Wednesday, July 5, 2017

ඔයා අහලා තියෙනවද චේතන් බගට් ගැන...



ඇත්තටම ලෝකයේ දෙවිදියක මිනිස්සු ඉන්නවා ,ජයග්‍රාහකයන් සහ පරාජිතයන් . විටෙක පරාජිතයෙක් තවත් විටෙක ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන් . ජිවිතේ අපිට අවස්ථා දෙනවා , හැබැයි අපි ඒවා ග්‍රහණය කරගන්න සුදානම් විතරයි. 


ඔයා අහලා තියෙනවද චේතන් බගට් ගැන. චේතන් බගට් ගැන අහලා නැත්නම් පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. ඇත්තටම චේතන් බගට් එහෙම නැත්නම් Times සගරාවට අනුව 2010  වසරේ 100 most influential people in the world ඇතුලත් වුන , එහෙම නැත්නම් ලෝකයට බලපෑම් කල හැකි පුද්ගලයින් 100 තුල ඉන්නත් ඔහුට හැකි වෙනවා. වෙන කවුරුත් නෙවෙයි ඔයා , මම , අපි ආදරයෙන් බලපු 3 Idots සිනමාපටයේ කතා නායකයා. මධ්‍යම පාන්තික පවුලකින් ජිවිතේ අරඹන බගට් තෝරාගන්නේ ඉංජිනේරු අංශය(B.Tech) , පසුව Master එක විදියට අලෙවිකරණයට යොමු වෙන එයාගේ ජිවිතේ අරගෙන යන්නේ බැංකුවක රැකියාවකට. 



හිතන්න පුංචි කාලේ ඉදන් දක්ෂ ලේඛකයෙක් වෙන්න හීන දැකපු බගට් ගේ ජිවිතේ බැංකුවක රැකියාවක් කරන සාමාන්‍ය තරුනයෙක්ගේ තත්වෙටම පත්වෙනවා. බගට් ගේ හීන ගහගෙන යයි ද ? ඔව් බගට් ගේ හීන ගහගෙන යනවා , ජිවිතේ බගට් පරදිනවා , මම කලිනුත් කිව්වා ජිවිතේ දෙවිදියක මිනිස්සු ඉන්නවා . ඉතින් බගට් පරාජිතයෙක් , ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ බොස් ඉදිරියේ අසාර්ථකයෙක් වෙන්න . හැමදාමත් එකම තැන පල් වේවි රැකියාව කරන්න. වේදනාව , පීඩනය එයාගේ ඔලුවට එනවා , එයට සේරම දමලා ගහලා බාර් එකකට ගිහින් බොන්න හිතෙනවා , එත් ආයෙත් එයට හිතෙනවා ඒ වගේ දෙකින් වේදනාව පිට කරනවට වඩා වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න .

 
ඔහු රස්සාවට සමුදෙනවා , ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතේදී ලබපු අත්දැකීම් අල්ලලා ඔහු නවකතාවක් ලියනවා Five Point Someone කියලා 2004 අවුරුද්දේදී , හැබැයි බගට් එයාගේ පොත් ලියන්න පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර භාෂාව , ඔහු කියන විදියට ජිවිතේ ආපහු හැරිලා බලද්දී ඔහු ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය වෙන්න ඒක හේතුවක් වෙලා තියෙනවා . 


ඊට පස්සේ ඔහු ලියනවා තවත් පොත් කීපයක්ම . ඒවා අතුරින් හුගක් වාර්තා තියපු චිත්‍රපටි ගොඩක් බිහිවෙනවා 2 states කියන්නෙත් ඔහුගේම නිර්මාණයක් , ඒවගේම ලගදි තිරගත වීම ඇරඹු Half Girlfriend කියන්නෙත් ඔහුගේම නිර්මාණ . කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔහු මොකටද ඉංජිනේරු අංශය ඉගෙන ගත්තේ කියලා . කල්පනා කරලා බලන්න ජිවිතේ අපිව කොච්චර රවුමක් අරන් යනවද කියලා , ඔහුගේ පළමු පොතට පාදක වෙන්නේ ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය ( මෙය අතිශයින් ලොව පුරා ඉංජිනේරු සිසුන් තුල ජනප්‍රිය වුනා ) එතකොට අලෙවිකරණය ඉගෙන ගත්ත එක වැදගත් උනේ කොහොමද ? හිතන්නකෝ අති විශාල අලෙවියක් ඇති පොතක් ලියන්න පුලුවන්ද සාමාන්‍ය රචකයෙකුට , අලෙවිය ගැන හිතන්නතුව ලියනවට වඩා අලෙවිය ගැන හිතලා ලියපු නිසා තමයි වාර්තාගත මුදලක් ඔහු හොයාගන්නේ .
 
හිතන්න ඔහුගේ බොස් ඉදිරියේ ඔහු උසස් වීමක් වත් ගන්න නුසුදුසු පරාජිතයෙක් . අද ලෝකයක් ඉස්සරහ ඔහු ජයග්‍රාහකයෙක් . ඔහුගේ හිත ඉස්සරහ ඔහු ජයග්‍රාහකයෙක්. 




 හිතන්නකෝ ජිවිතේ නරකම කාලයක ඔයා ඉන්නේ කියලා , ඔයාටත් හම්බුනොත් ඔය වගේ බොස් කෙනෙක් , එහෙම නැත්නම් ඔයාගේ පෙම්වතිය , පෙම්වතා , සමහරක් විට ඔයාගේ ගුරුවරයා වෙන්නත් පුළුවන් . ඔයාව පරාජිතයෙක් කරයි . මොකද එයාලා කාටවත් ඔයා තුල ඉන්න අති විශිෂ්ට පුද්ගලයාව හොයාගන්න බෑ . එයාලට එහෙම හොයාගන්න ඕනත් නෑ . හැබැයි ඒ විවේචන , ඉවසන්න . ගොඩක් උපේක්ෂාවෙන් විදදරාගන්න . හැබැයි ඔයා දන්නවා ඔයාගේ ඇතුලේ ඉන්නේ කව්ද කියලා . හරි වෙලාවේදී එයාව එලියට ගන්න . පරාජිතයව ජයග්‍රාහකයෙක් කරන්න . 
 
මූලාශ : http://www.iloveindia.com/indian-heroes/chetan-bhagat.html
              https://en.wikipedia.org/wiki/Chetan_Bhagat  

Tuesday, July 4, 2017

මේ තීරණාත්මක මොහොතයි...



සයිටම් සටන තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ . රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (5) දින සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වෙමින් පවතී. ජනවාරි මස 31 වන දින සිට හයදහසකට අධික වෛද්‍ය ශිෂ්‍යයන් ප්‍රමාණයක් තවමත් පන්ති වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටී. ගැටලුවට පිළිතුරක් ලැබෙන තෙක් ඔවුන්ද දේශන සදහා යාමට සුදානම් නැත. ආරම්භයේ සිට මේ වන තෙක් වසර ගණනාවක් ගෙවී තිබුනද , තවමත් ප්‍රමාණාත්මක තත්ත්වය (Quality) පවත්වාගෙන යාමට සයිටම් පාලන අධිකාරියට උවමනාවක් ඇති වී නැත. එහෙව් තත්ත්වයක් තුල වගකිවයුතු රජයන් දෙකක් හැසිරුණ ආකාරය නින්දා සහිතය.

පුද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යද ? රටට ගුණාත්මක පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යව ඇත . හැබැයි එය සිදුවිය යුත්තේ ලාභය කියන සාධකය ඉදිරියෙන් තබා කටයුතු කරන වෙලදාම් මානසිකත්වයෙන් නොවේ. එවිට ගුණාත්මක බව පහල වැටි සමස්ථ අධ්‍යාපන පද්ධතියම කඩා වැටීමට පුළුවන. පුද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යමද ? දැනට ශ්‍රීලංකාව තුල එතරම් වෛද්‍ය හිගයක් නැත , ඇත්තේ නිවැරදිව බෙදී නොයෑමේ ප්‍රශ්නයයි . සයිටම් ආවා කියා එය විසදේ යැයි කවුරුන් හෝ කියන්නේ නේ නම් ඔහු තරම් කුහකයෙක් රටේම සිටිය නොහැක . ලංකාවේ බහුතරයක් බෙහෙත් ගන්නට අදටද රජයේ රෝහල් වලට පැමිණේ . හිතන්න ප්‍රමිතියක් නැති ආයතනයකින් පැමිණෙන පුද්ගලයෙකුගෙන් ඔබගේ මවට , පියාට , පුතාට , දුවට බෙහෙත් අරන් දෙන්න ඔබ සුදානම් ද ...

ආචාර්යවරුන්ගේ වගකීම වන්නේ ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් ආචාර්යවරුන් සතු වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේ තම දැනුම පුද්ගලික අංශයට( දේශන සදහා ) විකිණීමට වඩා තාම ඉගෙන ගත් නිදහස් අධ්‍යාපනයට සේවයක් කිරීමටය. ඇත්තටම ආචාර්යවරුන්ට රජය දෙන මුදලට වඩා ඉතා විශාල මුදලක් ඔවුන් පුද්ගලික අංශයක සේවය කර ( දේශන පැවැත්වීම නොවේ ) ලබා ගැනීමට හැකියාව පවතී. අදටද ඔවුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙනුවෙන් දේශන සිදු කරනු ලබන්නේ මුදලට වඩා කෙලෙහි ගුණ සැලකීමක් වශයෙනි. ඔවුන්ට අපගේ සමස්ථ උපහාරය පිදිය යුතුමය. වෛද්‍ය පීඨ ආචාර්ය වරුන්ද මේ සටනේදී පෙරමුණ ගත යුතුය. ඇත්තටම ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැත . ඔවුන්ගේ නෑයන් කිසි කෙනෙක් ප්‍රමිතිය අඩු කෙනෙක්ට පෙන්වන්නට වන්නේ  නැත . නමුත් ඔවුන්ට එසේ සිතා  සටනේදී අත පිස දමා ගැනීම සිදු කල නොහැකිය.

රජයක් හැසිරිය යුත්තේ කෙසේද? නංගි පෙන්වා අක්කා දුන් රජයක් ගැන මීට වඩා දෙයක් අපට බලාපොරොත්තු විය නොහැකිය. මක් නිසාද යත් ඔවුන් පැමිණියේ විශ්ව විද්‍යාල සිසුවන් ට පෙර ආණ්ඩුවලින් එල්ලවූ ප්‍රහාර market කරය. පෙර ආණ්ඩු වලින් සිදු වූ වැරදි නිවැරදි කරන බව කියාය. නමුත් ඔවුන් ජන්දයෙන් පසු හැසිරෙන්නේද පෙර ආණ්ඩුව පරිද්දෙන්මය. අධ්‍යාපනයට ලැබුන 6 % ක් නම් තවම නැත. නිර්මාල් රන්ජිත් දේවසිරි ආචාර්ය තුමාද පේන්නට නැත . එතුමාට ලැබුණාද කියන්නට මා නම් දන්නේද නැත . නමුත් ඔලු පලා , වෛද්‍ය වරුන්ට අපහාස කර තව දුරටත් ගමනක් යාමට මේ ආණ්ඩුවට හැකියාවක් නැත . ආණ්ඩුව පෙරලීමට වෛද්‍ය ශිෂ්‍යයන්ට හෝ සමස්ථ ශිෂ්‍ය පද්ධතියට කිසිදු අවශ්‍යතාවක් මේ මොහෙතේදී නොමැත. මක් නිසාද යත් ඔවුන්ගේ හැටිද ශිෂ්‍යයන්ට තවමත් මතකය . රාජිත සේනාරත්න ඇමතිතුමා සෞඛ්‍ය ඇමති ලෙස මීට වඩා නම්‍යශීලි වීම ගැටලුව විසදා ගැනීමට ඉඩ කඩ වැඩි කරවයි . කිරිඇල්ල ගැන නම් කතා කර තේරුමක් නැතිය. මක් නිසාදයත් ඔහුට අනුව ඔහු ඉපදී ඇත්තේද මහින්දගේ ආණ්ඩුව නිසාය. සිරිසේන ජනාධිපති අඩුම තරමේ තම විධායක බලය ගැනවත් අධ්‍යයනය කර සිටීම මෙහිදී වැදගත් වන්නේ , එවිට ඔහුට නිදහසේ තීරණ ගත හැකි නිසාය. 2020 පසුව සිරිසේන ජනාධිපති කෙනෙක් අපිට බලාපොරොත්තු විය නොහැක. අඩුම තරමේ යන මොහොතක රටට වැදගත් දෙයක් දායාද කර යෑම ම ඔබව සමාජය තුල ඉහලින් ඔසවා තැබීමට හේතු වනු ඇත .

වෛද්‍ය සංගමය ප්‍රමාද ඇයි ? වෛද්‍ය සංගමය සටනට අවතීර්ණ වන්නේ තුරුම්පුව ලෙසය. අවසන් මොහොත තෙක් ඔවුන්ගේ මැදිහත් වීම සාධනීය මට්ටමක පැවතියද යන්න සැක සහිතය. නමුත් ඔවුන් මෙහෙදී තීරණාත්මකම බලවේගයයි , විටෙක එය සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව අභිබවා යන බලවේගයකි. ඔවුන් මෙවරද සටන අතර මැද අතහැර නොයනු ඇතැයි සැමගේ පැතුම වී ඇත. ඔවුන්ගේ ආදී ක්‍රියා ගැන කතා කිරීමට වඩා ඔවුන් ගෙන් වන සේවය ලබා ගැනීම මේ සටනට හදවතින්ම එකතු වූ සැමගේ යුතුකම වන්නේය .

අන්තරේ සටන කනවද ? අන්තරේට ලංකාවේ බහුතරයක් මිනිස්සු විරුද්ධ තත්ත්වයක් ඇති වී තිබේ . එයට හේතුව ඔවුන්ගේම පෙර ක්‍රියාය. නමුත් මේ සටන මෙතරම් දුරට ඇදගෙන ඒමට අන්තරේ නොහිටියානම් කිසි විටක නොහැකිය. 6200 කට වඩා ලොකු බලයක් ඒවගේ 5,6 ගුණයක් එකතු උනාම පෙන්විය හැකිය . අන්තරේ ගැන මගේ පුද්ගලික මතය කුමක් උවද මේ මොහොතේදී ඔවුන් අතිශයම තීරණාත්මක පුද්ගල බලවේගයකි . විටෙක අනෙකුත් පුද්ගලික විශ්වවිද්‍යාල මේ සටනේදී සතුරු බලවේගයක් කිරීමටද අන්තරයේ පැරණි ක්‍රියා කලාප හේතු වී තිබේ .

වෛද්‍ය සිසුන් ට ඇත්තටම තවත් අවශ්‍ය මොනවද ? ඔවුන්ට රජයේ රැකියාවක් ලැබේ. රජය දෙන සොච්චම් පඩිය මදි නිසා පුද්ගලික සේවා වල යෙදීමට නිසි අවසරය ඇත. සටනේ හදවතට එකග ප්‍රධාන බලවේගය වන්නේ ඔවුන් වන්නේ අන්න ඒ නිසයි. ඔවුන් මේ සටන කරගෙන යන්නේ ඔවුන් වෙනුවෙන් නොවේ , රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වය පැවැත්ම වෙනුවෙනි. ඉක්මනින් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී රැකියාව කරගෙන සිටීමට හැකි මුත් ඔවුන් දැන් මාස 5 කට වඩා තම ජිවිතයෙන් පස්සට ගොස් තිබේ.

මේ තීරණාත්මක මොහොතයි. රජය විසින් දරුණු ලෙස ශිෂ්‍ය ප්‍රජාවගෙන් පලිගනිමින් සිටී, වාචාල ඇමතියන් සියල්ල සාධාරණීකරණය කරමින් පවතී. වෛද්‍යවරුන් වීමට නොහැකි වූ සමහර බළල් අත් ලවා මේ සටන දියාරු කිරීමට ආණ්ඩුව නොගන්නා ක්‍රියාමාර්ගයක් නැත.තව දුරටත් අන්තරේ නිසා හෝ GMOA එක නිසා සටනට සහභාගී නොවන්නේ නම් කියන්නට ඇත්තේ ජයග්‍රහණය ඇත්තේ බෙදී වෙන්වීම තුල නොවේ එකට එක් වීම තුලය. සයිටම් දැනට ඉගෙන ගන්නාවූ ශිෂ්‍යයන්ටද සාධාරණයක් වන අයුරින් ජනසතු කරන ක්‍රියාවලියකට ජය වේවා !

Sunday, July 2, 2017

ජිවිතේ මතකයන් ගොන්නක් ......





ආදරේ  ලගා කරගැනීම නිසා ඇතිවන සතුටත් ආදරේ අහිමි වීම නිසා ඇතිවන වියෝගය කියන ඔය දෙකම ඇති වෙන්නේ එකම හිතේ . හරි පුදුමයි නේද එකත් .ඉතින් ජිවිතේ කවදා හරි ආදරේ කරලා තියෙනවද , ජිවිතේ කවදාකම  හරි විරහව විදලා තියෙනවද , ආදරේ කියන්නේ හවුලේ කරන දෙයක් කියලයි මට හිතෙන්නේ .මොකද ඔයාට විතරක් තනියෙන් ආදරේ කරන්න පුලුවන්ද ?...  ආදරේ කියන්නේ හොදට පදමට හදන රස හොද්දක් කියලා හිතන්නකෝ , මට වගේම ඔයාටත් පුළුවන් හවුලේ හදන හොද්දට ලුනු දාන්න,ලුනු කියන්නේ නිකන් අපෙන් ඇතිවන කෝපය වගේ දෙයක්.ඇයි ඔයාට කේන්ති ගන්න පුලුවන්නම් මට බැරි නේද ?.. ඉතින් එහෙම දෙන්නම ලුනු දාපු හොද්දක් ගැන හිතන්නකෝ . එතකොට අපිට ඒ හොද්ද විසි කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද ?.. එක්කෝ අපිට පුළුවන් ලෝකෙටම පෙන්න ලුනු වැඩි හොද්දක් කන්න , හැබැයි ඒක හැමදාමත් කරන්න බෑ කියලා ඔයා වගේම මමත් දන්නවා . ඉතින් අපි හොද්ද විසි කරමු , අමාරුවෙන් කනවට වඩා එක ගොඩක් හොදයි කියලා තේරෙන්නත් හැබැයි එක පාරක් වත් එහෙම කාල තියෙන්නත් ඕන නේද ? ..
ආදරෙත් අන්න ඒ වගේ වෙලාවකට , අපිට අපි වෙනුවෙන්ම හොද්ද විසි කරන්න වෙනවා. සමහරක් වෙලාවට දුක හිතෙන්න පුළුවන් කොච්චර අමාරුවෙන්ද අපි මේ හොද්ද හැදුවේ , ඇයි දෙවියනේ විසිකලේ කියලා . එත් අපිට එක කරන්න වෙනවා .
  
ඉතින් ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක් . ජිවිතේ මතකයන් ගොන්නක් . සමහරක් විට ඒ මතකය අපිව වෙනම ලෝකෙකට අරන් යනවා . ඒ ආදරේ බිදිලා ගියත් අලුත් ආදරේකට යන්න අපි හරි බයයි . මොකද තැලිච්ච හිත් ආපහු තලා ගන්න වෙයි කියලා අපි හරි බයයි . ජිවිතේ පුදුමයි , ගොඩක් පුදුමයි , හිතාගන්නවත් බැරි තරම්. සමහරක් වෙලාවට කොච්චර මිනිස්සු ලගින් හිටියත් තනිවෙලා වගේ . කාලෙකදී නැතුවම බැරි වෙලා හිටපු අය නොදන්නම ගානට හැසිරෙනකොට එකෙත් අමුතුම රසයක් නැතුවම නෙවෙයි .

හැබැයි මතක තියාගන්න ඔයාට ලැබෙන්න ඕන කෙනා ඔයාට ලැබෙනවා . සමහරක් විට ඔයාට ඉවසන්න වෙයි , කාලයට ඉඩ දෙන්න වෙයි. ජිවිතයෙන් ගියපු අය ගැන හිතනවට වඩා ඒ කෙනා ගියපු හේතු ඔයාට අනාගතයට වැදගත් වෙන්න පුළුවන් . මිනිස්සු නෙවෙයි ජිව්තේදී සිද්දි මතක තියාගන්න. ආදරේදී විතරක් නෙවෙයි ජිවිතේ සිද්ධ වෙන ඕන දේකදී ඒ දේට අදාල වන මිනිස්සුන්ට වඩා සිද්ධි ගැන හිතන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි ජිවිතේ කවමදාක හරි .



ඉතින් අන්තිමට මම අහපු ලස්සන කතාවකින් මේ ලියවිල්ල අදට ඉවර කරන්නම් , ජීවිතය තුල ඇත්තේ යාම් සහ එම් විතරයි ,
එහෙනම් මාත් ගිහින් එන්නම් 



Saturday, July 1, 2017

මතක නැත්නම් වැඩක් නෑ ලු .....





මතක නැත්නම්
ලකුණු නෑ ලු ,
මතක නැත්නම්
වැඩක් නෑ ලු ,
අලුත් චින්තන
ඕන නෑ ලු ,
ගිරපොතක
නැතුව බෑ ලු ,
අනේ මට තව
ඉන්න බෑ ලු ,

දැනුම නෑ ලු .......
මතක නෑ ලු ........

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...