Thursday, November 1, 2012

ඉතින් අපි ඉන්න කාලෙට රණ්ඩු වෙලා, හිනා වෙලා, දුක් වෙලා.........

ඔයාල එකපාරටම බලයි......
මොකක්ද මේ වයසට ගියපු ගහක් දාල තියෙන්නේ කියල.......
ඔව්......
මේ ගහ ගොඩක් වයසයි ......
ගොඩක් කියන්නේ ගොඩක්.........
අවුරුදු ගණනාවක්........
එකට දවසින් දවස එක එක ජාතියේ කුරුල්ලෝ ඇවිත් වහල ආයිත් යනවා.......
 එයාල එතනට එනකොට මිට කලින් ...... කවදාවත්ම හම්බවෙලා නැතුව ඇති......!
 එත් එතනින් යන දවසට.....
මීට ගොඩකාලෙකට කලින් ඉදන්ම දන්නවා වගේ......
හරිම දුකින් වෙන් වෙලා යයි...... එත් උන් නොදැනුවත්වම උන් ගේ පිහාටු පහලට වැටිලා.....
 මහපොලව උන්ගේ සම්බන්දතා වලට සාක්ෂි දරයි.......
එත් උන් කවදාවත් ආයත් එකට මුණ ගැහෙයි ද කියන්න උන් දන්නේ නැ.......
ඉතින්.......! ඒ වගේ තමයි නේද අපේ ජීවිතත්?.....
අපි කව්රුත් මේ ලෝකෙට එද්දී කාවවත් දන්නේ නෑ......
එත් අපි ආවට පස්සේ ක්‍රමයෙන් සමාජ සම්බන්දතා හදා ගන්නවා.....
මුලින්ම අම්මා, තාත්තා ඊළගට අයියල අක්කල......
 ඊලගට අපේ අනිත් නෑයෝ, යාලුවෝ.......
අතන මෙතන අපිට උදව්වට වගේම ඔවුන්ගේ දුකට සැපටත් ආදී ලෙස එකී මෙකි නොකී හැම කෙනාම එක්ක අපි සම්බන්දතා පවත්වනවා........
ඒ සම්බන්දතා අපිව ජීවත් කරවනවා.......
ඉතින් අපි ඉන්න කාලෙට රණ්ඩු වෙලා, හිනා වෙලා, දුක් වෙලා, අන්තිමේදී ජීවිතෙන් සමුගන්න කාලෙකුත් එනවා....... ඉතින්......
මැරෙනකොට අන්තිම මොහොතේවත් අපිට සතුටු වෙන්න තියෙන්නේ ඒ පුංචි පුංචි සුන්දර දේවල් මිසක් නිශ්චල හෝ චංචල දේපල නෙවෙයි ..........
ඔයා , මම එයි, ඔයා, මම යයි. තවත් අය එයි, ඒ අයත් යයි. අපගේ පැමිණීම හෝ ඉවත්ව යාම වැදගත් නොවේ. අප සිටිනා කාලය තුළ අප කරන කියන දෙය පමණක් රදා පවතී........
ප:ලි: ඇත්තටම සුන්දර පාසල් කාලයේ මතක සටහන් පොතක යාලුවෙක් ලියල තිබ්බ සටහන් ඇසුරින් සකස් කරන ලදී

14 comments:

  1. අතීතය සුන්දරද මෙතරම් .....................

    ReplyDelete
  2. මොකද මේ... අපි වගේ නාකින්ට නම් මේවා හිතුනත් කමක් නෑ... හි හි.....

    ReplyDelete
    Replies
    1. නාකි හි හි කවුද කියන්නෙ !.....ටිකක් වයසට ගිහින් විතරයිනෙ!....

      Delete
  3. //ඔයා , මම එයි, ඔයා, මම යයි. තවත් අය එයි, ඒ අයත් යයි. අපගේ පැමිණීම හෝ ඉවත්ව යාම වැදගත් නොවේ. අප සිටිනා කාලය තුළ අප කරන කියන දෙය පමණක් රදා පවතී........//

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. සහතිකෙන්ම....

    ReplyDelete
  4. මේ ටික කාලෙට මිනිස්සු ජාතිවාද,තන්හා හිත්වල පුරවාගෙන දුක්විදින එක ගැන නම් සෝචනීයයි.

    ReplyDelete
  5. කී දෙනාද මෙහෙම හිතන්නෙ?
    අපේ අය තමන්ගෙ සහෝදරයත් එක්කත් මරාගන්නෙ මේ ටික නොතේරෙන නිසා..

    ReplyDelete
  6. හිතට දැනෙන ලියවිල්ල..අපූරුයි!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...