Tuesday, October 30, 2012

ඇයි ලැජ්ජද?? අත්සන පරගැති වුණේ?

හ්ම්
ඉතින් මේකත් කාලෙකට කලින් ඉදලම ලියන්න කියල හිතේ තිබ්බ දෙයක්....
එත් අද එක පාරටම මේක ලියන්න ඕන කියල හිතුනේ සිරසේ යන සිහිනපුරේ කියන ටෙලිනාටකයේ දෙබස් කීපයක් නිසා තමයි ..........
ඉතින් ඔයාල සමහරු බලනවත් ඇති බලන් නැතුවත් ඇති
(එක මේකට අදාල වෙන්නේ නේ ලු හොදේ )
අද ගිය දෙබසක් තමයි වැදගත් උනේ මට මේක ලියන්න .......
අද නෙවෙයි" නිදහස දිනපු දවසේ ඉදන් මහා ජාතිය සුළුජාතිය  ආදී ලෙස එක එක කතා කියාගෙන ලංකාවේ මිනිස්සු ජීවත් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න හදා ගත්ත" (උදාහරණ 1956 සිට පැවත එන ජාතික ප්‍රශ්නය )
බෙදීම් තියෙනකොට ඕන තරම් ගැටුම් ඇති කරන එක හරිම පහසුයි ......
එත් තමන් සිංහල කියල කැගැහුවට මදි සිංහල විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්න ..
සිංහල අපිට අනන්‍ය වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ..
අපි සිංහල කිව්වට අදටත් කොස් දෙල්  ධාන්‍ය වර්ග  කන්නේ කීයෙන් කි දෙනාද?
ඇයි අනිත් අයට ඒවා කන එක අවුල් ද?
Mc එකේ , KFC එකේ , කෑම විතරද කන්න පුළුවන් ?
මම කියන්නෙ නෑ ඒවා කන්න එපා... කියලා ඒත් සිංහල අපිව සුද්දො මත කවදාවත් සමපාත කරන්න හදන්න එපා ......
මෙක මහා අතීතයක් තියන දියුණු ජාතියක්......!
හ්ම්.....
කතාව ටිකක් දුර ගිය වැඩි වගේ .......
ඇත්ත තමන්ට කැමති දෙයක් කරන්න තමන්ට පුළුවන්....!
එත් සිංහලයෙක් විදියට වැඩ කරනවානම් සිංහලයෙක් වෙයන්....!
ඔන භාෂාවකින් කතාකරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි ....
ඒත් අඩුම තරමෙ අත්සනවත්!.....
කවදාවත් ද්‍රවිඩ පුද්ගලයෙක් හරි වෙන ජාතිකයෙක් හරි
තමන්ගේ මව් භාෂාවෙන්  පිට අත්සන් කරනවද?
අත්සන් කරනවානම් එත් ඒ අතලොස්සක් විතරයි......!
එත් සිංහල මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාද තමන්ගේ භාෂාවෙන්
අත්සන් කරන්නේ ඕනෑම ලිපියකට(සිංහල හෝ English) .......
ඇයි ලැජ්ජද ??? සිංහලෙන් අත්සන් කරන එක ?
එහෙනම් ලජ්ජා වෙන්න ඔයා සිංහලයෙක් වෙලා ඉපදිච්ච එකට !

ප.ලි: හිතන්න පොඩිඩක් ලෝකය කොචිචර ලොකුද ලංකාව කොචිචර පොඩිද කියන එක නෙවෙයි
ඔයා කොචිචර හිතින් සිංහල ලාංකිකයෙක්ද කියලා විතරක් 

20 comments:

  1. Adooo eka qwamai mathak wune bn, math sign kooranne english alin ne.. ela kathawa honde..
    habay, mamath, KFC, Mcdnld ,DINE MORe walin, nikan aran dunnath KANNE NAM NALUUU.... ela ela honde.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ // ටිකක් හිතලා බලන්නකො එහෙනමි මම කියපු දේ ගැනත්

      Delete
  2. මම නම් මේකේ ඉපදුනාට දුක් වෙන එකෙක්...

    ReplyDelete
    Replies
    1. අහ් ඇයි ඒ? පවතින දේශපාලන සිදුවීමි නිසාද? නැත්නමි මිනිස් කිරියාකාරකමි නිසාද?

      Delete
  3. great work machan! all the best!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි යාලුවා..

    ReplyDelete
  5. ඔන්න මමත් මේ පැත්තට ආවෝ....

    ලස්සන බ්ලොග් අඩවියක් !

    "ඇයි ලැජ්ජද ??? සිංහලෙන් අත්සන් කරන එක ?
    එහෙනම් ලජ්ජා වෙන්න ඔයා සිංහලයෙක් වෙලා ඉපදිච්ච එකට !" - මේ ලිපියෙ මේ කොටස නම් ගොඩාක් වටිනවා.

    ජයෙන් ජය සහෝ... :)

    ReplyDelete
    Replies
    1. හි හි සාදරයෙන් පිළිගන්නවා.....
      බොහොම සන්තෝසයි බිලොග් එක ලස්සනයි කිව්වට :)

      Delete
  6. ඔන්න මාත් ආව මේ පැත්තේ...

    ආපු ගමන් මේකා ක‌ෙණ් පාරක් දුන්නා නේද.. හි හි

    ඔය විදියටම තමයි මාත් ඉස්සර හිතුවේ.. ඒක නිසා ඉස්කෝලෙන් අයින් වෙලත් අවුරුදු කීපයක් යනකම් සිංහලෙන්ම තමයි අත්සන් කළේ.. ඒත් මොකද්ද හේතුවකට ( මට මතක විදියට ජොබ් එකට යන කාලේ වෙච්ච සිද්ධියක් ) හින්දා අත්සන වෙනස් කරන්න සිද්ධ උනා... ඉංග්‍රීසියට... ඒක ගැන නම් මම අදටත් පසු තැවෙනවා..

    ඕක මට ළඟදි දවසක් මතක් උනා පරණ බැංකු පොතක් අප්ඩේට් එකගන්න ගියාම.. කවුන්ටරේ හිටපු ( හැන්ඩි ) ‌කොල්ලා මල් මල් හිනාවක් දාලා ඇහුවම “ නංගි අත්සන නම් වෙනස් ” කියලා... හි හි...

    මොනා කරන්නද.... මං කිව්වා “ ඔය ඉස්කෝලේ යන කාලේ අත්සන...” කියලා... ඒ වෙලාවෙ නං ඇත්තටම හිතුනා ආයිත් සිංහලෙන් අත්සන් කරන්න පටන් ගන්න ඕනේ කියලා...

    ඒත් දැං වැඩේ තියෙන්නේ අත්සන් කරන්න කරම් දෙයක් මට වෙන්නේ නැති එකනේ... හි හි...

    ReplyDelete
  7. හි හි මටත් එහෙම වෙයිද මන්දා ...
    තාම ජොබි කරන්නෙ නෑ නොවැ..ඒත් ඉතින් කවදාහරි ඒ දවසත් ඉක්මනටම එනවා කියලා නමි දන්නවා...
    වෙනස් කරන්න සිද්ධ නොවුනොත් නමි හොදා තමා...

    කණේ පාරක් මෙ මම?? හි හි

    සතුටුයි මෙ දිහාවෙ ආවට හොදේ ......
    ආයිත් එන්නකෝ.....හි හි

    ReplyDelete
  8. එඩිතර අදහස් ටිකක්..!
    මමත් මුලින්ම ආවා ඕං...
    මමනං මතක ඇතිකාලෙ ඉඳලම සිංහලෙන් තමා..අත්සන

    ReplyDelete
    Replies
    1. අහ් සාදරයෙන් පිලිගත්තා හොදේ!....
      අහ් හොදා// :)

      Delete
  9. මම නම් හිතන්නේ දේශප්‍රේමය තියෙන්න ඕන අත්සනේ නෙවෙයි හිතේ. සමහරු ලකුණු දාගන්න සිංහලෙන් අත්සන් කරනවා, ජාතික ඇඳුම අඳිනවා, තව එක එක දේවල් කරනවා. නමුත් ඒ අයට වැඩිය දේශප්‍රේමයක් අපිට තියෙන්න පුළුවන්.

    මම අත්සන මාරු නොකරන්නේ මාරු කරන එක ගැටලුවක් වෙන්න පුළුවන් නිසා. අපේ හිත හරි චන්චලයි නේ. හිතෙන හිතෙන අදහස්වල හැටියට අපේ අත්සන් වෙනස් කරන්න ආවොත් අපිට එක අමාරුයි නේ. පොත්ත සංකර උනත් ඇතුල දේශීය නම් එච්චරයි...

    බෞද්ධකමටත් මේක ඇත්තයි. හතර පෝයට සිල් ගන්න අය සමහරුන්ට වැඩිය අපි හොඳ බෞද්ධයෝ බව මම බය නැතුව කියනවා. එත් මම පන්සලකට යන්නේ විනෝද ගමනකදී පමණයි. මම ආසම තැන රුවන්වැලිසෑය. ඒ ගැන මම ලිව්වා ටික දවසකට කලින් මගේ සිංහල බ්ලොග් එකේ.

    ඒත් මම පුරුද්දක් විදියට පන්සල් යන්නේ නෑ. ඒක මගේ කැමැත්ත.

    තව දේවල් ගොඩක් ගැන මේ වගේ උදාහරණ දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නෑ මම හිතන්නෙ නමි මිනිස්සු ලකුණු දාගන්න වුනාමයි ඉංගිරිසියෙන් අත්සන යොදන්නෙ......
      මොකද සිංහලෙන් අත්සන් කළාම එයාව බයිටි කරන මිනිස්සු මිසක් ලකුණු දාන මිනිස්සු නමි මම දැකලාම නැහැ...
      ඒකයි මම කිව්වෙ අඩුම තරමේ අත්සනවත් කියලා.......

      Delete
    2. කවුරු මොනවා කිව්වත් තමන් කරන දේ බය නැතුව කරන්න කොන්දක් තියෙන්න ඕන. නැත්නම් ඉතින් ඔය දේශප්‍රේමය කොස් කොටන්නද? මම දන්නා අය අතරේ භාෂා දෙකෙන්ම අත්සන් කරන අය ඉන්නවා. සාමාන්‍යය ක්‍රමය තමයි ඉංග්‍රීසියෙන් අත්සන් කරන අය. සිංහලෙන් අත්සන් කරන අය ටික දෙනෙක් ඉන්නවා. ඒක ඒ ඒ අයගේ කැමැත්ත.

      Delete
    3. අනිවාර්යයෙන්ම කොන්දක් මිනිහෙක්ට තියෙන්න ඔනා...නැත්නමි මොන ගැටලුවකදි වුණත් ඒ මනුස්සයා පසු බහින්න වෙනවා....
      ලංකාවෙ පිළිගත්ත විදියට මම හිතන්නෙ පුද්ගලයෙක්ට නිල අත්සන කියලා දෙයක් තියෙනවා...
      නමුත් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදි සමහරු විවිධ අත්සන් භාවිතා කරන්න පුලුවන්...
      ඒත් ඔය කියන සාමාන්‍ය කරමය සිංහල මිනිස්සුන්ට විතරක් පොදු දෙයක්ද?

      Delete
  10. සහති ඇත්ත.. මමනං අත්සන් කරන්නෙ සුද්ධ සිංහලෙන්... අපෙ පැත්තෙ කොස් දෙලුත් ඕන තරං... ලැජ්ජාවට නොකා ඉන්නෙ නෑ...

    ReplyDelete
  11. ඒකනෙ// හ්මි හ්මි මොකට ලැජ්ජා වෙන්නද නේ!

    ReplyDelete
  12. හප්පට සිරි සහතික ඇත්ත නේන්නම්...... එල පොස්ටුවක් සහෝදරයා මමත් පටන් ගන්නවා සිංහලෙන් අත්සන් කරන්න.

    ReplyDelete
    Replies
    1. හොදා හොදා කෝරලේ මහත්තයාත් එහෙම කලොත් ගමිමුත් කොරයි නොවැ.......

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...