ඉතින් මේකත් කාලෙකට කලින් ඉදලම ලියන්න කියල හිතේ තිබ්බ දෙයක්....
එත් අද එක පාරටම මේක ලියන්න ඕන කියල හිතුනේ සිරසේ යන සිහිනපුරේ කියන ටෙලිනාටකයේ දෙබස් කීපයක් නිසා තමයි ..........
ඉතින් ඔයාල සමහරු බලනවත් ඇති බලන් නැතුවත් ඇති
(එක මේකට අදාල වෙන්නේ නේ ලු හොදේ )
අද ගිය දෙබසක් තමයි වැදගත් උනේ මට මේක ලියන්න .......
අද නෙවෙයි" නිදහස දිනපු දවසේ ඉදන් මහා ජාතිය සුළුජාතිය ආදී ලෙස එක එක කතා කියාගෙන ලංකාවේ මිනිස්සු ජීවත් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න හදා ගත්ත" (උදාහරණ 1956 සිට පැවත එන ජාතික ප්රශ්නය )
බෙදීම් තියෙනකොට ඕන තරම් ගැටුම් ඇති කරන එක හරිම පහසුයි ......
එත් තමන් සිංහල කියල කැගැහුවට මදි සිංහල විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්න ..
සිංහල අපිට අනන්‍ය වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ..
අපි සිංහල කිව්වට අදටත් කොස් දෙල් ධාන්‍ය වර්ග කන්නේ කීයෙන් කි දෙනාද?
ඇයි අනිත් අයට ඒවා කන එක අවුල් ද?
Mc එකේ , KFC එකේ , කෑම විතරද කන්න පුළුවන් ?
මම කියන්නෙ නෑ ඒවා කන්න එපා... කියලා ඒත් සිංහල අපිව සුද්දො මත කවදාවත් සමපාත කරන්න හදන්න එපා ......
මෙක මහා අතීතයක් තියන දියුණු ජාතියක්......!
හ්ම්.....
කතාව ටිකක් දුර ගිය වැඩි වගේ .......
ඇත්ත තමන්ට කැමති දෙයක් කරන්න තමන්ට පුළුවන්....!
එත් සිංහලයෙක් විදියට වැඩ කරනවානම් සිංහලයෙක් වෙයන්....!
ඔන භාෂාවකින් කතාකරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි ....
ඒත් අඩුම තරමෙ අත්සනවත්!.....
කවදාවත් ද්‍රවිඩ පුද්ගලයෙක් හරි වෙන ජාතිකයෙක් හරි
තමන්ගේ මව් භාෂාවෙන් පිට අත්සන් කරනවද?
අත්සන් කරනවානම් එත් ඒ අතලොස්සක් විතරයි......!
එත් සිංහල මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාද තමන්ගේ භාෂාවෙන්
අත්සන් කරන්නේ ඕනෑම ලිපියකට(සිංහල හෝ English) .......
ඇයි ලැජ්ජද ??? සිංහලෙන් අත්සන් කරන එක ?
එහෙනම් ලජ්ජා වෙන්න ඔයා සිංහලයෙක් වෙලා ඉපදිච්ච එකට !
ප.ලි: හිතන්න පොඩිඩක් ලෝකය කොචිචර ලොකුද ලංකාව කොචිචර පොඩිද කියන එක නෙවෙයි
ඔයා කොචිචර හිතින් සිංහල ලාංකිකයෙක්ද කියලා විතරක්