Friday, February 1, 2013

අමිමෙ ඔබෙ පුතකු වෙලා (සිහිනයෙන් ඔබිබට ....)



එදා
අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................
මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!!!!!!!!!! අඩන්න කදුළු තියෙනවනම් මේක මගේ දින පොතේ නොලියවෙන්න ඉඩ තිබ්බ අම්මේ......එත් මේක මගේ අවසානය නෙවෙයි අම්මෙ...............අම්මගේ පුතා ජීවිතේ වැරදුන තැන වලට ගොඩක් පින් දෙනවා අම්මේ .................
මොකද වැටිලා පුරුදු නැති කෙනෙක්ට නැගිටින්න බෑ කියල අම්ම මට පොඩි කලේ කියපු දේ තාමත් මට මතක නිසා...... එහෙනම් අම්මේ මගේ බලාපොරොත්තු නැති ජීවිතේට පුංචි බලපොරෝතුවක් අද එකතු උනා අම්මේ............. ජීවිතේ මම නැගිටලා පෙන්නනම්...... අම්මේ හැබි කාවවත් වට්ටලා ඉවරවෙලා නෙවෙයි අම්මේ...... වට්ටලා දාල ගියපු අයටත් අත දීල .......මට මේක තවත් ලියන්න බෑ අම්මේ කඳුළු බින්දු මගේ දිනපොත තෙත් කරනවා වගේ දැනෙනවා අම්මේ .................................
-2011.12.26-
උපුටා ගැනීම : Snimalka.blogspot.com ඇසුරිනි



අද
  ඔය පහලින් තියෙන්නෙ දිනපොත ලියන හාදයගෙ විස්තර ටිකලු හොදේ...








  ඉතින් හිතේ සතුට කොයිතරමිද කියලා කියන්න වචන නැහැ ..
 මොකද මං අමිමගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ඨ කලානේ....
 ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකර දෙයක් කවදාවත් ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ආසාවක් තිබිබෙ නැහැ..( අදටත් තාම නැහැ..)
ඒත් දෙමවිපියො වෙනුවෙන් අපි ඒ දේවල් ඉටු කරන්න ඔනා.....
ඉතින් මෙ දවස් වල ටිකක් මහන්සි වෙන්නෙ පොඩි කාලෙ ඉදන් තිබිබ හීනයක් ඉෂ්ඨ කරගන්න...
ඒ තමයි  lawyer කෙනෙක් වෙන එක....
 අර කලු කබාය ඇදලා දවසක් හරි ගත කරන්න පටිට ආසාවක් තියෙන්නෙ...
ඉතින් අපි බලමු ඒ ආසාවත් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද කියලා...
සුභ පැතුව හැමෝටම ස්තුතියි.....

38 comments:

  1. පට්ටයි මල්ලි
    උඹ වචනෙක් කිව්වා දේවල් අද ඉෂ්ට කරලා තියෙනවා නෙ උඹ ඒ ගැන සන්තෝස වෙයන්.අනිත් එක අම්මා තාත්තා සන්තෝසෙන් තියනවා කියන්නේ පට්ට පිනක්.උඹ ඒ පින කරගත්තා.ඉතුරු වැඩ ටිකත් හොදට කරගනින්
    ජය වේවා.....!!!

    ReplyDelete
  2. Congratz Bro.... Well said n Well Done.. (y)

    ReplyDelete
  3. Congrats aiye... You've done a really great job !

    Best wishes for everything...hope you'd be a great lawyer one day

    :)

    ReplyDelete
  4. මගේ සුභ පැතුම් සහෝ.....!!!

    ReplyDelete
  5. මදනායක ආරච්චිගේ සමිඳු නිමල්ක ...:)

    මගෙන් උණුසුම් සුබ පැතුම් මල්ලියෝ..මෙන්න ලංකාවට තවත් ඉංජෙක්..

    ReplyDelete
    Replies
    1. හි හි මගේ නම ෆුරුදු වෙනවද ලියන්න අක්කෝ.....
      ස්තුතියි......

      Delete
  6. මගෙනුත් සුබපැතුමක් තව තවත් ඉහලටම යන්න




    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  7. නැහැ.... ඔබට තව ගමනක් දුර යන්න තිබෙනවා.
    මගේ සුභ පැතුම් එයටයි....!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම....
      ගොඩාක් ස්තුතියි.....

      Delete
  8. එල එල... අපෙන් හද පිරි සුභ පැතුම් ඔන්න ආයි සැරයක්...! ජය වේ.. මචං

    ReplyDelete
  9. සුභ පැතුම් මචෝ බොක්කෙන්ම

    ReplyDelete
  10. අදයි මම ඉස්සරවෙලාම මේ බ්ලොග් එකට ආවෙ. ඒ එනකොටම දැක්කෙ බොහොම සතුටුදායක ආරංචියක්. එදා සහ අද කතා දෙක බැලුවම ඇත්තටම ගොඩක් සතුටු හිතුනා මල්ලි...ඔයාගෙ හෙට දවසත් වාසනාවන්ත ජයග්‍රාහී එකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අක්කෙ...
      මෙ පැත්තට ගොඩවුණ ඔබව සාදරයෙන් පිලිගන්නවා

      Delete
  11. වයසක අපිට පේන්ඩ අකුරු ටිකක් ලොකු කරන්ඩකෝ අප්පා

    ReplyDelete
  12. කලු කබාය ඇදලා යුක්තිය වෙනුවෙන් පමණක් වැඩ කරන්න ඔයාට සුබ පතනවා!

    ReplyDelete
  13. ජයෙන් ජයම වේවා මලයා....කළු කෝට් කාරයෙක් නං නොවුණත් මොකෝ හොද ඉන්ජෙක්ම වෙන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ..
      අයියගෙ පළමු පැමිණිම විය යුතුයි.....

      Delete
  14. මගෙත් උපරිම සුභ පැතුම් මචං ...ඉදිරි අනාගත වැඩකටයුතුත් ඔය විදිහටම සාර්ථක වෙන්න කියල සුභපතනවා :))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං...
      පළමු පැමිණීම විය යුතුයි...

      Delete
  15. මලු මලු..... මාට් වෙන්ඩආස ලෝය කෙනෙක්....^_^
    එක බෝස්ටුවෙ.....

    අපෙ මව්නිටයි අප්පොච්චටයි ඔය විදියටම ඔය සතුට ලබාදෙන්න ඔ්නෙ...:/

    ReplyDelete
  16. මගේ සුභ පැතුම් මල්ලී....

    ReplyDelete
  17. ඒ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල පතනවා..!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...