Wednesday, June 20, 2018

අතේ ඇති මුදලට නවතින්න සුපිරි තැන් ටිකක් ...

ඔන්න මනස්ගාත සටහන් වලින් අද කියන්න යන්නේ නිවාඩුවට ගෙදරට වෙලා නිදාගෙන ඉන්න බැරි , ලංකාව වටේ සංචාරය කරන්න කැමති කොල්ලෝ කෙල්ලන්ට පුංචි , නෑ ලොකු වාසියක් හම්බවෙන වැඩක්. hiking ගිහින් , beach camping එහෙම ගිහින් කට්ටියට මහන්සිත් ඇතිනේ.

|The Most Reliable and Cost Effective Hotel Booking Chain in Sri Lanka|


යමුද වෙනසකටත් එක්ක සුපිරිම සුපිරි හෝටලයකට සති අන්තේ නිවාඩුවක් ගත කරලා එන්න.  බය වෙන්න එපා එච්චර ලොකු ගානක් වියදම් නොකර  සුපිරි සති අන්තයක් ගත කරලා එන්න පුළුවන් තැන් ටිකක්  තමයි මම අද ඔයාලට කියන්න යන්නේ.

රට වටේම අපිත් එක්ක 

නුවර , ගාල්ල , නුවර එලිය විතරක් නෙවෙයි ලංකාවේ සුන්දර ස්ථාන 50 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් ඔයාගේ අතේ තියෙන ගානෙන්  නරඹලා ඒ සුපිරි හෝටල් අත්දැකීම හිතන්නෙවත් නැති මුදලකට ඔයාලට අරන් එන්නේ inna.lk කියන වෙබ් අඩවිය. ඔයාලට පුළුවන් මෙයාලගේ site එකට ගිහිල්ලා එතන තියෙන සුපිරි හෝටල් වලින්  ඔයාට ගැලපෙනම සුපිරි හෝටලය අදම book කරලා ඔයාට කැමති දවසක විවේකය ගත කරලා එන්න.

අවුරුද්දකට සැරයක් නෙවෙයි මාස් පතා උනත් මේ වගේ ගානකට මෙහෙම තැනක නැවතිලා ඒ සුන්දරත්වය විදින එක, ආදරේ කරන ඔයාලට වගේම , සල්ලි පස්සේ දුවලා  හෙම්බත් වෙලා ඉන්න  ඔයාටත්  ඔයාගේ බිරිඳ වගේම  දරුවන් එක්ක ඒ සැනසීම විදගන්නත් මෙහෙම අඩු මුදලකට කෙලින්ම ඔය කියන සුපිරි හෝටල් වලට ගියාම වත් ලැබෙන්නේ නෑ.

ඇයි ඉතින් inna. lk ? 

මේක ලංකාවේ ප්‍රකටම සරසවි දෙකක් වෙන මොරටුවේ සහ පේරා උපාධි ගත්තු කොල්ලෝ කීපදෙනෙක් එකතු වෙලා කරන වැඩක් . එතකොට ඉතින් 100% ක් ශ්‍රී ලාංකිකයි කියන එක අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ ඉතිං. ඉක්මන් කරන්න මේ දවස් වල ගොඩක් සුපිරි හෝටල් වලට ඔයාට යන්න පුළුවන් 50% කටත් වැඩි discount එකක් අරන්  inna.lk හරහා ඉඩ පහසුකම් වෙන් කළා නම්. ආයෙත් හිතන්න දෙයක් නෑ ඉතින් හොදම දේ හොදම විදියට මෙච්චර අඩු මුදලකට කෙලින්ම හෝටලේට ගියත් ඔයාට ගන්නනම් හම්බවෙන්නේ නෑ .මම කිව්වට විශ්වාස කරන්නත් එපා. අනික් website එක්කත් සංසන්දනය කරලා බලන්න. මිල වෙනස කොහොමද කියලා හිතාගන්නවත් බැරි වෙයි.





එහෙනම් ගිහින් එන්නම්. නිවාඩුවකට inna.lk හරහා සුපිරි විවේකයක් ගත කරපු ඔයාලගේ අත්දැකීමුත් අපිට කියන්න.

6 comments:

  1. කාලෙකට පස්සේ උනත් ඇවිත් අපූරු හෝඩුවාවක්නේ දීල තියෙන්නේ ... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔව් හුගකාලෙකින් ගොඩ වෙන්න නම් බැරි උනා. ආපහු පුළුවන් වෙයි කියලා හිතනවා. මගේ යාලුවෝ කීපදෙනෙක් කරන වැඩක් එකයි පුංචි ඉඩක් දෙන්න හිතුවේ එයාලා වෙනුවෙන්

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කෙටියෙන් සරලව කියන්න ඕනේ දේ කියල තියෙනවා, නිතර travel කරන කෙනෙක් වශයෙන් සෑහෙන වැදගත්. බොහොම ස්තුතියි ... :)

    ReplyDelete
  4. ලංකාවේ හොදම හා ජනප්‍රියම වෙබ් අඩවියක් වේවා කියා මා පතනවා...

    ReplyDelete

  5. special promotion for nature loving friends (due to off session)

    book your lagoon tour just for Rs.3500
    duration - two hour
    maximum 07 person can join for tour (we charge rs.3500 per tour not for one person)

    Infinitely better value than a tuk tuk ride around the streets. This tour would be highly recommended for outdoorsy nature loving people.

    feel free to contact me - madushan 0755979991

    face book page - https://www.facebook.com/Negombo-Lagoon-TOURS-2030680287193446/






    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...