Saturday, November 3, 2012

ශාන්තිවාදී තපස් රකින්නේ පිටකොදු බිදගත් ඔල මොළ නිවටුන් ........!



"ඉතිහාසය සරල රේඛියව  ගමන් නොකරයි
...........!
එය ගමන් කරන්නේ සර්පිලාකාරවය .....
  බිදවැටීම් එකතැන පල්වීම් ආපසු ගමන් කරන්නක් මෙන් ..........
පෙනී යන අවස්ථාවන් නොමැතිව ඉතිහාසය ගමන් නොකරයි ......."




හ්ම් .......!
මොකක්ද මේ පණ්ඩිත කතාව නේ!......
අද මම ලියන්න යන දේට පුර්විකාවක් ගන්නයි මට ඕන වෙලා තිබ්බේ ........!
හ්ම් කිව්වා දේ තේරුණාද මන්ද  මුලින්ම...........!
ටිකක් ග්‍රීක් වගේ නම් අවුලක් නෑ ...........!
අමතක කොරන්නකෝ.........!
අපි කතාවට බහිමුකො......!
ඔව් ඉතිහාසය වර්තමානය මත අවුරුදු 35 කට විතර පස්සේ ..........
ආයෙත් සමපාත වෙලා කියල හිතෙන්නේ නැද්ද?......
තේරුනේ නෑ නේ?....!
ඔව් දැන් ලංකාවේ වෙන දේවලුයි මීට අවුරුදු 35 කට විතර ......
ඉස්සර වෙලා තියන දේවල් වලයි පුදුමාකාර සමානකම් කීපයක් තියෙනවා .......
හැබැයි ලොකු අසමානකම කුත් තියෙනවා......
එහෙනම් බලන්නකෝ මේ ගැන කලින් හිතුනද කියල.......
 
ජේ ආර්   ට එදිරිව මහින්ද රාජපක්ෂ
5/6     එදිරිව         2/3(ආසන)
50.03% ජන්ද ප්‍රමාණයකට එදිරිව 66% ඉක්මවූ ජන්ද ප්‍රමාණය (කැමැත්ත)
1972 (2) දරන සංශෝදනයට එදිරිව 1978(18) දරන සංශෝදනය (බල තණ්හාව )
ගෝනවල සුනිල් ට එදිරිව මිල්රෝයි ප්‍රනන්දුගේ බිරිද(වැරදිකාරයන්ට නිදහස )
විජේ කුමාරණතුංග  එරෙහිව සරත් ෆොන්සේකා (කුමන්ත්‍රණ)

හ්ම් .......!
ඒ සේරටම වැඩ දවසේ මාතෘකාව
නෙවිල් සමරකොන්ට එදිරිව ශිරාණි බණ්ඩාරනායක (දෝෂාභියෝග)

ඉතිහාස වර්තමානය මත සමපාත වී ඇත ......
එකම වෙනස විධායකය අතරැදි පුද්ගලයා පමණක් පක්ෂ දෙකින් පෙනිසිටිමයි .............
72 (2) සංශෝදනය පරිදි ගෙන විධායක  ජනාධිපති ක්‍රමයේ බල මහිමයෙන් අධිකරණය  පවා රූකඩයක් කිරීමට පාලකයනට   හැකිය ...............
ඒ හි ගොදුර  නෙවිල් සමරකෝන් ද ශිරාණි බණ්ඩාරනයකද යන්න වෙනසක් නැත ............
ඔවුන් එයි..... ඔවුන් යයි.......  නමුත් අධිකරණ  පද්ධතිය ???

 මෙ සිදුවන්නේ රටේ උත්තරීතරම ආයතනයට  විධායකයේ අදිසි හස්තය  තැබීමයි
.....!
ඉතිහාසය වැරදියට වටහාගත් මිනිස්සු 50.03% ට වඩා
වැඩි 66% ක බලයක් දුන්නේ රට හදන්න ද?
හිතන්න අපි එකම වලේ දෙපාරක් වැටුන නේද ?
78 දී අපිව දැම්මේ රෑ වලක..............
එත් දැන්...............!
අපි දවල් වලකම වැටිලා ..........
ඉතින් ඔකේ ඉන්නේ මහින්දද රනිල් ද සරත් ද කියන දේ නෙවෙයි...........
ඔය අසීමිත බලයට එරෙහිව පෙළ ගැසෙමු .........
කවදාහරි හොද මිනිහෙක් එයි  ඕක ඉවත් කරලා යන්න ............
එතකන් අපි අධිකරණය වත් බේරාගමු නේද????
එත් ...........!
දන්නවනේ ........
යුක්තිය උදෙසා කෑමොර දීමයි
දග ගෙයි ලෑමට අප සම කල පව
 ඉතින්  අපි සදහටම නිහඩව ඉමු......
අධිකරණය  අපේ ද නෑ නෙ  නේද
නැ එක විතරයි  ඔයාට  මට අපි කාට කාටත්
අන්තිමට ප්‍රජාතාන්ත්‍රික සමා  වි්‍යුහය   ඇතුලේ ඉතිරි වෙලා තියෙන දේ....
එකටත් රුපවාහිනියේ සෙට්එක වගේ රුකඩ ටිකක් ගියොත්??
ප. ලි:එහෙනම් එකතු වෙන්න දැනගන්න කතාකරන්න
මොනවා උනත්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොදු බිදගත් ඔල මොළ නිවටුන්

10 comments:

  1. අපි නම් මේ ගැන කතාකරනවා. ඒත් කතා කරන්න ඕන උන්.....

    ReplyDelete
  2. ////අන්තිමට ප්‍රජාතාන්ත්‍රික සමා වි්‍යුහය ඇතුලේ ඉතිරි වෙලා තියෙන දේ....
    එකටත් රුපවාහිනියේ සෙට්එක වගේ රුකඩ ටිකක් ගියොත්?? ////

    ගියොත්...???????????? හි හි...

    ඔය විධායකේ, ඕක අතට එන එකෙක්වත් නැති කරන්නේ නෑ කොලුවෝ... ‌ජේ ආර් පප්පා දැනගෙනම තමා ඔය ගැටේ ගැහුවේ....

    අපේ තාත්තා මේක දැක්කා නං ඔහොම කියයි...

    ReplyDelete
    Replies
    1. ඔවි ඉතින් බලය ලැබුණම කවුද ඒක දාලා යන්නෙ නේද!

      Delete
  3. Ela Ela.Digatama liyapan.. Bara wadiy mata nam meka.. :)

    ReplyDelete
  4. හොඳ ලියවිල්ලක්!ජයම වේවා සහෝ !

    ReplyDelete
  5. Eda J.R mama Sunil mamata katha karapu eka varadi kiyana minissu maha daval peni peni Mahinda mama Milroy mamage birinda paththata gath theeranaya hari kiyanne mea ganiyek kiyala.. Raja kenek kiyana ape mama ( minissu kiyana vidhihata) eda raja davasa ahalepola maha adikaram lata vechcha deval paul pitin neda (eda rajata viruddava giya aya) ehenam mea mokada? Nevil mama and Shirani nanda gana kathavanam patan gannavath kamathi nae a ai kiyana kiyana eka news balana ona harakekta therenavane.. 78(18) vana sanshoydanaya vagema a lagin yana adhisi bala thala sambanda (13) sanshoydanaya ganada balanna venne vapara ahen mokada kelin baluvath kelin katha karanna prajathanthra vadaya (kiyana) ape rate aththatama thiyenavada? Jana madya nidahasa ekata mokada une? Ada channels keeyada rajaye adu padu pennanne?, Deshapalanaye agili gaseem valata viruddava nagitinne? Janatha chandaya ayuthu lesa pariharanaya karana eka methek bihi vunu nayakan karapu deyak namuth a atharama mea rata venuven vada karapu ape nayakayan amathaka karanna hoda nae... Mama kiyanne paraval hadala yatin komis gahapu aya gana nemei.. Mea api kathakarana deval meeta vada godak digata kiyanna puluvan, api laga mea thiyena daththa vipakshaya gava nathi venna bae ne? vipakshaya pana nathi karapu eka mea rajaya vitharai hariyatama kale.. A ape vipaksha nayakayata pin sidda venna ada rajayata kade yanna eyath lasthiy.. Kiyanna godak deval thibunath meka comment 1kak vithaineh. A nisa avasanaye mama mehema uputagena navathinnam.. Poddak hithanna....
    "78 දී අපිව දැම්මේ රෑ වලක..............
    එත් දැන්..............
    අපි දවල් වලකම වැටිලා.........."

    ReplyDelete
    Replies
    1. ow ban ........
      vipakshaya konda pana athuwa wada karanwanam oya kisi prashnayak nehe...unuth nayakathwayata porakanakota kawara kathada!.........

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...