Sunday, December 30, 2012

බ්‍රාහ්මණසමාජයෙන් ඔබිබට ගොස් ගබිසාවට නීති ශෝධනයක් ?


බටහිට කාන්තාව හා සැස දීමේදී ආසියාතික කාන්තාවට යම් සදාචාරාත්මක පසුබිමක් තුල ජිවත් වන බව අපට පෙනුනද එය අධික ලෙස පුරුෂාධිපත්‍යයට යටත් වීමක් හා කාන්තාව සතු ලිංගික නිදහස උදුරා ගැනීමක් යැයි බටහිර කාන්තාවට පෙනෙනු ඇත ...මක්නිසාද යත් ඔවුන් ද බලන්නේ ඔවුන්ට සාපේක්ෂ රාමුවක පිහිටය .....සැබවින්ම අප විසින් ඔවුන් ව හදුන්වන්නේ සදාචාරය පිරිහුණු ජාතියක් ලෙසය .....(එය පැහදිලි වීමට නම් ආසියාතික කාන්තාව හා අරාබි  කාන්තාව සංසන්දනයෙන් ඔබට පැහැදිලි වනු ඇත )සැබවින්ම ම මෙහිදී කතාකිරීමට බලාපොරොත්තු වන්නේ එක කරුණක් ගැන පමණි.! එනම් ගබ්සාව නීතිගත කිරීම හෝ නොකිරීම ගැන පමණි ......මුලින්ම අපි මේකේ නීතිමය තත්වය ගැන සොයා බලමු .......දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්ති ප්‍රකාරව මවගේ ජීවිතය බෙරගැනීමට සද්භාවයෙන් විනා අන් කිසි අවස්ථාවක ලාංකීය කාන්තාවට ගබ්සා කිරීමකට භාජනය විය නොහැක.... 
අවම වශයෙන් අවුරුදු සිට දක්වා සිරදඩුවමකට යටත් වීමට සිදු වීමද මෙහි ඇති තවත් තත්වයකි ....

නමුත් ආසියාතික කාන්තාවට එමගින් යම්කිසි අසාධාරණයක්  වන බව ආකාර  කිහිපයකින් පෙන්වමි 
1.  යම් කිසි කාන්තාවක දුෂණයට ලක් වූ විට එමගින් දරුවෙක් ඉපදුන හොත් දරුවා හදාවඩා  ගැනීමට බල කිරීම කෙතරම් යුක්ති සහගතද....? ඇයට ලැබෙන දරුවාගේ පියා  ගැන ඇය  පවසන්නේ කෙලෙසද ....?
2.දැඩි විපරිත කලලයකදී වුවද ඇයට  සිය කළලය ගබ්සා කිරීමට නොහැකි වේ ....
එවිට එමගින් ඉපදින දරුවා මෙන්ම දෙමව්පියන්ද ජිවිත කාලය පුරා  විදවන්නේ සමාජයේ බලකිරීමට නොවේද....?
නිතියේ බල කිරීමට නොවේද ....

හිතන්න........
 මෙහිදී මේ ගැන අදහස් දක්වන්නන් ගේ ප්‍රධාන පර්ශව 2 ක් සිටි ....
     1. ගබ්සාවට පක්ෂ අය 
      2. ගබ්සාවට විපක්ෂ අය 
 ගබ්සාවට විරුද්දවන්නන්ගේ ප්‍රදාන  තර්ක දෙක වන්නේ ....
            1. කලලයක් පිළිසිද ගත අවස්ථාවේ සිටම ජිවයක් පවතින නිසා එය මිනීමැරීමක් වන බවයි ..
            2.තවද සදාචාර විරෝදී රැකියාවල නිරත වන්නට එය මහගු පිටිවහලක් වන බවයි ...

නමුත් අදාල 1 තර්කය අදහන ආගම මතත් 2 වෙනි කරුණ පුහු බොරුමතයක් බවත් ඒ ගැන විදිමත් පරීක්ෂණ පැවත් වූ මෙය නීතිගත කල රටවල් වලින් ලැබෙන වාර්තා මගින් දැකගත හැකිය ........
එමගින් පැහැදිලි වන්නේ එසේ ගබ්සා කිරීමට පැමිනෙන්නේ විවාහක ස්ත්‍රීන් මිස තරුණියන් නොවන බවයි.... 

නමුත් ගබ්සාව නීතියෙන් යම් පමණකට හෝ සහනය් ලබාදිය යුතු යි පවසන බොහෝ දෙනාගේ මතය වන්නේ ........
    1. අනීතික ක්‍රම වේද ඔස්සේ නුපුහුණු වෛද්‍යවරුන් අතරින් මියයන ජීවිතවලට සදාරනයක් ඉටු කිරීම 
   2.ගබ්සාව නීතිගත කල පමණින් එයට පෙලබෙන සංඛ්‍යාව  සීග්‍රයෙන් ඉහල නොයන බවයි (මක් නිසාද යත් සදාචාරය නිසා )
   3.දරුවා බිහිකිරීමේ අයිතිය මවට ලැබිය යුතු බව 
    4. කලලයක් පිළිසිද ගත අවස්ථාවේම ජිවක් ඇති  නොවන බව 

 එබැවින් සියලු තර්ක විතර්ක මැද ඔබට කෙලින් තීරණයක් ගත හැකිය ........
එනම් තව දුරටත් ලාංකීය ස්ත්‍රිය පුරුෂාධිපත්‍ය රජයන බ්‍රාහ්මණ ක්‍රමවේද ඔස්සේ ම තබනවාද ....!
නැතහොත් යම් කිසි සාදාරන සීමාවක් තුල ඇයට   ලිංගික නිදහස ලබදෙනවද යන්නයි ....
නීති පැනවීම ජනතව සතුය ........
කරුණාකර ඔබෙ අදහස පහතින් සදහන් කර යන්න

උපකාරිත පොත්  :  නීති විද්‍යාල පාඨමාලා 
ග්‍රන්ථය
                           
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව                             දණ්ඩ නීති සංග්‍රහය 

12 comments:

  1. මා සිතන්නේ ගබ්සාව සම්පුර්ණයෙන් නීතිගත නොකලත් යම් සහනයක් ලබාදිය යුතු බවයි.මෙහි සඳහන් ආකාරයේ දූෂණයට ලක්වීමෙන් දරුවන් ලැබීම හා විකෘති කළල මගින් දරුවන් බිහිවීම නිසා කාන්තාවන් අනේකවිධ දුක් වලට මුහුණදෙනවා.සමාජයෙන් ඒ වැනි අයට පිළිසරණක් නැහැ.

    ReplyDelete
  2. මෙයා ඉඳලා ඉඳලා දාලා තියෙන කතාව... ගොඩක් ලොකු ඇත්තක් තියෙනවා මේ කතාව ඇතුලේ... මම කලින් දවසක කිව්වා වගේ මේක එක පැත්තකින් විතරක් බලලා, එකපාරටම කරලා, හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි... ඕක නීතිගත කරනවා නම්, ඒකෙන් හොද ප්‍රතිඵලයක් ලබා ගන්න නම්, ඊට කලින් කළයුතු විශාල වැඩ කොටසක් තියෙනවා... මෙන්න මං ලියපු කතන්දරේ ඕක ගැන...

    ඔය කියන එක කරනවනම්, කරන්න ඕනේ කොහොමද කියලා මට හිතෙන හැටි...

    ReplyDelete
    Replies
    1. ඔවි අනිවාර්යෙන්ම එකපාරටම දෙයක් කරන්න අමාරුයි.....
      නමුත් හොයා බලා කටයුතු කළ යුතු කාලයක් මම හිතන්නෙ මෙක නමි...
      මම කියෙවිවා දැන් ඒක ඇත්ත ගොඩාක් කරුණු වලට මාත් එකගයි

      Delete
  3. ගබ්සාව නීතිගත කරොත් ඔයිට වඩා ගොඩක් ගැටලූ එනව. ඒත් දැනුත් ලංකාවෙ දිනකට ගබ්සා 5ක් 8ක් සිද්ධ වෙනවලු..

    ඒත්............ අනේ මංදා..

    ReplyDelete
    Replies
    1. ගැටලු නොඑන තැනක් ලංකාව කියන රටෙ තියෙනවද ?
      අන්න ඒකනෙ
      සමහර විට ඔය 8 න් 3 ක් විතර මැරෙන්නත් ඉඩ තියෙනවා...

      Delete
  4. මේ ගැන කතිකාවතක් ඕන... ඒ දිහා එක පැත්තකින් බලල හරියන්නෑ... නීතිගත කළොත් ගැටළු එන්න පුළුවන්..
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලද?

    ReplyDelete
    Replies
    1. ගැටලු විසදාගෙන තමයි ඉස්සරහට යන්න ඔනා....
      ඇයි කලින් වර්ඩි වෙරිෆිකේෂන් තිබිබද? :P

      Delete
  5. මේ ගොබ්බ රටේ මේවා කතා කරන එකත් විහිළුවක්. අපචාරයට ලක් වන අයට වෙනම රෝහල් හදන්න යනවලු. ඒ කියන්නේ මුන් අපචාරවලට අනුබල දෙනවා කියන් එක නේද...? නොදෝකින් මේ වගේ රටක්.. එ පිළිබඳ ළිපියක් ලියන්නම ඕන...

    ReplyDelete
  6. හේතු මත පදනම්ව අවසර ලබා දිය හැකි නීති මාලාවක් හොඳයි. 100% නීතිගත නොවීය යුතුයි.

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...