Wednesday, January 8, 2014

හනි හනිකට පාසල වෙත ( Walk to remember)



කාලෙකින් ආයෙමත් ඉස්කෝලෙට ගියා ...
කවද්ද :  ඊයේ තමයි ඉතින් ගියේ

මොකටද :  කැම්පස් යන්න කලින් පුරවන් කියල තිබ්බ Form වගයක් පුරවගන්න

ඉතින් : ඉතින් කියන්නේ මේකනේ  ජිවිතේ ගෙදරින් පිට හිටියනම් ඒ වැඩිම කාලයක් හිටියේ ඉස්කෝලේ තමයි ..
දුක ,සතුට, ජය, පරාජය,, නායකත්වය යුතුකම්, වගකීම්,මිතුදම් ,වෙන්වීම් වගේ ගොඩක් දේවල් විදින්න ,දකින්න ,ඉගෙනගන්න ලැබුනේ  මට මගෙන් ඉස්කෝලෙන් ....
6 වසරෙන් පටන් ගත්ත DS  එකේ මගේ ජිවිතේ වැඩියෙන්ම කැමැති  A /L  අවුරුදු දෙක ගෙවපු විද්‍යා අංශ යට තමයි ...අද මම යම්කිසි තැනක ඉන්නවනම් එකට මුලික හේතුවත්  විද්‍යා අංශයම  තමයි ....
ගොඩක් යාලුවෝ ගොඩක් වගකීම් වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන කාලයක් තමයි අන්තිම අවුරුදු 2 කියන්නේ .....එත්  විද්‍යා අංශ යට ගියත් අවුරුදු 2ක් ඉගෙන ගත්ත ආදරණිය පන්තියට යන්න තරම් හිත හදාගන්න බැරි උනා ...
ගියත් ඒ පන්තියේ එදා හිටපු ........

              යාලුවෝ අද නැත
              වෙන අය එහි ඇත
              කාලය මැවු
             වෙනසක අරුමේ......

ඉතින් ජීවිතේ හැරිලා බලද්දී ඉස්කෝලේ කියන්නේ ඇත්තටම වටිනාම වස්තුවක් .........
ප. ලි :ඔයාලටත් පාසල් ජීවිතේ සුන්දර මතකයන් මොහොතකට හරි මතක් වෙයි කියලා හිතනවා...

15 comments:

  1. හම්ම්ම්...ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම් කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ...

      Delete
  2. ඉඩක් ලැබුණු හැම වෙලාවෙම යන්න බලනවා මාත්

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි ළමයි....

      Delete
  3. මම නං ආයි ඉස්කෝලේ යන්නෑ...

    ReplyDelete
    Replies
    1. වැස්සකටවත් .....

      Delete
  4. හ්ම්ම්ම් .මගේ ජීවිතෙත් ආසම කාලේ ...හැබැයි මම නම් කැමති 10-වසරවලට ..ඒකාලේ වැඩිය නොදැනුනාට අයින් උනාට පස්සේ මාර දුකයි .. :(

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම බලන් ගියාම පාසල් කාලෙ තමයි....

      Delete
  5. ආපහු ඉස්කෝලේ යන්න තිබුනා නම් හොඳයි තමයි..

    අසල්වැසි පාසලකට එහෙනම් ගිහින් තියෙන්නේ... හඳුනා ගන්න ලැබීම සතුටක් .

    ReplyDelete
    Replies
    1. හැහ්.... දේවි ද??

      Delete
  6. මගෙ පාසල් කාලේ කැමතිම අවුරුදු දෙක තමයි A/L අවුරුදු දෙක. ඒ තරම් සතුටින් හිටිය කාලයක් මතක් කරන්නවත් බැරි තරම්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ඒ ලෙවල් කාලෙ තමයි සිරාම....

      Delete
  7. සා.පෙ. වගේද උ.පෙ. කිව්වලු......අන්තිම කාලේ නම් මගේ ජිවිතේ සතුටින් හිටිය එක කාලයක්.....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ....

      Delete

මිය යන්න සුදානම් ....

ජිවිතේ හරි පුදුමාකාරයි වෙලාවකට ,හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි. කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා සංකීර්ණ බව වැඩි වෙච්චි නිසා...