Sunday, October 28, 2012

පවි කාරයාට ගල්ගැසීම , මාලිංග සහ පොල්පරාල

මෙක ඇත්තටම ගොඩාක් කාලයකට කලින් ලියන්න හිටපු දෙයක් ඒත් යමි යමි සිද්ධීන් එක්ක ඒක පස්සට ගියා..ඒත් එකපාරටම මූණුපොතේ ගිය කතාවක් නිසා මෙක ලියන්න හිතුණා
අදටත් ලංකාවෙ බහුතරය ආසම ක්‍රීඩාව  තමයි .ක්‍රිකට් ..ඒකෙ ආයි හෝදන්න දෙයක් නෑ...ඒහෙම කියනකොට අද ලංකාවෙ ක්‍රිකට් වල හැම තිස්සෙම නම කියවෙන බහුතර  ශ්‍රීලංකා වාසීන් අතර
මාතෘකාවක් වෙච්ච්  කෙනෙක් තමය ලසිත් මාලිංග කියන්නෙත් ....
ඉතින් ලංකාවේ ක්‍රිකට් වලදී වගේම ලංකාව තුල මෙච්චර කාලෙකට මම අහල තිබ්බ හැටියට තමන් කරන රස්සාව වෙනුවෙන් තමන්ට සාදාරන(සමහරුන්ට අනුව අසාදාරන )වැටුපක් ඉල්ලුවේ ඔය කියන පුද්ගලයා තමයි .. අදාල ක්‍රීඩකයාගේ ලංකාව වෙනුවෙන් සෙල්ලමි කරන සමහර තරග ගැන පුද්ගලිකවම අප්‍රසාදයක් තිබ්බට..... ඒ තරම් වත් කොන්දක් නැති සමහර මිනිස්සු අද තමන්ගේ වැටුප් පත වෙනුවෙන් අසරණ මිනිසුන්ව පරණ ඇපයට ගන්න හදන බව ලෝකෙටම පේනවා... අද ඒ මිනිස්සු මාලිංග ට මහේලලට සංගලට වගේම සමහර අනිත් ක්‍රීඩකයන්ට එල්ල කරන ප්‍රධාන චෝදනාව තමයි  සල්ලි වලට ක්‍රිකට් ගහනව කියන එක
ඉතින් ඒ වගේ ඒවා කියන හුදී බුද්දිමත් යි කියාගන්න පුද්ගලයන්ගෙන් අසන්නට ඇත්තේ  එක දෙයකි....
හැකිනම් පහත ප්‍රශ්නවලට තම නැණ පමණින් පිළිතුරු දෙන්න කියාය

          1.  වෛද්‍යවරුන් මුදලට බෙහෙත් කරන්නේ නැද්ද?  එසේම ඔවුන් වැඩියෙන් හොදට බෙහෙත් ලබා දෙන්නේ කුමන විටකදීද?
         2.  බහුතරයක් ඉංජිනේරුවරුන් රජයේ සේවයට ලැදිද?
         3. බහුතරයක් නීතීවෙදීන් පුද්ගලික නීති ආයතන වලට මුල්තැන නොදේද?
         4. ඔය මොනවා කෙසේ වුවත් අදටත් ලංකාවෙ පළමු පෙලේ පාසල්වල ගුරුවරුන්ගේම ම ටියුෂන්   කඩවලට අදාල ළමුන් නොයන්නේද?
       
ප.ලි:  ඉහත දක්වා ඇත්තේ ලාංකීය සමාජයේ උසස් යැයි සමිමත(සමිමත පමණි) රැකියා ගැන විස්තරයකි...
එසේ නමි මුදලට ක්‍රීඩාකරනවා යැයි ඔවුන්ව හංවඩු ගසන මිනිසුනේ දෑස් හැර බලන්න .....
ඔබ සිටිනා ලෝකයට වඩා පිටත පවතින ලෝකය කෙතරමි වෙනස්දැයි කියා..........
ඉතින් පේනවනෙ අපේ ඇහේ පොල්පරාල තියාගෙන අපි අර පුංචි රොඩු ගැන හොයපු තරමි නේ......!

9 comments:

  1. රජයේ ගුරුවරු නම් "ටියුෂන් කඩ" දාගන්න ලොකුම හේතුව වෙනවා ඇත්තේ ඔයා කියන විදියට රටේ උසස් යයි සම්මත රැකියාවකට සරිලන උසස් වැටුපක් නැති නිසා වෙන්න ඇති... ඒ කොහොම වුනත් අපිම අපේ ජීවිත සංකීර්ණ කරගත්තම ලැබෙන මුදලින් ජීවත් වෙන්න බෑ. එක නිසා සල්ලිවලට මිනිස්සු වහල් වෙනවා. මේ ඔක්කොම වෙළෙඳපොළ ආර්ථිකයේ ලක්ෂණ.

    මාලිංගගේ තීරණය පෞද්ගලික එකක්. අපිට ඒ ගැන මුකුත් කියන්න අයිතියක් නෑ නේ. ඒ මනුස්සයත් තමන්ට පුළුවන් විදියට කීයක් හරි හම්බ කරගත්ත කියල මොකක්ද තියෙන වැරැද්ද? එහෙම හම්බ කරන්න බැරි අය වෙන්න ඇති ඔය කෑ ගහන්නේ... :-)

    ලෝකේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෝ, ටෙනිස් ක්‍රීඩකයෝ හම්බු කරන විදියට ක්‍රිකට් ක්‍රීඩකයෝ හම්බු කරන ගණන නොසැලකිය හැකි තරම් පොඩියි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම රජයේ ගුරුවරුන්ගෙ පඩිය අවම මටිටමක තමයි තියෙන්නෙ.ඒකෙ කතාවක් නැහැ.නමුත් මම කියන්න අදහස් කලේ හැමෝම සල්ලි පස්සෙ නමි දුවන්නෙ ඇයි ඔය කියන කොටිඨාසයට සෙල්ලමි කරලා සල්ලි හමිබ කරන්න බැරි කියන එකයි..
      මොකද ඔකන තනිකරම තියෙන්නෙ තමන්ට නොලැබෙන දේ අනුන්ටත් එපා කියන කුහක මානසිකත්වය මිසක් වෙන මොකක් වත් නෙවෙයි...

      Delete
  2. Replies
    1. ආ අයිස් අක්කා කාලෙකින් මෙ පැත්තෙ......සාදරයෙන් පිළිගන්නවා....

      Delete
  3. කියල වැඩක් නැහැ..ජය!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...