Saturday, November 17, 2012

නෙතු හැඩුවා ලොවට හොරා.....අවසරයි කළඑළිදකින්නට....





හ්ම් කාලෙකට පස්සේ විවේකි සති අන්තයක් ලැබුනා..........
පුංචි පුංචි වැඩවගයක් හින්ද
මුකුත් ලියන්නත් බැරි වුණ එකේ
යාලුවෙක් කිව්ව මචෝ නරකද ......!
...... ටයිප් එකේ කතාවක් ලිව්වොත් කියල.......
මීට දවසකට දෙකකට කලින් තමයි....
මේක ලියන්න පටන් ගත්තේ......
තාම පරිච්ජේද 2ක් වත් ලියල ඉවර කරගන්න බැරි උණා ........
ඉතින් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම එක ලියල ඉවරකරන්න........
ඒ වගේම සතියකට දවසක් වත් ඒ කතාව බ්ලොග් එකේ දාන්නත් ඕන කියල හිතුන .......
ඉතින් අපි එහෙනම් බලන් ඉමු නේ!.....
ඔයාලගේ අදහස් උදහස් මට ගොඩක් වටිනවා
කතාව ගැන පොඩි විස්තරයක් එහෙනම් මම යටින් දාන්නම්
ඔය දැනට කතව ගලාගෙන යන්න ඕනේ කියල හිතෙන අදහස .........
එත් අස්ථිර ඌ ලෝකේ ස්ථිර වෙන්නේ මොනවද නේද?
එහෙනම් ඔයාලට හිතෙන දේවල් මම අර මුලිනුත් කිව්වා වගේ
මතක් කරලා කියල යන්න හොදේ...
සැකවින් : නාගරික ප්‍රදේශයක ජිවත් වෙන 4 දෙනෙකුගෙන් යුත් පවුලක්.......
                පියා ඉංජිනේරුවෙක් වන අතර මව වෛද්‍යවරියක් .......
                පුතුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් .......
                කුඩා දරුවා ලොවට හොර විදින වේදනා.......
                ඇත්තටම එයට හේතුව කුමක් ද??
                ඒ ගැන ඔයාලට කියනව ළගදිම.......
ප:ලි:    හොද නමක් කතාවට හිතුණොත් දාලායන්න හොදේ!.......
             

Monday, November 12, 2012

යුගයේ බරපතලම දේශපාලන කතාන්දරය .........!

හ්ම් .......
වැඩ ගොඩක හිර වෙලා ඉන්න අතරේ ලැබිච්ච්
පුංචි විවේකේදී ලියන්න ඕන කියල හිතුන
කියවන්න ලැබිච්ච් වටින පොතක් ගැන ........
බ්ලොග් ලෝකේ හුගක් අය මේ දවස් වල
ලියල තිබ්බනේ වැලිකඩ ආරවුල .......
දෝෂාභියෝගය වගේ දේවල්.......
ඒවත් එක්කම ඒ කියන්නේ අධිකරණය
සම්බන්ධ වෙච්ච යුගයේ කතාන්දරය
කිවොත් මේකට ගොඩක් නිවැරදියි........!
ඉතින් සමහරු කියවලත් ඇති තවත් අය මේ වගේ පොතක් ගැන දන්නෙත් නැතුව ඇති
ඉතින් දන්නා නොදන්නා කාටත් වගේ තමයි
මේක මම අද දැම්මේ ....
මොකද අධිකරණයෙන් නඩුවාර්තා ගන්න ගොඩක් දුරට එදා වේල කල බිල ඉන්න අපි යන්නේ නෑ......  නොවැ..........
ඔන්න පහලින් තියෙන්නේ ඒ පොත තමයි ......
මේක සදකඩපහන ප්‍රකාශනයක්
විදියට තමයි වෙළදපොලට නිකුත් උනේ !....
ඇත්තටම මේ පොත ඒ කියන්නේ මේ නඩු වාර්තා
කියෙව්වාම සමස්ත ජනමාධයවේදීන් ගැනම
යම්කිසි කලකිරීමක් මටනම් ආව..........!
සම්මානයක් නිසා යුගයම අදුරට ගෙනිච්ච
ඒ ජනමාධයවේදීනිය (අවස්ථාවාදී ගැහැණිය )
මේ ලගකදී ලංකාවෙන් ගිය කියල තිබ්බ ආරංචිය දැකලයි මට මේ පොත ගැන අයත් මතකයට ආවේ ......... එහෙනම් ගිහින් එන්නම් .........
කියවලාම බලන්නකෝ!....
යන්න කලින් ඒ පොතේ පෙරවදනේ තිබ්බ
මේ ලස්සන හිතට වැදිච්ච වචන පේලියෙන්ම සමුගන්නම්.......!
              මේ නඩුව පිටුපස ඇත්තේ යුගයේ බරපතල දේශපාලන කතාන්දරයයි......!
              එමෙන්ම ,මමත්වයේ ,හිනමානයේ ,අධිමානයේ ,කතාන්දරයයි ...........! 
             වෛරයේ ,ක්‍රෝධයේ .ඊර්ශයාවේ , හා පළිගැනීමේ කතාන්දරයයි ........!
             මේ වටා එතී සිටි නායක කාරකාදීන් ජාතියට බන කිවද
             තමන් කටයුතු කරන්නේ මෙසේයයි ජාතියට හැගවුහ..........!

Thursday, November 8, 2012

ලෝකය දකින්න ආස කොයි විදියටද ඒ දේ බවට ලෝකය හරවගන්න..........




හ්ම් ……
යාලුවො ටික නොමිලේ දුන්න දේ ගෙන්න ගන්න උත්සාහ කළාද?
බය වෙන්න එපා සති 4-6 න් ගෙදරටම එයි.....
හිතේ එක අරමුණක් තිබ්බේ නැති නිසා ලියන එක නැවතුනා….. ඒකයි නොමිලේ දෙන දෙයක් ගැන ලියලා ටිකක් නිහඩව හිටියෙ....
රටෙ තොටෙ වෙන දේවල් එක්ක සමහර වෙලාවට ජීවිතයත් එපා වෙනවා....
ඒත් අපිටවත් අයිති නැත්නමි මෙ ජීවිතය ..........
තව කවර කතාද! නේ!.......
ඒක වැඩක් නෑ......

හුගාක් අයගෙ සයිබර් සටහන් කියවද්දි ගොඩාක් දේවල් හිතුණා.....
ඒත් මොනවා උණත් අද මට මෙක ලියන්න හිතුණෙ නමි ෆේස්බුක් යාලුවෙක්ගෙ
status එකක් දැකල…….

ඔව් ..............!
ලෝකයේ සාර්ථක පුද්ගලයෝ එහෙම නැත්නම් සාර්ථක නායකයෝ
ගොඩක් අය ජීවිතේ Off-road ගියපු අය තමයි…..
තේරුනේ නෑ නේද??
හ්ම්….. මම එක මෙහෙම කියනම්කො…
අපි ලෝකේ වෙනස් වෙන විදියට හැඩගැහුනේ නැත්නම් අපි පරාදයි කියල
ඉස්සර කතාවක් තිබ්බ ඔයාට මතක ඇති !....
දැන් ඔය අහයි ඉස්සර විතරද තිබ්බේ කියල ……..
ඔය ඔකනේ!
තාමත් තියෙනවා තමයි
එත් ඊට වඩා වැදගත් සංකල්පයක් අද ලෝකය වෙලාගෙන තියෙනවා…
ඒ තමයි
ඔයාට ලෝකය දකින්න ආස කොයි විදියටද
ඒ දේ බවට ලෝකය හරවගන්න කියල …
ලෝකය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට බැරි වෙන්න පුළුවන්(ලෝකෙ පොලිස් කාරයා ගැන නමි නෙවෙයි)
එත්……………….!
ඒ පුද්ගලයාගේ එක පුංචි සිතුවිල්ලකට
ලෝකය වෙනස් කරන එක නම් මහා ලොකු දෙයක් නෙවෙයි……
ඉතින් මොහොතක් හිතන්න ………
මේ ජීවිතයේදී ඔය ආසම කරන දේ ඔය ලගට එනකම් ඉන්නවද,????????
ඔය ලගට ගෙන්න ගන්නවද කියලා
ඒක ඔයාට එක බාරයි……………….
ඉතින් උත්සාහ කරන්න සාර්ථක නායකයෙක් වෙන්න
එතකොට අඩුමතරමෙ ඔයාට සාර්ථක මනුස්සයෙක්වත් වෙන්න පුලු
වන්…………………….

ප:ලි : දිනන්නෙ පැරදිලා පුරුදු මිනිස්සු මිසක් ඉබෙ පහල වෙචිචි අය නෙවෙයි...
හිතන්න ...... 

Monday, November 5, 2012

නොමිලේ පුංචි තෑග්ගක් ඔයාලට ..........

හ්ම්............
 ඉතින්  අද මාත් 
 එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට...
  පුංචි තෑගි ටිකක්  දෙන්න  කියල තමයි කල්පනා කළේ !.....

මේවා  ඉතිං ................
 මාත්  හොයාගත්තෙ  සමහර  බ්ලොග්  අඩවි  වලින්ම තමයි හොදේ '.......

ඉතිං  මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ..............
 සැමදෙයක්ම බ්ලොග්  අඩවිය  කරන සහෝදරයාට ............ 

එයා  නිසා තමයි මටත් මේවා ගැන හොයන්න ආසාවක් ආවේ ....
ඉතිං  ඔය  එක එක දේවල් නම් ෆෙස්බුකියේ  ඉන්න
 යාලුවන්ටනම්  කියලා  එයාලත් ගෙන්න ගත්ත ......

ඉතිං  දැන් නම්  ඒවා ගැන අපේ අනික් යාලුවන්ටත් කියන්නයි  මම  මේ යන්නේ  හොදේ ..........
මුලින්ම බලලා ඉන්නකෝ  මට හම්බවෙච්ච  දේවල් .........!




කොහොමද  හොදයි ද ?....................
එහෙනම් එකින් එක ගැන මම කියනම්කො ..........

මුලින්ම අද මම  ඔයාලට කියන්නම් ඔය ෆොටෝස්  වල තිබ්බ සංයුක්ත තැටි ඒක්ක  ෆයිල් කවර ගෙන්න ගන්න විදිය ගැන ...................
මුලින්ම මෙන්න මෙතනින් ඔය එක අඩවියකට ඇතුළු වෙන්නකෝ ............
මෙකෙ තියෙන්නෙ ජීවිතයේ සතුටින් ඉන්න පුංචි පුංචි උපදේශ ටිකක්!........

අහ්  දැන් හරි ..........
ඔතන දකුණු පැත්තේ තියෙනවා  ..........   ORDER YOUR FREE KIT  කියල එකක් .........
එකට භාෂාව  විදියට ඉංග්‍රීසිත්  රට විදියට ලංකාවත් දීල තනතුර/රැකියාව ට එතනින්  කැමති එකක්  දෙන්න.... 
ඊට පස්සේ ඉතිං සාමාන්‍ය විදියට ඔය පෝරමය පුරවගන්නකෝ ..........!
 company   name   එක විදියට none  දාන්නකෝ .............
ඉතිං  ඔයාලගේ  ගෙදර තැපැල් ලිපිනය දාන්න  හරියට Postal code එක දන්නෙ නැත්නමි මෙතනින් බලාගන්නකෝ!.....
colombo  වල ඉන්න අයටනම්  මේකේ district  එක විදියට තියෙන්නේ kolombo  කියල 
කමක්  නෑ  එක click  කරන්න ..............!
දැන් ඉතින් සේරම පුරවලා  ඉවරනම් submit  කරන්නකෝ ....
මොකක් හරි අවුලක් අවොත්  comment  එකත් දාන්න එහෙනම් .....
ඊලග  ඒවත් ඉක්මනටම දාන්නම්කො .......ඔයාලට හොදයි කියලා හිතෙනවා නමි මොනවා හරි ලියලා යන්නකෝ!
ප. ලි: හැබැයි මෙක සාමාන්‍ය යෙන් සති 4-6 අතර කාලයක් යනවා එන්න හොදේ!...........
හැබැයි අනිවා එනවා .............

Saturday, November 3, 2012

ශාන්තිවාදී තපස් රකින්නේ පිටකොදු බිදගත් ඔල මොළ නිවටුන් ........!



"ඉතිහාසය සරල රේඛියව  ගමන් නොකරයි
...........!
එය ගමන් කරන්නේ සර්පිලාකාරවය .....
  බිදවැටීම් එකතැන පල්වීම් ආපසු ගමන් කරන්නක් මෙන් ..........
පෙනී යන අවස්ථාවන් නොමැතිව ඉතිහාසය ගමන් නොකරයි ......."




හ්ම් .......!
මොකක්ද මේ පණ්ඩිත කතාව නේ!......
අද මම ලියන්න යන දේට පුර්විකාවක් ගන්නයි මට ඕන වෙලා තිබ්බේ ........!
හ්ම් කිව්වා දේ තේරුණාද මන්ද  මුලින්ම...........!
ටිකක් ග්‍රීක් වගේ නම් අවුලක් නෑ ...........!
අමතක කොරන්නකෝ.........!
අපි කතාවට බහිමුකො......!
ඔව් ඉතිහාසය වර්තමානය මත අවුරුදු 35 කට විතර පස්සේ ..........
ආයෙත් සමපාත වෙලා කියල හිතෙන්නේ නැද්ද?......
තේරුනේ නෑ නේ?....!
ඔව් දැන් ලංකාවේ වෙන දේවලුයි මීට අවුරුදු 35 කට විතර ......
ඉස්සර වෙලා තියන දේවල් වලයි පුදුමාකාර සමානකම් කීපයක් තියෙනවා .......
හැබැයි ලොකු අසමානකම කුත් තියෙනවා......
එහෙනම් බලන්නකෝ මේ ගැන කලින් හිතුනද කියල.......
 
ජේ ආර්   ට එදිරිව මහින්ද රාජපක්ෂ
5/6     එදිරිව         2/3(ආසන)
50.03% ජන්ද ප්‍රමාණයකට එදිරිව 66% ඉක්මවූ ජන්ද ප්‍රමාණය (කැමැත්ත)
1972 (2) දරන සංශෝදනයට එදිරිව 1978(18) දරන සංශෝදනය (බල තණ්හාව )
ගෝනවල සුනිල් ට එදිරිව මිල්රෝයි ප්‍රනන්දුගේ බිරිද(වැරදිකාරයන්ට නිදහස )
විජේ කුමාරණතුංග  එරෙහිව සරත් ෆොන්සේකා (කුමන්ත්‍රණ)

හ්ම් .......!
ඒ සේරටම වැඩ දවසේ මාතෘකාව
නෙවිල් සමරකොන්ට එදිරිව ශිරාණි බණ්ඩාරනායක (දෝෂාභියෝග)

ඉතිහාස වර්තමානය මත සමපාත වී ඇත ......
එකම වෙනස විධායකය අතරැදි පුද්ගලයා පමණක් පක්ෂ දෙකින් පෙනිසිටිමයි .............
72 (2) සංශෝදනය පරිදි ගෙන විධායක  ජනාධිපති ක්‍රමයේ බල මහිමයෙන් අධිකරණය  පවා රූකඩයක් කිරීමට පාලකයනට   හැකිය ...............
ඒ හි ගොදුර  නෙවිල් සමරකෝන් ද ශිරාණි බණ්ඩාරනයකද යන්න වෙනසක් නැත ............
ඔවුන් එයි..... ඔවුන් යයි.......  නමුත් අධිකරණ  පද්ධතිය ???

 මෙ සිදුවන්නේ රටේ උත්තරීතරම ආයතනයට  විධායකයේ අදිසි හස්තය  තැබීමයි
.....!
ඉතිහාසය වැරදියට වටහාගත් මිනිස්සු 50.03% ට වඩා
වැඩි 66% ක බලයක් දුන්නේ රට හදන්න ද?
හිතන්න අපි එකම වලේ දෙපාරක් වැටුන නේද ?
78 දී අපිව දැම්මේ රෑ වලක..............
එත් දැන්...............!
අපි දවල් වලකම වැටිලා ..........
ඉතින් ඔකේ ඉන්නේ මහින්දද රනිල් ද සරත් ද කියන දේ නෙවෙයි...........
ඔය අසීමිත බලයට එරෙහිව පෙළ ගැසෙමු .........
කවදාහරි හොද මිනිහෙක් එයි  ඕක ඉවත් කරලා යන්න ............
එතකන් අපි අධිකරණය වත් බේරාගමු නේද????
එත් ...........!
දන්නවනේ ........
යුක්තිය උදෙසා කෑමොර දීමයි
දග ගෙයි ලෑමට අප සම කල පව
 ඉතින්  අපි සදහටම නිහඩව ඉමු......
අධිකරණය  අපේ ද නෑ නෙ  නේද
නැ එක විතරයි  ඔයාට  මට අපි කාට කාටත්
අන්තිමට ප්‍රජාතාන්ත්‍රික සමා  වි්‍යුහය   ඇතුලේ ඉතිරි වෙලා තියෙන දේ....
එකටත් රුපවාහිනියේ සෙට්එක වගේ රුකඩ ටිකක් ගියොත්??
ප. ලි:එහෙනම් එකතු වෙන්න දැනගන්න කතාකරන්න
මොනවා උනත්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොදු බිදගත් ඔල මොළ නිවටුන්

Thursday, November 1, 2012

ඉතින් අපි ඉන්න කාලෙට රණ්ඩු වෙලා, හිනා වෙලා, දුක් වෙලා.........

ඔයාල එකපාරටම බලයි......
මොකක්ද මේ වයසට ගියපු ගහක් දාල තියෙන්නේ කියල.......
ඔව්......
මේ ගහ ගොඩක් වයසයි ......
ගොඩක් කියන්නේ ගොඩක්.........
අවුරුදු ගණනාවක්........
එකට දවසින් දවස එක එක ජාතියේ කුරුල්ලෝ ඇවිත් වහල ආයිත් යනවා.......
 එයාල එතනට එනකොට මිට කලින් ...... කවදාවත්ම හම්බවෙලා නැතුව ඇති......!
 එත් එතනින් යන දවසට.....
මීට ගොඩකාලෙකට කලින් ඉදන්ම දන්නවා වගේ......
හරිම දුකින් වෙන් වෙලා යයි...... එත් උන් නොදැනුවත්වම උන් ගේ පිහාටු පහලට වැටිලා.....
 මහපොලව උන්ගේ සම්බන්දතා වලට සාක්ෂි දරයි.......
එත් උන් කවදාවත් ආයත් එකට මුණ ගැහෙයි ද කියන්න උන් දන්නේ නැ.......
ඉතින්.......! ඒ වගේ තමයි නේද අපේ ජීවිතත්?.....
අපි කව්රුත් මේ ලෝකෙට එද්දී කාවවත් දන්නේ නෑ......
එත් අපි ආවට පස්සේ ක්‍රමයෙන් සමාජ සම්බන්දතා හදා ගන්නවා.....
මුලින්ම අම්මා, තාත්තා ඊළගට අයියල අක්කල......
 ඊලගට අපේ අනිත් නෑයෝ, යාලුවෝ.......
අතන මෙතන අපිට උදව්වට වගේම ඔවුන්ගේ දුකට සැපටත් ආදී ලෙස එකී මෙකි නොකී හැම කෙනාම එක්ක අපි සම්බන්දතා පවත්වනවා........
ඒ සම්බන්දතා අපිව ජීවත් කරවනවා.......
ඉතින් අපි ඉන්න කාලෙට රණ්ඩු වෙලා, හිනා වෙලා, දුක් වෙලා, අන්තිමේදී ජීවිතෙන් සමුගන්න කාලෙකුත් එනවා....... ඉතින්......
මැරෙනකොට අන්තිම මොහොතේවත් අපිට සතුටු වෙන්න තියෙන්නේ ඒ පුංචි පුංචි සුන්දර දේවල් මිසක් නිශ්චල හෝ චංචල දේපල නෙවෙයි ..........
ඔයා , මම එයි, ඔයා, මම යයි. තවත් අය එයි, ඒ අයත් යයි. අපගේ පැමිණීම හෝ ඉවත්ව යාම වැදගත් නොවේ. අප සිටිනා කාලය තුළ අප කරන කියන දෙය පමණක් රදා පවතී........
ප:ලි: ඇත්තටම සුන්දර පාසල් කාලයේ මතක සටහන් පොතක යාලුවෙක් ලියල තිබ්බ සටහන් ඇසුරින් සකස් කරන ලදී

Tuesday, October 30, 2012

ඇයි ලැජ්ජද?? අත්සන පරගැති වුණේ?

හ්ම්
ඉතින් මේකත් කාලෙකට කලින් ඉදලම ලියන්න කියල හිතේ තිබ්බ දෙයක්....
එත් අද එක පාරටම මේක ලියන්න ඕන කියල හිතුනේ සිරසේ යන සිහිනපුරේ කියන ටෙලිනාටකයේ දෙබස් කීපයක් නිසා තමයි ..........
ඉතින් ඔයාල සමහරු බලනවත් ඇති බලන් නැතුවත් ඇති
(එක මේකට අදාල වෙන්නේ නේ ලු හොදේ )
අද ගිය දෙබසක් තමයි වැදගත් උනේ මට මේක ලියන්න .......
අද නෙවෙයි" නිදහස දිනපු දවසේ ඉදන් මහා ජාතිය සුළුජාතිය  ආදී ලෙස එක එක කතා කියාගෙන ලංකාවේ මිනිස්සු ජීවත් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න හදා ගත්ත" (උදාහරණ 1956 සිට පැවත එන ජාතික ප්‍රශ්නය )
බෙදීම් තියෙනකොට ඕන තරම් ගැටුම් ඇති කරන එක හරිම පහසුයි ......
එත් තමන් සිංහල කියල කැගැහුවට මදි සිංහල විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්න ..
සිංහල අපිට අනන්‍ය වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ..
අපි සිංහල කිව්වට අදටත් කොස් දෙල්  ධාන්‍ය වර්ග  කන්නේ කීයෙන් කි දෙනාද?
ඇයි අනිත් අයට ඒවා කන එක අවුල් ද?
Mc එකේ , KFC එකේ , කෑම විතරද කන්න පුළුවන් ?
මම කියන්නෙ නෑ ඒවා කන්න එපා... කියලා ඒත් සිංහල අපිව සුද්දො මත කවදාවත් සමපාත කරන්න හදන්න එපා ......
මෙක මහා අතීතයක් තියන දියුණු ජාතියක්......!
හ්ම්.....
කතාව ටිකක් දුර ගිය වැඩි වගේ .......
ඇත්ත තමන්ට කැමති දෙයක් කරන්න තමන්ට පුළුවන්....!
එත් සිංහලයෙක් විදියට වැඩ කරනවානම් සිංහලයෙක් වෙයන්....!
ඔන භාෂාවකින් කතාකරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි ....
ඒත් අඩුම තරමෙ අත්සනවත්!.....
කවදාවත් ද්‍රවිඩ පුද්ගලයෙක් හරි වෙන ජාතිකයෙක් හරි
තමන්ගේ මව් භාෂාවෙන්  පිට අත්සන් කරනවද?
අත්සන් කරනවානම් එත් ඒ අතලොස්සක් විතරයි......!
එත් සිංහල මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාද තමන්ගේ භාෂාවෙන්
අත්සන් කරන්නේ ඕනෑම ලිපියකට(සිංහල හෝ English) .......
ඇයි ලැජ්ජද ??? සිංහලෙන් අත්සන් කරන එක ?
එහෙනම් ලජ්ජා වෙන්න ඔයා සිංහලයෙක් වෙලා ඉපදිච්ච එකට !

ප.ලි: හිතන්න පොඩිඩක් ලෝකය කොචිචර ලොකුද ලංකාව කොචිචර පොඩිද කියන එක නෙවෙයි
ඔයා කොචිචර හිතින් සිංහල ලාංකිකයෙක්ද කියලා විතරක් 

Sunday, October 28, 2012

පවි කාරයාට ගල්ගැසීම , මාලිංග සහ පොල්පරාල

මෙක ඇත්තටම ගොඩාක් කාලයකට කලින් ලියන්න හිටපු දෙයක් ඒත් යමි යමි සිද්ධීන් එක්ක ඒක පස්සට ගියා..ඒත් එකපාරටම මූණුපොතේ ගිය කතාවක් නිසා මෙක ලියන්න හිතුණා
අදටත් ලංකාවෙ බහුතරය ආසම ක්‍රීඩාව  තමයි .ක්‍රිකට් ..ඒකෙ ආයි හෝදන්න දෙයක් නෑ...ඒහෙම කියනකොට අද ලංකාවෙ ක්‍රිකට් වල හැම තිස්සෙම නම කියවෙන බහුතර  ශ්‍රීලංකා වාසීන් අතර
මාතෘකාවක් වෙච්ච්  කෙනෙක් තමය ලසිත් මාලිංග කියන්නෙත් ....
ඉතින් ලංකාවේ ක්‍රිකට් වලදී වගේම ලංකාව තුල මෙච්චර කාලෙකට මම අහල තිබ්බ හැටියට තමන් කරන රස්සාව වෙනුවෙන් තමන්ට සාදාරන(සමහරුන්ට අනුව අසාදාරන )වැටුපක් ඉල්ලුවේ ඔය කියන පුද්ගලයා තමයි .. අදාල ක්‍රීඩකයාගේ ලංකාව වෙනුවෙන් සෙල්ලමි කරන සමහර තරග ගැන පුද්ගලිකවම අප්‍රසාදයක් තිබ්බට..... ඒ තරම් වත් කොන්දක් නැති සමහර මිනිස්සු අද තමන්ගේ වැටුප් පත වෙනුවෙන් අසරණ මිනිසුන්ව පරණ ඇපයට ගන්න හදන බව ලෝකෙටම පේනවා... අද ඒ මිනිස්සු මාලිංග ට මහේලලට සංගලට වගේම සමහර අනිත් ක්‍රීඩකයන්ට එල්ල කරන ප්‍රධාන චෝදනාව තමයි  සල්ලි වලට ක්‍රිකට් ගහනව කියන එක
ඉතින් ඒ වගේ ඒවා කියන හුදී බුද්දිමත් යි කියාගන්න පුද්ගලයන්ගෙන් අසන්නට ඇත්තේ  එක දෙයකි....
හැකිනම් පහත ප්‍රශ්නවලට තම නැණ පමණින් පිළිතුරු දෙන්න කියාය

          1.  වෛද්‍යවරුන් මුදලට බෙහෙත් කරන්නේ නැද්ද?  එසේම ඔවුන් වැඩියෙන් හොදට බෙහෙත් ලබා දෙන්නේ කුමන විටකදීද?
         2.  බහුතරයක් ඉංජිනේරුවරුන් රජයේ සේවයට ලැදිද?
         3. බහුතරයක් නීතීවෙදීන් පුද්ගලික නීති ආයතන වලට මුල්තැන නොදේද?
         4. ඔය මොනවා කෙසේ වුවත් අදටත් ලංකාවෙ පළමු පෙලේ පාසල්වල ගුරුවරුන්ගේම ම ටියුෂන්   කඩවලට අදාල ළමුන් නොයන්නේද?
       
ප.ලි:  ඉහත දක්වා ඇත්තේ ලාංකීය සමාජයේ උසස් යැයි සමිමත(සමිමත පමණි) රැකියා ගැන විස්තරයකි...
එසේ නමි මුදලට ක්‍රීඩාකරනවා යැයි ඔවුන්ව හංවඩු ගසන මිනිසුනේ දෑස් හැර බලන්න .....
ඔබ සිටිනා ලෝකයට වඩා පිටත පවතින ලෝකය කෙතරමි වෙනස්දැයි කියා..........
ඉතින් පේනවනෙ අපේ ඇහේ පොල්පරාල තියාගෙන අපි අර පුංචි රොඩු ගැන හොයපු තරමි නේ......!

Friday, October 26, 2012

ලක්ෂපති තරගය මම සහ හීන(1)

හරියටම මීට සති 3කට විතර කලින් උදේ 9 ත් 10 ත් අතර එකපාරටම අමිමා මාව නින්දෙන් ඇහැරෙවිවෙ පටිට කලබලයකින් ..පටිට කමිමැලිකමෙ ඇයි කියලා බැලින්නමි ජීවිතේට හිතපු නැති කෙනෙක්ගෙන් කෝල් එකක් ...හ්මි කතා කලේ ගර්ල් කෙනෙක් තමයි ..හැබැයි හ්මි...ඔයාලා හිතන දෙයක් නෙවෙයි සිරස ලක්ෂපති වැඩසටහනින් තමයි කෝල් එක...කවදා හිතපු දෙයක්ද .....  දස දහස් ගාණක් අතරින් මාත් අන්තිම 100 ට තේරිලාලු...හ්මි කියන්න සතුට දෙගුණ තෙගුණ වුණා.....
ඒත් 100 ට තේරුණා කිවිවට ලේසි නැහැ...  ආයිත් ඒකෙන් 10 දෙනෙක් තෝරන්න සමිමුඛ පරීකෂණයක් ගැනත් කිවිවා....කොහොමින් කොහොම හරි මේ සමියත් දවස් 3 කින් තිබිබ සමිමුඛ පරීකෂණයට සහභාගී වුණාලු හොදේ....

හ්මි එදා 08 වෙනිදා උදේ 8 වෙද්දි දැන් ඔන්න සිරසෙලු හොදේ ....අර දෙපානම එකේ නෙවෙයි....රත්මලාන එකේලු හොදේ...ඔන්න මුලින්ම අපි ගැන දීර්ඝ පැන 25 කින් විතර පස්සෙ තිබිබලු සාමාන්‍ය දැනීම පැන 10 ක් විතර ....මොනවා වුණත් ඒ ටික ගැන නමි පටිට ෂුවර්ලු හොදේ....ඉතින් තව ටිකකින් නිෂ්පාදක තුමා සමිමුඛ පරීකෂණය  පටන් ගත්තලු .....හුටා පටස් .....පුදන කොටම කිවිවෙ සින්දුවක් කියන්නලු ...අමිම මුත්ත කාලෙවත් සිංදු කියපු එකෙක්යෑ මම..... ඔන්න ඔහේ සිංදුවකුත් කිව්වලු ......ඒත් කිසිම සැටිස් එකක් නැතිව ගෙදර ආවලු හොදේ .... ඇයි ඉතින් කියපු සිංදුවට සංසාරෙම එපා වෙලා නිෂ්පාදක වැඩ සටහන දාලා ගිහින් මහණ වෙලා නමි!.......
ජීවිතයේ ඒ වටිනාම අමතක නොවෙන දවස 2012.10.17  හරියටම 4.40 ට විතර කෝල් එකක් ආවා .....
ඔවි ඔබ අවසන් 10 දෙනා අතරට තේරිලා ....අමිමෝ දැනුන සතුට ඇත්තටම ඒ මොහොත අදටත් අමතක කරන්න බැහැ.....ඒත් මට 25 වෙනිදා තරගය කිවිවට 20 වෙනිදත් එන්න කියලා තිබිබා    Stand by   තරග කරුවෙක් විදියට .....ඒකත් බලලාම 25 ඔන්න උදේ පාන්දරම යාලුවොත් එක්ක සෙටි වෙලා ඔන්න ගියාලු .....
පළවෙනි වතාවට රූපවාහිනි තිරයක් ඉදිරියේ  පෙන්නන්නලු යන්නෙ හොදේ !......
ඒත් ජීවිතයේ සියලු සුභ හීන ඇගිලි තුඩ නිසා විනාශ වෙලා යද්දි හිතට දැනුණ දුක කියලා ඉවර කරන්න බැහැ...
සිය ගාණක් හිස් අස්සෙ මම තනිවෙලා වගේ දැනුණා.... ඇගිලි තුඩ නිසා දස දහස් ගාණක් අතරින් අන්තිම 10 ට ගෙනැල්ලා  එතනදි පඩුපුල් ආසනයට යන්න බැරිවුණාම තියෙන දුක නිකං කියන්න වචන නැහැ....
මොනවා වුණත් ජීවිතයට ලස්සන මතකයක් එක් කළා.....
නිරංතර ඇස් අග ජීවමානයි....
ඉතින් ඔයත් ගෙදර ඉදන් උත්තර දෙන්නෙ නැතිව ඇවිත් තරග කරන්න.....
ඔයා වාසනාවන්ත නමි අන්තිම 100 ට එයි...
ඔයාට අභියෝග බාරගන්න පුලුවන්  නමි අන්තිම 10 ට එයි...
ඔයා දක්ෂයෙක් නමි උණු සීටි එකටත් එයි.......
අදාල දිනයේදී  Hot seat එකට ගිය දක්ෂයන් තිදෙනාටත් සුභ පැතුමි......!

ප.ලි : ඒ හා බැදුණු සුන්දර මතකයන් සමගින් නැවතත් එන්නමි.

Monday, October 15, 2012

බලන් කඩ තුරා හැර දෑසේ (ආගමික නිදහස සහ අන්‍යාගමිකරණය 1))

(ජායාරූපය අදාලා කතාව සමග සෘජුව සමිබන්ධ නොවන බව සලකන්න..)
අන් කවරදාටත් වඩා ලෝකය පුරා නැවතත් ආගමිවාදයේ පැතිරයාමට පටන්ගෙන තිබෙ.(සමාවෙන්න කුරුස යුද්ධ ගැන හැර). දස දිගින් නැගෙන්නේ සියලුම ආගමි අතර වු ගැටුමකි.විටක එයට හේතුව විශ්වාසයේ අතිජාත සගයා වු සැකයයි.
සමාවෙන්න.........!
මා මෙ කියන්න යන්නේ ලෝකය ගැන නොවෙ.අද වන විට නැවතත් ජාතිවාදී ව්ෂබීජය ලංකාධරණි තලයට ඇතුල්වෙමින් පවතී(සමාවෙන්න ජාතිවාදයටත් වඩා ආගමි වාදය යන වචනය වඩා යෝග්‍ය වෙ.).
     ඉතිහාසය යළි යළිත් ඊට අනුරූපව නැවත සිදුවෙ.කාලය සහ හැඩතල වෙනස් වුවද එහි හරයාත්මක වශයෙන් කිසිදු වෙනසක් නොමැත.නමුත් කාලය හැඩතල වෙනස් වීම මගින් එව අලුත් දෙයක් ලෙස පෙනීම පෘථග්ජන ස්වභාවයයි..
සමාවන්න...........!
මාතෘකාවෙන් පිට ගියා නොවෙ.ප්‍රවෙශයක් ලබා ගත්තා පමණි..පිලියන්දල  ප්‍රදේශයේ පාස්ටර්වරයෙකු අල්ලා ගැනීමත්  පිලියන්දල පොලීසියේ අද ගොලු බිහිරි ප්‍රතිපත්තියත් නිසාම මෙ ගැන කතා කර යුතුවම ඇත.
  ෆේස් බුකියේත් බිලොග් අඩවි තුලත් කාලයක් තිස්සේ කතා කළ(කතා කරන) මාතෘකාවක් බවට මෙය පත්ව ඇත. එක්තරා පුහුදුන් මිනිස් කොඨඨාශයක් ආරමිභ කල (ඩොලර් වලට හෝ ආගමෙ නාමයෙන්) මෙ තත්වය අද වන විට රැල්ලක් බවට පත්ව ඇත.ඒ අන් කිසිවක්  නොව ජාතිවාදය හා ආගමිකරණයයි(අන්‍ය).
      මාතෘභූමියේ නාමයෙන් අපි ලාංකිකයෝ බව යලි යලිත් අවධාරණය කරන්නෙමු(ඒ සිංහලයන්ගේ හැටිය). සිංහල බෞද්ධයා එදාද අදද හෙටද ජාතිවාදයට අකමැත්තන් වෙමු .එක් කොඩියක් යට සතුටින් විසීමට කැමැත්තෝ වන්නෙමු.(ධනය බලය උදෙසා රට ජාතිය පවා දෙන්නන් කොතණත් ඇත.මෙ ඔවුන් හැර ඉතිරියයි).
  අවුරුදු ගණනාවක් කට පියාගෙන සිටියෙමු.එයින් ප්‍රයෝජන ගත්තේ අන්‍ය ආගමිකයන්ය.සෝම හිමි ගිය මග යාමට එකල තරුණ පෙළ පෙළ ගැසුණහ.ඉදින් අන්‍යාගමීකරණය තරමක් බාල විය.
නමුත් අවාසනාවක මහත!...............
උන්නාන්සේගේ අභාවයෙන් පසු ඒ මග යාමට යැයි කියා ජනතා වරමින්(සෝම හිමි නාමය විකුණා) පාර්ලිමෙන්තු ගතවු ගරුතර ස්වාමීන් වහන්සේලා රජයන ආණ්ඩුව අද වන විට දෑස් පියාගෙන සිටියද බොදු බල සේනා නමි සංවිධානය හෝ පෙරමුණ ගැනීම සිංහල ජාතිය ලැබු වාසනාවකි.

අපට අන් ජාතීන්ට අගෞරව කිරීමට වුවමනා නැත.විශ්වයේ සියලු දහමි වල පැවැත්ම වන්නේ ස්වභාව නීතියයි..කිසිවෙකු තලා පෙලා බලෙන් ලබා ගන්නා දෙයෙහි වටිනා කම අල්පය..තාවකාලික ආතල් එකක් පමණි.ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගමි ඇදහීමෙ නිදහස තහවුරු කර ඇත්තේ සියලු ආගමි වලට අපහසුවක් වීම වැළැක්වීමටය.ඒ ලබා ඇති නිදහසින් අන්‍යාගමික සුලුතරයක්(අදාල ආගමට වත් සුදුසු නැත්තන්) ලබා ඇති ප්‍රතිලාභ කොතරමි දැයි පුවත් පත් මගින් රාජ්‍ය ආගමට සිදු වී ඇති විනාශය පැහැදිලිය.
තීරණය කිරීම ඔබ සතුය.ඉවසීම හොද ලක්ෂණයකි.නමුත් අයුක්තිය අසාධාරණය මැද නැවත නැවතත් ඉවසන්නා නිවටයෙකි.
ඉදින් නැගිටපල්ලා......!
ජාතීයක් විදියට දැන්වත් මරාගන්න නෙවෙයි .. බෙරගන්න අපේ උරුමය අන් පරපුරකටත් බලාගන්න..
අනික් එවුන්ට පහර ගහලා ආතල් ගන්න නෙවෙයි.. අපේ අනන්‍යතාව රැකගන්න..
   මතු සමිබන්ධයි......

Tuesday, October 9, 2012

පඩිපත වෙනුවෙන් මෙ තරමි වින්නැහියක්..............


මම  දන්නවා .......
උඹ කෑ ගැහුවෙ උඹ වෙනුවෙන් නෙවෙයි කියලා.......
උඹ කෑගැහුවෙ උඹෙ පරපුරේ සියල්ල වෙනුවෙන්......
උඹ උඹෙ ඔය සටන ගැන මහා ලොකුවට මාත් එක්ක විවාද කළා........
උඹට මතකද.............!
එදා මම උඹට පැරදුණා .........
උඹ හරි ලස්සනට උඹෙ ඔය කතාවෙන්...........
මාව පරාද කරලා දැමිමා.........
දුකක් නෑ........
මම පැරදුණේ උඹ හරි යි කියලා.......
උඹම පෙන්නපු මතවාදෙට නිසා......
ඒත් ......
අද මට ඇත්තටම දුකයි බං.........
උඹලට මහා ලොකු බලාපොරොත්තු දීලා...........
අද උඹලගෙ සටනෙ මහ එවුන් ටික........
උන්ගෙ පඩි පතට .........
අද උඹලගෙ මහා ලොකු 6% ..........
උඹලගෙන් ඈතට අරන් යනවා .........
මම කියන්නෙ නෑ ...........
උඹලගෙ ඔය හැම ආචාර්යවරයාම අවස්ථාවාදියො කියලා
මොකද ...........
එතනත් මම දැක්කා..........
පඩි පතට වඩා රටට ආදරේට පෙරට ආපු එවුන් හිටියා...............
උඹෙ උපාධියට මල්ලිගෙ පේපර් ටික ට වඩා .........
උඹට ආදරේ තිබිබෙ ඔය ලේ වල කැක්කුම තිබිබෙ............
නිදහස් අධ්‍යාපනේ ඇස් 2 න් දැක බලාගන්න.........
නොලැබෙන අනාගත පරපුර වෙනුවෙන්

උඹට එදා නොකිවිව එකම දේ.........
අද උඹෙ ඇස් පණාපිටම තියෙනවා.........
යකෝ...............!
අපේ රටෙ  ගොඩක් එවුන්............
උන් වෙනුවෙන් උඹලා වගේ...........
ඇත්තටම රටට ආදරේ එවුන්ව හැමදාම කඩෙ යවනවා..................
71 ත් ඔක වුණා..............
  89 ත් වුණා ..................
දැන් ආයිත් ඒ වගෙ දෙයක් ................
අද උඹ තනිවෙලා .................
ඒත්..........
මට උඹ ගැන තාමත් ආඩමිබරයි බං..................
ඔය මොක වුණත්..............
උඹ කඩෙ ගියෙ නිදහස් අධ්‍යාපනේට මිසක් ...................
ඹය එක එකාට නොවන නිසා..........................

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...