Sunday, February 10, 2013

චංගුමී ,ශිරානි සහ වත්මන් කාන්තාව............


චංගුමී
රෑපවාහිනියෙ විතරක් නෙවෙයි
පත්තර සගරා පොස්ටර් පවා
ඔබෙ මුහුණෙන් වැහිලා ගියා......
අනන්ත වු සුජාත දරුවන්
බිහිවන රටෙ අපි
සතුටින් ඔබ දිහාත්
බලන් හිටියා............
අපේ දරු දැරියන්ට
ඔයා ලොකු වීරවරියක් වුණා....
ඒත් අද
ඔයා ඒ දරු දැරියන්ව
වගේම
‍්බාල මහලු සැමෝටම
දිරි දීලා යන්නම යනවා........
පුංචි තැනක ඉදලා
රටෙ මුලු වෙද  පුටුවටම
ඔයා ආවා.......



ඒත්
එදා ඔයා වගේම කෙනෙක්
ලංකාවෙ උපන්නා..
හැබැයි ඔය තරමි පරණ
නෑ........
ටිකෙන් ටික ඇය ආපු දුර
ඇයත් ගියා නොකියාම
වෙදුදුරුවරියක් නොවුණට
රටෙ මුල්ම උපරිමාධීකරණ
විනිසුරු වරිය වුණා ඇය
ඒ ශිරානි ලු ........

   
 

ප .ලි . ජීවිතය යනු ෆැන්ටසි හීනයක් නොවේ...
          ලංකාවෙද අපමණ චංගුමීලා බිහිවී ඇත බිහිවෙමින් පවතී  
          බිහිවෙවි...

          නමුත් ගැහැණියට නිසි තැන ලැබෙන තුරු ලංකාවෙ චංගුමිලා
          උපන් ගෙයි මරා දමනු ඇත.....
          හුදෙක් නාට්‍ය ය රස වින්දන්දයට පමණක් නොව ජීවිතයටද අදාළ    
          කරගත හැකි නමි අතිවිශ්ඨය.....
          අගවිනිසුරුතුමියද  පැමිණියේ වාසනාව සහ ධෛර්යය මතය..
          නමුත් රෑපවාහිනි තිරයේදි චංගුමී වීරවරියක් කිරීමත් ශීරානි     

         අසාර්ථක ගැහැණියක් කළේද ඔවුන්මය......
         අපි බලා සිටියෙමු............

ප. ප. ලි .   මෙය සරලව දැකිමක් පමණි..කතාවෙන් උගත හැකි දෑ බොහෝය. කතා නායිකාව කවුරුන් වුවද අදටද මෙවා ලෝකයේ සිදුවෙමින් පවතී...යථා කාලයේ දීර්ඝ විස්තරයක් ලිවීමට බලාපොරොත්තුවෙමින් මෙතනින් මෙය නිමා කළ යුතුය....

30 comments:

  1. මුලු ලෝකයම රඟමඩලකි අපි එහි නලු නිලියො වෙමු

    ReplyDelete
  2. යතාර්ථය ඔස්සේ හිතන එකත් වෙලාවකට එපා වෙන වැඩක්. ෆැන්ටසියෙම ජීවත් වෙලා ෆැන්ටසියෙම මැරිලා යන්න පුළුවන් අයත් ඉන්නවා. ඒකයි සමාජේ සංකීර්ණ...

    ReplyDelete
    Replies
    1. එපා වෙන්නෙ අපි අපිම කරන වැඩ නිසා තමයි ඉතින් අනේ මන්දා.....

      Delete
  3. මොනාවත් නොකිය ඉන්න එක හොඳයි අප්ප...... තේරුම් ගන්නෙ කීයෙන් කීදෙනාද....:/

    ReplyDelete
    Replies
    1. ඒක නමි ඇත්ත..
      ඒ තේරුමි නොගැනීමද නොගත්තා සේ සිටීමද... අනේ මන්දා

      Delete
  4. ඔය නාට්ටි දෙකම අධ්‍යක්ෂණය කරන්නේ
    එක්කෙනෙක් කියන්නේ ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. ඒවගේ තමයි මටත් ආරංචි අනේ මන්දා ...

      Delete
  5. කරපට් උනා අප්පා...

    ReplyDelete
  6. ඔබ සත්යසයට නෙත් විවර කරන්නට ඇරයුමක් කර ඇත. දීර්ඝ විස්තරයද ඉක්මණින් දකින්නට හැකි වේවා යැයි පතමි..

    ReplyDelete
    Replies
    1. හ්මි බලා සිටිමු නෙත් යොමා......

      Delete
  7. "අපි බලා සිටියෙමු..."

    හ්ම්ම්... :/

    ReplyDelete
  8. හපොයි මේ සතියේ ලංකාදීපේ මෙයා බදු අරගෙන...

    ඇත්තනේ..අපේ සුජාත දියණියන්ට හූ කියන මෝඩයෝ මේ ඔහෙවත් නැති පජාත් දියණියකට හුරේ දානවා

    ReplyDelete
  9. //හුදෙක් නාට්‍යය රස වින්දන්දයට පමණක් නොව ජීවිතයටද අදාළ කරගත හැකි නමි අතිවිශ්ඨය//
    ඇත්ත. ඒත් අවසනාවකට එහෙම වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අපේ මිනිස්සුන්ගෙ වැරැද්ද.....

      Delete
  10. machan tikak akuru loku
    karapanko , penne nah ban..
    40 andiriya ...

    ReplyDelete
    Replies
    1. මම ලා(ර්)ජ් සයිස් එක දාලා තියෙන්නෙ... ඒකත් මදිද අෆ්ෆා......

      Delete
  11. මේ දවස් වල චන්ගුමි ව පෙන්නන්න බැරුව ඉන්නේ.එයාට සමාන කරලා ශ්‍රියානි මහත්මියාවත් එපා කරන්නද හදන්නේ? :)

    ReplyDelete
  12. ඇත්තටම නාට්‍යකින් වුනත් පෙන්වන හරය තේරුම් ගන්නේ කීයෙන් කී දෙනෙක් ද..?

    ReplyDelete
  13. ඉස්සරහටත් ඉතින් බලා ඉන්නම තමයි වෙන්නේ ..:(( වෙන මක් කොරන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගැටලුව අනේද කියන්නේ!......

      Delete
  14. චන්ගුමී සහ ශිරාණි.. ෆැන්ටසිය ජනතාවගේ හිත තුළ රජ වෙද්දී යතාර්ථය නිහඬව වැළලී ගොස් තිබේ..

    ReplyDelete
  15. ඇත්ත කතාවක්. ලංකාවේ චන්ගුමිලා උපන්ගෙයි මිය යනවා..

    ReplyDelete
  16. අපි කිවිවොත් ඇත්ත තමයි ඉතින්!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...