Wednesday, August 23, 2017

ජිවිතේට ආදරෙන් 02



ජිවිතේ අපිට එක එක විදියේ මිනිස්සු හම්බෙනවා , අද මම ඔයාලට කියන්න යන්නේ එහෙම එක විශේෂ පුද්ගලයෙක් ගැන. මේ පුද්ගලයාව මට ජිවිතේ එක්තරා කාලයකදී හම්බෙනවා. මොහුට තමන් ආසා කරන දේකට නැතුව වෙනත් දෙයක් ඉගෙන ගන්න තෝරාගන්න වෙනවා. ජිවිතේ මට එක වැදගත් ස්ථානයකදී ඉගැන්නුවා මෙහෙම දෙයක්  ,

                                               කැමති දෙයක් කරන්න
                                                       නැතිනම්
                                               කරන දේට කැමති වෙන්න

මේ කියන පුද්ගලයත් අකමැත්තෙන් උණත් දෙවැනි විකල්පයට යනවා. ඔහුට ටිකක් අමාරු වෙනවා එකට හැඩගැහෙන්න. විභාග ප්‍රතිපල එකින් එකට එනවා , ඔහු කඩන් වැටෙනවා. එත් ඔහුත් හැමෝම වගේ හේතුවක් හොයාගන්නවා ඔහුගේ ඇදවැටීමට . අපි කවුරුත් ආසයි නේ මොකක් හරි පිට දාල අපේ අඩුපාඩු වහගන්න. එහෙම නේද ?

ආයෙත් මම ඔහුගේ කතාවට එනවා. ඔහු බාහිර වැඩ වලට යොමුවෙනවා.ඒ කියන්නේ එයාට පුළුවන් හොදට රගපාන්න , නටන්න වගේ දේවල් .ඔහුට අධ්‍යාපනය ටික ටික මග ඇරෙනවා. හැමෝම ඔහුගේ මේ බාහිර වැඩ කිරීමේ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්නවා. එත් ඔහු වෙනුවෙන් ඒ කවුරුවත් නෑ කියලා ඔහුට මතක් වෙන්නේ නෑ. ඔහුගෙන් ප්‍රයෝජනය ගන්න 80% ක් දෙනාටත් ඔහුව වැදගත් වෙන්නේ ඒ වගේ වෙලාවට විතරයි.

 

ජිවිතේ එක තැනක් එනවා අපි දැනගන්න ඕනා එතැනදී අංශක 180 කින් හැරෙන්න , එහෙම නොහැරුණ ගොඩක් අය ඔවුන් කාලයකදී ආසාවෙන්ම කල ගොඩක් දේවල් වලට වෛර කරන්න පටන් ගත්තා. ආයෙත් මම ඔහුගේ කතාවට එනවා. ඔහුට බැරි වෙනවා සුදුසු වෙලාවේදී අංශක 180 කින් හැරෙන්න. එත් ඔහුට  තේරෙන්න පටන් ගන්නවා  ඇත්තටම ඔහුට කව්රුත් නෑ කියලා. එතැනදී ඔහු ප්‍රමාදයි, එත් ඒ කාටවත් බැනල වැඩක් නෑ. මොකද හැරෙන්න ඕනා වෙලාව තීරණය කරන්න ඕනා තමන්ම තමයි. ඒක වෙන කාටවත් තීරණය කරන්න දෙන්න එපා. ජිවිතේ මේ දේ ඔයාටත් වෙන්න පුළුවන්.

ඒ වගේම සමහර විට පොඩ්ඩක් ආත්මාර්ථකාමී වුනා කියලා එකේ වැරද්දක් නෑ , ඔයා දෙන්න පුළුවන් උපරිමේ දෙන්න ඕනා අයට දීලා තියෙනවනම්. ඒ කියන්නේ ඔයාගේ පාසලට ,කාර්යාලයට එහෙම නැත්නම් රටට.ඕක මට කිව්වෙත් එක්තරා ආචාර්යවරියක්.ඒ වෙලාවේදී ඒක වැරදි කියලා හිතුනට මට ඔහුගේ කතාව එක්ක හිතලා බලද්දී ඒක කොච්චර ඇත්තද කියලා හිතුනා. අතීතයට ශාප කරලා කිසි තේරුමක් නෑ. ජිවිතේ අන්තිමට ඉන්නේ ඔයාට ඔයා විතරයි. සමාජේ බලන් ඉන්නේ ඔයාගෙන් වෙන පුංචි වරදක් වෙනකම් විතරයි. ඊට පස්සේ ඔයාගේ මුලු අනාගතේම සමාජේ විසින් ලියලම දෙයි. 


ඒ වගේමයි ජිවිතේ අපි හැමෝටම Y හන්දි හම්බෙන්නත් පුළුවන් , එකේදී වැරදි පාර තොරාගන්නත් පුළුවන් , හරි පාර තොරගන්නත් පුළුවන්. ඉතින් එක පාරක් වැරදි පාර තෝරාගත්තා කියලා අපි හැමදාටම වැරදි නෑ. අංශක 180 කින් හැරෙන්න , ලැජ්ජා වෙන්න එපා. දුක් වෙනවට වඩා එක ගොඩක් වටිනවා කියලා ඔයාටම දවසක හිතෙයි.

13 comments:

  1. ඒක ඇත්ත අපිට වරදින තැන් නිවැරදි කරගෙන ජීවිතයේ ඉස්සරහට යාම තමයි වැදගත්.. කොහොමත් සමාජයේ වැඩි දෙනෙක් අපෙන් ප්‍රයෝජන ගන්න විතරයි ඉන්නෙ.... තම හිසට තම අතමය සෙවනැල්ල කියුවෙ කට කහනවටයැ...

    ReplyDelete
  2. ජීවිතේට තදින්ම එල්ලී තියෙන දෙයක් මේක. කොහෙන් පටන් අරගන්නද කියලා කියන්න බෑ. වැදගත් වෙන්නේ ඒ අවස්ථාවන්ට මුහුන දෙන ආකාරයයි.
    ලිපියට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. වටිනා අදහස්

    ReplyDelete
  4. ජීවිතේ ගැන තෙරුම් ගන්න ලේසි නෑ යාළු
    ආයිත් ඇවිත් යන්න එන්නම්

    ReplyDelete
  5. ගොඩක් දෙනෙක්ට කරන්න අමාරුයි.

    ReplyDelete
  6. වැදගත් ලිපියක්.... නියමයි

    ReplyDelete
  7. හිතන්න යමක් ඉතිරි කල ලිපියක් ස්තූතියි..

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...