Friday, August 25, 2017

ජිවිතේ එක්තරා කාලයක්



සිව් අවුරුදු උපාධිය
සිතෙහි දරා ගෙන
සිනාසෙන උන් අතර
සිහි උනා මට නුඹව

සිව් මසකි හැරයන්න
සිව් දෙසින් සපැමිනුන 

සිත් දේද සමුගන්න
සිහි උනා මට නුඹව

සිත ගියපු තුරු වදුලු
සිව් දෙසින් හිත හදපු
සියල්ලම එක් කරපු
සිහි උනා මට නුඹව

සිනාසෙනු කියා දුන්
සිතෙහි දිරි දරා දුන්
සියලු දේ අපට දුන්
සිහි උනා මට නුඹව

 


යාලුවෙක් මුහුණු පොතේ එයාගේ තාත්තා ලියපු, ලස්සන කවි පෙළක් දාලා තිබුනා. එකේ හැම පේලියක්ම පටන් ගත්තේ “අ “ අකුරෙන්. කවිවලටත් වඩා මගේ හිත ඒකට ඇදිලා ගියා. අපෝ මට නම් කවි ලියන්න බෑ පොඩ්ඩක්වත් , එත් මේ වගේ යන්තම් වචන ටිකක් නම් ගලපගන්න පුළුවන් කමක් තිබ්බා. එකත් එක්ක මම උත්සාහ කළා “ සි” යන්නෙන් පටන් ගන්න පේලි සහිත වචන සටහනක් ලියන්න. උත්සාහය සාර්ථකද අසාර්ථකද කියලා දන්නේ කියවන ඔයාලා තමයි.

මේක ලියන්න හේතු උනා කතාව , එහෙම නැත්නම් වචන වල තේරුමට ගියොත් ඇත්තටම සිව් අවුරුදු ඉංජිනේරු උපාධිය ඉවර වෙන්න තියෙන්නේ තව හරියට මාස 4ක් වගේ. හිතට ගොඩක් දේවල් , දුක ,සැප, ආදරය , විරහව, යාළුකම් වගේම ජිවිතයට වටිනාකම් ගොඩක් එකතු කරගන්න ලැබුණු අවුරුදු 4ක් ඉවර වෙන්න යන්නේ.

නික්මෙන්නට මත්තෙන් සරසවිය ගැන ලියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් සමහරක් වෙලාවට ගොඩක් දේවල් ලියන්න අරන් ආපහු මකපු අවස්ථා බොහොමයි. ජිවිතේ එක්තරා කාලයක්. ගිහින් එන්නම්

9 comments:

  1. නිර්මාණය ලස්සනයි. කවි ලියන්න බැරි නෑ, ටිකක් උත්සාහ කෙරුවොත්. ඉදිරි ගමනට සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. උත්සාහ කරලා බලමුකෝ එහෙනම් ;-)

      Delete
  2. කවිය ලස්සනයි... කොහොමත් මට වඩා හැකියාවක් ඔබට ඇත..... අපේ ජීවිතේට සමීප දේවල් ඈත්වෙනව කියල දැනෙනකොට කොහොමත් පුන්චිම හරි දුකක් දැනෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඒ දුක ඇත්තටම එන්නේ හදවතින්මයි. ඒක නතර කරගන්න එක තමයි අමාරුම දේ වෙන්නේ

      Delete
  3. යුනි එක අතාරින එක ලේසිම නෑ....
    කයිය අගෙයි ඈ.. ..

    ReplyDelete
  4. අපූරු උත්සාහයක්.... නියමයි

    ReplyDelete
  5. ඉදිරියට යන්න.. නිකම්ම ලියවෙයි

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...