Monday, June 19, 2017

විසිරුණ කතාවක් 01 : සදාචාරේට හිරවෙලා





ජිවිතේ හරි පුදුමාකාරයි . ඒක රැදිලා තියෙන්නේ කාලයයි ආදරයයි මරණයයි මත .අපි හැමෝටම තියෙනවා කාටවත් නොකිව්ව අපේම ආදර කතාවක් . ඒ වගේම අපි හැමෝටම තියෙනවා හීන . ඒ හීන වලට යන්න අපිට ඕන වෙනවා කාලය . අපි ගොඩක් අපේ වැරදි දාන්නේ කාලය පිටට . ඒ කිව්වේ අපිට මොකක් හරි ලගා කරගන්න බැරි උනාම අපි බනින්නෙත් කාලයටමයි. ආදරේ අපිව හිත පිත් නැතුව අසරණ කරලා ගියාම අපි එකට බනින්නෙත් කාලයටම තමයි . සමහරු ඔය කාලයටම ඉඩ දීලා බලන් ඉදිද්දී තවත් සමහරු මරණයට අඩගහන එක දැන් පුරුද්දක් වෙලා.

ඉතින් අද කියන්න යන්නේ කාලය ගැනවත් මරණය ගැනවත් නෙවෙයි ආදරය ගැන.හැබැයි ආදරයෙන් උපන් විරහව ගැන. අපි හැමෝටම ආදර කතාවක් තියෙනවා. හරි සුන්දර අත්දැකීමක් විදියට ලැබෙන ආදරය වෙලාවකට මේ ලෝකේ තියෙන දුෂ්ටම බලවේගය වෙනවා කියලා කිව්වොත් ආදරේ කරපු කවුරුවත් මට විරුද්ධ වෙන එකක් නෑ. ආදරේ කියන්නේ මොකක්ද ආදරේ කරන්නේ කොහොමද කියලා ගොඩක් මිනිස්සු කියලා තියෙනවා. හැබැයි ඒ මිනිස්සු කවදාවත් කියලා නෑ ආදරයක් නැති උනාට පස්සේ මොකද කරන්න ඕනේ කියලා. මොකද ඉතිහාසයේ කවදාවත් ආදරයක් නැති වෙලා නෑ . නැති වෙලා තියෙන්නේ ආදරය කරපු අය මිසක් ආදරය නෙවෙයි. එකයි වෙන් උනාට පස්සේ මොකක්ද කරන්නේ කියලා කාටවත් හිතාගන්න බැරි . සමහර විට වෙන කෙනෙක්ව හොයාගන්නත් පුළුවන් , එහෙම නැත්නම් හොදට බොන්න පුරුදු වෙන්නත් පුළුවන් , එහෙමත්ම නැත්නම් ජිවිතේ හානි කරගන්න උනත් ........

තීරණය මොකක් උනත් ඒ ඔයාට හිතෙන විදිය , ඔයාගේ ජිවිතේ එක අසීරු අවස්ථාවක් තමයි සම්බන්ධතාව අහිමි වීම , අහිමි වීම ස්වභාවික හේතුවක්  වගේම කෘතීම හේතුවක්  වෙන්නත් පුළුවන් , ගොඩක් ගීත පදරචකයන්ගේ කවියන්ගේ දියුණුවට හේතුවත් ඔය විරහවයි. හරි ලස්සනයි ආදරය . ඒවගේම හරි ලස්සනයි විරහව. සිය දහස් ගානක් ගැවසෙන තැනක තනිකම දැනෙන්නත් ඔය විරහවට හේතුවක් වෙන්න පුළුවන්.ජීවිතේම කියලා හිතාගෙන හිටපු සමහර තැන ජීවිතේටම එපා වෙන්නත් ආදරයට කරන්න පුළුවන් දේවල් බොහොමයි.
ඇත්තටම මේ සටහන ලියන්න හේතු වෙන්නේ ආදරයවත් විරහවත් නෙවෙයි මරණය. ගොඩක් ජිවිත සමුගත්ත අකාලයේ විරහව නිසා. ඔයාගේ තීරණේ වැරදි කියන්න තරම් පටු තැනක් අපි කවුරුත් නෑ . මොකද අර කතාවක් තියෙනවනේ ‘ප්‍රශ්නය අපගේ නොවන තාක්කල් විසදුම දාර්ශනික වේ කියලා ‘ . නීතියෙන් වැරැද්දක් නොවන ඕනෑම දෙයක් ඔයාට කරන්න පුලුවන් . එකයි මම කිව්වේ මැරෙන්න හිතෙනවනම් මැරෙන්න , හැබැයි ඊට කලින් එක පාරක් ජිවිතේ ආපහු හැරිලා බලන්න ,

ඔයාගේ ආදරේ තාමත් හුස්ම අදිනවා නේද කියලා , ඔයා වෙනුවෙන් අත්පොලසන් දුන්න මිනිස්සු තාමත් අත්පොලසන් දෙනවා නේද කියලා , ඔයාගේ ජිවිතේ පුංචි කාලේ ඉදන් වැරදි හදපු මිනිස්සු තාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා නේද කියලා ,

සදාචාරේට හිරවෙලා තීරණ ගන්න මිනිස්සු ඉන්න රටක තීරණ ගන්න ගිහින් ඔයත් ඒ තත්වෙට වැටෙන්න එපා . ඔය සදාචාරේ ඔයාට කෙල වෙනකම් විතරයි , එකත් හරියට අපිට කොටි ගහද්දි මානව හිමිකම් ගැන කතා කරපු එංගලන්තේ උන්ට බෝම්බ වදිද්දී මානව හිමිකම් එපා කියලා කිව්වා වගේ . කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එක පාරක් හිතපන් .

කොල්ලෙක් අඩනවට ලජ්ජා කරන මිනිස්සුම ඒ කොල්ලා කෝච්චියට බෙල්ල තිබ්බම ආයෙමත් බනිනවා. කොල්ලා අතින් අනාථ වෙලා එත් තනියම ළමයා හදාගෙන ජිවත් වෙද්දී ඒ ගෑනිට ලෝකේ නැති කතා කියනවා. ඒ ගෑනී ම කෝච්චියට බෙල්ල තිබ්බම ආයෙමත් බනිනවා .

ආදරය වෙනුවෙන් මැරෙන්න කාටවත් බෑ මොකද එතන තව දුරටත් ආදරයක් තියෙනවනම් මරණයක් වෙන්න බෑ . මේක එක දිගට එක මාතෘකාවකට ලිව්ව කතාවක් නෙවෙයි . මේක විසිරුණ කතාවක්. ආරම්භය වගේම අවසානය ගැලපෙනවද කියලා ඔයා හිතයි . මොකටද ආරම්භය අවසානයට ගැලපෙන්නේ ?
කාටවත් ඕන විදියට නෙවෙයි ඔයාට ඕන විදියට ජිවත් වෙන්න . ආදරය එතකොට සුන්දරයි , විරහව උනත් සුන්දරයි , මරණය උනත් සුන්දරයි .

යන්නම් ,

6 comments:

  1. Kathawa hondai. Kiyanna godak adahas tyenawa.type karanna kammali oii. Ubata uba dapu post eka gana honda awabodayak tyenawa nm uba ube dewal yaluwoth ekka beda ganna kalaya wen kara ganiwi.api ehema welawaka oka gana katha karamu

    ReplyDelete
  2. Replies
    1. තැන්ක්ස් මචන්

      Delete