Friday, June 23, 2017

හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්





මතකද පුංචිම කාලේ අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරි ගියපු හැටි... අමතක වෙන්න විදියක් නෑ නේ නේද?  ඔයාට මතකද ඒ කාලේ ඔයා ඉගෙන ගත්තේ මොකටද කියලා . ඇත්තටම ඔයාට උවමනාවක් තිබ්බද ඒ කාලේ හොදට ඉගෙන ගන්න ?? මොන පිස්සුවක් ද මම කියවන්නේ නේද .... පුංචි හිත වලට කොහෙන්ද ඔච්චර ලොකු දෙයක් තේරෙන්නේ .පුංචි , ලොකු, ගැහැණු ,පිරිමි , සිංහල , දෙමළ , මුස්ලිම් , අපි හැමෝටම තියෙන දෙයක්  මට අද කතා කරන්න හිතුනා.

 ඉතින් ජිවිතේ අපිව ජිවත් කරවන්නේ මොනවද ? ඔයාට හිතෙයි අරමුණු කියලා එහෙම නැත්නම් අපි ගැන හොයන අපේම අය කියලා . මම කියනවා එහෙම නෙවෙයි අපිව ජිවත් කරවන්නේ හීන . පුංචි පුංචි හීන සමහරක් විට අපිට මහමෙරක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි .

ඉතින් මතක් කරගන්න පුංචි කාලේ ඔයා දැක්ක හීනේ , තව අවුරුදු 10 කින් එහෙම නැත්නම් 15 කින් ඔයාට යන්න ඕන කියලා හිතුන තැන . ඔයා අද එතනට ඇවිත් ද , නැත්නම් මම වගේම කවදාවත් හිතපු නැති පැත්තකට ගහගෙන ගිහින්ද ?
හීන කියන්නේ රස්සාවම නෙවෙයි සමහරක් විට ඔයා යන්න කැමති රටක් , එහෙම නැත්නම් ඔයා ඉන්න කැමති විදියක් වෙන්නත් පුළුවන් .දන්න කියන කාලේදී හැබෑ කරගන්න බැරි උන හීනයක් මගේ ජිවිතෙත් තියෙනවා . මම දන්නවා ඔයාටත් ඇති . කාලයක් තිබුණ පත්තරකාරයෙක් වෙන්න ඕන කියලා . පත්තරකාරයා කියලා කිව්වා එකට කව්රුත් තරහ වෙන එකක් නැ නේද ? මොකද අපි වැඩියෙන්ම කැමති දේවල් එක්ක තමයි අපිට නිදහසේ වචන හසුරුවන්න පුළුවන් . ජිවිතේ මට ඒ හීනේ මග ඇරුනා. ඒ හීනේ තාමත් හිතේ කොනක යාන්තමට තියෙනවා . මොකද හීන තියෙන්න මග අරින්න නොවන හින්දා . ඔයාට මම මේක කිව්වේ මොකද කියලා ඔයා මේක ඉවර වෙනකම් කියවන ගියාම තේරෙයි. 


හීන නැති මිනිස්සු ඉන්න පුලුවන්ද ? හීන නැති මිනිස්සු ඉන්න පුළුවන් ඔව් එහෙම මිනිස්සු ඉන්නවා , මට හමු වෙලත් තියෙනවා . හැබැයි ඒ ජිවිත ගොඩක් යාන්ත්‍රිකයි , එයාලට තියෙන්නේ Targets , ඒ Targets වලට යන ගමන යාන්ත්‍රික වෙලා , හීන කියන දේවල් එයාලට විහිළුවක් වගේ . හරියට අමුතුම දෙයක් වගේ .

මට ඔයාට කියන්න ඕන උනේ මෙන්න මේකයි , ඔයාට හීන ගොඩක් තියෙනවා කියලා මම දන්නවා . ඒ හීනෙට යන හැටි සමහරක් විට ඔයා දන්නවත් ඇති නොදන්න අයත් ඇති . සමහරක් විට ඔයාට ඒ හීනෙට යන අතරමග ඊට වඩා වෙනස්ම දේවලුත් හමුවෙලා ඇති . එතකොට ඔයාට පුලුවන්ද ඔයාගේ අර මුලින් දැකපු ලස්සන හීනේ අමතක කරලා දාන්න ? මම දන්නවා ඔයාට බැහැ .කොහොම හරි ඔයා යන්න ඔයාගේ ඒ හීනෙට . සැබෑ උන දවසක ආයෙමත් හැරිලා බලන්න ආපු මග දිහා . 


ඔයාට ගොඩක් සතුටු හිතෙයි . හැබැයි එක දෙයක් ඒ අතරමගදී ඔයාට හීනේ දමලා ගහලා යන්න හිතෙයි. ඔයාට ඒ දේ ඕනෑම නම් ඔයා අල්ලාගෙන ඉදී. හැබැයි ඔයාටම තේරුණොත් ඒ හීනේ ගියාට කමක් නැ කියලා , යන්න දෙන්න ඒ හීනෙට.
ඔයා යන පාර දෙපැත්තේ ඉදී, හීන සැබෑ කරගන්න බැරුව ලත වෙන මිනිස්සු , පුලුවන්නම් එයාලට එක පාරක් ධෛර්යය දීලා යන්න . එයාලට ඕන පුංචි තල්ලුවක් විතරයි .
හීන වලට හිනා වෙන මිනිස්සු කියන්නෙත් ,හීන දැකලා ඒවා සැබෑ නොවුන අය . හරියට අර වෛද්‍ය විද්‍යාලෙට යන්න ට්‍රයි කරලා එක මිස් උන ළමයි, මිස් උන එකම හොදයි කියලා ලෝකෙට කෑ ගහනවා වගේ හිත නිවා ගැනීමක් කියලයි මටනම් හිතෙන්නේ . එයාලගේ හිනාවට ඔයාව වට්ටන්න පුලුවන්නම් , ඔයා මෙලහකට වැටිලා වැටුණ තැන්වල ගසුත් හැදිලා .
ඉතින් ඔයාට තාමත් පුංචිම හරි හීනයක් නැත්නම් හීනයක් හදාගන්න කවුරුවත් වෙනුවෙන් නෙවෙයි ඔයා වෙනුවෙන්.මග අරුණ හීනයක් තියෙනවනම් තවමත් ඔයාට වෙලාව තියෙනවා ආයෙත් හරි පාරට එන්න . ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ ඔයාගේ හීන ගැන එතකම් ,
ගිහින් එන්නම්

9 comments:

  1. අපූරුයි මේ හීන... මමනම් පොඩි කාලේ ඉදන්ම හීන දකින්නියක්

    ReplyDelete
    Replies
    1. හීන තමයි අපිව ජිවත් කරන්නේ

      Delete
  2. ඒක හරි හීන කියන්නෙ මන් දකින්න ඕන එකක් ඒක කාගෙවත් නිර්මාණයක් නෙවෙයි

    ReplyDelete
  3. "හීන" කියනවට වැඩිය මං කැමතියි "බලාපොරොත්තු" කියන්න. කතාව ඇත්ත හැබැයි.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවලට වඩා හීන හරි සැහැල්ලුයි මිත්‍රයා

      Delete
  4. ඇත්ත කතාව.. වෙලාවකට හිතෙනව අපේ හීන හරියට වරා මල් වගේ කියල.. ඔහේ ගහගෙන යනව. වැටෙන තැන හොඳ උනොත් පැළ වෙනව.. නැත්තන් ඉතින් මැරිල යනව.. වැටෙන තැන කොහොම උනත් දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනි. මොකද අපේ දරාගැනීමේ ශක්තිය අඩු උනා කියල අපේ හීන පලි නෑනෙ. අපේ හීන මොන බාධක ආවත් ජීවත් කරවන එක අපේ වගකීම. නැත්තං පස්සෙ දවසක අතීතෙ දිහා බලල දුක් වෙන්න වෙන්නෙ අපිටමයි...

    ReplyDelete
    Replies
    1. අතීතේ දිහා හැරිලා බලද්දී දුක් නොවෙන්නනම් අපි මොන බාධක ආවත් අපේ හීන වලට දිරි දෙන්න ඕන

      Delete
  5. Namuth wagakeem kiyana de ape jeewitha walata lan weddi ape heena apen ath wenawa. Habai e heena nathan jeewithe kisi rasawath bawak na

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...