වෙලත් තියෙනවා . හැබැයි ඒ ජිවිත ගොඩක් යාන්ත්‍රිකයි , එයාලට තියෙන්නේ Targets , ඒ Targets වලට යන ගමන යාන්ත්‍රික වෙලා , හීන කියන දේවල් එයාලට විහිළුවක් වගේ . හරියට අමුතුම දෙයක් වගේ .

මට ඔයාට කියන්න ඕන උනේ මෙන්න මේකයි , ඔයාට හීන ගොඩක් තියෙනවා කියලා මම දන්නවා . ඒ හීනෙට යන හැටි සමහරක් විට ඔයා දන්නවත් ඇති නොදන්න අයත් ඇති . සමහරක් විට ඔයාට ඒ හීනෙට යන අතරමග ඊට වඩා වෙනස්ම දේවලුත් හමුවෙලා ඇති . එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ අර මුලින් දැකපු ලස්සන හීනේ අමතක කරලා දාන්න ? මම දන්නවා ඔයාට බැහැ .කොහොම හරි ඔයා යන්න ඔයාගේ ඒ හීනෙට . සැබෑ උන දවසක ආයෙමත් හැරිලා බලන්න ආපු මග දිහා . 


ඔයාට ගොඩක් සතුටු හිතෙයි . හැබැයි එක දෙයක් ඒ අතරමගදී ඔයාට හීනේ දමලා ගහලා යන්න හිතෙයි. ඔයාට ඒ දේ ඕනෑම නම් ඔයා අල්ලාගෙන ඉදී. හැබැයි ඔයාටම තේරුණොත් ඒ හීනේ ගියාට කමක් නැ කියලා , යන්න දෙන්න ඒ හීනෙට.
ඔයා යන පාර දෙපැත්තේ ඉදී, හීන සැබෑ කරගන්න බැරුව ලත වෙන මිනිස්සු , පුලුවන්නම් එයාලට එක පාරක් ධෛර්යය දීලා යන්න . එයාලට ඕන පුංචි තල්ලුවක් විතරයි .
හීන වලට හිනා වෙන මිනිස්සු කියන්නෙත් ,හීන දැකලා ඒවා සැබෑ නොවුන අය . හරියට අර වෛද්‍ය විද්‍යාලෙට යන්න ට්‍රයි කරලා එක මිස් උන ළමයි, මිස් උන එකම හොදයි කියලා ලෝකෙට කෑ ගහනවා වගේ හිත නිවා ගැනීමක් කියලයි මටනම් හිතෙන්නේ . එයාලගේ හිනාවට ඔයාව වට්ටන්න පුලුවන්නම් , ඔයා මෙලහකට වැටිලා වැටුණ තැන්වල ගසුත් හැදිලා .
ඉතින් ඔයාට තාමත් පුංචිම හරි හීනයක් නැත්නම් හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්.මග අරුණ හීනයක් තියෙනවනම් තවමත් ඔයාට වෙලාව තියෙනවා ආයෙත් හරි පාරට එන්න . ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ ඔයාගේ හීන ගැන එතකම් ,
ගිහින් එන්නම්

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...