"ඉතිහාසය සරල රේඛියව ගමන් නොකරයි...........!
එය ගමන් කරන්නේ සර්පිලාකාරවය .....
බිදවැටීම්
එකතැන පල්වීම් ආපසු ගමන් කරන්නක් මෙන් ..........
පෙනී යන අවස්ථාවන් නොමැතිව ඉතිහාසය
ගමන් නොකරයි ......."
හ්ම් .......!
මොකක්ද මේ පණ්ඩිත කතාව නේ!......
අද මම ලියන්න යන දේට පුර්විකාවක් ගන්නයි මට ඕන වෙලා තිබ්බේ ........!
හ්ම් කිව්වා දේ තේරුණාද මන්ද මුලින්ම...........!
ටිකක් ග්රීක් වගේ නම් අවුලක් නෑ ...........!
අමතක කොරන්නකෝ.........!
අපි කතාවට බහිමුකො......!
ඔව් ඉතිහාසය වර්තමානය මත අවුරුදු 35 කට විතර පස්සේ ..........
ආයෙත් සමපාත වෙලා කියල හිතෙන්නේ නැද්ද?......
තේරුනේ නෑ නේ?....!
ඔව් දැන් ලංකාවේ වෙන දේවලුයි මීට අවුරුදු 35 කට විතර ......
ඉස්සර වෙලා තියන දේවල් වලයි පුදුමාකාර සමානකම් කීපයක් තියෙනවා .......
හැබැයි ලොකු අසමානකම කුත් තියෙනවා......
එහෙනම් බලන්නකෝ මේ ගැන කලින් හිතුනද කියල.......
ජේ ආර් ට එදිරිව මහින්ද රාජපක්ෂ
5/6 එදිරිව 2/3(ආසන)
50.03% ජන්ද ප්රමාණයකට එදිරිව 66% ඉක්මවූ ජන්ද ප්රමාණය (කැමැත්ත)
1972 (2) දරන සංශෝදනයට එදිරිව 1978(18) දරන සංශෝදනය (බල තණ්හාව )
ගෝනවල සුනිල් ට එදිරිව මිල්රෝයි ප්රනන්දුගේ බිරිද(වැරදිකාරයන්ට නිදහස )
විජේ කුමාරණතුංග එරෙහිව සරත් ෆොන්සේකා (කුමන්ත්රණ)
හ්ම් .......!
ඒ සේරටම වැඩ දවසේ මාතෘකාව
නෙවිල් සමරකොන්ට එදිරිව ශිරාණි බණ්ඩාරනායක (දෝෂාභියෝග)
ඉතිහාස වර්තමානය මත සමපාත වී ඇත ......
එකම වෙනස විධායකය අතරැදි පුද්ගලයා පමණක් පක්ෂ දෙකින් පෙනිසිටිමයි .............
72 (2) සංශෝදනය පරිදි ගෙන විධායක ජනාධිපති ක්රමයේ බල මහිමයෙන් අධිකරණය පවා රූකඩයක් කිරීමට පාලකයනට හැකිය ...............
ඒ හි ගොදුර නෙවිල් සමරකෝන් ද ශිරාණි බණ්ඩාරනයකද යන්න වෙනසක්
නැත ............
ඔවුන් එයි..... ඔවුන් යයි....... නමුත් අධිකරණ පද්ධතිය ???
මෙ සිදුවන්නේ රටේ උත්තරීතරම ආයතනයට විධායකයේ අදිසි හස්තය තැබීමයි .....!
ඉතිහාසය වැරදියට වටහාගත් මිනිස්සු 50.03% ට වඩා
වැඩි 66% ක බලයක් දුන්නේ රට හදන්න ද?
හිතන්න අපි එකම වලේ දෙපාරක් වැටුන නේද ?
78 දී අපිව දැම්මේ රෑ වලක..............
එත් දැන්...............!
අපි දවල් වලකම වැටිලා ..........
ඉතින් ඔකේ ඉන්නේ මහින්දද රනිල් ද සරත් ද කියන දේ නෙවෙයි...........
ඔය අසීමිත බලයට එරෙහිව පෙළ ගැසෙමු .........
කවදාහරි හොද මිනිහෙක් එයි ඕක ඉවත් කරලා යන්න ............
එතකන් අපි අධිකරණය වත් බේරාගමු නේද????
එත් ...........!
දන්නවනේ ........
යුක්තිය උදෙසා කෑමොර දීමයි
දග ගෙයි ලෑමට අප සම කල පව
ඉතින් අපි සදහටම නිහඩව ඉමු......
අධිකරණය අපේ ද නෑ නෙ නේද
නැ එක විතරයි ඔයාට මට අපි කාට කාටත්
අන්තිමට ප්රජාතාන්ත්රික සමා වි්යුහය ඇතුලේ ඉතිරි වෙලා තියෙන දේ....
එකටත් රුපවාහිනියේ සෙට්එක වගේ රුකඩ ටිකක් ගියොත්??
ප. ලි:එහෙනම් එකතු වෙන්න දැනගන්න කතාකරන්න
මොනවා උනත්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොදු බිදගත් ඔල මොළ නිවටුන්