Tuesday, October 30, 2012

ඇයි ලැජ්ජද?? අත්සන පරගැති වුණේ?

හ්ම්
ඉතින් මේකත් කාලෙකට කලින් ඉදලම ලියන්න කියල හිතේ තිබ්බ දෙයක්....
එත් අද එක පාරටම මේක ලියන්න ඕන කියල හිතුනේ සිරසේ යන සිහිනපුරේ කියන ටෙලිනාටකයේ දෙබස් කීපයක් නිසා තමයි ..........
ඉතින් ඔයාල සමහරු බලනවත් ඇති බලන් නැතුවත් ඇති
(එක මේකට අදාල වෙන්නේ නේ ලු හොදේ )
අද ගිය දෙබසක් තමයි වැදගත් උනේ මට මේක ලියන්න .......
අද නෙවෙයි" නිදහස දිනපු දවසේ ඉදන් මහා ජාතිය සුළුජාතිය  ආදී ලෙස එක එක කතා කියාගෙන ලංකාවේ මිනිස්සු ජීවත් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න හදා ගත්ත" (උදාහරණ 1956 සිට පැවත එන ජාතික ප්‍රශ්නය )
බෙදීම් තියෙනකොට ඕන තරම් ගැටුම් ඇති කරන එක හරිම පහසුයි ......
එත් තමන් සිංහල කියල කැගැහුවට මදි සිංහල විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්න ..
සිංහල අපිට අනන්‍ය වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ..
අපි සිංහල කිව්වට අදටත් කොස් දෙල්  ධාන්‍ය වර්ග  කන්නේ කීයෙන් කි දෙනාද?
ඇයි අනිත් අයට ඒවා කන එක අවුල් ද?
Mc එකේ , KFC එකේ , කෑම විතරද කන්න පුළුවන් ?
මම කියන්නෙ නෑ ඒවා කන්න එපා... කියලා ඒත් සිංහල අපිව සුද්දො මත කවදාවත් සමපාත කරන්න හදන්න එපා ......
මෙක මහා අතීතයක් තියන දියුණු ජාතියක්......!
හ්ම්.....
කතාව ටිකක් දුර ගිය වැඩි වගේ .......
ඇත්ත තමන්ට කැමති දෙයක් කරන්න තමන්ට පුළුවන්....!
එත් සිංහලයෙක් විදියට වැඩ කරනවානම් සිංහලයෙක් වෙයන්....!
ඔන භාෂාවකින් කතාකරන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි ....
ඒත් අඩුම තරමෙ අත්සනවත්!.....
කවදාවත් ද්‍රවිඩ පුද්ගලයෙක් හරි වෙන ජාතිකයෙක් හරි
තමන්ගේ මව් භාෂාවෙන්  පිට අත්සන් කරනවද?
අත්සන් කරනවානම් එත් ඒ අතලොස්සක් විතරයි......!
එත් සිංහල මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාද තමන්ගේ භාෂාවෙන්
අත්සන් කරන්නේ ඕනෑම ලිපියකට(සිංහල හෝ English) .......
ඇයි ලැජ්ජද ??? සිංහලෙන් අත්සන් කරන එක ?
එහෙනම් ලජ්ජා වෙන්න ඔයා සිංහලයෙක් වෙලා ඉපදිච්ච එකට !

ප.ලි: හිතන්න පොඩිඩක් ලෝකය කොචිචර ලොකුද ලංකාව කොචිචර පොඩිද කියන එක නෙවෙයි
ඔයා කොචිචර හිතින් සිංහල ලාංකිකයෙක්ද කියලා විතරක් 

Sunday, October 28, 2012

පවි කාරයාට ගල්ගැසීම , මාලිංග සහ පොල්පරාල

මෙක ඇත්තටම ගොඩාක් කාලයකට කලින් ලියන්න හිටපු දෙයක් ඒත් යමි යමි සිද්ධීන් එක්ක ඒක පස්සට ගියා..ඒත් එකපාරටම මූණුපොතේ ගිය කතාවක් නිසා මෙක ලියන්න හිතුණා
අදටත් ලංකාවෙ බහුතරය ආසම ක්‍රීඩාව  තමයි .ක්‍රිකට් ..ඒකෙ ආයි හෝදන්න දෙයක් නෑ...ඒහෙම කියනකොට අද ලංකාවෙ ක්‍රිකට් වල හැම තිස්සෙම නම කියවෙන බහුතර  ශ්‍රීලංකා වාසීන් අතර
මාතෘකාවක් වෙච්ච්  කෙනෙක් තමය ලසිත් මාලිංග කියන්නෙත් ....
ඉතින් ලංකාවේ ක්‍රිකට් වලදී වගේම ලංකාව තුල මෙච්චර කාලෙකට මම අහල තිබ්බ හැටියට තමන් කරන රස්සාව වෙනුවෙන් තමන්ට සාදාරන(සමහරුන්ට අනුව අසාදාරන )වැටුපක් ඉල්ලුවේ ඔය කියන පුද්ගලයා තමයි .. අදාල ක්‍රීඩකයාගේ ලංකාව වෙනුවෙන් සෙල්ලමි කරන සමහර තරග ගැන පුද්ගලිකවම අප්‍රසාදයක් තිබ්බට..... ඒ තරම් වත් කොන්දක් නැති සමහර මිනිස්සු අද තමන්ගේ වැටුප් පත වෙනුවෙන් අසරණ මිනිසුන්ව පරණ ඇපයට ගන්න හදන බව ලෝකෙටම පේනවා... අද ඒ මිනිස්සු මාලිංග ට මහේලලට සංගලට වගේම සමහර අනිත් ක්‍රීඩකයන්ට එල්ල කරන ප්‍රධාන චෝදනාව තමයි  සල්ලි වලට ක්‍රිකට් ගහනව කියන එක
ඉතින් ඒ වගේ ඒවා කියන හුදී බුද්දිමත් යි කියාගන්න පුද්ගලයන්ගෙන් අසන්නට ඇත්තේ  එක දෙයකි....
හැකිනම් පහත ප්‍රශ්නවලට තම නැණ පමණින් පිළිතුරු දෙන්න කියාය

          1.  වෛද්‍යවරුන් මුදලට බෙහෙත් කරන්නේ නැද්ද?  එසේම ඔවුන් වැඩියෙන් හොදට බෙහෙත් ලබා දෙන්නේ කුමන විටකදීද?
         2.  බහුතරයක් ඉංජිනේරුවරුන් රජයේ සේවයට ලැදිද?
         3. බහුතරයක් නීතීවෙදීන් පුද්ගලික නීති ආයතන වලට මුල්තැන නොදේද?
         4. ඔය මොනවා කෙසේ වුවත් අදටත් ලංකාවෙ පළමු පෙලේ පාසල්වල ගුරුවරුන්ගේම ම ටියුෂන්   කඩවලට අදාල ළමුන් නොයන්නේද?
       
ප.ලි:  ඉහත දක්වා ඇත්තේ ලාංකීය සමාජයේ උසස් යැයි සමිමත(සමිමත පමණි) රැකියා ගැන විස්තරයකි...
එසේ නමි මුදලට ක්‍රීඩාකරනවා යැයි ඔවුන්ව හංවඩු ගසන මිනිසුනේ දෑස් හැර බලන්න .....
ඔබ සිටිනා ලෝකයට වඩා පිටත පවතින ලෝකය කෙතරමි වෙනස්දැයි කියා..........
ඉතින් පේනවනෙ අපේ ඇහේ පොල්පරාල තියාගෙන අපි අර පුංචි රොඩු ගැන හොයපු තරමි නේ......!

Friday, October 26, 2012

ලක්ෂපති තරගය මම සහ හීන(1)

හරියටම මීට සති 3කට විතර කලින් උදේ 9 ත් 10 ත් අතර එකපාරටම අමිමා මාව නින්දෙන් ඇහැරෙවිවෙ පටිට කලබලයකින් ..පටිට කමිමැලිකමෙ ඇයි කියලා බැලින්නමි ජීවිතේට හිතපු නැති කෙනෙක්ගෙන් කෝල් එකක් ...හ්මි කතා කලේ ගර්ල් කෙනෙක් තමයි ..හැබැයි හ්මි...ඔයාලා හිතන දෙයක් නෙවෙයි සිරස ලක්ෂපති වැඩසටහනින් තමයි කෝල් එක...කවදා හිතපු දෙයක්ද .....  දස දහස් ගාණක් අතරින් මාත් අන්තිම 100 ට තේරිලාලු...හ්මි කියන්න සතුට දෙගුණ තෙගුණ වුණා.....
ඒත් 100 ට තේරුණා කිවිවට ලේසි නැහැ...  ආයිත් ඒකෙන් 10 දෙනෙක් තෝරන්න සමිමුඛ පරීකෂණයක් ගැනත් කිවිවා....කොහොමින් කොහොම හරි මේ සමියත් දවස් 3 කින් තිබිබ සමිමුඛ පරීකෂණයට සහභාගී වුණාලු හොදේ....

හ්මි එදා 08 වෙනිදා උදේ 8 වෙද්දි දැන් ඔන්න සිරසෙලු හොදේ ....අර දෙපානම එකේ නෙවෙයි....රත්මලාන එකේලු හොදේ...ඔන්න මුලින්ම අපි ගැන දීර්ඝ පැන 25 කින් විතර පස්සෙ තිබිබලු සාමාන්‍ය දැනීම පැන 10 ක් විතර ....මොනවා වුණත් ඒ ටික ගැන නමි පටිට ෂුවර්ලු හොදේ....ඉතින් තව ටිකකින් නිෂ්පාදක තුමා සමිමුඛ පරීකෂණය  පටන් ගත්තලු .....හුටා පටස් .....පුදන කොටම කිවිවෙ සින්දුවක් කියන්නලු ...අමිම මුත්ත කාලෙවත් සිංදු කියපු එකෙක්යෑ මම..... ඔන්න ඔහේ සිංදුවකුත් කිව්වලු ......ඒත් කිසිම සැටිස් එකක් නැතිව ගෙදර ආවලු හොදේ .... ඇයි ඉතින් කියපු සිංදුවට සංසාරෙම එපා වෙලා නිෂ්පාදක වැඩ සටහන දාලා ගිහින් මහණ වෙලා නමි!.......
ජීවිතයේ ඒ වටිනාම අමතක නොවෙන දවස 2012.10.17  හරියටම 4.40 ට විතර කෝල් එකක් ආවා .....
ඔවි ඔබ අවසන් 10 දෙනා අතරට තේරිලා ....අමිමෝ දැනුන සතුට ඇත්තටම ඒ මොහොත අදටත් අමතක කරන්න බැහැ.....ඒත් මට 25 වෙනිදා තරගය කිවිවට 20 වෙනිදත් එන්න කියලා තිබිබා    Stand by   තරග කරුවෙක් විදියට .....ඒකත් බලලාම 25 ඔන්න උදේ පාන්දරම යාලුවොත් එක්ක සෙටි වෙලා ඔන්න ගියාලු .....
පළවෙනි වතාවට රූපවාහිනි තිරයක් ඉදිරියේ  පෙන්නන්නලු යන්නෙ හොදේ !......
ඒත් ජීවිතයේ සියලු සුභ හීන ඇගිලි තුඩ නිසා විනාශ වෙලා යද්දි හිතට දැනුණ දුක කියලා ඉවර කරන්න බැහැ...
සිය ගාණක් හිස් අස්සෙ මම තනිවෙලා වගේ දැනුණා.... ඇගිලි තුඩ නිසා දස දහස් ගාණක් අතරින් අන්තිම 10 ට ගෙනැල්ලා  එතනදි පඩුපුල් ආසනයට යන්න බැරිවුණාම තියෙන දුක නිකං කියන්න වචන නැහැ....
මොනවා වුණත් ජීවිතයට ලස්සන මතකයක් එක් කළා.....
නිරංතර ඇස් අග ජීවමානයි....
ඉතින් ඔයත් ගෙදර ඉදන් උත්තර දෙන්නෙ නැතිව ඇවිත් තරග කරන්න.....
ඔයා වාසනාවන්ත නමි අන්තිම 100 ට එයි...
ඔයාට අභියෝග බාරගන්න පුලුවන්  නමි අන්තිම 10 ට එයි...
ඔයා දක්ෂයෙක් නමි උණු සීටි එකටත් එයි.......
අදාල දිනයේදී  Hot seat එකට ගිය දක්ෂයන් තිදෙනාටත් සුභ පැතුමි......!

ප.ලි : ඒ හා බැදුණු සුන්දර මතකයන් සමගින් නැවතත් එන්නමි.

Monday, October 15, 2012

බලන් කඩ තුරා හැර දෑසේ (ආගමික නිදහස සහ අන්‍යාගමිකරණය 1))

(ජායාරූපය අදාලා කතාව සමග සෘජුව සමිබන්ධ නොවන බව සලකන්න..)
අන් කවරදාටත් වඩා ලෝකය පුරා නැවතත් ආගමිවාදයේ පැතිරයාමට පටන්ගෙන තිබෙ.(සමාවෙන්න කුරුස යුද්ධ ගැන හැර). දස දිගින් නැගෙන්නේ සියලුම ආගමි අතර වු ගැටුමකි.විටක එයට හේතුව විශ්වාසයේ අතිජාත සගයා වු සැකයයි.
සමාවෙන්න.........!
මා මෙ කියන්න යන්නේ ලෝකය ගැන නොවෙ.අද වන විට නැවතත් ජාතිවාදී ව්ෂබීජය ලංකාධරණි තලයට ඇතුල්වෙමින් පවතී(සමාවෙන්න ජාතිවාදයටත් වඩා ආගමි වාදය යන වචනය වඩා යෝග්‍ය වෙ.).
     ඉතිහාසය යළි යළිත් ඊට අනුරූපව නැවත සිදුවෙ.කාලය සහ හැඩතල වෙනස් වුවද එහි හරයාත්මක වශයෙන් කිසිදු වෙනසක් නොමැත.නමුත් කාලය හැඩතල වෙනස් වීම මගින් එව අලුත් දෙයක් ලෙස පෙනීම පෘථග්ජන ස්වභාවයයි..
සමාවන්න...........!
මාතෘකාවෙන් පිට ගියා නොවෙ.ප්‍රවෙශයක් ලබා ගත්තා පමණි..පිලියන්දල  ප්‍රදේශයේ පාස්ටර්වරයෙකු අල්ලා ගැනීමත්  පිලියන්දල පොලීසියේ අද ගොලු බිහිරි ප්‍රතිපත්තියත් නිසාම මෙ ගැන කතා කර යුතුවම ඇත.
  ෆේස් බුකියේත් බිලොග් අඩවි තුලත් කාලයක් තිස්සේ කතා කළ(කතා කරන) මාතෘකාවක් බවට මෙය පත්ව ඇත. එක්තරා පුහුදුන් මිනිස් කොඨඨාශයක් ආරමිභ කල (ඩොලර් වලට හෝ ආගමෙ නාමයෙන්) මෙ තත්වය අද වන විට රැල්ලක් බවට පත්ව ඇත.ඒ අන් කිසිවක්  නොව ජාතිවාදය හා ආගමිකරණයයි(අන්‍ය).
      මාතෘභූමියේ නාමයෙන් අපි ලාංකිකයෝ බව යලි යලිත් අවධාරණය කරන්නෙමු(ඒ සිංහලයන්ගේ හැටිය). සිංහල බෞද්ධයා එදාද අදද හෙටද ජාතිවාදයට අකමැත්තන් වෙමු .එක් කොඩියක් යට සතුටින් විසීමට කැමැත්තෝ වන්නෙමු.(ධනය බලය උදෙසා රට ජාතිය පවා දෙන්නන් කොතණත් ඇත.මෙ ඔවුන් හැර ඉතිරියයි).
  අවුරුදු ගණනාවක් කට පියාගෙන සිටියෙමු.එයින් ප්‍රයෝජන ගත්තේ අන්‍ය ආගමිකයන්ය.සෝම හිමි ගිය මග යාමට එකල තරුණ පෙළ පෙළ ගැසුණහ.ඉදින් අන්‍යාගමීකරණය තරමක් බාල විය.
නමුත් අවාසනාවක මහත!...............
උන්නාන්සේගේ අභාවයෙන් පසු ඒ මග යාමට යැයි කියා ජනතා වරමින්(සෝම හිමි නාමය විකුණා) පාර්ලිමෙන්තු ගතවු ගරුතර ස්වාමීන් වහන්සේලා රජයන ආණ්ඩුව අද වන විට දෑස් පියාගෙන සිටියද බොදු බල සේනා නමි සංවිධානය හෝ පෙරමුණ ගැනීම සිංහල ජාතිය ලැබු වාසනාවකි.

අපට අන් ජාතීන්ට අගෞරව කිරීමට වුවමනා නැත.විශ්වයේ සියලු දහමි වල පැවැත්ම වන්නේ ස්වභාව නීතියයි..කිසිවෙකු තලා පෙලා බලෙන් ලබා ගන්නා දෙයෙහි වටිනා කම අල්පය..තාවකාලික ආතල් එකක් පමණි.ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගමි ඇදහීමෙ නිදහස තහවුරු කර ඇත්තේ සියලු ආගමි වලට අපහසුවක් වීම වැළැක්වීමටය.ඒ ලබා ඇති නිදහසින් අන්‍යාගමික සුලුතරයක්(අදාල ආගමට වත් සුදුසු නැත්තන්) ලබා ඇති ප්‍රතිලාභ කොතරමි දැයි පුවත් පත් මගින් රාජ්‍ය ආගමට සිදු වී ඇති විනාශය පැහැදිලිය.
තීරණය කිරීම ඔබ සතුය.ඉවසීම හොද ලක්ෂණයකි.නමුත් අයුක්තිය අසාධාරණය මැද නැවත නැවතත් ඉවසන්නා නිවටයෙකි.
ඉදින් නැගිටපල්ලා......!
ජාතීයක් විදියට දැන්වත් මරාගන්න නෙවෙයි .. බෙරගන්න අපේ උරුමය අන් පරපුරකටත් බලාගන්න..
අනික් එවුන්ට පහර ගහලා ආතල් ගන්න නෙවෙයි.. අපේ අනන්‍යතාව රැකගන්න..
   මතු සමිබන්ධයි......

Tuesday, October 9, 2012

පඩිපත වෙනුවෙන් මෙ තරමි වින්නැහියක්..............


මම  දන්නවා .......
උඹ කෑ ගැහුවෙ උඹ වෙනුවෙන් නෙවෙයි කියලා.......
උඹ කෑගැහුවෙ උඹෙ පරපුරේ සියල්ල වෙනුවෙන්......
උඹ උඹෙ ඔය සටන ගැන මහා ලොකුවට මාත් එක්ක විවාද කළා........
උඹට මතකද.............!
එදා මම උඹට පැරදුණා .........
උඹ හරි ලස්සනට උඹෙ ඔය කතාවෙන්...........
මාව පරාද කරලා දැමිමා.........
දුකක් නෑ........
මම පැරදුණේ උඹ හරි යි කියලා.......
උඹම පෙන්නපු මතවාදෙට නිසා......
ඒත් ......
අද මට ඇත්තටම දුකයි බං.........
උඹලට මහා ලොකු බලාපොරොත්තු දීලා...........
අද උඹලගෙ සටනෙ මහ එවුන් ටික........
උන්ගෙ පඩි පතට .........
අද උඹලගෙ මහා ලොකු 6% ..........
උඹලගෙන් ඈතට අරන් යනවා .........
මම කියන්නෙ නෑ ...........
උඹලගෙ ඔය හැම ආචාර්යවරයාම අවස්ථාවාදියො කියලා
මොකද ...........
එතනත් මම දැක්කා..........
පඩි පතට වඩා රටට ආදරේට පෙරට ආපු එවුන් හිටියා...............
උඹෙ උපාධියට මල්ලිගෙ පේපර් ටික ට වඩා .........
උඹට ආදරේ තිබිබෙ ඔය ලේ වල කැක්කුම තිබිබෙ............
නිදහස් අධ්‍යාපනේ ඇස් 2 න් දැක බලාගන්න.........
නොලැබෙන අනාගත පරපුර වෙනුවෙන්

උඹට එදා නොකිවිව එකම දේ.........
අද උඹෙ ඇස් පණාපිටම තියෙනවා.........
යකෝ...............!
අපේ රටෙ  ගොඩක් එවුන්............
උන් වෙනුවෙන් උඹලා වගේ...........
ඇත්තටම රටට ආදරේ එවුන්ව හැමදාම කඩෙ යවනවා..................
71 ත් ඔක වුණා..............
  89 ත් වුණා ..................
දැන් ආයිත් ඒ වගෙ දෙයක් ................
අද උඹ තනිවෙලා .................
ඒත්..........
මට උඹ ගැන තාමත් ආඩමිබරයි බං..................
ඔය මොක වුණත්..............
උඹ කඩෙ ගියෙ නිදහස් අධ්‍යාපනේට මිසක් ...................
ඹය එක එකාට නොවන නිසා..........................

Sunday, September 2, 2012

පරාජය

හ්මි............... හරියටම වසරකට පස්සෙ ආයිත් දිනපොතෙන් මම ඔයාලව හමිබවෙන්න ආවා ...............ඉතින් කලින් හිටිය යාලුවො වගේම, අලුත් යාලුවොත් මාත් එක්ක එකතු වෙයි කියලා මම හිතනවා.........
හ්මි අද මුලින්ම කතා කරමු අපි පරාජය ගැන....................


පළමු දිගහැරුම

අපි කොයි කාටත් ජීවිතයේ ඉදලා හිටලා සමහර දේවල් වලින් පරාජය වෙන්න සිද්දවෙනවා. සැම විටම පළවෙනියා වෙන්න බැරි අවස්ථාවල් එනවා.
අපි එචිචර කැමති නෑ නේද, හැබැයි ඒ වැඩේට!
ඒ කියන්නෙ අපි හැමෝම කැමතියි දිනන්න එහෙම නේද?
ආසකරන බලාපොරොත්තු වන හැමදේම ඒ විදියටම ලබාගන්න…..
හැබැයි ඒක එහෙම නොවුනොත්!...........
ගොඩාක් අය තමන් පරාදයි, අසාර්ථකයි, කියලා හුගාක් අය හිතන් ඉන්නවා……
ඇයි සෑම අදුරුවළාවකම

රිදී රේඛාවක් තියෙනවා”යි කියනවනෙ!
නැගිටින්න!...
සියලු අලු දුවිලි ගසා දාලා
සිය දහස් වාරයක් දස දහස් වාරයක් වැරදුණු තැන්, පැරදුණු තැන් වලින් ජීවිතයට අලුත් පාඩමි ඉගෙන ගන්න……..

මතු සමිබන්ධයි………….

Thursday, February 9, 2012

සුබ උපන්දිනයක් වේවා  මව්නි !..........................
PROUD TO BE A DON.......



    වසර 80 ක් 100 ක් පසු කර ජනප්‍රියත්වයට පත් වු පාසල් වලට ඉතාම කෙටිකලකින් අභියෝගයක් වෙමින් ජයපිට ජය ලබන ආදරණිය සේනානායකිය ඔබ 45 වැනි වියට පාතබන මේ මොහොතේ ආදරණිය ගෝලයෙකු ලෙස කියන්නට දේවල් නම් බොහොමයි ....... මිට හරියටම වසර 8 කට කලින් කොළඹ    අගනගරයේ  ප්‍රධානතම විනයවත්ම පාසලට පාසලට එනකොට අපු විදියත් එක්ක හැරිලා බලද්දී ඔබ තුරුලේ ඉගෙන ගත දැනුම අපමණි ආදරණිය පාසල් මව්නි !!!!


             ජීවිතය ආදරය කරුණාව නායකත්වය එකමුතුබව ඔබෙන් මා ලද දායාදයන් ලෙස සටහන් කරන්නේ අතිශෝක්තියකින් නම් නෙවේ ......ඉතින්  මේ පුංචි අවුරුදු 45 ක ඔබගේ ගමන් මගේ කඩයිම් ගොඩක් පසු කරන ආ ගමන් මගේ අවුරුදු 8 ක් අපේ ජීවිත කතවටත් පරිච්චේදයක් එකතු කරගන්න පුළුවන්වීම අපි ලබපු   භාග්‍යයක් .......   මෙන්ම ඉතින්  ඔබ ගැන ලියන්න නම් දේවල් බොහොමි නමුත් කාලය හරස් වීම උඩ මම මෙතනින් සමු ගන්නවා .......ඉතින්  අයෙත් සැරයක් හෙට දිනයට සුබ උපන්දිනයක් වේවා පාසල් මවුනි!!!!!

Wednesday, December 28, 2011

අමිමෙ ඔබෙ පුතකු වෙලා........(BLOG ලෝකයෙන් කෙටි කලකට සමුගනී..)



 හ්ම් උසස් පෙළ ප්‍රතිපලත් කබ ඇද ඇද හරි අන්තිමට නිකුත් කලා.....ජීවිතේ ගොඩක් හීන තියාගෙන හිටපු ප්‍රතිපලය අන්තිමට සිහිනයක්ම උනා................ ඉන්ජිනියරින්   යන්න නෙවේ කොහොම හරි කොලොම්බෝ   සයන්ස් ෆැකල්ටියට යන්නේ මට නම් ඕන වෙලා තිබ්බේ.....එත් ආපු රිසල්ට්  එකත් එක්ක  බෝට්ටුවක් අවොත් මිසක් යනවා බොරු.....

BBC බලන් හිටිය මට අන්තිමට BCC වලින් සැහෙන්න සිද්ධ උනා......එකටත් දුක නෑ  ............

එත් අම්මේ !!!!!!!!!!!!                                                        
      හිතට  දුකයි අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න බැරි උනාට ..... එත් මම එක පාරම අයෙත් කරන්න බෑ කියලා කියපු ගමන් ඇයි අමිමෙ
මට බල කලේ නැත්තේ අයත් කරන්න කියල ..... අම්මගේ පුතා මහන්සි වෙනවට අම්මට දුකයි කියල මම දන්නවා අම්මේ .....එත් ඔච්චර දුකක් හිතේ හංගං පිටකලේ නැත්තේ ඇයි අම්මේ...........
අඩුම තරමේ මම සල්ලි කෑවා  කියල  හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................
මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!!!!!!!!!! අඩන්න   කදුළු තියෙනවනම්  මේක මගේ දින පොතේ නොලියවෙන්න ඉඩ තිබ්බ අම්මේ......එත් මේක මගේ අවසානය නෙවෙයි අම්මෙ...............අම්මගේ පුතා ජීවිතේ වැරදුන තැන වලට ගොඩක් පින් දෙනවා අම්මේ .................
මොකද වැටිලා පුරුදු නැති කෙනෙක්ට නැගිටින්න බෑ  කියල  අම්ම මට පොඩි කලේ කියපු දේ තාමත් මට මතක නිසා...... එහෙනම් අම්මේ මගේ බලාපොරොත්තු නැති ජීවිතේට පුංචි බලපොරෝතුවක්   අද එකතු  උනා අම්මේ.............  ජීවිතේ මම නැගිටලා පෙන්නනම්......  අම්මේ හැබි කාවවත් වට්ටලා ඉවරවෙලා නෙවෙයි අම්මේ...... වට්ටලා දාල ගියපු අයටත් අත දීල .......මට මේක තවත් ලියන්න බෑ අම්මේ කඳුළු බින්දු මගේ දිනපොත තෙත් කරනවා වගේ දැනෙනවා අම්මේ .................................
                                                                                                     -2011.12.26-
 

ප.ලි :    අද මම දවල් දැක්ක එක පොස්ට් එකක් නිසා මට මගේ ජීවිතේ A/L ගැන අයෙත් පුංචි බලාපොරොත්තුවක් ඇතිවුනා කව්වොත් මම හරි.....ඒ කතාව මෙතනින් බලන්න පුළුවන් ඔයාටත් එකෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් ..........(.eng යන්නම කියලා හිතාගන්න විදියට දිරි දීපු ඒ ලිපිය ලියපු අයියට ගොඩක් පින්)
ඒ වගේම මගේම අයියා කෙනෙක් වගේ මම මේ අදහස මුලින්ම කියපු ගමන් මල්ලිට ඕන සප් එකක් මම දෙන්නම් කියපු මොරටුව විශ්වවිද්‍යාලයේ පහන්සිත් ගම්ලත්(පසන්) අයියටත්, හැමදාම වගේ උඹට මම ෆුල්ල සප්පොර්ට් එක දෙන්නම් කියපු හිතාදර මිත්‍ර ලහිරු ටත්(TOMMY) ,  ......ඇතුළු සියලු දෙනාටත් මගේ අදහස වෙනස් කිරීමට ලොකු වෙහෙසක් ගත මොරටුව විශ්වවිද්‍යාලයේ ආදී උපධිධාරියෙකු වන  කපිල අන්කල් ටත්  ගොඩක් ස්තුති .................   ජීවිතේ නැවතත් පටන් ගන්න මම සුදානම්.... ඉතින් බ්ලොග් ලෝකෙදි මට හම්බවෙච්ච හැමෝටමත් නං අයුරින් උපකාර කල හැමෝටමත් ගොඩක් ස්තුති.... ටිකකාලයක් යනකම් මිට පස්සේ පොස්ට් එකක් වැටෙන එකක් නෑ.... මොකද කියලා ඔයාලට තේරනවනේ......එහෙනම් හැමෝට බුදුසරනයි!!.....අයෙත් හම්බෙමු කවදා කොතැනක හරි...............

Saturday, December 24, 2011

උසස් පෙළ පුතිඵල අද අන්තර්ජාලයට..............






හ්මි ඔන්න ඔයාලට ආරංචි ඇතිනෙ හෙට උදේ වෙද්දි Resultz එනවා කියලා හැම මාධ්‍යයකම කිවිවා….. A/L කරපු කටිටිය ඔය Resultz  එනකමි දවස් කීයක ඉදන්ද බලන් හිටියෙ නේද???   ඉතින් දෙයියනේ එවනවා කියලා ඔහොම කලින් දවසේ කියන්න ඔනද …………….. ඔක උදේම කිවිවනමි අද රෑත් හොදට නිදාගන්න තිබිබනෙ නේද??
            ඒක නෙවෙයිනෙ දැන් කියන්න ආපු කාරණේ .......................................
ඔය
resultz එක එවනවා// කියලා ඔක සමිබන්ධව ඉන්න කටිටිය දවස් කීයක ඉදන් අපිව මුලාවට පත් කරාද නේද??? කෝ අද දවල් 12 news  වලට ඒ පාර කිවිවනේ තව දවස් 4 ක් වත් ගතවෙයි කියලා..................
ඒත් එකපාරටම
phoneඑකට  hiru fm එකෙන් ආපු  msg  එක දැක්කම තමයි  මට නිකං පිස්සු වගේ වුණේ ඇයි යකෝ දවස් 4 ක් යනවා කිවිව එක කොහොමද හෙට එන්නෙ නේද??????
නෑ එනවා මෙ පාර කොන්ද පණ නැති ඇමතිවරැන්ට කරන්න බැරි වැඩෙ අපේ රටෙ විධායක ඇත්තෝ එක පැය කීපයකින් කරලා දැමිම අපුරැව නේද??..............................  ඔය වෙලාවට තමයි හිතෙන්නෙ මොකටද මුන්ට පඩි ගෙවන්නෙ කියලා........................!
                  හ්මි දැන් ඉතින් අන්තිමටම කියන්න තියෙන්නෙ මෙන්න මෙක තමයි ..........මට නමි මාර බයයි.........ඇයි දෙයියනේ අර හෙළ උරැමෙ ඇත්තෝ කියන විදියට එන
result  එක කොහොමද හරිමයි කියලා කියන්නෙ නේද………….ඒත් මොනවා කියන්නද නේද................  recounting වත් දාන්න තමා වෙන්නෙ.....
ඉතින් 92 අපිට ගොඩක් උදවි පදවි කරපු විභාග කොමසාරිස් තුමාට මෙ අපේ විභාගේ හින්දා සේවා දිගුවත් නැති වුණාලු නේද!!!!!  අනේ සොරි හොදේ.........................
මෙක මගේ අන්තිම
post එක වෙන්නත් පුලුවන්ලු ඔන්න හොදේ!!!!! අනේ එහෙමනමි වෙන්න එපා..............  Resultz එනතුරැ ඔයාට බුදුසරණයි මම නැවතුණා...............(සදහටමද!!!! ඒක නමි තාම කියන්න බැහැ)

Monday, December 19, 2011

අන්තිම දුමිරියට පෙර.....................



            දවස් ගණනාවකට පස්සේ අද මෙ දිනපොතෙන් ඔයාව හමිබවෙන්න හිතුවෙ අද දවසේ සිද්ධ වෙචිචි සිද්ධියක් එහෙම නැත්නමි සිද්ධි දාමයක් නිසා
ඔයාලා ලංකාවෙ දේශපාලනය ගැන පොඩිඩක් හරි හොයලා බලන කෙනෙක් නමි ඔයාට අද දවසේ වැදගත්කම ගැන මම අමුතුවෙන් කියන්න ඔන නෑ.හ්මි අද තමයි විපක්ෂයේ පුධාන දේශපාලන පක්ෂය වෙචිචි එ.ජා.ප යේ නායකයන් පත් කරගැනීම තිබිබෙ!!!
පුතිඵලය ඔයා දන්නවනෙ .............. ඊට පස්සෙ වෙචිචි සිද්ධී සමුදායත් ඔයා
TV එකෙන් බලන්න ඇති....ඔය අතරෙ සමහරැ ඔය ගැන එක එක status මුණුපොතේ update කරලා තිබුණා.......ඔතනදී තමයි මට අද මෙ සටහන ලියන්න උවමනාව ආවෙ ...........
අද වෙනකොට ජය පරාජය දරා ගන්න බැරි තැනටම දේශපාලනය ජරාජීර්ණ වෙලා ගිහින්!!!!!
පැරදුණාම තමන්ගෙම ගෙදරටනෙ මෙ ගහගන්නෙ කියන එක අමතක වෙන තැනටම පක්ෂ දේශපාලනය විනාශ වෙලා එහෙම නැත්තමි විනාශ කරලා දාලා..............මෙකට  තනි පක්ෂයකට හෝ පුද්ගලයෙක්ගේ වැරැද්දක් නෙවෙයි..................
එහෙනමි...............මෙක සමස්ථ සමාජයේම උඩු දුවා ගියපු කතාන්දරයක්..................අනුන්ගේ මතයට ගරැ කරන්න දන්නැති මිනිස්සුන්ව දේශපාලනයට ගේන්න ව්‍යවස්ථා හදපු අයත් ඒවා දැක දැක බලන් ඉන්න අයත් එහෙම බලන් ඉන්න එක එක අයව ඔතනට යවපු අයත් මෙ සේරටම වග කියන්න ඔන...........
මිහ් එහෙම බලද්දී අපිත් වැරදියිනෙ අප්පා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හ්මි කෝ දැන් කතා කරන්න ආපු මාතෘකාව!!!!!!!!!(අයියෝ )
මෙන්න මෙකයි සංසිද්ධිය !............................ කෝ................... කෝ..................... කෝ..............................................
අපි ඩී.එස් ගේ කාලෙ ඉදන් මහින්දගෙ කාලෙ වෙනකමි පාරමිපරිකව අපි කොළ ...........අපි රතු........ අපි නිල් .........කියපු කොටිටාසයක් හිටියා......................ඔය කටිටිය එදත් අදත් කලේ හරි උනත් වැරදි උනත් තමන්ගේ පැත්තට හරියි කියලා අනිත් අය කරනවානමි වැරදියි කියපු එක....................අද එයාලා බිහි කරපු දේශපාලනයේ අද ගොලු බිහිරි පැටවි ටික ඒ මතය දිගටම අරගෙන යනවා .......................
ඉතින් අපි රටක් විදියට දියුණුවෙන්න ඒක රාශි වෙන්න තවත් කොන්දේසි දම දමා ඉන්න එපා ......................
එකතුවෙන්න මෙ යන්න හදන්නේ අන්තිම
train එක නෙවෙයි තමයි .................. ඒත් ඉතින් ඇයි අපි අන්තිම train එක එනකමිම ඉන්නෙ .............ආණ්ඩුවෙ රනිල් ගෙ වුනත්.............. මහින්දගෙ වුනත්.......... සෝමවංශගෙ වුනත්............ හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන දේශපාලන සංස්කෘතියක් ඇති කරමු...............
ඔයාගෙ comment එක මට ගොඩාක් වටිනවා ඒනිසා හිතේ තියෙන දේ කියලා දාන්න............

Tuesday, December 13, 2011

දැන්වත් හැදෙමු..............................................











ඹයාට මතකද අද දවස කොහොම අමතක කරන්නද නේද! අද තමයි 11.12.13 වෙනිදා ! හරි පුදුම අංක ගැලපීමක් මට නමි පේනවා……………..   ඡිවිතය කාර්යබහුලත්වයෙන් ඔයා ගෙවන කෙනෙක් නම් සමහර විට ඔයාට මෙක කියවනකමි අද දවස ගැන දළ වැටහිමක්වත් නැතිවෙන්න, ඉඩ තියෙන්න ඇති! ඒක ඉතින් ඔයාගෙවත් මගෙවත් වරදක් නෙමෙයි,   මෙ සමාඡ ආර්ථික කරමවේදයේම අවුලක්!...................................................
ඇත්ත මහා බාල බොළද articles කිපයකට පස්සෙ මම හිතුවා ටිකක් හොද මාතෘකාවක් ගැන කතාකරන්න..
සමහර විට ඔයාලා මම මෙ කියන්න  යනදේ ගැන හොදට දන්නවා වෙන්නත් පුලුවන්!!
     මාතෘකාව කිරිකටි(අකුරැ වැරදියි) , කිරිඩාවෙ යෙදෙන්නෙ කිරිඩකයො…………………මොන මගුලක්ද නේ!!!
කිරිකටි ගහන්නෙ කිරිඩකයො මිසක් දේශපාලකයන්ද නේ!!! ඇයි දේශපාලකයන්ට කිරිකටි ගහන්න බැරිද නේ!
නෑ......................... පුලුවන් එහෙම කටිටියක් ගහපු
match  එකක් ගැන තමා මෙ කියන්න යන්නේ!.....
                           දවස ගිය ඉරිදා
………….තැන කිරිඩා අමාත්‍යාංශ කිරිඩාංගණය …………. දෙපිලකට බෙදුණු රට  පාලක ඇත්තෝ දෙපිලකට බෙදිලා......... සුහද කිරිකටි තරගයක් ... කුසලානය තමයි  කතානායක කුසලානය
රට පාලක ඇත්තන්ට මෙචිචර එකමුතු වෙලා වැඩක් කරනවා ඇත්තමයි ඔය මම දැක්කමද කොහෙද.............
ඇත්ත අර විපක්ෂෙයි තියන අසමගිය දුරැවෙලා වගේ සජිත්   රවි එක පැත්තෙ සෙල්ලමි කළා !   හැමදාම කටින් බෙරියන් දෙන අපේ
WW මහත්තයත් බෝලෙන් ගොඩක් වැඩ දැමිමා!!ඔය වගේ දේවල් අතරේ සමහරැ වැටුණ ත් එක්ක.............. එතකොට මිනිස්සු හිනාවෙන එක පස්සට කල් දාලා ඇමති මැති වරැන්ට උදවි කලා!!!!
ඔන්න ඔහොමයි එදා සිද්දියෙ සාරාංශය......................
මට ඔක බලලා කියන්න ඔන උනේ මෙචිචරයි!!!!අපි අවුරැදු ගාණක් පක්ෂ දේශපාලනය නිසා බැට කන රටක් බවට පත්වෙලා................. කටිටිය එයාට මෙහාට බෝලෙ පාස් කර කර අවුරැදු ගාණක් අපේ රට සංවර්ධනය නොවු සංවර්ධනය වෙමින් පවතින රටක් කරන්න ගොඩාක් මහන්සිගත්තා!!!!!!!!!!!!!!!!!! අපිට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑයි කියලා පෙන්නපු ඡාතියක්!!!
   ඉතින් රට කරවන ඇත්තනේ ආණ්ඩු විපක්ෂ කියලා බලන්නැතිව ඔයාලා එකතුවෙලා match එකක් දිනන්න පුලුවන් නමි ඇයි ඔයාලට බැරි අනාගත පරපුර වෙනුවෙන් එකට එකතු වෙන්න!!පුලුවන් ඔයාලට පුලුවන්!!!! ඒ දවස කවදාහරි එයි..............එදාට අපේ පරමිපරාවත් මියගිහින් තියේවි!!!!!!!! කමක් නෑ අදම ඒ දේ පටන් ගන්න අපිත් ආසයි SL CRICKET කොල්ලෝ ලෝකෙට පෙන්නලු ලංකාව ගැන  එකමුතුවෙන් සංවර්ධනය කරපු ලංකාව ගැන ආඩමිබරෙන් කතා කරන විදේශිය මිනිස්සුත් දකින්න!!!...........................
   ඔයාටත් මෙ ගැන හිතන දේ ලියලා දාලා යන්න...........................................................................

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...