Wednesday, November 30, 2011

2011.11.21 .........අතීතයේ එක් දවසක





වෙලාව රෑ 10 ට වත් නැතිව ඇති.  ඒත් අද පුදුම කමිමැලිකමක් හිතට දැනෙනවා. ඉස්සර A/L කරන කාලෙදි නමි ඒ වගේ වෙලාවට අනන්තවත්  මෙ වගේ articles ලියන්න ඇති.ඒත් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ A/L වලින් පස්සේ ලැබිචිච මෙ සුන්දරතම නිවාඩු කාලෙදි මගේ කමිමැලිකම නැති කරගන්න මම තෝරගත්තෙ face book එක  ඔයාලා බලනවා ඇති,  face book එකේ ඉන්න ගමන් මොන කමිමැලිකමක් ද කියලා...........................

            ඇත්ත ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි . මොකද ඔයත් හිතනවා ඇත්තෙ අදත් වෙනදා වගේමයි කියලා......... නෑ............... කොහෙත්ම නෑ..............  අද හිටි හැටියේ මහ වැස්සක් කඩා පාත්වෙලා. ළගදි තිබිබ පෝයට වත් කඩාපාත් නොවුණු විදිහේ වැස්සක් වහිනවා. ඔයා බලනවා ඇති මොකද පෝයට වහින්නම අවශ්‍යමද කියලා.........................................
                           නෑ............ එහෙම වෙන්නම ඔන නෑ........... ඒත් එහෙම වහින එක නමි මගේ මෙ අවු 19 ක ඡීවිත කාලෙදි සුලභ අත්දැකීමක්. ඒක ඔයාට එහෙම නොවෙන්නත් පුලුවන්.

කෝ ඉතින් මම කියන්න ගිය කාරණය කියන්න බැරි වුණානෙ. අද කමිමැලි වුණේ මෙ වැස්ස නිසාමත් නෙවෙයි, වැස්සත් සමග නොකියාම ආපු විදුලි කෙටිල්ලක් නිසායි. එහෙවි එකේ මොන face book ද!
laptop එකත් shutdown කරලා මම මගේ පෑන අතට ගත්තෙ අයාලේ යන සිතුවිලි වලට ඡිවය දෙන්න කියලා හිතාගෙන...
            කෝ මට තාමත් track එකට enter වෙන්න බැරි වුණානෙ.......මෙ වල් පල් නිසා .... ඇත්ත මෙ වගේ නිදහසේ වචන ගලාගෙන යන්නෙ තව සති 2ක් 3ක් වෙන්නත් පුලුවන්, සමහර විට සතියක් වෙන්නත් පුලුවන්,
එක්කො මෙ අවසන් හෝරාව වෙන්නත්  පුලුවන්.ඒ මොකද දන්නවද මං වගේම  A/L කරපු ලක්ෂ 3 ක් විතර කොල්ලො කෙල්ලො කිසිකෙනෙක් results out වෙන date එකක් ගැන දන්නෙ නැති නිසා......

                         සමහර අය results වලින් සතුටු වෙයි, සමහර අය දුක්වෙයි. මොකද? ඒකත් සාපේක්ෂ දෙයක් නිසා. මොකද fail වුණ කෙනා pass වුනේ නැහැ කියලා දුක්වෙනවා ,  pass වුණ කෙනා university යන්න Z එක මදි කියලා දුක්වෙනවා,university යන්න  Z එකක් තියෙන කෙනා med.,Eng., faculty යන්න  තරමි හොද Z
එකක් නෑ කියලා දුක් වෙනවා .. එවිව මෙවිව මොනවද නේද! Island 2nd එකාත් දුක් වෙනවනෙ තමන්ට Island 1st වෙන්න බැරිවුණා කියලා............

      ඉතින් අන්න ඔක  යි මට කියන්න අවශ්‍ය වෙලා තිබුණෙ  .........   ඉතින් මෙ තරගකාරී අධ්‍යාපන රටාවෙ බල මහිමය මෙවා හරිද වැරදිද කියලා තවත් දවසක අපි කතා කරමු.........

                                                                                                                                - S.Nimalka-

6 comments:

  1. ubatath nikan ananmanan adahas enawa needa, hodai hodai. keep it up. gathiyak thiyenawa :D

    ReplyDelete
  2. harakek kiyala ubawa marannada ban?

    ReplyDelete
  3. Nice One
    Island First වෙච්ච එකා කොහොමද දුක් වෙන්නේ ? කියමු බලන්න

    Interesting and true, hope u get good results.

    ReplyDelete
  4. island 1st wechcha eka duk wenne gya awurudu wala island 1st lata wada hoda Z ekak gana bari una kyala ................

    ReplyDelete
  5. Is 'Z' the highest mark or grade in Sri lanka ?

    ReplyDelete
  6. Z is the system of ranking ............. not a grade or highest mark.........

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...