Monday, December 24, 2012

කාලෙකට පස්සෙ හමිබුණ නියම දේශපාලන පොතක්.....




ලංකාවේ පවතින විධා
යක ජනාධිපති  ක්‍රමයට ඓතිහාසික  වශයෙන් ය හැකි උපරිම දුර වෙත එය ලගාවී ඇති කිව හැකිය ........
සුළු ජනවර්ග ප්‍රශ්නයටද විසදුමක් ලැබෙන ආකාරයට රටට සැපයක් බවට පත්ව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දේශපාලන ප්‍රතිසංවිධාන වැඩසටහනක් ක්‍රියාවට නැගිය යුතුව තිබුනේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාද කිරීමත් සමගය .........
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා එසේ කරන්නට සමත් වූ  යේ නම්  ඔහු කෙටි කාලින වීරයෙකු නොව දිර්ගකාලින වීරයෙකු වන්නට ඉඩ තිබුණි ...........
එහෙත් එම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ජනාධිපතිවරයා අසමත් විය .............
පොරොන්දු වූ පරිදි දුෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරනවා වෙනුවට එම දුෂිත ක්‍රමය තුල තම පැවැත්ම දීර්ග කරගැනීම සදහා ආණ්ඩුක්‍රමයට සංශෝධනයක්  ගෙන එමින් එම ඓතිහාසික කාර්යභාරයට තිබෙන අයිතියද අහිමි කරගත්තේය ..............
ත්‍රස්තවාදය පරාජය කිරීම තුල දේශපාලන ක්‍රමය නිරුවත් කිරීමක් ද සිදු විය ..............
ඒ සමග නිරන්තරයෙන්ම දේශපාලන ක්‍රමයට අදාලව අසන්නට ලැබෙන කතාවලින් දේශපාලන ක්‍රමයේ  අවිධිමත් බව දුෂිත බව හා පීඩාකාරී බව තේරුම් ගැනීමේ හැකියාව මහජනයාට ලැබුණි ...........
ඒ නිසා දේශපාලන ක්‍රමයට මහජනයා අතර තිබුණු සචාරාමය පිළිගනිම නැතිවිය ..............
දැන් දේශපාලන ක්‍රමය තුල තිබෙන්නේ එහි සුක්කානම හසුරුවන ජනාධිපතිවරයාටවත් හසුරුවා ගත නොහැකි අවුල් සහගත තත්ත්වයකය ........................?

උපුටා ගැනීම  :කඩාවැටෙන දේශපාලන 
ක්‍රමයේ අර්බුදය (වික්ටර් අයිවන් )

5 comments:

  1. ඇත්තටම වික්ටර් අයිවන් හොද දේශපාලන විචාරකයෙක්. ඒ වගේම ඔහු කපටි ප්‍රවේශම් සහගත රචකයෙක්.

    ReplyDelete
  2. මගේ අදහස නම් සහමුලින්මම වෙනස් එකක්...
    ‍ඒක නෙමෙයි කෝ අර ලියනව කියපු කතාව...??

    ReplyDelete
    Replies
    1. මොකක්ද අදහස?
      අයියෝ ඒක එදා ලිවිව ටික විතරමයි තාම...
      බලමු ඉස්සරහට වෙලාවක් ලැබුණොත්

      Delete
  3. අහල තිබුණට කියවල නම් නෑ

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...