Thursday, February 7, 2013

ආහෝ ඛෙදයකි ඉරකි තිතකි.......






ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   අරාබියද
පොල් වත්තක පොල් ගෙඩි 8
වෙනුවෙන් නඩු දමලා
ඔවුන් බලාපොරොත්තු වන්නේ..................?


ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද  ඇමරිකාවද
වරදක් සිදු වු සැණින්
අධිකරණයේ පිහිට පතන
පොලීසියක් සහිත.....................?

ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   එංගලන්තයද
අධ්‍යාපනය මුදලට මායමි
කරමින් දුප්පත් දරුවා
මහමගට ඇදදමන................?

ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   ඉන්දියාවද
වැරදිකරුවන්ට
සැමවිටම දඩුවමි දෙන.......?


ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද   ආශ්චර්යයද
රුපියල් 320 කට
නඩු කියන........
නඩු අහන........
අපරාධ වලින් දුලබ
සුන්දර දිවයිනක්ද.................?


ප ලි : මෙ නීතියේ වරදක් නොවෙ....
       සුජාත වු නීතිය කෙලසන අමන මිනිසුන් සිටින රටක
       තවත් එක් කතාන්දරයකි ......
      රැපියල් 320 කට උසාවි ගිය මිනිසාටත් එයට තීන්දුව දුන් නඩුකාරතුමියටත්
      රටෙ නීතිය වෙනුවෙන් කතා කිරීම පිළිබදව ඉහ වහා ගිය සතුටකිනි.....


20 comments:

  1. ඔබට මනුතාපය සිහියට නොනැගේ යැයි මා නොසිතමි.
    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව, බොහෝ ක්ෂේත්‍රයන් හැඩගැසී සහ හැඩගස්වමින් ඇත්තේ ජනතාව මඟින් ඍජුව නඩත්තු කරවීම් වලට යි. තව ඒ ගැන කියවනවානම් බොහෝ දෑ තිබේ. ඉහත සිද්ධිය ද නිරූපණය කරණුයේ ආර්ථික සහ දේශපාලනික පීඩනයන්ගෙන් බැටකන මිනිසුන්ගේ සැබෑ පැතිකඩකි.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම මෙය තවත් එක් කතාන්දරයක් පමණක් විය හැකිය.
      නමුත් එමගින් ලබා ගත යුතු දෑ බොහෝ ඇත

      Delete
  2. ඔහ් ලංකාවේ හැටි ඔහොම තමා මචෝ...
    අහෝ ඛේදයකි.. ඉරකි .. තිත් ගොඩකි................

    ReplyDelete
    Replies
    1. සිරාවට බං
      මක්කටද අපි ඉපදුණේ

      Delete
  3. නිදහස් අධ්‍යාපනයේ උපරිම කෙලවර තමා අපි දැන් ඉන්නේ. එකේ ප්‍රතිපල පල තාමා ඔය............

    //කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරන්..........//

    ReplyDelete
  4. මොකද කරන්නේ... නීතියත් යකඩ අතත් වෙච්චි කොට...

    ReplyDelete
  5. ඇත්තටම කියන්න තියෙන්න අහෝ බේදයකි කියලා තමයි

    ReplyDelete
  6. කියන්න තියෙන එකම දේ අහෝ ඛේදයකි ඉරකි තිතකි කියල තමයි.....

    ReplyDelete
  7. මෙවැන්නකට හෝ නීතිය හරි හැටි
    ක්‍රියාත්මක වීම ගැන හදවතිම්ම
    මගේ මෙව්වා එක මෙව්වා කරමි ...

    ReplyDelete
    Replies
    1. මෙවැනි ඒවාට නමි ක්‍රියාත්මක වී මක්කටද?

      Delete
  8. දේශපාළුවෝ නම් දැන් ඇය වෙනුවෙන් මුදල් ආධාර දෙන්න එකතු වේවි. මේ නඩුව දෙස සානුකම්පිතව බලන්න තිබුනියි කියයි. නමුත්, ඇය මේ සමාජය යේ තත්ත්වය නිරාවරණය කරන තවත් එක චරිතයක් පමණී. ඇවැසි වනුයේ තවත් එයෙකුට එම ඉරනමට මුහුණ දීමට ඉඩ නොසැලසීම ද පමණක් නොව, පීඩනයට ලක් වී ඇති ජනතාව එම ඉරණමින් මුදා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. පුහු වාසි වෙනුවෙන් දේසපාලුවන් එක් වුණද ජනතාව තාමත් ඔවුන්ට රැවටෙ නමි??

      Delete
  9. ඇඬෙනව.....

    කියන්න තියෙන්නෙ මෙච්චරයි.... නීතිය බලු වෙලා නෑ..... බල්ලන්ගෙ අතට නීතය ගිහින් මිසක්.....:/

    ReplyDelete
  10. මේක පත්තරේ, ටීවී එකේ ලොකුවට යනවා. දැං ඒ කෙල්ල සමාජෙට මූණ දෙන්නෙ කොහොමද ? ඉස්කෝලෙ යන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මම දැක්කා පත්තරෙත් ඒ ළමයගෙ මුණ එහෙම දාලා තියෙනවා..
      අපේ රටෙ මාධ්‍ය වල හැසිරීමත් අන්තිමයි මෙ වගේ අවස්ථා වලදී..
      අනේ මන්දා

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...