Tuesday, July 4, 2017

මේ තීරණාත්මක මොහොතයි...



සයිටම් සටන තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ . රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (5) දින සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වෙමින් පවතී. ජනවාරි මස 31 වන දින සිට හයදහසකට අධික වෛද්‍ය ශිෂ්‍යයන් ප්‍රමාණයක් තවමත් පන්ති වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටී. ගැටලුවට පිළිතුරක් ලැබෙන තෙක් ඔවුන්ද දේශන සදහා යාමට සුදානම් නැත. ආරම්භයේ සිට මේ වන තෙක් වසර ගණනාවක් ගෙවී තිබුනද , තවමත් ප්‍රමාණාත්මක තත්ත්වය (Quality) පවත්වාගෙන යාමට සයිටම් පාලන අධිකාරියට උවමනාවක් ඇති වී නැත. එහෙව් තත්ත්වයක් තුල වගකිවයුතු රජයන් දෙකක් හැසිරුණ ආකාරය නින්දා සහිතය.

පුද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යද ? රටට ගුණාත්මක පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යව ඇත . හැබැයි එය සිදුවිය යුත්තේ ලාභය කියන සාධකය ඉදිරියෙන් තබා කටයුතු කරන වෙලදාම් මානසිකත්වයෙන් නොවේ. එවිට ගුණාත්මක බව පහල වැටි සමස්ථ අධ්‍යාපන පද්ධතියම කඩා වැටීමට පුළුවන. පුද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යමද ? දැනට ශ්‍රීලංකාව තුල එතරම් වෛද්‍ය හිගයක් නැත , ඇත්තේ නිවැරදිව බෙදී නොයෑමේ ප්‍රශ්නයයි . සයිටම් ආවා කියා එය විසදේ යැයි කවුරුන් හෝ කියන්නේ නේ නම් ඔහු තරම් කුහකයෙක් රටේම සිටිය නොහැක . ලංකාවේ බහුතරයක් බෙහෙත් ගන්නට අදටද රජයේ රෝහල් වලට පැමිණේ . හිතන්න ප්‍රමිතියක් නැති ආයතනයකින් පැමිණෙන පුද්ගලයෙකුගෙන් ඔබගේ මවට , පියාට , පුතාට , දුවට බෙහෙත් අරන් දෙන්න ඔබ සුදානම් ද ...

ආචාර්යවරුන්ගේ වගකීම වන්නේ ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් ආචාර්යවරුන් සතු වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේ තම දැනුම පුද්ගලික අංශයට( දේශන සදහා ) විකිණීමට වඩා තාම ඉගෙන ගත් නිදහස් අධ්‍යාපනයට සේවයක් කිරීමටය. ඇත්තටම ආචාර්යවරුන්ට රජය දෙන මුදලට වඩා ඉතා විශාල මුදලක් ඔවුන් පුද්ගලික අංශයක සේවය කර ( දේශන පැවැත්වීම නොවේ ) ලබා ගැනීමට හැකියාව පවතී. අදටද ඔවුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙනුවෙන් දේශන සිදු කරනු ලබන්නේ මුදලට වඩා කෙලෙහි ගුණ සැලකීමක් වශයෙනි. ඔවුන්ට අපගේ සමස්ථ උපහාරය පිදිය යුතුමය. වෛද්‍ය පීඨ ආචාර්ය වරුන්ද මේ සටනේදී පෙරමුණ ගත යුතුය. ඇත්තටම ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැත . ඔවුන්ගේ නෑයන් කිසි කෙනෙක් ප්‍රමිතිය අඩු කෙනෙක්ට පෙන්වන්නට වන්නේ  නැත . නමුත් ඔවුන්ට එසේ සිතා  සටනේදී අත පිස දමා ගැනීම සිදු කල නොහැකිය.

රජයක් හැසිරිය යුත්තේ කෙසේද? නංගි පෙන්වා අක්කා දුන් රජයක් ගැන මීට වඩා දෙයක් අපට බලාපොරොත්තු විය නොහැකිය. මක් නිසාද යත් ඔවුන් පැමිණියේ විශ්ව විද්‍යාල සිසුවන් ට පෙර ආණ්ඩුවලින් එල්ලවූ ප්‍රහාර market කරය. පෙර ආණ්ඩු වලින් සිදු වූ වැරදි නිවැරදි කරන බව කියාය. නමුත් ඔවුන් ජන්දයෙන් පසු හැසිරෙන්නේද පෙර ආණ්ඩුව පරිද්දෙන්මය. අධ්‍යාපනයට ලැබුන 6 % ක් නම් තවම නැත. නිර්මාල් රන්ජිත් දේවසිරි ආචාර්ය තුමාද පේන්නට නැත . එතුමාට ලැබුණාද කියන්නට මා නම් දන්නේද නැත . නමුත් ඔලු පලා , වෛද්‍ය වරුන්ට අපහාස කර තව දුරටත් ගමනක් යාමට මේ ආණ්ඩුවට හැකියාවක් නැත . ආණ්ඩුව පෙරලීමට වෛද්‍ය ශිෂ්‍යයන්ට හෝ සමස්ථ ශිෂ්‍ය පද්ධතියට කිසිදු අවශ්‍යතාවක් මේ මොහෙතේදී නොමැත. මක් නිසාද යත් ඔවුන්ගේ හැටිද ශිෂ්‍යයන්ට තවමත් මතකය . රාජිත සේනාරත්න ඇමතිතුමා සෞඛ්‍ය ඇමති ලෙස මීට වඩා නම්‍යශීලි වීම ගැටලුව විසදා ගැනීමට ඉඩ කඩ වැඩි කරවයි . කිරිඇල්ල ගැන නම් කතා කර තේරුමක් නැතිය. මක් නිසාදයත් ඔහුට අනුව ඔහු ඉපදී ඇත්තේද මහින්දගේ ආණ්ඩුව නිසාය. සිරිසේන ජනාධිපති අඩුම තරමේ තම විධායක බලය ගැනවත් අධ්‍යයනය කර සිටීම මෙහිදී වැදගත් වන්නේ , එවිට ඔහුට නිදහසේ තීරණ ගත හැකි නිසාය. 2020 පසුව සිරිසේන ජනාධිපති කෙනෙක් අපිට බලාපොරොත්තු විය නොහැක. අඩුම තරමේ යන මොහොතක රටට වැදගත් දෙයක් දායාද කර යෑම ම ඔබව සමාජය තුල ඉහලින් ඔසවා තැබීමට හේතු වනු ඇත .

වෛද්‍ය සංගමය ප්‍රමාද ඇයි ? වෛද්‍ය සංගමය සටනට අවතීර්ණ වන්නේ තුරුම්පුව ලෙසය. අවසන් මොහොත තෙක් ඔවුන්ගේ මැදිහත් වීම සාධනීය මට්ටමක පැවතියද යන්න සැක සහිතය. නමුත් ඔවුන් මෙහෙදී තීරණාත්මකම බලවේගයයි , විටෙක එය සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව අභිබවා යන බලවේගයකි. ඔවුන් මෙවරද සටන අතර මැද අතහැර නොයනු ඇතැයි සැමගේ පැතුම වී ඇත. ඔවුන්ගේ ආදී ක්‍රියා ගැන කතා කිරීමට වඩා ඔවුන් ගෙන් වන සේවය ලබා ගැනීම මේ සටනට හදවතින්ම එකතු වූ සැමගේ යුතුකම වන්නේය .

අන්තරේ සටන කනවද ? අන්තරේට ලංකාවේ බහුතරයක් මිනිස්සු විරුද්ධ තත්ත්වයක් ඇති වී තිබේ . එයට හේතුව ඔවුන්ගේම පෙර ක්‍රියාය. නමුත් මේ සටන මෙතරම් දුරට ඇදගෙන ඒමට අන්තරේ නොහිටියානම් කිසි විටක නොහැකිය. 6200 කට වඩා ලොකු බලයක් ඒවගේ 5,6 ගුණයක් එකතු උනාම පෙන්විය හැකිය . අන්තරේ ගැන මගේ පුද්ගලික මතය කුමක් උවද මේ මොහොතේදී ඔවුන් අතිශයම තීරණාත්මක පුද්ගල බලවේගයකි . විටෙක අනෙකුත් පුද්ගලික විශ්වවිද්‍යාල මේ සටනේදී සතුරු බලවේගයක් කිරීමටද අන්තරයේ පැරණි ක්‍රියා කලාප හේතු වී තිබේ .

වෛද්‍ය සිසුන් ට ඇත්තටම තවත් අවශ්‍ය මොනවද ? ඔවුන්ට රජයේ රැකියාවක් ලැබේ. රජය දෙන සොච්චම් පඩිය මදි නිසා පුද්ගලික සේවා වල යෙදීමට නිසි අවසරය ඇත. සටනේ හදවතට එකග ප්‍රධාන බලවේගය වන්නේ ඔවුන් වන්නේ අන්න ඒ නිසයි. ඔවුන් මේ සටන කරගෙන යන්නේ ඔවුන් වෙනුවෙන් නොවේ , රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වය පැවැත්ම වෙනුවෙනි. ඉක්මනින් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී රැකියාව කරගෙන සිටීමට හැකි මුත් ඔවුන් දැන් මාස 5 කට වඩා තම ජිවිතයෙන් පස්සට ගොස් තිබේ.

මේ තීරණාත්මක මොහොතයි. රජය විසින් දරුණු ලෙස ශිෂ්‍ය ප්‍රජාවගෙන් පලිගනිමින් සිටී, වාචාල ඇමතියන් සියල්ල සාධාරණීකරණය කරමින් පවතී. වෛද්‍යවරුන් වීමට නොහැකි වූ සමහර බළල් අත් ලවා මේ සටන දියාරු කිරීමට ආණ්ඩුව නොගන්නා ක්‍රියාමාර්ගයක් නැත.තව දුරටත් අන්තරේ නිසා හෝ GMOA එක නිසා සටනට සහභාගී නොවන්නේ නම් කියන්නට ඇත්තේ ජයග්‍රහණය ඇත්තේ බෙදී වෙන්වීම තුල නොවේ එකට එක් වීම තුලය. සයිටම් දැනට ඉගෙන ගන්නාවූ ශිෂ්‍යයන්ටද සාධාරණයක් වන අයුරින් ජනසතු කරන ක්‍රියාවලියකට ජය වේවා !

No comments:

Post a Comment

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...