Wednesday, December 28, 2011

අමිමෙ ඔබෙ පුතකු වෙලා........(BLOG ලෝකයෙන් කෙටි කලකට සමුගනී..)



 හ්ම් උසස් පෙළ ප්‍රතිපලත් කබ ඇද ඇද හරි අන්තිමට නිකුත් කලා.....ජීවිතේ ගොඩක් හීන තියාගෙන හිටපු ප්‍රතිපලය අන්තිමට සිහිනයක්ම උනා................ ඉන්ජිනියරින්   යන්න නෙවේ කොහොම හරි කොලොම්බෝ   සයන්ස් ෆැකල්ටියට යන්නේ මට නම් ඕන වෙලා තිබ්බේ.....එත් ආපු රිසල්ට්  එකත් එක්ක  බෝට්ටුවක් අවොත් මිසක් යනවා බොරු.....

BBC බලන් හිටිය මට අන්තිමට BCC වලින් සැහෙන්න සිද්ධ උනා......එකටත් දුක නෑ  ............

එත් අම්මේ !!!!!!!!!!!!                                                        
      හිතට  දුකයි අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න බැරි උනාට ..... එත් මම එක පාරම අයෙත් කරන්න බෑ කියලා කියපු ගමන් ඇයි අමිමෙ
මට බල කලේ නැත්තේ අයත් කරන්න කියල ..... අම්මගේ පුතා මහන්සි වෙනවට අම්මට දුකයි කියල මම දන්නවා අම්මේ .....එත් ඔච්චර දුකක් හිතේ හංගං පිටකලේ නැත්තේ ඇයි අම්මේ...........
අඩුම තරමේ මම සල්ලි කෑවා  කියල  හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................
මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!!!!!!!!!! අඩන්න   කදුළු තියෙනවනම්  මේක මගේ දින පොතේ නොලියවෙන්න ඉඩ තිබ්බ අම්මේ......එත් මේක මගේ අවසානය නෙවෙයි අම්මෙ...............අම්මගේ පුතා ජීවිතේ වැරදුන තැන වලට ගොඩක් පින් දෙනවා අම්මේ .................
මොකද වැටිලා පුරුදු නැති කෙනෙක්ට නැගිටින්න බෑ  කියල  අම්ම මට පොඩි කලේ කියපු දේ තාමත් මට මතක නිසා...... එහෙනම් අම්මේ මගේ බලාපොරොත්තු නැති ජීවිතේට පුංචි බලපොරෝතුවක්   අද එකතු  උනා අම්මේ.............  ජීවිතේ මම නැගිටලා පෙන්නනම්......  අම්මේ හැබි කාවවත් වට්ටලා ඉවරවෙලා නෙවෙයි අම්මේ...... වට්ටලා දාල ගියපු අයටත් අත දීල .......මට මේක තවත් ලියන්න බෑ අම්මේ කඳුළු බින්දු මගේ දිනපොත තෙත් කරනවා වගේ දැනෙනවා අම්මේ .................................
                                                                                                     -2011.12.26-
 

ප.ලි :    අද මම දවල් දැක්ක එක පොස්ට් එකක් නිසා මට මගේ ජීවිතේ A/L ගැන අයෙත් පුංචි බලාපොරොත්තුවක් ඇතිවුනා කව්වොත් මම හරි.....ඒ කතාව මෙතනින් බලන්න පුළුවන් ඔයාටත් එකෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් ..........(.eng යන්නම කියලා හිතාගන්න විදියට දිරි දීපු ඒ ලිපිය ලියපු අයියට ගොඩක් පින්)
ඒ වගේම මගේම අයියා කෙනෙක් වගේ මම මේ අදහස මුලින්ම කියපු ගමන් මල්ලිට ඕන සප් එකක් මම දෙන්නම් කියපු මොරටුව විශ්වවිද්‍යාලයේ පහන්සිත් ගම්ලත්(පසන්) අයියටත්, හැමදාම වගේ උඹට මම ෆුල්ල සප්පොර්ට් එක දෙන්නම් කියපු හිතාදර මිත්‍ර ලහිරු ටත්(TOMMY) ,  ......ඇතුළු සියලු දෙනාටත් මගේ අදහස වෙනස් කිරීමට ලොකු වෙහෙසක් ගත මොරටුව විශ්වවිද්‍යාලයේ ආදී උපධිධාරියෙකු වන  කපිල අන්කල් ටත්  ගොඩක් ස්තුති .................   ජීවිතේ නැවතත් පටන් ගන්න මම සුදානම්.... ඉතින් බ්ලොග් ලෝකෙදි මට හම්බවෙච්ච හැමෝටමත් නං අයුරින් උපකාර කල හැමෝටමත් ගොඩක් ස්තුති.... ටිකකාලයක් යනකම් මිට පස්සේ පොස්ට් එකක් වැටෙන එකක් නෑ.... මොකද කියලා ඔයාලට තේරනවනේ......එහෙනම් හැමෝට බුදුසරනයි!!.....අයෙත් හම්බෙමු කවදා කොතැනක හරි...............

7 comments:

  1. සහෝදරයා... BCC කියන්නෙ සෑහෙන්න හොඳ ප්‍රතිඵලයක්. S එකක් ගන්න වුනත් කෙනෙක් සෑහෙන්න ලොකු සටනක් දෙනවා. හිත සැහැල්ලු කරගෙන ඊළඟ අවස්ථාවට මුහුනදෙන්න...

    ReplyDelete
  2. @ano ඔවි සහෝදරයා ඒක ඇත්ත මම පිළිගන්නවා......
    ඒත් බලාපොරොත්තු වෙචිචි දේ නොලැබුණාම එන දුක ගැන මම කියන්න අවශ්‍ය නෑනේ.....දැන් හිත හදන් තියෙන්නේ............ උත්සාහවන්තයා ජයගන්නවාලුනේ....

    ReplyDelete
  3. බ්ලොග් එක බලද්දි දුකක් දැනුනට හිතේ හයිය දැකල හරිම සතුටක් දැනුන. හිතේ හයියත් එක්ක ජීවිතය ජයගත්ත මිනිස්සු ගැන උදාහරණ ඕන තරම්. පුතේ උඹ නැගිටින්න හදන්නෙ තනියම නෙමෙයි තව වට්ටල දාල ගියපු උන්වත් ඇදගෙන.මේ වගේ උතුම් අදහස් තියෙන පුතෙක් සමාජයට දායාද කරපු අම්මට තාත්තට ඒ ලැබෙන සතුට කිසිම දේකින් ගන්න බෑ. පුතේ උඹේ අනාගතේ ජයග්‍රහණය ඒකාන්තයි.ඒක කිසිම කෙනෙකුට වලක්වන්න බෑ.අද ඉඳන්නම උත්සාහ කරපං අම්ම කියල දීපු වැටිල පුරුදු ‍එකා නැගිටින හැටි පෙන්නපං එදාට අම්මට දැනෙන සතුට කියන්න වචන නැති වේවි.
    ජය වේවා.

    ReplyDelete
  4. "වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
    දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ...........ඒ...නුඹයි අපෙ අම්මේ....."

    ගහේ ගෙඩි ගහට බරක් නොව්...දරුවන්ගේ සැපේදී සතුටුවන මව්වරු දරුවන්ගේ දුකේදී දරුවන්ට ශක්තියක් වනු මිස දරුවන් අත්හැර නොයන බව මතක තබාගන්න....පුතණුවනි ඔබ ඔය කියවන්නේ ජීවිතය නමැති මහා පොතක එක් පිටුවක කුඩා වාක්‍ය ඛණ්ඩයක් පමණි.එයින් පොතේ හිස්තැනක් පිරෙනු මිස හිස්තැනක් ඇති නොවන බව මතක තබාගන්න.උඹ විභාගය පේල් උණත් අම්මා කිසිදාක උඹව බඩගින්නේ තියන්නේ නැත.ජීවිතයේ සිදුවන සෑම සිදුවීමක්ම කාලයාගේ ඇවෑමෙන් විශ්ලේශණය කරන විට අපේ යහපත උදෙසාම සිදුවී ඇති බව පෙනියයි.උඹේ බලාපොරොත්තු සාර්ථක වී කවදාහරි උඹට ජය ලැබෙනවා සිකුරුයි.

    ReplyDelete
  5. @දයියා සහ අසංක: ඔයාලගේ වචන වලට ගොඩාක් ස්තුතියි............. අනිවාර්යයෙන්ම අමිමගෙ සතුට මම අමිමට අරන් දෙනවා කොහොමහරි.........

    ReplyDelete
  6. මලයෝ.....උඔට ජය....!

    ReplyDelete
  7. අය්යාගෙ ජීවිතේ හැම පැත්තෙන්ම සාර්ථක වේවා.. සුබ පැතුම්!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...